Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
42 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාමයෙහි වරදවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාමයෙහි වරදවා හැසිරීමෙන් උපදින බිහිසුණු විපාක...

මිනිස් ලෝකය තුළ ජීවිතය ගතකරන මිනිසුන් අතරින් තම ජීවිතය නිවැරදි අයුරින් ගත කළ යුතු ආකාරය පෙන්වා දෙන දහමක් අසන්නට ලැබෙන්නේ ඉතා සුළු පිරිසකට ය. දුර්ලභ ව ලද මිනිස් දිවිය පාපයට යොදවා මෙලොව මෙන් ම පරලොව ද මහා දුකකට පත්වන අය අද ලෝකයේ ජීවත් වන මිනිසුන් අතර බහුලව දක්නට ඇත. උතුම් මිනිසත් බවත්, කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරත් නිර්මල ධර්මය අසන්නට ලැබීමත් යන මේ කරුණු කෙනෙකුට ලැබීම ක්ෂණ සම්පත්තිය ලෙස හැඳින්වේ. ක්ෂණය යනු ඉතා සුළු වේලාවක් පවතින දෙයකි. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ක්ෂණ සම්පත්තිය අහිමි කර නො ගන්නා ලෙසයි. මෙය අහිමි කර ගත් උදවියට නිරයේ ඉපදී බොහෝ කල් ශෝක කිරීමට සිදුවන බවයි. මේ අයුරින් දුර්ලභව ලද මිනිසත් භවයේ වටිනාකම තේරුම් නොගත් බොහෝ මිනිසුන් සිත, කය, වචනය යන තිදොරින් පාපයන්හි යෙදෙති.

වත්මන් සමාජය තුළ තමාගේ කය වරදෙහි යොදවමින් වැරදි කාම සේවනයේ යෙදෙන ස්ත්රීින් මෙන් ම පුරුෂයන් ද බහුල ලෙස දක්නට ඇත. සුළු සතුටක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් එහි යෙදුන ද ඒ හේතුවෙන් සිදුවන පාප කර්මයන්ගේ බිහිසුණු විපාකවලට ඔවුන්ට මෙලොව දී හෝ පරලොව දී හෝ සසරේ කවර දිනයක මුහුණ දීමට සිදුවනු ඇත. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අටවැනි නිපාතයට අයත් අපාය සංවත්තතික සූත්‍රයේ දී පෙන්වා වදාළේ යම් කෙනෙක් වැරදි කාම සේවනයේ යෙදෙනවා ද බහුල වශයෙන් යෙදෙනවා ද එය නිරයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ උපදින්නට හේතුවක් වන බවයි. ඔහු මිනිස් ලොව යම් කලෙක උපදී ද, වැරදි කාම සේවනයේ අවශේෂ විපාක වශයෙන් සතුරන් සහිත වෛරයට පාත්රවන බව පෙන්වා දී ඇත.

වැරදි කාම සේවනය යනු කුමක්ද යන වග බුද්ධ දේශනාවෙහි විස්තර වන්නේ මෙලෙසටයි. “මව විසින් රකිනු ලබන, පියා විසින් රකිනු ලබන, මා පියන් විසින් රකිනු ලබන, සොයුරා විසින් රකිනු ලබන, සොයුරිය විසින් රකිනු ලබන, නෑයා විසින් රකිනු ලබන, ගුණධර්ම විසින් රකිනු ලබන, යම් ස්ත්‍රීහු සිටිත් ද, එමෙන් ම ස්වාමියා සහිත වූ, විවාහය පිණිස යටත් පිරිසෙන් මල් මාලයකින් හෝ අවුරන ලද යම් ස්ත්‍රීහු වෙත් ද, එබඳු වූ ස්ත්‍රීන් කෙරෙහි වරදෙහි බැඳෙන්නේ වෙයි.” යනුවෙනි. බුදුරජාණන් වහන්සේ වදාළේ අනුන්ගේ අඹුවන් වෙත කැමැත්තෙන් හෝ සැහැසි ලෙස ගොස් කුල සිරිත් බිඳ වරදේ හැසිරෙන්නා වසලයෙකු වන බවයි.

එක් අවස්ථාවක දී අපගේ භාග්‍යවතුන් වහන්සේ ඛේම නම් සිටුවරයා හට වදාළේ පර ස්ත්‍රීන් සේවනය කරන ප්රමාදී පුද්ගලයා කරදර විපත් හතරකට ගොදුරු වන බවයි. එනම් පවු රැස් වීම, සිතේ චකිතය නිසා සතුටක් විඳින්නට නොලැබීම, අන් අයගෙන් නින්දාවට පත් වීම හා මරණින් පසු නිරයේ ඉපදීමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ බයේ ගැහි ගැහී කාන්තාවන් සමග කාම සේවනයේ යෙදීමෙන් ලැබෙන ආස්වාදය ඉතා ම ස්වල්ප බවයි. එය පවතින නීතියට පටහැනි ක්‍රියාවක් නිසා රජයේ නීතිය ක්‍රියාත්මක කරන අයට අසු වුණොත් බරපතළ දඬුවම් විඳින්නට සිදුවන බවයි. එම නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධිමත් මනුෂ්‍යයා පර ස්ත්‍රීන් සේවනය නො කළ යුතු බවයි.

අද ලෝකයේ බොහෝ රටවල මෙම වැරදි කාම සේවනය (ගණිකා වෘත්තිය ද ඇතුලුව) සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී ඇත. බටහිර ජාතීන් සිතන්නේ තමන් කැමති කෙනෙකු සමඟ අනාචාරයේ හැසිරීම මනුෂ්‍ය අයිතිවාසිකමක් බවයි. ඔවුන් මෙලොව දී විඳින සුළු වූ කාම සැපය ගැන මුළා වී සිටිති. එම කර්මයන්ට පරලොව දී ලැබෙන විපාක ගැන ඔවුන් නො සිතති. කෙසේ වුව ද සසරේ සැරිසරන සංසාරගත සත්වයෝ කර්මය දෑවැද්ද කොට ගෙන සිටිති. තමා කරන හොඳ හෝ නරක කර්මයන්ගේ විපාක තමන් හට ඒකාන්තයෙන් ම ලැබෙනු ඇත.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ උදේනි නගරයේ සිටුවරයාගේ එක ම දියණිය වූ ඉසිදාසි නම් රූමත් තරුණියක් විය. ඇය තමන්ගේ විවාහ ජීවිතය අසාර්ථක වූ නිසා බුදු සසුනේ පැවිදි බව ලබා පසුව උතුම් අරහත්වයට පත් වූවා ය. ඇයට ආත්මභාව හතක් පසුපසට සිහි කරන්නට පුළුවන. මේ ජීවිතය තුළ ඇයට අනේක දුක් විඳීමට සිදු වූයේ කුමන පාප කර්මයක් නිසා දැයි ඒ රහත් මෙහෙණින් වහන්සේ දිවැසින් බැලුවා ය. මීට ආත්මභාව හතකට පෙර ඇය පිරිමියෙක් ව ඉපිද සිටි අතර ඔහු ධනවත් රන්කරුවෙක් වී ය. හෙතෙමේ තරුණකමින් මත්ව නොයෙක් කාන්තාවන් පසුපස ගොස් අනාචාරයේ හැසිරුණි. එම ජීවිතයෙන් පසු එම පාපයේ විපාකය ලෙස නිරයේ උපන්නේ ය. බොහෝ කල් නිරයේ දුක් විඳ ඉන් චුතව වැඳිරියෙකුගේ කුසේ ඉපදුණි. ඒ වඳුරු පැටියා ඉපදී දවස් හතකට පසු එම වඳුරු රැලේ නායක වඳුරා ඔහුගේ ලිංගය හූරා කඩා දැම්මේ ය. එය ද පර ස්ත්‍රියන් සේවනයේ විපාකයකි. අද සමාජයේ ද ලිංගාශ්‍රිත රෝගවලින් බොහෝ දෙනෙක් පීඩා විඳින්නේ පෙර සසරේ තමන් වැරදි කාම සේවනයේ යෙදීමේ විපාකයන් ය. වඳුරු පැටියා මිය යාමෙන් පසු සින්ධව නම් වානයේ සිටි බූරු දෙනෙකගේ කුසේ උපන. මේ කුඩා කොටළුවා කුඩා කල දී ම මිනිසුන් විසින් අල්ලා ගනු ලැබුණු අතර වැඩ ගැනීම සඳහා රහස් ප්‍රදේශයේ ඇති කෝෂ තලා දැම්මේ ය. ඒ හේතුවෙන් තුවාල වූ රහස් ප්‍රදේශය කුණු වී ගියේ ය. එයින් බොහෝ දුක් වේදනා විඳ මරණයට පත් විණි. ඉන් චුත ව ගවදෙනකගේ කුසේ උපණ. රතු පාට වසු පැටියෙක් ව ඉපිද වසරක් පිරෙද්දී ම රහස් අංගයේ ඇති කෝෂ තලා දැමුනි. එම වසු පැටියා අන්ධව ඉපදීම නිසාත් බොහෝ දුක් කරදර වින්දේ ය. මෙසේ අන්ධව ඉපදීමට සිදු වූයේ එදා අන්ධයෙක් ලෙස කාම සේවනයේ යෙදුණ නිසයි.

එතැනින් චුත ව නගරයේ වීදියක දාසියකගේ කුසේ උපණ. ඒ ජීවිතයේ ඇය ගැහැණියකුත් නො වී පිරිමියෙකුත් නො වී නපුංසකයෙක් බවට පත් විණ. ඒ හේතුවෙන් සමාජයෙන් බොහෝ නින්දා අපහාසවලට ලක් විය. වයස තිහේ දී පමණ මරණයට පත්ව ඊ ළඟට ඇය දිළිඳු පවුලක ඉපදුණි. තමන්ගේ දෙමාපියන් ගත් ණය ගෙවා ගන්නට බැරිකම නිසා තරුණ වයසේ සිටි ඇය ව ණය දුන් කෙනාට ලබා දුනි. ඉන් පසු ණය දුන් කෙනා ඇය ව තම ගිරිදාස නම් පුතාට ලබාදුන්නේ ය. ඔහුට තවත් බිරිඳක් සිටියා ය. ඇය සිල්වත් ගුණවත් තැනැත්තියකි. මේ ඉසිදාසිට ඇය ගැන ඊර්ෂ්‍යාවක් ඇති විණි. ඇය ඒ ආත්ම භාවයේ දී අර දෙදෙනා අතර තිබූ ආදර සෙනෙහස නැතිවී යන අයුරින් කටයුතු කළා ය. කේළාම් කියමින් එම පවුලේ සමඟිය නැති කළා ය. ඒ කර්ම විපාකය ලෙස මේ ජීවිතයේ සිටු පවුලක උපන්නත් විවාහ ජීවිතය සාර්ථක නො වුණි.

මේ ආකාරයට බලන කල වැරදි කාම සේවනය බරපතළ අකුසල කර්මයකි. ඒ නිසා අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ වදාළේ වැරදි කාම සේවනයෙන් වැළකී තම බිරිඳගෙන් පමණක් සතුටු විය යුතු බවයි. විමාන වස්තු පාළියේ පතිව්රත්රා විමානයේ සඳහන් වන්නේ මිනිස් ලොව සිටිය දී එක් කාන්තාවක් තම ස්වාමියා ඉක්මවා වෙනත් පුරුෂයන් ඇසුරු නොකිරීම නම් වූ ගුණධර්මය නිසා දෙව්ලොව ඉපදී මහත් සැපයට පත් වූ ආකාරය යි. එම නිසා දුර්ලභ ව ලද මිනිසත් බව තුළ උතුම් කල්‍යාණ මිත්‍රයන්ගෙන් ධර්මය ශ්‍රවණය කොට ඒ තුළින් මෙවැනි අකුසල් කිරීමේ භයානකකම ගැන තේරුම් ගත යුතු ය. එසේ තේරුම් ගෙන මේ භයානක විපාක ගෙන දෙන වැරදි කාම සේවනයෙන් වැළකී සියලු දෙනාම යහපත් පවුල් ජීවිත ගත කොට මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදාකර ගනිත්වා!

[QUOTE="Ereic, post: 24916603, member: 556112"] [SIZE="6"]කාමයෙහි වරදවා හැසිරීමෙන් උපදින බිහිසුණු විපාක... මිනිස් ලෝකය තුළ ජීවිතය ගතකරන මිනිසුන් අතරින් තම ජීවිතය නිවැරදි අයුරින් ගත කළ යුතු ආකාරය පෙන්වා දෙන දහමක් අසන්නට ලැබෙන්නේ ඉතා සුළු පිරිසකට ය. දුර්ලභ ව ලද මිනිස් දිවිය පාපයට යොදවා මෙලොව මෙන් ම පරලොව ද මහා දුකකට පත්වන අය අද ලෝකයේ ජීවත් වන මිනිසුන් අතර බහුලව දක්නට ඇත. උතුම් මිනිසත් බවත්, කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරත් නිර්මල ධර්මය අසන්නට ලැබීමත් යන මේ කරුණු කෙනෙකුට ලැබීම ක්ෂණ සම්පත්තිය ලෙස හැඳින්වේ. ක්ෂණය යනු ඉතා සුළු වේලාවක් පවතින දෙයකි. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ක්ෂණ සම්පත්තිය අහිමි කර නො ගන්නා ලෙසයි. මෙය අහිමි කර ගත් උදවියට නිරයේ ඉපදී බොහෝ කල් ශෝක කිරීමට සිදුවන බවයි. මේ අයුරින් දුර්ලභව ලද මිනිසත් භවයේ වටිනාකම තේරුම් නොගත් බොහෝ මිනිසුන් සිත, කය, වචනය යන තිදොරින් පාපයන්හි යෙදෙති. වත්මන් සමාජය තුළ තමාගේ කය වරදෙහි යොදවමින් වැරදි කාම සේවනයේ යෙදෙන ස්ත්රීින් මෙන් ම පුරුෂයන් ද බහුල ලෙස දක්නට ඇත. සුළු සතුටක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් එහි යෙදුන ද ඒ හේතුවෙන් සිදුවන පාප කර්මයන්ගේ බිහිසුණු විපාකවලට ඔවුන්ට මෙලොව දී හෝ පරලොව දී හෝ සසරේ කවර දිනයක මුහුණ දීමට සිදුවනු ඇත. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අටවැනි නිපාතයට අයත් අපාය සංවත්තතික සූත්‍රයේ දී පෙන්වා වදාළේ යම් කෙනෙක් වැරදි කාම සේවනයේ යෙදෙනවා ද බහුල වශයෙන් යෙදෙනවා ද එය නිරයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ උපදින්නට හේතුවක් වන බවයි. ඔහු මිනිස් ලොව යම් කලෙක උපදී ද, වැරදි කාම සේවනයේ අවශේෂ විපාක වශයෙන් සතුරන් සහිත වෛරයට පාත්රවන බව පෙන්වා දී ඇත. වැරදි කාම සේවනය යනු කුමක්ද යන වග බුද්ධ දේශනාවෙහි විස්තර වන්නේ මෙලෙසටයි. “මව විසින් රකිනු ලබන, පියා විසින් රකිනු ලබන, මා පියන් විසින් රකිනු ලබන, සොයුරා විසින් රකිනු ලබන, සොයුරිය විසින් රකිනු ලබන, නෑයා විසින් රකිනු ලබන, ගුණධර්ම විසින් රකිනු ලබන, යම් ස්ත්‍රීහු සිටිත් ද, එමෙන් ම ස්වාමියා සහිත වූ, විවාහය පිණිස යටත් පිරිසෙන් මල් මාලයකින් හෝ අවුරන ලද යම් ස්ත්‍රීහු වෙත් ද, එබඳු වූ ස්ත්‍රීන් කෙරෙහි වරදෙහි බැඳෙන්නේ වෙයි.” යනුවෙනි. බුදුරජාණන් වහන්සේ වදාළේ අනුන්ගේ අඹුවන් වෙත කැමැත්තෙන් හෝ සැහැසි ලෙස ගොස් කුල සිරිත් බිඳ වරදේ හැසිරෙන්නා වසලයෙකු වන බවයි. එක් අවස්ථාවක දී අපගේ භාග්‍යවතුන් වහන්සේ ඛේම නම් සිටුවරයා හට වදාළේ පර ස්ත්‍රීන් සේවනය කරන ප්රමාදී පුද්ගලයා කරදර විපත් හතරකට ගොදුරු වන බවයි. එනම් පවු රැස් වීම, සිතේ චකිතය නිසා සතුටක් විඳින්නට නොලැබීම, අන් අයගෙන් නින්දාවට පත් වීම හා මරණින් පසු නිරයේ ඉපදීමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ බයේ ගැහි ගැහී කාන්තාවන් සමග කාම සේවනයේ යෙදීමෙන් ලැබෙන ආස්වාදය ඉතා ම ස්වල්ප බවයි. එය පවතින නීතියට පටහැනි ක්‍රියාවක් නිසා රජයේ නීතිය ක්‍රියාත්මක කරන අයට අසු වුණොත් බරපතළ දඬුවම් විඳින්නට සිදුවන බවයි. එම නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධිමත් මනුෂ්‍යයා පර ස්ත්‍රීන් සේවනය නො කළ යුතු බවයි. අද ලෝකයේ බොහෝ රටවල මෙම වැරදි කාම සේවනය (ගණිකා වෘත්තිය ද ඇතුලුව) සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී ඇත. බටහිර ජාතීන් සිතන්නේ තමන් කැමති කෙනෙකු සමඟ අනාචාරයේ හැසිරීම මනුෂ්‍ය අයිතිවාසිකමක් බවයි. ඔවුන් මෙලොව දී විඳින සුළු වූ කාම සැපය ගැන මුළා වී සිටිති. එම කර්මයන්ට පරලොව දී ලැබෙන විපාක ගැන ඔවුන් නො සිතති. කෙසේ වුව ද සසරේ සැරිසරන සංසාරගත සත්වයෝ කර්මය දෑවැද්ද කොට ගෙන සිටිති. තමා කරන හොඳ හෝ නරක කර්මයන්ගේ විපාක තමන් හට ඒකාන්තයෙන් ම ලැබෙනු ඇත. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ උදේනි නගරයේ සිටුවරයාගේ එක ම දියණිය වූ ඉසිදාසි නම් රූමත් තරුණියක් විය. ඇය තමන්ගේ විවාහ ජීවිතය අසාර්ථක වූ නිසා බුදු සසුනේ පැවිදි බව ලබා පසුව උතුම් අරහත්වයට පත් වූවා ය. ඇයට ආත්මභාව හතක් පසුපසට සිහි කරන්නට පුළුවන. මේ ජීවිතය තුළ ඇයට අනේක දුක් විඳීමට සිදු වූයේ කුමන පාප කර්මයක් නිසා දැයි ඒ රහත් මෙහෙණින් වහන්සේ දිවැසින් බැලුවා ය. මීට ආත්මභාව හතකට පෙර ඇය පිරිමියෙක් ව ඉපිද සිටි අතර ඔහු ධනවත් රන්කරුවෙක් වී ය. හෙතෙමේ තරුණකමින් මත්ව නොයෙක් කාන්තාවන් පසුපස ගොස් අනාචාරයේ හැසිරුණි. එම ජීවිතයෙන් පසු එම පාපයේ විපාකය ලෙස නිරයේ උපන්නේ ය. බොහෝ කල් නිරයේ දුක් විඳ ඉන් චුතව වැඳිරියෙකුගේ කුසේ ඉපදුණි. ඒ වඳුරු පැටියා ඉපදී දවස් හතකට පසු එම වඳුරු රැලේ නායක වඳුරා ඔහුගේ ලිංගය හූරා කඩා දැම්මේ ය. එය ද පර ස්ත්‍රියන් සේවනයේ විපාකයකි. අද සමාජයේ ද ලිංගාශ්‍රිත රෝගවලින් බොහෝ දෙනෙක් පීඩා විඳින්නේ පෙර සසරේ තමන් වැරදි කාම සේවනයේ යෙදීමේ විපාකයන් ය. වඳුරු පැටියා මිය යාමෙන් පසු සින්ධව නම් වානයේ සිටි බූරු දෙනෙකගේ කුසේ උපන. මේ කුඩා කොටළුවා කුඩා කල දී ම මිනිසුන් විසින් අල්ලා ගනු ලැබුණු අතර වැඩ ගැනීම සඳහා රහස් ප්‍රදේශයේ ඇති කෝෂ තලා දැම්මේ ය. ඒ හේතුවෙන් තුවාල වූ රහස් ප්‍රදේශය කුණු වී ගියේ ය. එයින් බොහෝ දුක් වේදනා විඳ මරණයට පත් විණි. ඉන් චුත ව ගවදෙනකගේ කුසේ උපණ. රතු පාට වසු පැටියෙක් ව ඉපිද වසරක් පිරෙද්දී ම රහස් අංගයේ ඇති කෝෂ තලා දැමුනි. එම වසු පැටියා අන්ධව ඉපදීම නිසාත් බොහෝ දුක් කරදර වින්දේ ය. මෙසේ අන්ධව ඉපදීමට සිදු වූයේ එදා අන්ධයෙක් ලෙස කාම සේවනයේ යෙදුණ නිසයි. එතැනින් චුත ව නගරයේ වීදියක දාසියකගේ කුසේ උපණ. ඒ ජීවිතයේ ඇය ගැහැණියකුත් නො වී පිරිමියෙකුත් නො වී නපුංසකයෙක් බවට පත් විණ. ඒ හේතුවෙන් සමාජයෙන් බොහෝ නින්දා අපහාසවලට ලක් විය. වයස තිහේ දී පමණ මරණයට පත්ව ඊ ළඟට ඇය දිළිඳු පවුලක ඉපදුණි. තමන්ගේ දෙමාපියන් ගත් ණය ගෙවා ගන්නට බැරිකම නිසා තරුණ වයසේ සිටි ඇය ව ණය දුන් කෙනාට ලබා දුනි. ඉන් පසු ණය දුන් කෙනා ඇය ව තම ගිරිදාස නම් පුතාට ලබාදුන්නේ ය. ඔහුට තවත් බිරිඳක් සිටියා ය. ඇය සිල්වත් ගුණවත් තැනැත්තියකි. මේ ඉසිදාසිට ඇය ගැන ඊර්ෂ්‍යාවක් ඇති විණි. ඇය ඒ ආත්ම භාවයේ දී අර දෙදෙනා අතර තිබූ ආදර සෙනෙහස නැතිවී යන අයුරින් කටයුතු කළා ය. කේළාම් කියමින් එම පවුලේ සමඟිය නැති කළා ය. ඒ කර්ම විපාකය ලෙස මේ ජීවිතයේ සිටු පවුලක උපන්නත් විවාහ ජීවිතය සාර්ථක නො වුණි. මේ ආකාරයට බලන කල වැරදි කාම සේවනය බරපතළ අකුසල කර්මයකි. ඒ නිසා අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ වදාළේ වැරදි කාම සේවනයෙන් වැළකී තම බිරිඳගෙන් පමණක් සතුටු විය යුතු බවයි. විමාන වස්තු පාළියේ පතිව්රත්රා විමානයේ සඳහන් වන්නේ මිනිස් ලොව සිටිය දී එක් කාන්තාවක් තම ස්වාමියා ඉක්මවා වෙනත් පුරුෂයන් ඇසුරු නොකිරීම නම් වූ ගුණධර්මය නිසා දෙව්ලොව ඉපදී මහත් සැපයට පත් වූ ආකාරය යි. එම නිසා දුර්ලභ ව ලද මිනිසත් බව තුළ උතුම් කල්‍යාණ මිත්‍රයන්ගෙන් ධර්මය ශ්‍රවණය කොට ඒ තුළින් මෙවැනි අකුසල් කිරීමේ භයානකකම ගැන තේරුම් ගත යුතු ය. එසේ තේරුම් ගෙන මේ භයානක විපාක ගෙන දෙන වැරදි කාම සේවනයෙන් වැළකී සියලු දෙනාම යහපත් පවුල් ජීවිත ගත කොට මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදාකර ගනිත්වා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom