කාර්යාලය කඩන්න කලින් මාධ්‍ය වලටත් කියලා...
පසුගිය දා හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ රන්න ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ කාර්යාලයකට පහර දීමේ සිදුවීමක් ගැන එම ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට පණිවුඩයක් ලැබී ඇති අතර ඔහුට එම පණිවුඩය ලැබී ඇත්තේ කාර්යාලයට පහර දීමට පැය දෙකකට පෙරාතුව බව වාර්තා වේ. එම මාධ්‍යවේදියාගේ හිතවතෙකු වන ජවිපෙ ක්‍රියාකාරිකයෙකු ඔහුට දුරකථනයෙන් කතා කොට තම කාර්යාලයකට මැර පිරිසක් අලාභ හානි කළ බව දන්වා තිබේ. නමුත් සැබැවින්ම මෙම පහර දීම සිදුව ඇත්තේ දුරකතන ඇමතුම ලැබී පැය දෙකකට පමණ පසුව බැවින් මෙම පහරදීම කාගේ සැලසුමක් මත සිදුවූවා ද යන්න ගැන මේ වන විට සැක පහළ වී තිබේ. එම සැකය වඩාත් තීව්ර වන්නේ මේ පහරදීම සිදුවන අවස්ථාවේ එම කාර්යාලයේ සිටි සියලූ දෙනා එතැනින් බැහැර වී සිටීම නිසා බැවිනි. ජවිපෙ මේ සම්බන්ධව පොලීසියට පැමිණිලි කර ඇත්තේ තමන් එතැන නොසිටි අවස්ථාවක මර පිරිසක් පැමිණ කාර්යාලයට අලාභ හානි සිදු කොට ඇති බවය. මෙම පහර දීමෙන් කාර්යාලයේ තිබූ බඩු භාණ්ඩ වලට සුලූ අලාභ හානි සිදුවී තිබේ.