කාන්තා අලංකාරත්වයේ විවිධත්වය.(13+)

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කාන්තා අලංකාරත්වයේ විවිධත්වය.(13+)

    කාන්තවකගේ අලංකාරය කියන දේ ගැන අපි හැමෝම ස්ත්‍රී පුර්ෂ බේදයක් නැතුව උනන්දුවක් දක්වන මාතෘකාවක්නේ. කාන්තාවකගේ අලංකාරය කියන්නේ හුදෙක් ලිංගික ආකර්ෂණය විතරක් නොවන බවත් ගලේ කෙටුව වගේ(ඔන්න කැත හිත එලියට එනවා:rolleyes::P) ඔලුවේ තියෙන්න ඕන කියල මතක තියාගන්න.:yes:

    sunset-beach-girl-shadow-beautiful-Favim.com-658580.png

    අපේ මේ කුණු වෙන ශරීරයේ ලස්සන හොයන එක අර්ථශූන්‍ය දෙයක් කියන එක ඇත්ත උනත් අපි හුඟ දෙනෙක් ඉතින් ගිහි ජිවිතයේ පතුලටම බැහැපු අයනෙ. එක හින්ද ඕව ගැන බොහොම උනන්දුයි. වැඩිය ඕන නෑ. බලන්නකෝ මේ එළකිරියේ පොඩ්ඩක් ඇඟ පේන්න ඇඳලා ඉන්න නංගි කෙනෙක්ගේ පින්තුරයක් දැම්මම ඇඹලයෝ ටික වගේ කට්ටිය එන හැටි.:rolleyes:

    ඉතින් මමත් පොඩ්ඩක් හිතුව මේ කාන්තාවකගේ අලංකාරය කියන්නේ මොකද්ද කියල. බලාගෙන ගියාම මේක ලොකු මතභේද වලට තුඩු දුන් කරුණක්. "Beauty lies in the eyes of the beholder" කිව්වා වගේ එක එක අය ලස්සන දකින්නේ එක එක විදිහට. ගොලිකරණයත් එක්ක කාන්තාවකගේ ලස්සන ප්‍රතිරූපයත් ලෝකය පුරා බොහෝ දුරට සමාන වෙන්න ගත්තත් තාමත් කලාපය හා සංස්කෘති අනුව ලස්සන අර්ථ දැක්වීමේ පොඩි පොඩි වෙනස් කම් තියනවා. හොඳම උදාහරණ තමයි ආසියාවේ දුඹුරු හම තියන අය සුදු වෙන්න දඟලන කොට යුරෝපයේ සුදු හම තියන අය දුඹුරු වෙන්න අඟලනවා.:rofl:.

    ඉතින් මේ කාන්තා අලංකාරයේ විවිදත්වය කියන එක ගැන පොඩ්ඩක් කතාකරනවානම්, ලෝකය ගොලිකරණය වෙන්න පොඩ්ඩකට කලින් එක එක සංස්කෘති වල ලස්සන කාන්තා ප්‍රතිරූපය අර්ථ දක්වපු විදිහ ගැන හොයල බලන එක වඩාත් උචිතයි කියල මට හිතුන.

    ඉන්දියාව.​

    b64467bc-1c3e-4ef6-ae9f-425631b83a23HiRes.JPG

    ඉස්සෙල්ලම ඉන්දියාවෙන් පටන් ගන්නම් මොකද ලංකාවේ කාන්තාවකගේ ලස්සන පැහැදිලි කිරීමත් ඉන්දියාවට ගොඩක් සමානයි.

    ලංකාවටත් වඩා ඉන්දියාවේ සම්ප්‍රදායික ලස්සනට පැහැපත් සමක් තිබීම ඉතා වැදගත් වෙනවා. කොටින්ම කිව්වොත් සුදු තරමට කාන්තාවගේ වටිනාකම වැඩියි. මේකට හේතුවකුත් තියනවා. දකුණු ආසියාතික අයගේ හම ඉර එලියට ගොඩක් නිරාවරණය උනොත් හමේ අඳුරු පැහැය වැඩි වෙනවා. ඉතින් ඒ කාලේ උසස් පොහොසත් පවුල් වල කාන්තාවන් ඇරෙන්න අනික් අය එදිනෙදා ජීවිතේදී ගොවිතැනට හා අනෙක් වැඩ වලදී අව්වට නිරාවරණය වෙලා හමේ අඳුරු පැහැය වැඩි වෙනවා. හම සුදුනම් එයා අනිවාර්යයෙන් උසස් පවුලක ගෑනුළමයෙක්. එක හින්ද තමයි ඒ කාලේ සුදු අයට ඉල්ලුම වැඩි වෙලා තියෙන්නේ. අන්න ඒ පුරුද්ද තමයි තාම එන්නේ.

    ඒ වගේම තමයි දිගු කෙස් කළඹත් ප්‍රධාන දෙයක් ලෙසට සැලකෙනවා. මේකත් අර ඉස්සෙල්ල වගේම ඒ කාලේ උසස් පවුල් වල කාන්තාවන්ට විතරයි ගෙදරට වෙලා කෙස් වලට හොඳට සාත්තු කරගෙන දිග කොණ්ඩයක් ලස්සනට වවා ගන්න පුළුවන් උනේ.

    longhairlady.jpg

    ඊට අමතරව දීප්තිමත් නෙත් යුගලක්, පිරිපුන් පියයුරු, පුළුල් උකුලක් හා සිහින් ඉනක් තිබීමත් කාන්තාවක් ලස්සන වීමට අවශ්‍ය වුවා.(මේ ටිකනම් ලෝකේ බොහෝ තැන් වල පිළිගන්න ටිකක්.)
    Ragini01.jpg



    චීනය

    traditional-chinese-wedding-dress-cheongsam.jpg

    චීන සංස්කෘතියේ කාන්තා අලංකාරය අපේ කලාපයට වැඩිය පොඩ්ඩක් වෙනස්. ඒ අය සිනිදු සමට, සිහින් වූ හා සියුම් ශරීරයක් තිබීම, මනාව පිහිටි මුතු වන් සුදු දත් හා දීප්තිමත් නෙත් වලට මුල් තැන දුන්න. පිරිපුන් පියයුරු තිබූ කාන්තාවන් බොහෝවිට රෙදිපටි ඔතා පියයුරු ප්‍රමාණය අඩු කර පෙන්වීමට උත්සහ ගත්තා.

    chinese-traditional-lady-cheongsam-costume.jpg

    චීනයේ තිබූ අමුතු දෙයක් තමයි කුඩා පතුල් සහිත කාන්තාවන්ට තිබූ කැමැත්ත. මේ නිසා ගැහැණු ළමුන්ගේ කකුල් කුඩා කල සිටම කුඩා සපත්තු වලට රිංගවා හා තවත් නොයෙකුත් උපක්‍රම මගින් වීකෘති කර කුඩා කරනු ලැබුවා. එවිට තම දූ වරුන්ව හොඳ තැන් වලට විවාහ කර දදීමට ඇති පහසුව නිසා අම්මල තමන්ගේ දුවලට මේ දේ කල. කාන්තාවන්ට කුඩා කල සිට වෙන මෙය ඉතා වේදනාකාරී හා අයුක්තිසහගත නිසා මේ සම්ප්‍රදාය 1911 දී තහනම් කරනු ලැබුවා.

    images



    යුරෝපය​

    tumblr_m1ogbhzAMV1ro86q3o1_500.jpg

    යුරෝපයේ නුතන යුගයට කලින් කාන්තාවකගේ සුන්දරත්වය දැක්කේ පොඩ්ඩක් වෙනස් විදිහට. ඒ කාලයේ මදක් පිරුනු සිරුරක් සහිත කාන්තාවන්ට මුල් තැන ලැබුන. එයිනුත් පිරුනු පපු පෙදෙසක් හා කලවා වලට ප්‍රධාන තැනක් ලැබුන. ඒ අංග දෙක තවත් අලංකාර වීමට සිහින් ඉනක් සහිත වීමත් වැදගත් වුවා.

    Bridal-Corset.jpg

    1444571_f260.jpg
    පිරුන සිරුරක් සමග සාමාන්‍යයෙන් පොඩ්ඩක් පිරුණ බඩකුත් එන නිසා වැඩේ ලේසි නෑ. ඒ කාලයේ තමයි ඉන ප්‍රදේශය සිහින් කර පෙන්වන්න හා පියයුරු ප්‍රමාණය වැඩි කර පෙන්නන්න පුළුවන් corset කියන පළඳනාව ප්‍රචලිත උනේ. මේක ඇඳලා කට්ටිය දත්මිටි කාගෙන තදකරනවා පුළුවන් තරම්. ඉතින් පස්සේ කාලෙකදී මේක ලස්සන වැඩි කරන අයිත්තමක් තත්වයට වැටුන.

    amber-valetta-s-victorian-hairstyle-hairstyles365-net.jpg

    ඊට අමතරව සුදු හෝ දුඹුරු කෙස් කළඹවල් හා ඉතා සුදු වූ සම ඉතා ප්‍රසිද්ධ වුවා. ඒ වගේම ලොකු නළල් ප්‍රදේශයක් තිබීමත් හා එකිනෙකට මදක් ඈතින් පිහිටි ඇස් ඉතා ආකර්ශනිය දෙයක් ලෙස සැලකුවා.


    අප්‍රිකාව.​


    අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශ වල තරබාරු කාන්තාවන් ඉතා අකර්ශ්නිය ලෙස සැලකුවා. ඒ වගේම තාමත් හුඟදෙනෙක් එහෙම සලකනවා. ඒකට හේතුව තමයි අප්‍රිකාවේ බොහෝවිට අහාර හිඟයක් තිබ්බ. ඉතින් කාන්තාවක් තරබරුයි කියන්නේ ඇය ඉතා සැප සහිතව ඇති තරම් අහාර ඇතුව වැඩුණු නිරෝගී අයකු බවයි. අප්‍රිකානු කාන්තාවක් විවාහ වීමට සති කිහිපයකට පෙර අහාර වැඩියෙන් ගෙන තරබාරු වීමට වැයම් කිරීම ඒ කාලයේ තිබ්බ ප්‍රසිද්ධ චරිත්රයක්ලු. බටහිර අප්‍රිකවේනම් මේක තාමත් සමහර ප්‍රදේශ වල වෙනවලු. මෞරිටානියන් කියන ප්‍රදේශයේ මේක බොහොම ප්‍රසිද්ධයි. කාන්තාවක් මහත් වී හම ඉරි තැලී තියනවනම් එක බොහොම අකර්ශ්නිය ලෙස සලකනවා. එනිසා මේ ප්‍රදේශයේ ගැහැණු ළමුන් වැඩිවියට පත් වූ විට බලෙන් අහාර දී මහත් කරවනවා.

    %D0%BC%D0%B0%D0%B2%D1%80-%D0%B3%D0%BB.jpg




    මියන්මාරය.​

    AprilMilner-TribesofKayan.jpg
    මියන්මාරයේ කයාන් ගෝත්‍රයේ දිගු බෙල්ලක් සහිත වීම ආකර්ශනීය ලෙස සලකනවා. එනිසා කාන්තාවන් කුඩා කල සිටම බෙල්ලට ලෝහ මුදු දමා බෙල්ල දික් කරනවා. වයසත් එක්ක හා බෙල්ල දික්වෙන ප්‍රමාණය අනුව අලුත් මුදු එකතු කරනවා.

    images




    ඉතින් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. වර්තමානයේ ඉතින් ලෝකේ හැමතැනම වගේ Hollywood style එක ගිහින්නේ තියෙන්නේ. ඉතින් එක ගැන වැඩිය කතා කරන්න දෙයක් නෑ. හැමෝම වගේ ඒ ගැන දන්නවනේ.

    මට කියන්න ඕන වෙලා තිබ්බේ ලස්සන කියන්නේ American beauty එක විතරක් නෙමෙයි කියන එක. අර මම ඉස්සෙල්ල කිව්වා වගේ


    "Beauty lies in the eyes of the beholder"​



    ඉතින් මේක බලලා ඔයගොල්ලන්ගේ අදහසුත් එකතු කරලා අමතර දෙයක් එකතු කරලා යනවනම් ලොකු දෙයක්. කට්ටියගේ ස්වාධීන අදහස් rep වලට වැඩිය වටිනවා. :yes:


    මේ Thread එක සංවාදයට විවෘතයි.:cool:






     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ගල්පාත මහත්තයා;14781338 said:
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි
    :love::love::love::love::love:
    සහතික ඇත්ත මචන්. වැඩේ තියෙන්නේ ඕක එළියෙන් බලල මනින්න බැරි එකනේ.:dull:

    kata ariyama okoma ivaarai ban

    :rofl::rofl: හැම කෙල්ල ගැනම එහෙම කියන්නත් බෑ බන්.:yes:
     

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    එළ +7 :)

    දන්න කවුරුහරි ඉන්නවනම් ලංකාවේ පංච කල්‍යාණ ටික දානවද?:confused:

    Thanks

    p374-full.jpg


    Kandyan Sinhalese Lady

    මෙකත් හොඳද බලන්න,මෙකෙත් අමුතු කලාවක් තියනවා නෙද :cool:
    පංච කල්‍යානි ලා හම්බ වුනොත් දාන්නම්කෝ :D
     

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0


    මෙන්න මේ විඩියෝ එකේ නම් ඉන්නවා පංච කල්‍යයානියක් (කොන්ඩේ දිගට තියන කෙනා) නම නම් මතක නැ.....
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    පිරිපුන් පියයුරු තිබූ කාන්තාවන් බොහෝවිට රෙදිපටි ඔතා පියයුරු ප්‍රමාණය අඩු කර පෙන්වීමට උත්සහ ගත්තා.

    chinese la gana gana kiyapu katha sampurna aththa.. mage yaluwo innawa eyala hoyanne godak slim ayawa.. breast eka godaak podi wenna one butts ut godak podi habai shape up tiyenna one unge tiyenne mara choice ekak..
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ගල්පාත මහත්තයා;14781338 said:
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි
    :love::love::love::love::love:

    අනිවා ඩෙෆා...