කාබනික පොහොර ගෙන්වීම නීති විරෝධී මෙන්ම භයානක තීන්දුවක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    Voice for Climate Change

    td3Sipoinhsored ·
    විෂබීජහරණය කොට ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන්වීම නීති විරෝධී මෙන්ම භයානක තීන්දුවක් බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.
    කාබනික පොහොර ආනයනය කිරීමේ කැබිනට් තීන්දුව පිළිබඳ අප වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.
    ‘ශාක ආරක්ෂක පනත යටතේ 1981 පනවපු නියෝග අනුව කිසිම කාබනික පොහොරක් ලංකාවට ගේන්න බෑ. මොකද කාබනික පොහොර කියන්නේ දිරා යන සත්ව හා ශාක කොටස්. ඒවා එක්ක ව්‍යාධිකාරක, රෝග කාරක එන්න පුළුවන්. ඒ ගැන හිතලා තමයි නියෝගය නිකුත් කරලා තියෙන්නේ.
    මේ නියෝග වෙනස් කරන්න වුණත් ඉඩ තියෙනවා. ඒත් ඒවා වෙනස් කළත් වෙන්නේ නරකක්.
    මා කලින් කීව 1981 නියෝගවල 14 වැනි වගන්තියේ තියෙනවා විද්‍යාගාර පර්යේෂණ සඳහා සුළු ප්‍රමාණයක් ගෙන්වන්න පුළුවන් බව. ඒක රඳවාගෙන තියන්න ඕනෑ. භූමියට යොදන්න බැහැ එහෙම ගෙනල්ලා.
    මේ වගේ ටොන් ගණනක් ගෙන්වලා විෂබීජහරණය කරන්නත් බැහැ. මම කෘෂිකර්මය කළ කෙනෙක්. ගොඩක් දෙනෙක් ඒක දන්නේ නැතත් මම කෘෂි විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. කාබනික ද්‍රව්‍යයක් ගේනකොට ඒකෙ ඉන්න ජීවීන් වර්ග මොනවාද කියලා තක්සේරු කරන්න බැහැ.
    මේවා ජීවානුහරණය කරනවා නම් කරන්න තියෙන හොඳම ක්‍රමය ගෙනන කන්ටේනර්වලට උග්‍ර විෂ රසායන ද්‍රව්‍යයක් දාන එක. ඊට පස්සේ මේකෙ ගැටලුවක් එනවා මේක පරිහරණය කිරීමේදී. අනෙක කොම්පෝස්ට් කියන්නේ ජෛව පොහොරක්. විෂබීජහරණය කළොත් ඒ ජෛව ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නතර වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන්නේ කාබනික ද්‍රව්‍ය විතරයි. නැවත ඒ පොහොරවල ජෛව ක්‍රියාවලිය හැදෙන්න කාලයක් ගතවෙනවා.
    දෙවැනි කාරණය තමයි කොම්පෝස්ට් ආනයනය කිරීම බොරු වැඩක්. අපේ රටේ පළාත් පාලන ආයතනවලට දිරා යන ද්‍රව්‍ය විශාල වශයෙන් එකතු වෙනවා. ඒවා කොම්පෝස්ට් කරන්න පුළුවන්. අපේ රටේ බොහොම ඉක්මනින් දිරාපත්වෙනවා. තාක්ෂණයත් ඕනෑ තරම් තියෙනවා.
    එහෙම පසුබිමක මේවා ආනයනය කරන්නේ කාටහරි බිස්නස් එකක් කරන්න මිස රටේ සැබෑ අවශ්‍යතා වෙනුවෙන් නෙවෙයි.
    ලංකාවේ එළවළු ආදි කුණු වර්ග විශාල ප්‍රශ්නයක්. ඉතින්, ඒවා කොම්පෝස්ට් කරන්න පුළුවන්. ඉතා ප්‍රමිතියෙන් යුතු කොම්පෝස්ට් හදන්න පුළුවන්.
    ඒ වගේම මෙතැන තුන්වැනි කාරණයක් තියෙනවා. කොම්පෝස්ට් පොහොරක් කියන එක දුර්මතයක්. ඒකෙන් වෙන්නේ පස සකස් වීම විතරයි. කොම්පෝස්ට්වලින් ලැබෙන පෝෂණ ද්‍රව්‍ය ප්‍රමාදය මත බෝගයකට ප්‍රමාණවත් තරම් අධිපෝෂ්‍ය මූලද්‍රව්‍ය ගන්න බැහැ. රාබු වගේ බෝගයක් මාස දෙකතුනක් විතරයි බිමේ තියෙන්නේ. කොම්පෝස්ට් දිරලා ඒ කාලය ඇතුළත පෝෂණය ලැබෙන්නේ නෑ.
    ඒ නිසා කොම්පෝස්ට් භාවිතය හොඳ වුණත්, ඒකෙන් කරන්න පුළුවන් පොහොර භාවිතය අවම කර ගැනීම පස සකස් කරගැනීම වගේ දේවල් විතරයි. ඒ නිසා සමුච්චිත ශෂ්‍ය වගා ක්‍රමවල කොම්පෝස්ට් එක සාධකයක් විතරයි.

    ඒ නිසා රසායනික පොහොර අවම කරගත් ගොවිතැනක් මිස රසායනික පොහොරවලින් තොර ගොවිතැනක් අද තියෙන මේ වැඩි අස්වනු පසුබිමේ බෑ. අනෙක අපි මේ කතා කරන්නේ අවුරුදු හැත්තෑවක ඉතිහාසයේ ඩඩ්ලි සේනානායක කාලයේ හැර අන් කිසි කාලෙක නොකරපු දෙයක් ගැන. ඒ කාලෙ පටන් අරන් පස හදාගත්තා නම් අද අපට සම්පූර්ණයෙන් රසායනික පොහොර හදාගන්න තිබුණා. ඒත් අපි පටන්ගන්නේ දැන්. ඒ නිසා ඉලක්කයකට යන්න කාලයක් ගත වෙනවා. අපි විද්‍යාව කරපු අය නිසා මේ කාරණා ගැන බොරු කියන්න බෑ. අපි දන්න විද්‍යාව අනුව ශාකවලින් හදන පොහොරවලට කාර්යක්ෂමතාව අතින් රසායන පොහොරවලට කිට්ටු වෙන්නේ නෑ.
    එක් එක්කෙනා රවට්ටලා කරන මේ වගේ ව්‍යාපෘතිවලින් වෙන්නේ රටේ ශාක ගහනය අනතුරේ හෙළීමක්. වන ශාකවලටත් හානියක් වෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රතිපත්තිමය තීන්දුව ගැන අභ්‍යන්තර සාකච්ඡාවලදී, මගේ උපදෙස් ඉල්ලපු අවස්ථාවලදී විරෝධය ප්‍රකාශ කළේ.’
    අනිද්දා පුවත්පත
    02.06.2021
    තරිඳු උඩුවරගෙදර
    #කාබනිකපොහොර #පොහොරආනයනය #තිරසරගොවිතැන #SriLanka
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ශාක ආරක්ෂක පනත යටතේ 1981 පනවපු නියෝග අනුව කිසිම කාබනික පොහොරක් ලංකාවට ගේන්න බෑ. මොකද කාබනික පොහොර කියන්නේ දිරා යන සත්ව හා ශාක කොටස්. ඒවා එක්ක ව්‍යාධිකාරක, රෝග කාරක එන්න පුළුවන්. ඒ ගැන හිතලා තමයි නියෝගය නිකුත් කරලා තියෙන්නේ.

    :(:(:(


    Thawa ledak daganna wage yanne.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    BUMP

    බයියන්ටවත් උන්ගේ සාර්ට වත් ඕකෙන් කාලක් වත් තේරෙන්නේ නෑ බන්. උන් හිතන්නේ රසායනික පෝර කොහොම පාවිච්චි කරත් නරකයි, කාබනික පෝර කොහොම පාවිච්චි කරත් හොදයි කියලා
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මට තියෙන ප්‍රශ්නෙ යකෝ N,P,K මොනවගෙන් ආවත් NPK ම තමා.. මුන් මේ කෘමි නාශක/ වල නාශකයි Chemical fertilizers පටලවගනනෙ ඉන්නෙ