වාත්ස්‍යායනයන් විසින් ක්‍රිස්තු පූර්ව 400 සහ 200 අතර කාලයේ රචනා කළ බව සැලකෙන සංස්කෘත බසින් ලියැවුණ ‘කාමසූත්ර’ ග්‍රන්ථය මුල් වරට පරිවර්තණය කෙරුණේ රිචර්ඩ් ෆැන්සිස් බර්ටන් Richard Francis Burton විසිනි.
වසර 1883 දී එහි ප්‍රතම පරිවර්තය සිදු වූ අතර ඉන් පසුවද බොහෝ පරිවර්තන සිදු කෙරුණු අතර එහෙත් ඒ බොහෝ ග්‍රන්ත සඳහා පාදක කර ගෙන ඇත්තේ බර්ටර්න්ගේ කෘතිය බව පැවසේ.
කෙසේවෙතත් කුල ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම, සම ලිංගික සම්බන්ධතා වලට සමාන සැලකිලි ලබා දීම, . කාන්තාවන්ට ගෞරව කළ යුතු අයුරුද ව්යත්සායන්ගේ කාම සූත්‍ර හි අන්තර්ගත වුවද එය බර්ටර්න්ගේ කෘතියෙහි අන්තර්ගතව නැති බව විවිධ මත තිබිණි.
බ්‍රිතාන්‍යයන් විසින් පෙරදිග රටවල වික්ටෝරියානු සංස්කෘතිය පැතිරවීමත් සමග ලිංගික සංසර්ගය, කාමය සහ අනුරාගය ඉස්මතු කිරීම හෝ ඒ පිළිබඳ කතා කිරීම ප්‍රතික්ෂේප කරන වටපිටාවක් පැවතියත් ඉතා ඈත අතීතයේ ලියවුනු කෘතීන්හි එවැනි මාතෘකා විවෘතව කතාබස් කර ඇති බව ඔප්පු කරන හොඳම උදාහරණය ලෙස ‘කාමසූත්ර‘ ග්‍රන්ථය හැඳින්විය හැකිය.
සංස්කෘතිය සහ ආගම් සම්බන්ධයෙන් මිනිස් මනස ක්‍රියා කරන ආකාරය විශ්ලේෂණයේ යෙදෙන චිකාගෝ විශ්ව විද්‍යාලයේ ඇමරිකානු ජාතික මහාචාර්ය වෙන්ඩි ඩොනිගර් ඉන්දියාවේ සුප්‍රකට මනෝ විශ්ලේෂක සුධීර් කාකාර් සමග එකතුව 2002 වසරේ දී කාම සූත්‍ර මුල් ග්‍රන්ථය නැවතත් ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ අතර එහිදී මුල් කෘතියේ අඩංගු සියලු කරුණු ඇතුළත් කිරීමටත් එහි කාන්තාවන් වෙනුවෙන් ලියැවුන කොටස් ඉදිරිපත් කිරීමටත් ඇය උත්සාහ කළාය.
මහාචාර්ය වෙන්ඩි කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් කාම සූත්‍ර හි ලියැවුණු කොටස්ද පිළිබඳවද ඇගේ ග්‍රන්තය වූ ‘මෙයර්ස් ට්‍රැප්’ සඳහා බර්ටර්න්ගේ කාමසූත්ර කෘතියේ ඔහු හිතාමතා හෝ මොනයම් හේතුවක් නිසා හෝ මග හැරිය එකී කොටස්ද එකතුව සිය කෘතිය ප්‍රකාශ කරන ලදී.
කාම සූත්‍ර ඇතුළු පැරණි හින්දු වේද ග්රන්ථ වල ලිංගික සංසර්ගය සම්බන්ධයෙන් සුභවාදී අදහස් පළ වන අතර එය නිර්මාණාත්මක කර්තව්‍යයක් වශයෙන් හඳුන්වා ඇත.
එහෙත් පසු කාලීනව සිදුවූ වික්ටෝරියන් ගතානුගතික සංස්කෘතියේ ලක්ෂණ වලට අනුවර්තනය වීමත් සමග ලිංගිකත්වය, කාමය, අනුරාගය වැනි මාතෘකා පිළිබඳ ලියැවුන ග්රන්ථ යටපත් වී එකී කාරණා ලැජ්ජාවට හේතුවන කරුණක් දක්වා දිග්ගුස්සුණු අතර පසුකාලීනව ලිංගිකත්වය පිළිබඳ සාකච්ඡා කිරීම පවා ප්‍රතික්ෂේප කිරීම දක්වා මිනිසුන්ගේ සිතුවිලි වල මහා පරිවර්තයක් සිදු වී ඇත.
රාධා ක්‍රිෂ්ණා පෙම් යුවළ සම්බන්ධයෙන් අනුරාගී සිදුවීම් විස්තර කෙරෙන හින්දු ග්රන්ථ, පැරණි ගීත, ඔවුන් දෙදෙනාගේ අනුරාගී ප්‍රේමය සංකේතවත් කරන චාරිත්‍ර සහ හින්දු කෝවිල් වල තවමත් පවතින මූර්ති, චිත්‍ර පවා තවමත් ඇත.
එවන් ලිංගිකත්වය පිළිබඳ වූ සාරවත් සංස්කෘතියක්, සාහිත්‍ය, සහ කලාව සහිත කාමසූත්ර හුදෙක් ලිංගික හැසිරීම් පමණක් පිළිබඳ පමණක් ලියැවුණු කෘතියක් නෙවේ. එහෙත් පෙර කී විවිධ හේතු නිසා බර්ටර්න්ටද ව්යත්සායනයන්ගේ කාමසූත්ර හි අන්තර් ගත කොටස් සිය පරිවර්තයෙන් අත්හැර දමන්නට සිදු වූවා යැයි සිතිය හැක.එහෙත් ව්යත්සායනයන් කාම සූත්‍ර ලිංගිකත්වය මතම පදනම්ව ලියැවුණු කෘතියක් නොවේ.
අතීතයේ පෙරදිග සමාජය තුල වේගයෙන් ප්‍රචලිත වූ කාමසූත්ර ග්‍රන්ථය සැලකුණේ සෑම විවාහපත්වීමට අපේක්ෂා කරන සහ විවාහපත්වූ යුවළක් කියවිය යුතු කාය ශාස්ත්‍ර ග්රන්ථයක් ලෙසය. ඉන් යහපත් කායික බැඳීමකට මගපෑදෙන අයුරු සහ එමගින් දීර්ඝකාලීන පවුලකට මෙන්ම නිරෝගී දරුසම්පත්වලටද මගපෑදෙන බව කියවුනි. ඒ නිසාම මෙම කාමසූත්රය සිංහල බසටද පෙරළුනි.
ඇතැම් පිරිසි මෙය අවිචාර හෝ අසභ්‍ය ග්රන්ථයක් ලෙස සලකා පසෙක දැමූවද විවාහය සඳහ සුදුසු සහකාරියක් හඳුනාගැනීමේ සිට දෙදෙනා අතර සන්නිවේදනය, මිත්‍රත්වය, යහපත් මානසික බැඳීමකට මග, විවාහය, විවාහය බැඳුණු යහපත් චාරිත, ස්ත්‍රී පුරුෂ දෙදෙනා අතර සෞඛ්‍ය සම්පන්න කායික බැඳීමකට අවශ්‍ය උපදෙස් වැනි බොහෝ දේ පෙරදිග සම්ප්රදාය සමග මුසුකර කාමසූත්රයේ අන්තර්ගත කර ඇත.
එබැවින් එය කියවීම හෝ පරිශීලණය කිරීම මෙන්ම එහි අන්තර්ගතය අනුව යුගදිවි ගෙවීම ඉතාම යෝග්‍ය බව අදවන විට බොහොමයක් රටවල පෙරදිග නොවන ජාතීන්ද පිළිගෙන අනුගමනය කරන තැනට පැමිණ ඇත.
ඒ නිසා කාමසූත්රය සම්බන්ධයෙන් අප තුල ඇති භීතිකාව,ලැජ්ජාව සහ පුහු මත පසෙක දමා එයින් උකහාගත හැකි යමක් ජීවිතයට එක්කරගත යුතුය.
උපුටා ගැනීම - www.her.lk