කාර් එක

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    සැමියා අලුත් ම මෝටර් රථයක් මිලට ගත්තේ ය. රථය රැගෙන වෙළෙඳපළට යෑමට ඔහු ගේ බිරිඳට වූයේ බලවත් ආසාවකි. එහෙත් බිරිඳ අලුත් ම මෝටර් රථය ධාවනය කිරීම පිළිබඳව සැමියා කිසිදු කැමැත්තක් නො දැක්වීය. දිනක් බිරිඳ සුපුරුදු ලෙස ම ඇගේ ඉල්ලීම ඉදිරිපත් කළාය.
    :nerd::nerd::nerd::frown:

    බිරිඳ - “අනේ මට අද වත් කාර් එක ඩ්‍රයිව් කරන්න දෙන්න කෝ”

    සැමියා - “බෑ... මම සැරයක් කිව්වා නේ” :angry::angry::angry:

    බිරිඳ - “ඔයාට මාවද ලොකු කාර් එක ද ලොකු?”

    සැමියා - “මට කවදත් ලොකු වුණේ ඔයා නේ”

    බිරිඳ - “එහෙනං ඇයි මට කාර් එක නො දෙන්නේ?” :angry::angry::angry:

    සැමියා - “... ඔයාට තියෙන ආදරේ නිසා. බලන්න ඔයා කාර් එක එළවන්න ගිහිං ඇක්සිඩන්ට් එකක් වුණොත් මොකද වෙන්නේ?”

    බිරිඳ - ඒක තමයි මම කිව්වේ ඔයාට මට වඩා ලොකු කාර් එකයි කියලා” :angry::angry::angry:

    සැමියා - “නෑ.. නෑ.. ඇක්සිඩන්ට් එකක් වුණොත් පොලීසිය ඔයාගේ ඩ්‍රයිවින් ලයිෂන් අරගෙන ඒ විස්තර පොලිස් පොතේ ලියා ගන්නවා. ඊට පස්සේ ඒ විස්තරේ පත්තරේටත් වැටෙනවා නේ. :rofl:

    බිරිඳ - “ඉතිං?” :angry::angry:

    සැමියා - “ඉතිං කියන්නේ.. ඔයාට තේරෙන්නේ නැද්ද.. එතකොට ඔයා ගේ නියම වයස හැමෝම දැන ගන්නවනේ..”

    බිරිඳ - “අනේ ඩාලිං ඔයා නං මට ඇත්තටම ආදරේ බව අද හොඳටම දැන ගත්තා”
    :D:D:D:D:D


    සැමියා අලුත් ම මෝටර් රථය හා බිරිඳ ගේ ආදරය යන දෙකම රැක ගත්තේ එසේ ය.
     
    • Like
    Reactions: Dhanuc and anuru_1