කාම්බෝදය ලෙයින් නැහැවූ කෙමර් රූජ් ඝාතකයෝ

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka

    කාම්බෝදය ලෙයින් නැහැවූ කෙමර් රූජ් ඝාතකයෝ


    හිට්ලර් විසින් මිලියන හයකට අධික යුදෙව්වන් පිරිසක් සමූල ඝාතනය කිරීම මෑත ඉතිහාසයේ අපි දුටු විශාලතම ජන සංහාරය යි. ඊට නොදෙවෙනි ජන සංහාරයක් ලෙස 1975 වසරේ දී කාම්බෝජයේ බලයට පත් වූ පොල් පොට් ප්‍රමුඛ කෙමර් රූජ් සංවිධානයේ සංහාරය හඳුන්වාදිය හැකි යි.

    DJTzIWC.jpg


    ඔවුන් කාම්බෝජයේ බලය අල්ලාගෙන සිටියේ ඉතා කෙටි කාලයක් පමණක් වුවත්, එම කාලය තුළ සිදුකළ හානිය අතිවිශාල යි. ඔවුන් මරා දැමූ පුද්ගලයන් අතරට කාම්බෝජ ජාතිකයන්, වියට්නාම් ජාතිකයන්, මුස්ලිම් ජාතිකයන්, හා එරට වාසය කළ සුළු ජාතිකයන් විශාල ප්‍රමාණයක් අයත් වෙනවා. තවත් විශාල පිරිසක් සාගතයෙන් හා වසංගතවලින් මරණයට පත්වෙනවා. මෙලෙස ඝාතනයට ලක් වූ පිරිස මිලියන දෙකකට ආසන්න යි.



    r5Dj0F7.jpg


    මේ අනුව 1975-1979 කාලයේ දී කෙමර් රූජ්වරු, වියට්නාම්වරුන්, සහ චාම් මුස්ලිම්වරුන්ට එරෙහි වර්ග සංහාරයේ යෙදුණු බව පසුගිය දා එරට අධිකරණය විසින් ප්‍රකාශ කර තහවුරු කරනවා.


    ----කාම්බෝජයේ ජන සංහාරය----


    කෙමර් රූජ් සංවිධානය බිහිවීම

    සලොත් සා (Saloth Sar) හෙවත් පොල්පොට් නම් තරුණයෙක්, තම උසස් අධ්‍යාපන කටයුතු සඳහා 1948 වසරේ දී ප්‍රංශයට යනවා. එහි දී මාක්ස්වාදය හදාරන ඔහු, තම චතුර කථිකත්වය හා ආකර්ශනීයභාවය උපයෝගී කරගනිමින් තමා වටා පිරිසක් එකතු කරගන්නට සමත්වෙනවා.


    J85twPy.jpg


    1953 දී ප්‍රංශයෙන් නැවතත් කාම්බෝජයට පැමිණෙන ඔහු හා ඔහුගේ සගයන් කාම්බෝජ කොමියුනිස්ට් පක්ෂයට එකතුවෙන අතර, 1963 දී පොල්පොට් එහි මහලේකම් ධූරයට පත්වෙනවා. 1966 වසරේ ඔහු තම අනුගාමිකයන් සමග හොර රහසේ කෙමර් රූජ් නම් ආයුධ සන්නද්ධ සංවිධානය ආරම්භ කරනවා.





    කෙමර් රූජ්වරුන් කාම්බෝජයේ බලය අල්ලා ගැනීම
    මේ වන විට කාම්බෝජය පාලනය කරන්නේ රාජ පරම්පරාවක් විසින්. අසල්වැසි වියට්නාමය, ඇමෙරිකාව සමග යුද්ධයකට පැටලී සිටි නිසා එහි අහිතකර ප්‍රතිඵල භුක්ති විඳීමට කාම්බෝජයට ද සිදුවෙනවා. රට පාලනය කළ නොරදම් සිහනුක් (Norodom Sihanouk) රජුගේ ජනතාවාදී නොවන පාලනයත්, වියට්නාම් යුද්ධය හේතුවෙන් ඇමෙරිකානු ගුවන් ප්‍රහාර කාම්බෝජයට එල්ල වීමෙනුත් ජන ජීවිත වියවුල් වෙනවා.

    tzLQn5l.jpg

    Norodom Sihanouk

    මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් 1970 දී ඇමෙරිකානු සහයෝගය මත, අගමැති ජෙනරාල් ලොන් නොල් (Lon Nol) විසින් රජු ව බලයෙන් පහකර පාලන බලය අල්ලා ගැනීමට සමත්වෙනවා. නමුත් රටේ දේශපාලනික අස්ථාවරත්වය දිගින් දිගටම පවතිනවා.


    aQ7ubiW.jpg

    Lon Nol

    1975 අප්‍රේල් මාසයේ දී කෙමර් රූජ්වරුන් ලොන් නොල්ගේ ආණ්ඩුව කුමන්ත්‍රණයකින් පෙරළා දමා එරට බලය අල්ලා ගන්නවා.



    ජන සංහාරය ආරම්භ වේ

    අප්‍රේල් මස කැරැල්ලෙන් පසු ව ප්‍රජාතන්ත්‍රවාදී කාම්බෝජය ලෙස එරට නම් කරන්න ඔවුන් විසින් තීරණය කරනවා. එහි නායකත්වයට පත්වෙන්නේ පොල්පොට්. තමන්ගේ ම දර්ශනයට අනුව කටයුතු කළ කෙමර් රූජ්වරුන්, නාගරිකයන් හා වෙනත් ජාතින් ප්‍රතික්ෂේප කරනවා. තව ද බුද්ධ ධර්මය හා කතෝලික දහම ද ඉවත් කිරීමට කටයුතු කරනවා.


    ohCLZqt.jpg

    ප්නොම් පෙන් නගරය යටත් කරගැනීම (Time Magazine)


    මුදල් භාවිතය අහෝසි කරන අතර ම කාර්මීකරණය ප්‍රතික්ෂේප කරන ඔවුන්ගේ මූලික ම අරමුණ වන්නේ කෘෂිකර්මාන්තය ඔස්සේ රටේ ආර්ථිකය නඟා සිටුවීම යි. ඒ සඳහා ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිත ව විශාල ගොවිබිම් පිහිටුවීමට කෙමර් රූජ් රජය කටයුතු කරනවා.

    Gi3qD94.jpg

    ජනතාව නගරවලින් එළියට ඇද දැමීම (The Independent)



    විශ්වවිද්‍යාල දේශකයන්, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, හා නොයෙක් උපාධි ලද උගතුන් සියල්ලක් ම ඝාතනය කිරීමට ඔවුන් විසින් ක්‍රියාකරන්නේ කෙමර් රූජ් රජයට එරෙහි වීමට ඔවුන්ට උත්සාහ කරනු ඇතැ යි යන සැකය මත යි.

    ySE7HE8.jpg


    පොම්පේ ඇතුළු නගරවල විසූ නාගරිකයන් සියල්ලට ම තම නිවෙස්වලින් එළි බසින ලෙස තර්ජනය කරන කෙම්ර් රූජ් භටයන්, ඔවුන් සියලු දෙනා ඈත පළාත් හි පිහිටි ගොවිබිම් කරා ප්‍රවාහනය කරනවා.

    yQLhHls.jpg


    ලෝකයේ කිසිඳු රටකින් උපුටා නොගත් අපේ ම සමාජවාදයක් අපි ගොඩනඟනවා. විමුක්ති අරගලයේ දී ලබාගත් අත්දැකීම් ඒ සඳහා භාවිතා කරනවා. යල් පැනගිය පාසල් හා විශ්වවිද්‍යාල වැනි පසුගාමී ආයතන ඉවත්කරන අතර, අපට මුදල් හෝ ආර්ථීකයක් අවශ්‍ය වන්නේ නෑ. නගරය කියන්නේ ධනවාදයේ ගොදුරක්. එබැවින් සියලු පුරවැසියන් නගරයෙන් ඉවත් විය යුතු වෙනවා. ඔවුන් රට වෙනුවෙන් ගොවිබිම් කරා යා යුතු යි. ඒ කෙම් රූජ්වරුන්ගේ දර්ශනය යි.



    මරණයේ ගොවිබිම්

    රජය විසින් ප්නොම් පෙන් ඇතුළු සියලු නගරවල වැසියන් ඉවත් කරනවා. අඩුම වශයෙන් මිලියන දෙකක පමණ ජනතාවක් හදිසියේ මෙලෙස ඉවත් කළ බව සඳහන් වෙනවා. නගරවල සිටි ජනතාවට පිටිසර ගම්බිම්වල සමූහ ගොවිපොළවල් කරා යැවීමට රජය කටයුතු කරනවා.



    CzAw8FJ.jpg



    ග්‍රාමීය ප්‍රදේශවලට පැමිණි ජනතාවට සමූහ ගොවිපළවල්වල අධික ලෙස වැඩ කිරීමට සිදු වූ අතර, ආහාර නොමැති ව කුසගින්නේ සේවය කිරීමට ඔවුන්ට සිදුවෙනවා. මෙවැනි ගොවිපොළවල් හඳුන්වන්නේ මරණයේ ගොවිබිම් ලෙස යි. මෙම ගොවිපොළවල්වල දී සාගතයෙන් හා නොයෙකුත් වසංගත හේතුවෙන් ලක්ෂ ගණනාවක් ජනතාව මිය යනවා



    VZylcrF.jpg


    මෙසේ ජනතාව මරා දැමු සමූහ මිනී වළක් Cheoung Ek ලෙස හඳුන්වන අතර, මේ වන විට මිනිස් හිස් කබල් 8000කට ආසන්න ප්‍රමාණයක් එයින් සොයාගෙන තිබෙනවා.

    7JbhsKz.jpg
    NMFPsBh.jpg

    C19c75i.jpg
    yxQQwfX.jpg

    දහස් ගණනක් මරා දැමුණු වධකාගාර


    ප්නොම් පෙන් හි පිහිටි The Tuol Svay Prey නම් උසස් පාසල කෙමර් රූජ්වරුන් විසින් Security Prison 21 හෙවත් S-21 නම් සිරකඳවුරක් හා වධකාගාරයක් බවට පත් කරනවා. මෙහි සේවය සඳහා බොහෝ විට ළමා කෙමර් රූජ් භටයන් සිටි අතර, ඔවුන් සිදුකළ අපරාධ ඔවුන්ගේ වයසට ඔරොත්තු නොදෙන තරමේ ඒවා බව පැවසෙනවා.

    rEySm48.jpg


    මෙම කාලය තුළ දී ඝාතන, සාගත, හා ලෙඩරෝග හේතුවෙන් කාම්බෝජයේ ජනගහනයෙන් හතරෙන් එකක් මරණයට පත් වී ඇති බව සඳහන්.



    පොල්පොට්ගේ මරණය

    1979 දී වියට්නාමය විසින් කෙමර් රූජ්වරුන්ට එරෙහිව කාම්බෝජය ආක්‍රමණය කරන අතර, ප්‍රහාරය දරාගත නොහැකි පොල්පොට් ඇතුළු කෙමර් රූජ්වරුන් තායි-කාම්බෝජ දේශසීමා ප්‍රදේශය බලා පලා යනවා. රටේ බලය නැවත අල්ලා ගැනීමේ අරමුණෙන් ඔවුන් එහි ගරිල්ලා කඳවුරු නිර්මාණය කරනවා.


    E2gcNxb.jpg


    1993 දී ජාත්‍යන්තර මැදිහත් වීම මත කාම්බෝජ සිහසුනේ බලය නැවතත් නොරදම් සිහනුක් රජු ලබා ගන්නවා. තමන් කළ අපරාධ වසන් කරගැනීම සඳහා කෙමර් රූජ් සංවිධානයේ ඇතැම් නායකයන් විසින් රාජාණ්ඩුවට පක්ෂ වීම හේතුවෙන් පොල්පොට්ට 1997 වසරේ දී තම සංවිධානයේ ම නිවාස අඩස්සියට පත්වෙනවා.

    IXqwPUU.jpg


    මේ කුරිරු ඝාතක නායකයා 1998 අප්‍රේල් 15 වන දා රාත්‍රියේ ජාත්‍යන්තර අධිකරණයට තමන් භාරදීමට කෙමර් රූජ් සංවිධානය තීරණය කර ඇති බව දැනගැනීම හේතුවෙන් හෘදයාබාදයක් ඇති වී මරණයට පත් වූ බව සඳහන් වෙනවා.


    GQjy39c.jpg

    පොල්පොට්ගේ සිරුර පුළුස්සා දැමීම (Phnom Penh Post)

    සංහාරයන්ට උදවු කළ බටහිර ඇතුළු විවිධ රටවල පාර්ශවයන්ගේ මෙහෙයවීමෙන් කෙමර් රූජ් සංවිධානය ම හරහා පොල්පොට් හට අධි මාත්‍රාව සහිත ඖෂධ ලබාදීම හේතුවෙන් මරණයට පත් වූ බව ඇතැමුන් ප්‍රකාශ කරනවා.

    x28Pnb3.jpg


    කාම්බෝජය මිහිමත අපායක් කළ කුරිරු ඝාතකයා දඬුවම් නොලබා එසේ මියගිය අතර, රාජාණ්ඩුව විසින් තවත් කෙමර් රූජ් නායකයන් නිදහස් කරනවා. කෙසේ නමුත් පසුගිය දා ලබා දුන් අධිකරණ තීන්දුවෙන් මියගිය ලක්ෂ සංඛ්‍යාත සිවිල් පුරවැසියන්ට සාධාරණයක් ඉටුවෙනු ඇතැ යි මනුෂ්‍යයන් ලෙස අප විශ්වාස කරනවා.



    මූලාශ්‍රයයන්:
    slguardian.org
    BBC.com
    බ්ලොගර් - ලසන්ත කරුණාරත්න
    රෝර්මිඩියා
    චායාරුප අන්තර්ජාලයෙනි
    කෙමරූජ් භීෂණය - රුවන් එම්. ජයතුංග
    allthatsinteresting.com
    history.com
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    TFS

    මෑත ඉතිහාසයේ Korea, Vietnam, Yugoslavia, twice Iraq, Afghanistan, Libya, Syria මේවා කරපු ත්‍රස්තවාදියෝ ගෑනිට කුඩ ඉහෙලුව නිසා හෙන වැදගත් කියල ලංකාවේ හරක් එහෙම share කරනව
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අන්තරේ පොංසියෝ ටිකත් ලොරි වල පටවලා සූරියවැවට යවන්න ඕන ගොවිතැන් කරන්න කියලා..

    උන් උන්ම උකලා හදන පැටවු අඩු කුලේ එවුන් කියලා හංවඩු ගහන්න ඕන.

    ඕකුන් රටට වදයක්.
    @Antare 4.1
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    I'm truly worried about certain political parties that always imply that we need to be self-sufficient rather than importing. But it neglects that self-sufficiency requires a certain internal support system that most countries lack. To be a developed country, some communist countries like USSR, China has paid a high price, that is still remembered as the dark ages of their own history, which true communists do not like to discuss. But all political ideologies have their own fanbase that has never identified what's wrong with them; hence, we need to remember what happened in these countries.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    පොල් පොටා එහෙම කළාට අපි මේ පාර මාලිමාවට. අනුරයියා දැන් නියෝ ලිබරල් ඈ. පෙරටුගාමී අන්තරේ පොන්ස්ලට රිදෙයි. @Antare 4.1
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    හිතහන් කෝ කොමියුනිස්ට් ජවිපේ ආවම ලංකාවට වෙන දේ , ධානවාදි පක්ශ පාක්ශිකයන් එක්ක හැප්පිලා මිමිනිස්සු බලෙන් රට යවලා බලෙන් ඩොලර් මිලියන 500 එවපන් නැත්තම් දෙමව්පියන් බිරිද දරුවන් සැමියන් අයියලා මල්ලිලා ඉවරයි කියලා කිව්වම පවුලේ එකෙක් හරි යනවා යන්න බෑ කියන උන්ගේ පවුල් සමුල ඝාතනය කරනවා , බලෙන් වැව් 1000 මිනිස්සු දාල හාරවනවා ඕවා වෙයි. දොස්තරලා ඉන්ංජිනේරුවන් ඔක්කම ගමවල් වල කුඹුරු වැඩවලට දායි
     

    buddhika56

    Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    මටත් සමහර මිනිස්සු දකින කොට පුකවල්වලට ඇණ ගහල ගහල මරල දාන්න හිතෙනවා
     
    • Wow
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    හිතහන් කෝ කොමියුනිස්ට් ජවිපේ ආවම ලංකාවට වෙන දේ , ධානවාදි පක්ශ පාක්ශිකයන් එක්ක හැප්පිලා මිමිනිස්සු බලෙන් රට යවලා බලෙන් ඩොලර් මිලියන 500 එවපන් නැත්තම් දෙමව්පියන් බිරිද දරුවන් සැමියන් අයියලා මල්ලිලා ඉවරයි කියලා කිව්වම පවුලේ එකෙක් හරි යනවා යන්න බෑ කියන උන්ගේ පවුල් සමුල ඝාතනය කරනවා , බලෙන් වැව් 1000 මිනිස්සු දාල හාරවනවා ඕවා වෙයි. දොස්තරලා ඉන්ංජිනේරුවන් ඔක්කම ගමවල් වල කුඹුරු වැඩවලට දායි
    ethakota ubala oya office vala A/C idala ivarayi LOL
     
    • Sad
    Reactions: NRTG