කාන්තාව රාමුවකට කොටුවෙලා ඉන්න ඕනිද

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
කාන්තාව රාමුවකට කොටුවෙලා ඉන්න ඕනිද

කාන්තාව කියන්නේ රාමුවකට කොටුවෙලා ඉන්න ඕනි චරිතයක් ද​


attachment.php


කාන්තාවන් ( Women ) කියන්නේ විවධ රාමු වලට කොටු වෙලා ඉන්න ඕනි කෙනෙක් කියලයි බොහෝ ආසියාතික රටවල මතය වෙලා තියෙන්නේ. ගැහැණු අයට කරන්න ඕනි මේ දේවල් පිරිමි අයට කරන්න ඕනි මේ දේවල් කියලා අපේ එදිනෙදා වැඩ කටයුතු පවා අපි වර්ග දෙකකට බෙදාගෙන ඉන්නේ. ඇයි මෙහෙම වුණේ ? මේක කොයිතරම් දුරට ප්‍රායෝගික ද? අපි ටිකක් මේ ගැන හොයලා බලමු…



මෙහිදී කාන්තාවට ( Women ) කුමක් ද සිදු වන්නේ ?
ඈත අතීතයේදී දඩයම් යුගයේදී පිරිමි පාර්ශවය දඩයමේ ගියා. ඒ වෙලාවට ගෙදර හිටපු කාන්තාවන්, දර කඩාගෙන එන්න, දරුවන් බලා ගන්න, කෑම ටික පිළියෙළ කරන්න තම කාලය වැය කළා. හරිම සරල ජිවන ක්‍රමයක් තමයි ඒ කාලේ මිනිසුන් ගත කලේ. නමුත් අද සමාජය හරිම සංකීර්ණයි. අවශ්‍යතා වැඩි වෙලා, ඒ නිසාම ස්වාමියා උපයන දේ ප්‍රමාණවත් වෙන්නේ නෑ. මෙන්න මෙතැනදී කාන්තාවට සිද්ධ වෙනවා රැකියාවකට යන්න. එහෙමත් නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න.

මෙහිදී අතීතයේ සිටි කාන්තාවට තිබු කාර්යභාරය අඩුවීමක් නම් සිදු වෙලා නෑ. ඊට තවත් අලුතින් කොටසක් තමයි එකතු වී තිබෙන්නේ. තාක්ෂණය අතින් අතිශයින්ම දියුණු යුගයකට ඇවිත් ඉන්න අපි තාමත් ගල් යුගයේ තිබුණු විදිහට ගැහැණු පිරිමි කියලා වැඩ කටයුතු බෙදාගෙන ඉන්න එක කොයිතරම් දුරට ගැලපෙනවද කියලා හිතලා බලන්න සුදුසු කාලයකට අපිත් ඇවිත් ඉන්නවා.



පිරිමි පාර්ශවයේ බොහෝ දෙනා දැන් හිතයි සම තැන ඉල්ලන්න කතා කරනවා එහෙමත් නැත්නම් Western Consept එකක් ලංකාවට ගෙන්න හදනවා කියලා. එහෙම තර්ක කරන්න හදන කට්ටිය තමන්ගේ තර්කය පොඩ්ඩකට පැත්තකින් තියලා තමන්ගේ වටපිටාව දිහා පොඩ්ඩක් අවධියෙන් බලන්න. තමන්ගේ අම්මා, සහෝදරිය, හිතවතිය, තමන්ගේ බිරිඳ කොපමණ වැඩ ප්‍රමාණයක් දිනකට කරනවද කියලා.



සතියේ දින පහක්ම ( 05 ) එක හුස්මට වැඩ කරන ඇය සෙනසුරාදා ඉරිදා දවස් දෙකෙදිවත් නිවිසැනසිල්ලේ පෙය භාගයක් වත් පුදුවක වාඩි වෙලා ඉන්නවද ? වෙලාවට ඔබ තේ එක අරගෙන පත්තරය බලන වෙලාවේ ඔබේ බිරිඳ දහඩිය දමාගෙන ඉස්පාසුවක් නැතුව ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ කරනවා ඇති. ඒ වෙලාවට හිතුවේ නැද්ද ගල් යුගයේ අදහස් ටික පැත්තකට දාලා තමන්ගේ රෙදි ටික හෝදලා, තමන් කාපු පිඟාන තේ බීපු කෝප්පේ සෝදලා දැම්මා නම් ගැණු වැඩ පිරිමි වැඩ කියලා බෙදා ගන්නේ නැතුව සහයෝගයෙන් වැඩ ටික කරා නම් කියලා හිතන්න ඔබට බාරයි.



ලංකාවේ ආර්ථිකය තුල කාන්තාවන්ගේ ( Women ) දායකත්වය ප්‍රමාණවත් ද ?
වර්ථමානය වෙනකොට නම් ගැහැණු ළමයි අධ්‍යාපනය අතින් පිරිමි ළමයි අභිබවා යන්න සමත් වෙලා තියනවා. එකට හොඳම උදාහරණය තමයි ලංකාවේ විශ්ව විද්‍යයාලයට ඇතුලත් වන ගැහැණු ළමයින්ගේ ප්‍රතිශතය ඉක්මවා ගිහින් තියෙන එක. නමුත් මේ අධ්‍යාපනය ලබන පිරිස ලංකාවේ ශ්‍රම බලකායට ඒ ලෙසම ඇතුලත් වෙලා තියනවද ? එකට උත්තරය නැහැ කියන එකයි. අභියෝග වලට මුහුණ දීමට අකමැති වීම, තීරණ ගැනීමට හුරුවක් කුඩා කල සිට නොලැබීම, පවුල් ජීවිතය, දරුවන්ගේ ස්වාමියාගේ වැඩ ආදී දේවල් නිසා සැලකිය යුතු තරම් කාන්තාවන් ප්‍රමාණයක් ශ්‍රම බලකායෙන් ඉවත් වෙන්නේ. මේ තත්වයට පිලියමක් සොයා ගන්නට කාන්තාවන්ට දාල තියන මේ රාමු වලින් ටිකක් එලියට ඇවිත් බලන්න සිදු වෙනවා.



ඒ වගේම තමයි රැකියාවක් තොරගන්නකොටත් ගොඩක් ගැහැණු ළමයින් රාමුවකට කොටු වෙනවා. මොකද විවාහ වෙළඳපොලේ ඉල්ලුම තියෙන්නේ වේලාසනින් ගෙදර එන්න පුළුවන් වැඩි නිවාඩු ප්‍රමාණයක් ගන්න පුළුවන් රැකියාවක් කරන ගැහැණු ළමයින්ටයි. ගෙදර එන්න රැ බෝ වෙනවා නම් පිට පළාත් වලට visit යන්න වෙනවා නම් ඒ වගේ රැකියා වල ඉන්නේ නරක ගැහැණු ළමයින් කියලා හංවඩු ගැහෙනවා. ඉතින් තමන්ගේ දක්ෂතාවයට, කැමැත්තට, රැකියාවකට යනවට වඩා රාමුව ඇතුලේ ඉන්න එක තමයි ගොඩක් වෙලාවට ගැහැණු ළමයින් කල්පනා කරන්නේ.


source http://thewoman.lk/women-character-fram-asian-countries/
 

Attachments

  • women thewoman.lk 3.jpg
    women thewoman.lk 3.jpg
    55.6 KB · Views: 264

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඔව්. නැත්තං හෙළුව පෙන්නනවා ලෝකෙටම.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    hapooooooooooooooooooooo ketha hitha

    මොකද්ද අඩෝ කැත හිත ගෑණුන්ට ඕනවට වඩා බුරුල දුන්නම හැම එකාටම රෙද්ද උස්සනවා...:angry:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ ගෑනු කියන්නෙ මෙලෝම දෙයක් කරගන්න බරි දුර්වල ජාතියක්. හැම වැඩේම පිරිමි ලවා කරගන්න බලන් ඉන්න කම්මැලි ගෑනු ජාතියක් ලංකාවෙ ඉන්නෙ. ඉතින් උන්ට වැඩ බැරි උනාම කියන්නෙ ලංකාවෙ සංස්කෘතියයි අරකයි මේකයි හින්ද ගෑනුන්ට ඉස්සරහට එන්න දෙන්න නෑ කියල. ලබ්බ තමා. ලංකාවෙ ගෑනුන්ට ඕන දෙයක් කරන්න චාන්ස් එක තියනව ඒත් ලංකාවෙ ගෑනුන්ගෙ කම්මැලිකම හින්ද උන් කිසිදයක් කරන්නෙ නෑ. ඒත් අන්තිමටම ඔක්කොටම බනින්නෙත් අපේ රටේ පිරිමින්ට. මේවට කොහෙන් හිනාවෙන්නද දන්නෙ නෑ.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ලංකාවෙ අර "Auto කුමාරි" කියන ෆික්ෂන් එක හදල තියෙන්නෙ ඕකට පිලියම්ක් විදියට මම හිතන්නෙ.