කාම ස‍්‍රත‍්‍රය

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
කාම ස‍්‍රත‍්‍රය

හැරගිය අය ආපසු ගෙන්වා දීම, දරුඵල නොමැති කාන්තාවන්ට දරු ඵල ලබාදීම, කඩවූ පේ‍්‍රම සම්බන්ධතා නැවත ගොඩනැගීම ආදී සියලූ දේ මන්ත‍්‍ර බලයෙන් සාර්ථකව කරදෙන බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම සහ ඒ මුවාවෙන් කාන්තාවන් දූෂණය කරන ලද කපුවෙකු ලබන මස 4වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම වැඩබලන මහෙස්ත‍්‍රාත් ඉන්දුනී විජේසේකර මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඞ් කරනු ලැබුවේ ඔවිලාන ප‍්‍රදේශයේ දේවාලයක් පවත්වා ගෙන ගිය 73 හැවිරිදි තිදරු පියෙකි.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කපුවා අත් අඩංගුවට ගෙන ඇත.

හතළිස් දෙහැවිරිදි පැමිණිලිකාර කාන්තාවගේ

සැමියා මෙයට ටික දිනකට පෙර නිවසින් බැහැරව ගොස් ඇති අතර ඔහු නැවත නිවසට නොපැමිණි නිසා ඇය මහත් අසහනයට පත්ව සිටියදී කරාපිටිය රෝහලට පැමිණ ආපසු යනවිට ඔවිලාන හන්දියේ කඩකාමරයක සවිකර තිබු දැන්වීමක් දැක ඇත.

හැරගිය අය සති දෙකක් ඇතුළත ආපසු ගෙන්වා දෙන බව එම දැන්වීමේ තිබු නිසා ඇය එහි පැමිණ කපුවාට තම දුක්ගැනවිල්ල පවසා ඇත. එවිට කපුවා පවසා ඇත්තේ ඒ සඳහා දින තුනක් කාම සූත‍්‍රයෙන් පිළිවෙත් කළ යුතු බවය. පිළිවෙත් සඳහා රුපියල් තිස් දහසක් අවශ්‍ය බවත් දින තුනක් ඇඳ සිටි ඇඳුම ද රැුගෙන දැන්වූ විට පැමිණෙන ලෙසත් පවසා තිබේ. එහිදි ඇය තමා සන්තකයේ තිබු රුපියල් දහතුන් දහසක්ද කපුවාට පූජා කර ඇති අතර කපුවා ඇයගේ ජංගම දුරකතන අංකයද ඉල්ලාගෙන ඇත.

ඉන්දින කිහිපයකට පසුව ඇයට දුර කතනයෙන් කතාකළ සැකකාර කපුවා ඇය ඇඳ සිටි යට ඇඳුම් ඇතුලූ ඇඳුම්ද පොරවන ලද රෙද්දද රැුගෙන සවස හයට පමණ එන ලෙස පවසා ඇත. ඒ අනුව ඇය ඇඳුම්ද රැුගෙන පැමිණි අවස්ථාවේ කපුවා දේවලයේ දොර වසා ඇය ගෙනෙන ලද යට ඇඳුම් ඇඳගෙන ඇඳේ හාන්සි වී කාම සූත‍්‍රය ජප කිරීමට පටන්ගෙන ඇති අතර දෙවියන් වහන්සේගේ අණ පරිදි ඇයද අසලින් වාඩි කරවාගෙන ඇත. ටික වේලාවකදී ඔහු පවසා ඇත්තේ ඇයගේ සැමියා තමාට ආරූඩ වී සිටින බවය. එනිසා දෙවියන්ගේ අණ පරිදි කපුවා කියන ලෙස ඔහු සමග හැසිරීමට ඇයට සිදුව ඇත. සැමියා ගෙන්වා ගැනීමට තිබු අවශ්‍යතාව නිසාම ඇයද දෙවියන්ගේ කැමැත්තට ඉඩදී සියල්ල ඉවසාදරා ගෙන සිට ඇත. මේ අයුරින් දින තුනක්ම දෙවියන්ගේ අණට කීකරු උනත් සැමියා ආපසු නොපැමිණි නිසා ඇය පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව ක‍්‍රියාත්මකවු පොලිසිය සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ සැකකරු ආරූඩවී කාන්තාව බියට පත්කොට ඇයගේ කැමැත්ත ලබාගෙන ¥ෂණය කර ඇති බවය.

වඳුරඹ පොලිසියේ බුද්ධි නිලධාරින්වන උප පොලිස් පරීක්ෂක අබේරත්න, සැරයන් අමරවර්ධන (52288) යන මහත්වරුන්ගේ

තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර මහතාගේ උපදෙස් පරිදි සැරයන් ප‍්‍රියන්ත (2597), කොස්තාපල් විජේසිංහ (72882) යන මහත්වරුන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අහංගම – සුගතපාල දීයගහගේ
 

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ වගේ උන්ටත් චන්ද අයිතිය තියෙනවා කියලා මතක් වෙද්දි ඇග සීතල උනා සාන්ත
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ වගේ උන්ටත් චන්ද අයිතිය තියෙනවා කියලා මතක් වෙද්දි ඇග සීතල උනා සාන්ත

    උබටත් තියෙන එකෙ ආයෙ මොන කතාද :(