Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාලකන්ණි ගුරුවරියකගේ මුස්පේන්තු කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2020 අප්‍රේල් අග භාගයේ දිනක හදිසියේ මා හමුවන්නට පැමිණියේ මෑතකදී ජාතික පාසලක් බවට පත් කරන ලද බද්දේගම ප්‍රසිද්ධ පාසලක ගණිත ගුරු මහත්මියකි. මා ගුරුවරයකු ලෙස සේවය කරන සමයේ සිට මගේ සමීප යෙහෙළියක් වූ ඕ තාක්ෂණික කාරණාවලදී නිරන්තර මගේ සහය පැතුවාය. එකල මා මොරටුව වි. විද්‍යාලයෙහි තොරතුරු තාක්ෂණය හදාරණ බව දැන සිටි සීමිත පිරිසෙන් අයකුදවූ ඇය මෙවර පැමිණ සිටියේද එවන් ගැටළුවක් සඳහා පිළිතුරු අපේක්ෂාවෙනි.

" චතුර , මම ආවේ ලොකු උදවුවක් බලාගෙන" ඇය කෙලින්ම මාතෘකාවට පිවිසිණි.

" මම දන්නවා ඉතිං , රටත් වහල තියෙන කොට තකහනියේ මම බලන්න එන්නේ sure එකටම phone එකට කවුරු හරි එක දිගට Missed calls අරන් වෙන්න ඇති" මම කීවා නොව කියැවිණ.

" ඊටත් වඩා බරපතල කාරණයක්"

" ම්ම් එහෙනං ඉතිං වීඩියෝ එකක්වත් එවලද?"

" පිස්සුද අනේ.."

"හරි හරි කියන්නකො බලන්න උදේ පාන්දරම මටත් කීයක් හරි හොයා ගන්න පුළුවන් වැඩක්ද කියලා බලන්න."

මම එසේ කීවේ ඇය බරපතල කාරණා ලෙස දකින්නේ ඉතා සුළු තාක්ෂණික ගැටළු බව හොඳින්ම දන්නා බැවිනි. ඒ අතින් ලංකාවේ පාසල් ගුරුවරුන්ගේ තාක්ෂණික දැනුම ගැන මට ඇත්තේ අහිංසක කනගාටුවකි.කුඩා පාසල් ළමුන් පවා තාක්ෂණයෙන් ගුරුවරුන් අභිබවා සිටින නිසා බොහෝ විනය විරෝධී ක්රියාවන්හිදී ගුරුවරුන්ගේ කණෙන් රිංගා යාමට ළමුන්ට පහසුය.

" දැන් ඉස්කෝලත් වහලනෙ; කවදා අරීද දන්නෙ නෑ. මගේ එකොළහේ පංතියේ ළමයින්ට උගන්වන්න මොකක් හරි ක්‍රමයක් කියල දෙන්න" .

ඇය කාරුණිකව ඉල්ලා සිටියාය.

" මෙහෙමයි ,ලංකාවේ තවම එච්චර ප්‍රසිද්ධ නැති උනාට Distance Learning එහෙම නැතිනම් online learning තමා ලෝකෙ ගොඩක්ම ජනප්‍රිය. ලංකාවෙත් ගොඩක් private universities වල කෙරෙනවා. ඒ වගේම මොරටුව විශ්ව විද්‍යාලයේ 2007 වගේ ඉඳල distance Learning ගොඩක් ජනප්‍රියයි. ඒත් ඔයාගෙ ළමයින්ගෙ තත්වයත් බලන්න ඕන"

මම ඇයට සරල පැහැදිලි කිරීමක් කළෙමි.

" මුලින්ම අපි සරල වැඩකින් පටන් ගමු. ඔයාගෙ ළමයි whatsapp group එකකට එකතු කරමු. ඒකෙ සරල වැඩ ටික ටික දාමු. ඊට පස්සෙ පොඩි පාඩම් ටිකක් වීඩියො කරලා ළමයින්ට බලන්න දෙමු. වැඩේ සාර්ථකයි වගේ නම් Zoom වලින් උගන්වන්න පටන් ගනිමු."

මම ඇයට ටිකෙන් ටික විස්තර කළෙමි. ඇය මුව අයා ගෙන පුදුමයෙන් මෙන් මා දෙස බලා සිටියාය.

" ඔය කියන දේවල් මට කරන්න පුලුවන්ද?"

එවර නම් ඇයගේ හඬ බෙහෙවින් දුර්වලය.

" අයියෝ ඔතන මහ ලොකු දෙයක් නෑ. ඔය අමාරු වගේ පෙණුනට හරිම සරලයි. අපි පියවරෙන් පියවර පටන් ගමු. මම ඔයාට උදවු කරනවනේ."

මම ඇයට සහතික වීමි.

" මේ හැම දෙයක්ම කරන්න නම් ඔයාට smart phone එකක් ඕන, ඒක 64 GB වත් වෙන්න ඕන."

ඇය කුඩා පර්ස් එකක ඉතා පරිස්සමට තබා තිබූ ජංගම දුරකථනයක් මා අත තැබීය.

" smart ද කියල නම් දන්නෙ නෑ ඕක තමයි මගේ ලඟ තියෙන්නේ " .

එය Samsung A 10 එකකි. තරමක් මිලෙන් අඩු එය 32 GB එකකි.

" මේක 32 GB නේ, ඔයාට whatsapp වලින් Lessons කරන්න නම් මේක ඇති. ඒත් Zoom වලින් උගන්වන්න නම් මේකෙන් බැරි වේවි."

මම ඇයට පැහැදිලි කළෙමි.

" මම ඔය GB කතා නම් දන්නෙ නෑ. චතුර, මට අලුතින් එකක් ගන්න වේවිද? ඕකත් 17500/ - ක් වුනා."

" මෙහෙමයි , දැනට ඔයාට මේකෙන් පටන් ගන්න පුලුවන්, ඒත් වඩාත් හොඳයි අලුත් එකක් ගන්නවා නම්. හැබැයි මිළ ටිකක් වැඩි වේවි. GB ගණන වැඩි වෙන කොට phone එකත් මිළෙන් වැඩියි."

පාසලේ ඉගැන්වීම හැරුණුකොට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් ඇයට නොමැති බව මා හොඳින් දැන සිටියද ඉදිරියේදි ඇයට මුහුණදීමට සිදු වන තාක්ෂණික දෝෂයන් මග හැරීම සඳහා ඇය විසින් අලුත් දුරකථනයක් මිළට ගත යුතුයැයි මේ වන විට මටද හැඟී ගොස් තිබුණෙන් මා එලෙස පැවසීමි.

" ඔයා කියන ජාතියේ එකක් කීයක් විතර වේවිද, ගෙවන්න දෙන තැනක් ඔයා දන්නවද? "

නිරහංකාර අව්‍යාජ ගති පැවතුම් වලින් හෙබි තැනැත්තියක්වූ ඇය චාම් සරල ජීවිතයකට හුරුවූ තැනැත්තියකි.

" ඔයා යන්න Finetel එකට, ඒක උපුල් කියලා මගේ යාලුවෙක්ගෙ phone shop එකක්, උපුලුත් teacher කෙනෙක්, මම උපුල්ට කියන්නම් ඔයාගෙ කාරණේ. ගෙවන්න ගන්න පුලුවන් වේවි."

බද්දේගම බස් නැවතුම ආසන්නයේ තිබෙන මගේ මිත්‍රයකුගේ phone shop එකක් වෙත මා ඇය පිටත් කර හැරියේ අවශ්‍ය phone එකේ විස්තර පමණක් නොව එය අවශ්‍ය කාරණයද , ගෙවීමේ ක්‍රමයට ඇයට එය ලබා දෙන ලෙසද,ඒ වෙනුවෙන් මා ඇප වන බවද, සඳහන් කොට ලිපියක්ද ලියා දීමෙන් අනතුරුවය. ඉන් පසුව මා දුර ඇමතුමක්ද ලබාදී උපුල්ට ඒ පිළිබඳ දැන්වීමී.

OPPO F 19 නව දුරකථනයද සමග සන්ධ්‍යාවේ ඇය මගේ නිවසට ගොඩ වූවාය. රුපියල් 48000/- ක් වූ එය රු. 24000/- ක් ගෙවා ඉතිරිය මාස 6 කින් ගෙවන්නට ඇයට ලබාදී තිබුණේ Whatsapp හා Zoom ද install කිරීමෙන් අනතුරුවය.

" ඔන්න චතුර මේ මාසෙ මුළු පඩියම ගෙවලා තමා ඕක අරගත්තේ, ඕකෙනුත් බෑ කියන්න එහෙම එපා."

මට ඇය කෙරේ විශාල අනුකම්පාවක් ඇති විය. ඇයගේ සේවා කාලය වසර විස්සකටත් අධිකය. එහෙත් මාසෙ අන්තිමට ලැබෙන්නේ වෙනත් වෘත්තීන් හා සැසඳීමේ සොච්චං වැටුපකි. සති අන්තයේ උපකාරක පංති පවත්වන ගුරු සේවයේ යෙදී සිටින මගේ මිතුරන් රාශියක් සිටියද බහුතරයක් ගුරුභවතුන්ට මාසේ අන්තිමට ලැබෙන වැටුප හැරෙන්නට වෙනත් ආදායම් මාර්ගයක් නැත. ඉනිදු උත්සව අත්තිකාරම් , වැන්දඹු අනත්දරු, ඊඩීසීඑස්, අග්‍ර හාර, සුබ සාධක හා බැංකු ණය ආදිය කැපී අතට ලැබෙන්නේ හරි අඩකටත් වඩා අඩුවෙනි. ගෙදර දොර වියදම්, ළමුන්ගේ වියදම්,බේත් හේත්, බස් වියදම් ආදි සියල්ල පිරිමසා ගන්නට වෙන්නේ ඒ ඉතිරි මුදලෙනි. බොහෝ ගුරුභවතුන් බැංකු ණය ලබා ගන්නේ නව නිවසක් ඉදි කිරීම සඳහාය. එහෙත් ඒ නිවස මුළුමනින්ම නිම කරන්නට ලැබෙන්නේ විශ්‍රාම ගිහිනුත් වසර කිහිපයක් ගතවීමෙන් පසුවය. සමහර ගුරුභවතුන්ට නව නිවසෙහි වැඩ මුළුමනින්ම නිමවීමෙන් පසුව එහි ගත කරන්නට ලැබෙන්නේ ඉතා කෙටි කලකි. මතු පිටින් බලන විට ගුරු වෘත්තීය පෙනෙන්නේ ලෙහෙසි පහසු සුන්දර එකක් ලෙසිනි. එහෙත් උදේ 7.30 ට පටන් ගත් මොහොතේ සිට හවස 1.30 වනතෙක් ඇත්තේ සජීවී වස්තූන් සමග කරන සොඳුරු අරගලයකි. 40 කට නොඅඩු ( පාසල් අනුව වෙනස් විය හැක) චර්යා විවිධාංගීකරණයෙන් යුත් , නිරන්තර කුතුහලය හා නව්‍යතා හඹා යන ශිෂ්‍ය ප්‍රජාවක් එක අරමුණකට ගෙන ඒම කොතරම් අපහසුදැයි දන්නේ ගුරුවරයෙක්ම පමණි.විශේෂයෙන් 1-3 වසර 6-9 වසර උගන්වන ගුරුභවතුන්ට කොතරම් ඉවසීම ප්‍රගුණ කොට තිබිය යුතු දැයි දන්නේ ඔවුන්ම පමණි. 1-3 වසරවල උගන්වන ගුරුවරයාට ඉගැන්වීමට අමතරව අම්මාගේ චරිතයටද පණ පොවන්නට සිදුව තිබෙන අතර 6-9 වසර උගන්වන ගුරුවරයාට ගුරුකමට අමතරව මවක්, පියෙක් සහ යහළුවෙක් හෝ යෙහෙළියක් ලෙසද කටයුතු කරන්නට සිදුවේ. 7.30 - 130 අතර අංශ ප්‍රධාන , සහකාර විදුහල්පති , නියෝජ්‍ය විදුහල්පති , විදුහල්පති, විෂය අධ්යක්ෂ හා කලාප අධ්යක්ෂ ආදි කී දෙනෙකුගේ නම් වගකීම්වලට යටත් වන්නට සිදුවේද? එක් කාල ජේදයක් අවසන්ව ඊලඟ පංතියට යන ඇසිල්ලේ එකකු තවෙකෙකුගේ බෙල්ල මිරිකා ගෙනය. නැතිනම් පෑනෙන් ඇන ලේ පෙරාගෙනය. එසේත් නැතිනම් ඩෙස්ක් උඩින් පැන යන්නට ගොස් අත පය කඩා ගෙනය. තොරතෝංචියක් නැතිව එක දිගට නඩු කෝටියක් ය. සියල්ල විසඳා පාඩම පටන් ගන්නා විට පංතියේ හුණුකෑල්ල නැත. නැතිනම් duster එකෙන් එකිනෙකාට ගහ ගෙන එය කඩා දමලාය. ටිකකින් එකකු පැමිණ වැසිකිලියට යන්නට අසයි. තවෙකෙකුට වතුර පිපාසය. තවෙකෙකු උදේට ආහාර ගෙන නැත. හිටි ගමන් අයෙකු ක්ලාන්තවේ. තවෙකෙකු බඩ අල්ලාගෙන බෙරිහන් දෙයි. ඒවාද විසඳා ඉගැන්වීමද කල යුතුය. අයෙකු පෙළ පෙත ගෙනැවිත් නැත. තවෙකෙකුට ලියන්නට පෑනක් නැත.එකම පොතේ සියළුම විෂයයන් ලියන අයෙකු දෙන්නෙකුද හමුවේ. හිටි හැටියේ සරම කැහැපට ගහ ගෙන පියෙකු දිවැවිත් තම කොල්ලාට අසවල් කොල්ලා පහර දී ඇතැයිද බෙරිහන් දෙයි. නිදන ඇඳුම පිටින් දිව එන සමහර අම්මලා තම දුවට අසවලා කොලොප්පන් කර ඇතැයි චෝදනා කරයි. මේ සියල්ලද විසඳිය යුත්තේ 7.30- 130 අතරේදීය. බොහෝ පාසල් වල කැන්ටින් එකක් නැත. නල ජලය තබා නළ ළිඳක්වත් නැති පාසල් එමටය. ඒ ප්‍රශ්නද අවසන එන්නේ ගුරුවරයාගේ උර හිස මතය.

[QUOTE="ewijesekara, post: 26678810, member: 561877"] [IMG]https://www.aljazeera.com/wp-content/uploads/2021/07/AP21194191660338.jpg?resize=1170%2C780[/IMG] 2020 අප්‍රේල් අග භාගයේ දිනක හදිසියේ මා හමුවන්නට පැමිණියේ මෑතකදී ජාතික පාසලක් බවට පත් කරන ලද බද්දේගම ප්‍රසිද්ධ පාසලක ගණිත ගුරු මහත්මියකි. මා ගුරුවරයකු ලෙස සේවය කරන සමයේ සිට මගේ සමීප යෙහෙළියක් වූ ඕ තාක්ෂණික කාරණාවලදී නිරන්තර මගේ සහය පැතුවාය. එකල මා මොරටුව වි. විද්‍යාලයෙහි තොරතුරු තාක්ෂණය හදාරණ බව දැන සිටි සීමිත පිරිසෙන් අයකුදවූ ඇය මෙවර පැමිණ සිටියේද එවන් ගැටළුවක් සඳහා පිළිතුරු අපේක්ෂාවෙනි. " චතුර , මම ආවේ ලොකු උදවුවක් බලාගෙන" ඇය කෙලින්ම මාතෘකාවට පිවිසිණි. " මම දන්නවා ඉතිං , රටත් වහල තියෙන කොට තකහනියේ මම බලන්න එන්නේ sure එකටම phone එකට කවුරු හරි එක දිගට Missed calls අරන් වෙන්න ඇති" මම කීවා නොව කියැවිණ. " ඊටත් වඩා බරපතල කාරණයක්" " ම්ම් එහෙනං ඉතිං වීඩියෝ එකක්වත් එවලද?" " පිස්සුද අනේ.." "හරි හරි කියන්නකො බලන්න උදේ පාන්දරම මටත් කීයක් හරි හොයා ගන්න පුළුවන් වැඩක්ද කියලා බලන්න." මම එසේ කීවේ ඇය බරපතල කාරණා ලෙස දකින්නේ ඉතා සුළු තාක්ෂණික ගැටළු බව හොඳින්ම දන්නා බැවිනි. ඒ අතින් ලංකාවේ පාසල් ගුරුවරුන්ගේ තාක්ෂණික දැනුම ගැන මට ඇත්තේ අහිංසක කනගාටුවකි.කුඩා පාසල් ළමුන් පවා තාක්ෂණයෙන් ගුරුවරුන් අභිබවා සිටින නිසා බොහෝ විනය විරෝධී ක්රියාවන්හිදී ගුරුවරුන්ගේ කණෙන් රිංගා යාමට ළමුන්ට පහසුය. . " දැන් ඉස්කෝලත් වහලනෙ; කවදා අරීද දන්නෙ නෑ. මගේ එකොළහේ පංතියේ ළමයින්ට උගන්වන්න මොකක් හරි ක්‍රමයක් කියල දෙන්න" . ඇය කාරුණිකව ඉල්ලා සිටියාය. " මෙහෙමයි ,ලංකාවේ තවම එච්චර ප්‍රසිද්ධ නැති උනාට Distance Learning එහෙම නැතිනම් online learning තමා ලෝකෙ ගොඩක්ම ජනප්‍රිය. ලංකාවෙත් ගොඩක් private universities වල කෙරෙනවා. ඒ වගේම මොරටුව විශ්ව විද්‍යාලයේ 2007 වගේ ඉඳල distance Learning ගොඩක් ජනප්‍රියයි. ඒත් ඔයාගෙ ළමයින්ගෙ තත්වයත් බලන්න ඕන" මම ඇයට සරල පැහැදිලි කිරීමක් කළෙමි. " මුලින්ම අපි සරල වැඩකින් පටන් ගමු. ඔයාගෙ ළමයි whatsapp group එකකට එකතු කරමු. ඒකෙ සරල වැඩ ටික ටික දාමු. ඊට පස්සෙ පොඩි පාඩම් ටිකක් වීඩියො කරලා ළමයින්ට බලන්න දෙමු. වැඩේ සාර්ථකයි වගේ නම් Zoom වලින් උගන්වන්න පටන් ගනිමු." මම ඇයට ටිකෙන් ටික විස්තර කළෙමි. ඇය මුව අයා ගෙන පුදුමයෙන් මෙන් මා දෙස බලා සිටියාය. " ඔය කියන දේවල් මට කරන්න පුලුවන්ද?" එවර නම් ඇයගේ හඬ බෙහෙවින් දුර්වලය. " අයියෝ ඔතන මහ ලොකු දෙයක් නෑ. ඔය අමාරු වගේ පෙණුනට හරිම සරලයි. අපි පියවරෙන් පියවර පටන් ගමු. මම ඔයාට උදවු කරනවනේ." මම ඇයට සහතික වීමි. " මේ හැම දෙයක්ම කරන්න නම් ඔයාට smart phone එකක් ඕන, ඒක 64 GB වත් වෙන්න ඕන." . ඇය කුඩා පර්ස් එකක ඉතා පරිස්සමට තබා තිබූ ජංගම දුරකථනයක් මා අත තැබීය. " smart ද කියල නම් දන්නෙ නෑ ඕක තමයි මගේ ලඟ තියෙන්නේ " . එය Samsung A 10 එකකි. තරමක් මිලෙන් අඩු එය 32 GB එකකි. " මේක 32 GB නේ, ඔයාට whatsapp වලින් Lessons කරන්න නම් මේක ඇති. ඒත් Zoom වලින් උගන්වන්න නම් මේකෙන් බැරි වේවි." මම ඇයට පැහැදිලි කළෙමි. " මම ඔය GB කතා නම් දන්නෙ නෑ. චතුර, මට අලුතින් එකක් ගන්න වේවිද? ඕකත් 17500/ - ක් වුනා." " මෙහෙමයි , දැනට ඔයාට මේකෙන් පටන් ගන්න පුලුවන්, ඒත් වඩාත් හොඳයි අලුත් එකක් ගන්නවා නම්. හැබැයි මිළ ටිකක් වැඩි වේවි. GB ගණන වැඩි වෙන කොට phone එකත් මිළෙන් වැඩියි." පාසලේ ඉගැන්වීම හැරුණුකොට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් ඇයට නොමැති බව මා හොඳින් දැන සිටියද ඉදිරියේදි ඇයට මුහුණදීමට සිදු වන තාක්ෂණික දෝෂයන් මග හැරීම සඳහා ඇය විසින් අලුත් දුරකථනයක් මිළට ගත යුතුයැයි මේ වන විට මටද හැඟී ගොස් තිබුණෙන් මා එලෙස පැවසීමි. " ඔයා කියන ජාතියේ එකක් කීයක් විතර වේවිද, ගෙවන්න දෙන තැනක් ඔයා දන්නවද? " නිරහංකාර අව්‍යාජ ගති පැවතුම් වලින් හෙබි තැනැත්තියක්වූ ඇය චාම් සරල ජීවිතයකට හුරුවූ තැනැත්තියකි. " ඔයා යන්න Finetel එකට, ඒක උපුල් කියලා මගේ යාලුවෙක්ගෙ phone shop එකක්, උපුලුත් teacher කෙනෙක්, මම උපුල්ට කියන්නම් ඔයාගෙ කාරණේ. ගෙවන්න ගන්න පුලුවන් වේවි." බද්දේගම බස් නැවතුම ආසන්නයේ තිබෙන මගේ මිත්‍රයකුගේ phone shop එකක් වෙත මා ඇය පිටත් කර හැරියේ අවශ්‍ය phone එකේ විස්තර පමණක් නොව එය අවශ්‍ය කාරණයද , ගෙවීමේ ක්‍රමයට ඇයට එය ලබා දෙන ලෙසද,ඒ වෙනුවෙන් මා ඇප වන බවද, සඳහන් කොට ලිපියක්ද ලියා දීමෙන් අනතුරුවය. ඉන් පසුව මා දුර ඇමතුමක්ද ලබාදී උපුල්ට ඒ පිළිබඳ දැන්වීමී. OPPO F 19 නව දුරකථනයද සමග සන්ධ්‍යාවේ ඇය මගේ නිවසට ගොඩ වූවාය. රුපියල් 48000/- ක් වූ එය රු. 24000/- ක් ගෙවා ඉතිරිය මාස 6 කින් ගෙවන්නට ඇයට ලබාදී තිබුණේ Whatsapp හා Zoom ද install කිරීමෙන් අනතුරුවය. " ඔන්න චතුර මේ මාසෙ මුළු පඩියම ගෙවලා තමා ඕක අරගත්තේ, ඕකෙනුත් බෑ කියන්න එහෙම එපා." මට ඇය කෙරේ විශාල අනුකම්පාවක් ඇති විය. ඇයගේ සේවා කාලය වසර විස්සකටත් අධිකය. එහෙත් මාසෙ අන්තිමට ලැබෙන්නේ වෙනත් වෘත්තීන් හා සැසඳීමේ සොච්චං වැටුපකි. සති අන්තයේ උපකාරක පංති පවත්වන ගුරු සේවයේ යෙදී සිටින මගේ මිතුරන් රාශියක් සිටියද බහුතරයක් ගුරුභවතුන්ට මාසේ අන්තිමට ලැබෙන වැටුප හැරෙන්නට වෙනත් ආදායම් මාර්ගයක් නැත. ඉනිදු උත්සව අත්තිකාරම් , වැන්දඹු අනත්දරු, ඊඩීසීඑස්, අග්‍ර හාර, සුබ සාධක හා බැංකු ණය ආදිය කැපී අතට ලැබෙන්නේ හරි අඩකටත් වඩා අඩුවෙනි. ගෙදර දොර වියදම්, ළමුන්ගේ වියදම්,බේත් හේත්, බස් වියදම් ආදි සියල්ල පිරිමසා ගන්නට වෙන්නේ ඒ ඉතිරි මුදලෙනි. බොහෝ ගුරුභවතුන් බැංකු ණය ලබා ගන්නේ නව නිවසක් ඉදි කිරීම සඳහාය. එහෙත් ඒ නිවස මුළුමනින්ම නිම කරන්නට ලැබෙන්නේ විශ්‍රාම ගිහිනුත් වසර කිහිපයක් ගතවීමෙන් පසුවය. සමහර ගුරුභවතුන්ට නව නිවසෙහි වැඩ මුළුමනින්ම නිමවීමෙන් පසුව එහි ගත කරන්නට ලැබෙන්නේ ඉතා කෙටි කලකි. මතු පිටින් බලන විට ගුරු වෘත්තීය පෙනෙන්නේ ලෙහෙසි පහසු සුන්දර එකක් ලෙසිනි. එහෙත් උදේ 7.30 ට පටන් ගත් මොහොතේ සිට හවස 1.30 වනතෙක් ඇත්තේ සජීවී වස්තූන් සමග කරන සොඳුරු අරගලයකි. 40 කට නොඅඩු ( පාසල් අනුව වෙනස් විය හැක) චර්යා විවිධාංගීකරණයෙන් යුත් , නිරන්තර කුතුහලය හා නව්‍යතා හඹා යන ශිෂ්‍ය ප්‍රජාවක් එක අරමුණකට ගෙන ඒම කොතරම් අපහසුදැයි දන්නේ ගුරුවරයෙක්ම පමණි.විශේෂයෙන් 1-3 වසර 6-9 වසර උගන්වන ගුරුභවතුන්ට කොතරම් ඉවසීම ප්‍රගුණ කොට තිබිය යුතු දැයි දන්නේ ඔවුන්ම පමණි. 1-3 වසරවල උගන්වන ගුරුවරයාට ඉගැන්වීමට අමතරව අම්මාගේ චරිතයටද පණ පොවන්නට සිදුව තිබෙන අතර 6-9 වසර උගන්වන ගුරුවරයාට ගුරුකමට අමතරව මවක්, පියෙක් සහ යහළුවෙක් හෝ යෙහෙළියක් ලෙසද කටයුතු කරන්නට සිදුවේ. 7.30 - 130 අතර අංශ ප්‍රධාන , සහකාර විදුහල්පති , නියෝජ්‍ය විදුහල්පති , විදුහල්පති, විෂය අධ්යක්ෂ හා කලාප අධ්යක්ෂ ආදි කී දෙනෙකුගේ නම් වගකීම්වලට යටත් වන්නට සිදුවේද? එක් කාල ජේදයක් අවසන්ව ඊලඟ පංතියට යන ඇසිල්ලේ එකකු තවෙකෙකුගේ බෙල්ල මිරිකා ගෙනය. නැතිනම් පෑනෙන් ඇන ලේ පෙරාගෙනය. එසේත් නැතිනම් ඩෙස්ක් උඩින් පැන යන්නට ගොස් අත පය කඩා ගෙනය. තොරතෝංචියක් නැතිව එක දිගට නඩු කෝටියක් ය. සියල්ල විසඳා පාඩම පටන් ගන්නා විට පංතියේ හුණුකෑල්ල නැත. නැතිනම් duster එකෙන් එකිනෙකාට ගහ ගෙන එය කඩා දමලාය. ටිකකින් එකකු පැමිණ වැසිකිලියට යන්නට අසයි. තවෙකෙකුට වතුර පිපාසය. තවෙකෙකු උදේට ආහාර ගෙන නැත. හිටි ගමන් අයෙකු ක්ලාන්තවේ. තවෙකෙකු බඩ අල්ලාගෙන බෙරිහන් දෙයි. ඒවාද විසඳා ඉගැන්වීමද කල යුතුය. අයෙකු පෙළ පෙත ගෙනැවිත් නැත. තවෙකෙකුට ලියන්නට පෑනක් නැත.එකම පොතේ සියළුම විෂයයන් ලියන අයෙකු දෙන්නෙකුද හමුවේ. හිටි හැටියේ සරම කැහැපට ගහ ගෙන පියෙකු දිවැවිත් තම කොල්ලාට අසවල් කොල්ලා පහර දී ඇතැයිද බෙරිහන් දෙයි. නිදන ඇඳුම පිටින් දිව එන සමහර අම්මලා තම දුවට අසවලා කොලොප්පන් කර ඇතැයි චෝදනා කරයි. මේ සියල්ලද විසඳිය යුත්තේ 7.30- 130 අතරේදීය. බොහෝ පාසල් වල කැන්ටින් එකක් නැත. නල ජලය තබා නළ ළිඳක්වත් නැති පාසල් එමටය. ඒ ප්‍රශ්නද අවසන එන්නේ ගුරුවරයාගේ උර හිස මතය. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom