ඉන්දියානු ගොවිතැන පැතුම් පෙන්වා දෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පස, ආහාර සහ ජීවය...

    ජීවයේ මූලික කොටසක්. පසේ ඉහළ තට්ටුවේ ක්‍රියාකාරිත්වය ඒ ජීවයේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක්.

    මේ පස සමග හැල හැප්පිලා තමයි අපිට ආහාර නිශ්පාදනය කර ගන්ම තියෙන්නේ. ඒක කෘෂි කර්මාන්තය උනත් පශු සම්පත් කළමනාකරණය උනත් පස එක්ක නිවැරැදිව ගනුදෙනු කරන්න අපිට පුළුවන් නම් පමණයි සාර්ථක ප්‍රථිපල අත්පත් කර ගන්න පුළුවන් වෙන්නෙ.

    හොඳ ගොවියෙක් අනිවාර්යයෙන් පස රැක ගැනීම ගැන ක්‍රියාකරනවා. ඒත් අපේ බොහෝ ගොවි බිම් වල අපි දකින්නේ පස රකිනවාට වඩා පස නොසළකා හැරීමක්. ඒ කියන්නේ use කරනවට වඩා abuse කිරීමක්. ඒ පෝර හින්දා වෙන්න පුළුවන්, රසායනික හින්දා වෙන්න පුළුවන්, වැරදි උපක්‍රම නිසා වෙන්න පුළුවන්. කොහොම උනත් නිවැරැදි ගොවි තාක්ෂණය නිවැරැදි පස කළමනාකරණය එක්ක බැඳිලා තියෙන්නේ.

    ඉන්දියාවේ සත්ගුරු save soil program එක පටන් ගන්නෙත් ඒ නිසාමයි. ඒ වගේම අපේ රටෙත් මේ පස ගැන සාකච්ඡාව දේශපාලන කරළිය උණුසුම් කළේ කාබනික පොහොර සෙල්ලමත් එක්ක. කෙසේ හො ඉන් ජනගත වූයේ පසේ වැදගත්කම හෝ පස පිළිබඳව විද්‍යාත්මක සාකච්ඡාවක් නෙවෙයි සුපුරුදු දෙපැත්තට බෙදිලා මරා ගන්න දේශපාලන සාකච්ඡාවක්!

    කොහොම උනත් මේ පස පිළිබඳව අපේ අවදානය දැඩිව යොමු විය යුතු කාලයක අපි ඉන්නේ. මොකද දේශගුණික විපර්යාස එක්ක පසේ ගුණාත්මකභාවය සෑහෙන්න අඩු වෙලා යන්න පටන් අරගෙන. මේකට ගොවියන්ට කළ හැකි පොදු වැඩ 4 ක් ගැන එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂි කාර්මික වැඩසටහන ඉස්මතු කරලා තිබුනා.

    1. මතුපිට පස ආරක්ෂා වෙන ස්වාභාවික ස්ථරයක් භාවිතා කිරීම.
    2. අවශ්‍ය පමණට පමණක් පොළොව හෑම හෝ එසේ හෑම අඩුකරන උපක්‍රම භාවිතා කිරීම.
    3. හැකිතාක් දුරට වැසි ජලය රැස් වෙන උපක්‍රම භාවිතා කිරීම.
    4. දේශීය පසට සහ තෙතමනයට ගැලපෙන භෝග වගාවට යොමු වීම.

    ඔවුන් ගෙන හැර දක්වා තිබුනා.

    පස පිළිබඳව දැඩිව අවදානය යොමු කර, දේශගුණික විපර්යාස පිළිබඳව අවබෝධය ඇතිව කෘෂි කර්මාන්තය කළමනාකරණය කිරීමට පුළුල් ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තිබෙනවා. කිසි දෙයක් හරියට කළමනාකරණය නොකරන රටකට ඒක අභියෝගයක් උනත්, අපිට පස්ස ගහන්න බෑ. නොනැවතී ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ.

    අපිට පුළුවන්.

    පැතුම් කර්නර් #හරිත #රටහදනහරිපාරෛඩ
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඉස්සරත් පාදෙණිය කියල දොස්තර මහත්තයෙක් පස ගැන කෘෂිකර්මය කරන අයට ඉගැන්නුවා.

    එයාගේ මදි පාඩුවට දැන් දොස්තර කර්නර් ඇවිල්ලා .
     
    • Haha
    Reactions: jhnnwp

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    I agree with the need to conserve the soil and that the soil is considered a depleting resource. The Mohenjo Daro and Harappa civilizations were the greatest among ancient civilizations that lost their prosperity with deforestation-led soil depletion and famine.
     
    • Haha
    Reactions: YelaWolf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    දොස්තර කර්නාර් ගේ වගා උපදෙස් ඔබ වෙත ගෙන ආවේ රිදුනා පිම්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පස, ආහාර සහ ජීවය...

    ජීවයේ මූලික කොටසක්. පසේ ඉහළ තට්ටුවේ ක්‍රියාකාරිත්වය ඒ ජීවයේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක්.

    මේ පස සමග හැල හැප්පිලා තමයි අපිට ආහාර නිශ්පාදනය කර ගන්ම තියෙන්නේ. ඒක කෘෂි කර්මාන්තය උනත් පශු සම්පත් කළමනාකරණය උනත් පස එක්ක නිවැරැදිව ගනුදෙනු කරන්න අපිට පුළුවන් නම් පමණයි සාර්ථක ප්‍රථිපල අත්පත් කර ගන්න පුළුවන් වෙන්නෙ.

    හොඳ ගොවියෙක් අනිවාර්යයෙන් පස රැක ගැනීම ගැන ක්‍රියාකරනවා. ඒත් අපේ බොහෝ ගොවි බිම් වල අපි දකින්නේ පස රකිනවාට වඩා පස නොසළකා හැරීමක්. ඒ කියන්නේ use කරනවට වඩා abuse කිරීමක්. ඒ පෝර හින්දා වෙන්න පුළුවන්, රසායනික හින්දා වෙන්න පුළුවන්, වැරදි උපක්‍රම නිසා වෙන්න පුළුවන්. කොහොම උනත් නිවැරැදි ගොවි තාක්ෂණය නිවැරැදි පස කළමනාකරණය එක්ක බැඳිලා තියෙන්නේ.

    ඉන්දියාවේ සත්ගුරු save soil program එක පටන් ගන්නෙත් ඒ නිසාමයි. ඒ වගේම අපේ රටෙත් මේ පස ගැන සාකච්ඡාව දේශපාලන කරළිය උණුසුම් කළේ කාබනික පොහොර සෙල්ලමත් එක්ක. කෙසේ හො ඉන් ජනගත වූයේ පසේ වැදගත්කම හෝ පස පිළිබඳව විද්‍යාත්මක සාකච්ඡාවක් නෙවෙයි සුපුරුදු දෙපැත්තට බෙදිලා මරා ගන්න දේශපාලන සාකච්ඡාවක්!

    කොහොම උනත් මේ පස පිළිබඳව අපේ අවදානය දැඩිව යොමු විය යුතු කාලයක අපි ඉන්නේ. මොකද දේශගුණික විපර්යාස එක්ක පසේ ගුණාත්මකභාවය සෑහෙන්න අඩු වෙලා යන්න පටන් අරගෙන. මේකට ගොවියන්ට කළ හැකි පොදු වැඩ 4 ක් ගැන එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂි කාර්මික වැඩසටහන ඉස්මතු කරලා තිබුනා.

    1. මතුපිට පස ආරක්ෂා වෙන ස්වාභාවික ස්ථරයක් භාවිතා කිරීම.
    2. අවශ්‍ය පමණට පමණක් පොළොව හෑම හෝ එසේ හෑම අඩුකරන උපක්‍රම භාවිතා කිරීම.
    3. හැකිතාක් දුරට වැසි ජලය රැස් වෙන උපක්‍රම භාවිතා කිරීම.
    4. දේශීය පසට සහ තෙතමනයට ගැලපෙන භෝග වගාවට යොමු වීම.

    ඔවුන් ගෙන හැර දක්වා තිබුනා.

    පස පිළිබඳව දැඩිව අවදානය යොමු කර, දේශගුණික විපර්යාස පිළිබඳව අවබෝධය ඇතිව කෘෂි කර්මාන්තය කළමනාකරණය කිරීමට පුළුල් ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තිබෙනවා. කිසි දෙයක් හරියට කළමනාකරණය නොකරන රටකට ඒක අභියෝගයක් උනත්, අපිට පස්ස ගහන්න බෑ. නොනැවතී ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ.

    අපිට පුළුවන්.

    පැතුම් කර්නර් #හරිත #රටහදනහරිපාරෛඩ
    පුදුම සාපයක් මූ නම්
     
    • Haha
    Reactions: jhnnwp