කාලකන්ණි ගුරුවරියකගේ මුස්පේන්තු කතාව

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    3,145
    5,706
    113
    Back Bay-Beacon Hill, Boston
    AP21194191660338.jpg




    2020 අප්‍රේල් අග භාගයේ දිනක හදිසියේ මා හමුවන්නට පැමිණියේ මෑතකදී ජාතික පාසලක් බවට පත් කරන ලද බද්දේගම ප්‍රසිද්ධ පාසලක ගණිත ගුරු මහත්මියකි. මා ගුරුවරයකු ලෙස සේවය කරන සමයේ සිට මගේ සමීප යෙහෙළියක් වූ ඕ තාක්ෂණික කාරණාවලදී නිරන්තර මගේ සහය පැතුවාය. එකල මා මොරටුව වි. විද්‍යාලයෙහි තොරතුරු තාක්ෂණය හදාරණ බව දැන සිටි සීමිත පිරිසෙන් අයකුදවූ ඇය මෙවර පැමිණ සිටියේද එවන් ගැටළුවක් සඳහා පිළිතුරු අපේක්ෂාවෙනි.
    " චතුර , මම ආවේ ලොකු උදවුවක් බලාගෙන" ඇය කෙලින්ම මාතෘකාවට පිවිසිණි.
    " මම දන්නවා ඉතිං , රටත් වහල තියෙන කොට තකහනියේ මම බලන්න එන්නේ sure එකටම phone එකට කවුරු හරි එක දිගට Missed calls අරන් වෙන්න ඇති" මම කීවා නොව කියැවිණ.
    " ඊටත් වඩා බරපතල කාරණයක්"
    " ම්ම් එහෙනං ඉතිං වීඩියෝ එකක්වත් එවලද?"
    " පිස්සුද අනේ.."
    "හරි හරි කියන්නකො බලන්න උදේ පාන්දරම මටත් කීයක් හරි හොයා ගන්න පුළුවන් වැඩක්ද කියලා බලන්න."
    මම එසේ කීවේ ඇය බරපතල කාරණා ලෙස දකින්නේ ඉතා සුළු තාක්ෂණික ගැටළු බව හොඳින්ම දන්නා බැවිනි. ඒ අතින් ලංකාවේ පාසල් ගුරුවරුන්ගේ තාක්ෂණික දැනුම ගැන මට ඇත්තේ අහිංසක කනගාටුවකි.කුඩා පාසල් ළමුන් පවා තාක්ෂණයෙන් ගුරුවරුන් අභිබවා සිටින නිසා බොහෝ විනය විරෝධී ක්‍රියාවන්හිදී ගුරුවරුන්ගේ කණෙන් රිංගා යාමට ළමුන්ට පහසුය.
    .
    " දැන් ඉස්කෝලත් වහලනෙ; කවදා අරීද දන්නෙ නෑ. මගේ එකොළහේ පංතියේ ළමයින්ට උගන්වන්න මොකක් හරි ක්‍රමයක් කියල දෙන්න" .
    ඇය කාරුණිකව ඉල්ලා සිටියාය.
    " මෙහෙමයි ,ලංකාවේ තවම එච්චර ප්‍රසිද්ධ නැති උනාට Distance Learning එහෙම නැතිනම් online learning තමා ලෝකෙ ගොඩක්ම ජනප්‍රිය. ලංකාවෙත් ගොඩක් private universities වල කෙරෙනවා. ඒ වගේම මොරටුව විශ්ව විද්‍යාලයේ 2007 වගේ ඉඳල distance Learning ගොඩක් ජනප්‍රියයි. ඒත් ඔයාගෙ ළමයින්ගෙ තත්වයත් බලන්න ඕන"
    මම ඇයට සරල පැහැදිලි කිරීමක් කළෙමි.
    " මුලින්ම අපි සරල වැඩකින් පටන් ගමු. ඔයාගෙ ළමයි whatsapp group එකකට එකතු කරමු. ඒකෙ සරල වැඩ ටික ටික දාමු. ඊට පස්සෙ පොඩි පාඩම් ටිකක් වීඩියො කරලා ළමයින්ට බලන්න දෙමු. වැඩේ සාර්ථකයි වගේ නම් Zoom වලින් උගන්වන්න පටන් ගනිමු."
    මම ඇයට ටිකෙන් ටික විස්තර කළෙමි. ඇය මුව අයා ගෙන පුදුමයෙන් මෙන් මා දෙස බලා සිටියාය.
    " ඔය කියන දේවල් මට කරන්න පුලුවන්ද?"
    එවර නම් ඇයගේ හඬ බෙහෙවින් දුර්වලය.
    " අයියෝ ඔතන මහ ලොකු දෙයක් නෑ. ඔය අමාරු වගේ පෙණුනට හරිම සරලයි. අපි පියවරෙන් පියවර පටන් ගමු. මම ඔයාට උදවු කරනවනේ."
    මම ඇයට සහතික වීමි.
    " මේ හැම දෙයක්ම කරන්න නම් ඔයාට smart phone එකක් ඕන, ඒක 64 GB වත් වෙන්න ඕන."
    .
    ඇය කුඩා පර්ස් එකක ඉතා පරිස්සමට තබා තිබූ ජංගම දුරකථනයක් මා අත තැබීය.
    " smart ද කියල නම් දන්නෙ නෑ ඕක තමයි මගේ ලඟ තියෙන්නේ " .
    එය Samsung A 10 එකකි. තරමක් මිලෙන් අඩු එය 32 GB එකකි.
    " මේක 32 GB නේ, ඔයාට whatsapp වලින් Lessons කරන්න නම් මේක ඇති. ඒත් Zoom වලින් උගන්වන්න නම් මේකෙන් බැරි වේවි."
    මම ඇයට පැහැදිලි කළෙමි.
    " මම ඔය GB කතා නම් දන්නෙ නෑ. චතුර, මට අලුතින් එකක් ගන්න වේවිද? ඕකත් 17500/ - ක් වුනා."
    " මෙහෙමයි , දැනට ඔයාට මේකෙන් පටන් ගන්න පුලුවන්, ඒත් වඩාත් හොඳයි අලුත් එකක් ගන්නවා නම්. හැබැයි මිළ ටිකක් වැඩි වේවි. GB ගණන වැඩි වෙන කොට phone එකත් මිළෙන් වැඩියි."
    පාසලේ ඉගැන්වීම හැරුණුකොට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් ඇයට නොමැති බව මා හොඳින් දැන සිටියද ඉදිරියේදි ඇයට මුහුණදීමට සිදු වන තාක්ෂණික දෝෂයන් මග හැරීම සඳහා ඇය විසින් අලුත් දුරකථනයක් මිළට ගත යුතුයැයි මේ වන විට මටද හැඟී ගොස් තිබුණෙන් මා එලෙස පැවසීමි.
    " ඔයා කියන ජාතියේ එකක් කීයක් විතර වේවිද, ගෙවන්න දෙන තැනක් ඔයා දන්නවද? "
    නිරහංකාර අව්‍යාජ ගති පැවතුම් වලින් හෙබි තැනැත්තියක්වූ ඇය චාම් සරල ජීවිතයකට හුරුවූ තැනැත්තියකි.
    " ඔයා යන්න Finetel එකට, ඒක උපුල් කියලා මගේ යාලුවෙක්ගෙ phone shop එකක්, උපුලුත් teacher කෙනෙක්, මම උපුල්ට කියන්නම් ඔයාගෙ කාරණේ. ගෙවන්න ගන්න පුලුවන් වේවි."
    බද්දේගම බස් නැවතුම ආසන්නයේ තිබෙන මගේ මිත්‍රයකුගේ phone shop එකක් වෙත මා ඇය පිටත් කර හැරියේ අවශ්‍ය phone එකේ විස්තර පමණක් නොව එය අවශ්‍ය කාරණයද , ගෙවීමේ ක්‍රමයට ඇයට එය ලබා දෙන ලෙසද,ඒ වෙනුවෙන් මා ඇප වන බවද, සඳහන් කොට ලිපියක්ද ලියා දීමෙන් අනතුරුවය. ඉන් පසුව මා දුර ඇමතුමක්ද ලබාදී උපුල්ට ඒ පිළිබඳ දැන්වීමී.
    OPPO F 19 නව දුරකථනයද සමග සන්ධ්‍යාවේ ඇය මගේ නිවසට ගොඩ වූවාය. රුපියල් 48000/- ක් වූ එය රු. 24000/- ක් ගෙවා ඉතිරිය මාස 6 කින් ගෙවන්නට ඇයට ලබාදී තිබුණේ Whatsapp හා Zoom ද install කිරීමෙන් අනතුරුවය.
    " ඔන්න චතුර මේ මාසෙ මුළු පඩියම ගෙවලා තමා ඕක අරගත්තේ, ඕකෙනුත් බෑ කියන්න එහෙම එපා."
    මට ඇය කෙරේ විශාල අනුකම්පාවක් ඇති විය. ඇයගේ සේවා කාලය වසර විස්සකටත් අධිකය. එහෙත් මාසෙ අන්තිමට ලැබෙන්නේ වෙනත් වෘත්තීන් හා සැසඳීමේ සොච්චං වැටුපකි. සති අන්තයේ උපකාරක පංති පවත්වන ගුරු සේවයේ යෙදී සිටින මගේ මිතුරන් රාශියක් සිටියද බහුතරයක් ගුරුභවතුන්ට මාසේ අන්තිමට ලැබෙන වැටුප හැරෙන්නට වෙනත් ආදායම් මාර්ගයක් නැත. ඉනිදු උත්සව අත්තිකාරම් , වැන්දඹු අනත්දරු, ඊඩීසීඑස්, අග්‍ර හාර, සුබ සාධක හා බැංකු ණය ආදිය කැපී අතට ලැබෙන්නේ හරි අඩකටත් වඩා අඩුවෙනි. ගෙදර දොර වියදම්, ළමුන්ගේ වියදම්,බේත් හේත්, බස් වියදම් ආදි සියල්ල පිරිමසා ගන්නට වෙන්නේ ඒ ඉතිරි මුදලෙනි. බොහෝ ගුරුභවතුන් බැංකු ණය ලබා ගන්නේ නව නිවසක් ඉදි කිරීම සඳහාය. එහෙත් ඒ නිවස මුළුමනින්ම නිම කරන්නට ලැබෙන්නේ විශ්‍රාම ගිහිනුත් වසර කිහිපයක් ගතවීමෙන් පසුවය. සමහර ගුරුභවතුන්ට නව නිවසෙහි වැඩ මුළුමනින්ම නිමවීමෙන් පසුව එහි ගත කරන්නට ලැබෙන්නේ ඉතා කෙටි කලකි. මතු පිටින් බලන විට ගුරු වෘත්තීය පෙනෙන්නේ ලෙහෙසි පහසු සුන්දර එකක් ලෙසිනි. එහෙත් උදේ 7.30 ට පටන් ගත් මොහොතේ සිට හවස 1.30 වනතෙක් ඇත්තේ සජීවී වස්තූන් සමග කරන සොඳුරු අරගලයකි. 40 කට නොඅඩු ( පාසල් අනුව වෙනස් විය හැක) චර්‍යා විවිධාංගීකරණයෙන් යුත් , නිරන්තර කුතුහලය හා නව්‍යතා හඹා යන ශිෂ්‍ය ප්‍රජාවක් එක අරමුණකට ගෙන ඒම කොතරම් අපහසුදැයි දන්නේ ගුරුවරයෙක්ම පමණි.විශේෂයෙන් 1-3 වසර 6-9 වසර උගන්වන ගුරුභවතුන්ට කොතරම් ඉවසීම ප්‍රගුණ කොට තිබිය යුතු දැයි දන්නේ ඔවුන්ම පමණි. 1-3 වසරවල උගන්වන ගුරුවරයාට ඉගැන්වීමට අමතරව අම්මාගේ චරිතයටද පණ පොවන්නට සිදුව තිබෙන අතර 6-9 වසර උගන්වන ගුරුවරයාට ගුරුකමට අමතරව මවක්, පියෙක් සහ යහළුවෙක් හෝ යෙහෙළියක් ලෙසද කටයුතු කරන්නට සිදුවේ. 7.30 - 130 අතර අංශ ප්‍රධාන , සහකාර විදුහල්පති , නියෝජ්‍ය විදුහල්පති , විදුහල්පති, විෂය අධ්‍යක්ෂ හා කලාප අධ්‍යක්ෂ ආදි කී දෙනෙකුගේ නම් වගකීම්වලට යටත් වන්නට සිදුවේද? එක් කාල ජේදයක් අවසන්ව ඊලඟ පංතියට යන ඇසිල්ලේ එකකු තවෙකෙකුගේ බෙල්ල මිරිකා ගෙනය. නැතිනම් පෑනෙන් ඇන ලේ පෙරාගෙනය. එසේත් නැතිනම් ඩෙස්ක් උඩින් පැන යන්නට ගොස් අත පය කඩා ගෙනය. තොරතෝංචියක් නැතිව එක දිගට නඩු කෝටියක් ය. සියල්ල විසඳා පාඩම පටන් ගන්නා විට පංතියේ හුණුකෑල්ල නැත. නැතිනම් duster එකෙන් එකිනෙකාට ගහ ගෙන එය කඩා දමලාය. ටිකකින් එකකු පැමිණ වැසිකිලියට යන්නට අසයි. තවෙකෙකුට වතුර පිපාසය. තවෙකෙකු උදේට ආහාර ගෙන නැත. හිටි ගමන් අයෙකු ක්ලාන්තවේ. තවෙකෙකු බඩ අල්ලාගෙන බෙරිහන් දෙයි. ඒවාද විසඳා ඉගැන්වීමද කල යුතුය. අයෙකු පෙළ පෙත ගෙනැවිත් නැත. තවෙකෙකුට ලියන්නට පෑනක් නැත.එකම පොතේ සියළුම විෂයයන් ලියන අයෙකු දෙන්නෙකුද හමුවේ. හිටි හැටියේ සරම කැහැපට ගහ ගෙන පියෙකු දිවැවිත් තම කොල්ලාට අසවල් කොල්ලා පහර දී ඇතැයිද බෙරිහන් දෙයි. නිදන ඇඳුම පිටින් දිව එන සමහර අම්මලා තම දුවට අසවලා කොලොප්පන් කර ඇතැයි චෝදනා කරයි. මේ සියල්ලද විසඳිය යුත්තේ 7.30- 130 අතරේදීය. බොහෝ පාසල් වල කැන්ටින් එකක් නැත. නල ජලය තබා නළ ළිඳක්වත් නැති පාසල් එමටය. ඒ ප්‍රශ්නද අවසන එන්නේ ගුරුවරයාගේ උර හිස මතය.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    3,145
    5,706
    113
    Back Bay-Beacon Hill, Boston
    .30 න් පසුව ගුරුවරයාගේ කාර්‍යය අවසන් යැයි බොහෝ දෙමාපියෝ සිතති. ඇත්තෙන්ම ගුරුවරයාගේ වැටුප තීරණය වන්නේ 1.30 න් පසුව කරණ කාර්‍යය මතයැයි කිවහොත් නිවැරදිය. දින සටහන් , වාර සටහන් ලිවිය යුතුය. දින සටහන් දින පතා නියෝජ්‍ය විදුහල්පතිගේ අධීක්ෂණයට යොමුවන බැවින් දින සටහන් නොලියා සිටියහොත් ගුරු කාර්‍ය සාධනය අනුමත වන්නේ නැත. ගුරු කාර්‍ය සාධනය අනුමත නොවුනහොත් වාර්ෂික වැටුප් වර්ධකය හිමි නොවේ. ගුරු කාර්‍ය සාධනය සම්පූර්ණ වීමට නම් ව්‍යාපෘති වාර්තා දෙකක් ( කේවල හා කණ්ඩායම්) සැකසිය යුතුය. පාසල් පාදක ඇගයීම් සඳහා ඇගයීම් සැලසුම් හදන්නට වන්නේද ගුරුවරයාටය. ඒවා වෙලාවට හැදුවෙ නැතොත් විදුහල්පතිවරයාගෙන් ඔළුව බේරාගන්නට නොහැකිය. ගුනාත්මක සංවර්ධන දර්ශක පිළියෙල නොකලහොත් වග කියන්නට වෙන්නේ විදුහල්පතිවරයා ට නොව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකට හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකටය. ප්‍රතිකාර්‍ය වැඩ සටහන් හදන්නට වෙන්නේද ගුරුවරයාටමය. ඒ සියල්ල අතරේ ළමුන්ගේ අභ්‍යාස පොත් බලන්නට සිදුවන්නේද ගුරුවරයාටය. වාර විභාග කාලයේ ගුරුවරයා විඳින දුක ගෙදර සෙස්සන්ටද දැනෙන්නේ ඔවුන්ටද ඒවාට සහාය වන්නට සිදුවන නිසාය. ඒ සියල්ල අතරේ "ඔයාට පාසලෙන් තොර ජීවිතයක් නැද්ද " කියා ගෙදර ස්වාමියා/ බිරිඳ අසන ප්‍රශ්නවලටද පිළිතුරු දිය යුතුය.
    " දැන් කොහොමද චතුර මගේ වැඩේ කරන්නේ?"
    ඇය ඇසුවේ සියල්ල සම්පූර්ණ යැයි සිතාගෙනය.
    "ඔයාලට telecom line එකක් නැති නිසා router එකක් ගන්න වෙනවා. ඒකට ඉතිං data card දාන්න හරි package එකක් ගන්න හරි වෙනවා."
    " ඒක කොහොමද කරන්නේ?" ඇයගේ හඬ බෙහෙවින් දුර්වලය.
    " බය වෙන්න දෙයක් නෑ, උසාවිය ළඟ communication එකේ තිබුණා . යමු ගිහින් බලමු."
    ඇය රුපියල් 2000/- ක් දී router එකක් මිළට ගත් අතර pre paid නොමැති වූයෙන් 900/- මාසික package එකක් ලබා ගති.
    " දැන් හරිනෙ චතුර"
    ජයග්‍රාහී ලීලාවෙන් ඇය විමසුවාය.
    ." දැන් තමා අමාරුම වැඩේ තියෙන්නේ ; whatsapp ඉන්න ළමයින්ගෙ නම් ප්‍රශ්නයක් නෑ; අනිත් අයට whatsapp හදන්න කියන්න ඕන. ඊට පස්සෙ අපි හදන whatsapp group එකට එයාලා add කරන්න ඕන. දැන් ඔයාගෙ ලඟ ළමයින්ගෙ telephone numbers තියෙනවද?"
    " ළමයින්ගෙ numbers නම් මගෙ ලඟ නෑ චතුර, මොකද අපි ළමයින්ගෙ numbers තියා ගන්නෙ නෑනෙ"
    " කීප දෙනෙක්ගෙවත් නැද්ද?" මම ඇසුවේ යම් සැලසුමක් හිතේ අඳිමිනි.
    "නෑනෙ, එක ළමයෙක්ගෙවත් number එකක් නෑනෙ." ඇය පැවසුවේ බිඳුනු හඬිනි.
    " හරි, උත්සාහය අත හරින්න හොඳ නෑ, ඔයාගෙ පංතිවල teachers ලා කාගෙ හරි ළමයි ඉන්නවද ? "
    " ඔව් , එක ළමයෙක් ඉන්නවා . ...... ගෙ පුතා"
    "ඔය තියෙන්නෙ. ඔයා දැන්ම ඒ teacher ට කතා කරන්න. කතා කරලා ඒ පුතාගෙන් එයා දන්න යාලුවන්ගෙ numbers ඉල්ල ගන්න. ඒ අයගෙන් තව අයගෙ numbers ඉල්ල ගන්න. ඒ එක එක ළමයට කතා කරලා මේ පණිවුඩය දෙන්න. ඔයාට මේ වැඩේට දවස් කීපයක් යාවි. ඊට පස්සෙ ආයෙත් මාව මුණ ගැහෙන්න."
    ඇය පිටව ගියේ මුව නොසෑහෙන සේ මට ස්තුති කරමිනි.
    දින කිහිපයක් ඇවෑමෙන් ඇය මා සොයා පැමිණියේ පංතියේ 2/3 ක පමණ සිසුන්ගේ numbers ද රැගෙනය. පසුව මවිසින් whatsapp group එකක් සාදා ඒ එක් එක් ළමයා ඊට add කළෙමි.ටිකෙන් ටික group එකෙහි සාමාජිකත්වය පුළුල් වන්නට විය. ඇයගේ whatsapp group එකෙහි addmin වරුන් ලෙස ඇයට අමතරව කළාප ගණිත අධ්‍යක්ෂතුමියද, ගණිත ගුරු උපදේශකද පාසලේ සෙසු ගණිත ගුරු මහත්ම මහත්මීන්ද එක්වීමත් සමග එහි ක්‍රියාකාරිත්වය වඩාත් පුළුල් විය. ඒ සියළු දෙනාම එයට එක්වූයේ ස්වේච්ඡාවෙන් වන අතර රජයෙන් හෝ වෙනත් කිසිවකුගෙන් ඒ සඳහා කිසිදු පෙළඹවීමක් හෝ බලපෑමක් හෝ සහාය දීමක් හෝ සිදු නොවීය. සිසුන්ද වඩාත් උනන්දුවෙන් වැඩෙහි යෙදෙන බව ඔවුන්ගේ comments වලින් දැක ගත හැකි විය.
    ක්‍රම ක්‍රමයෙන් whatsapp වලින් ඔබ්බට ගොස් Zoom හරහා ඉගැන්වීම් ඇරඹීමත් සමග ඇය මෙන්ම සිසුන්ගේද මහත් උනන්දුවක් දක්නට හැකි විය. Zoom වලින් පාඩම් උගන්වන හැටි ඇයට හුරු කරන්නට මට දින ගණනාවක් ගත විය. ඇය zoom පාඩම් අත් හදා බැලුවේ මට උගන්වමිනි. දිනක් මා අහම්බයෙන් මෙන් ඇයගේ නිවසට ගොඩවීමි. නිවසේ ඉදිරි දොර වසා තිබුණු හෙයින් ආපසු යන්නට හැරෙන විටම
    "චතුර , චතුර "
    යැයි යමෙකු තරමක් ඉහල සිට කතා කරනවා ඇසුනෙන් මා එදෙස බැලීමි. නිවස අසල තිබූ විසල් ගස ලඟ කුඩා අට්ටාලයක් තනා තිබුණු අතර එහි ඇය සහ ඇයගේ ස්වාමි පුරුෂයා විය. ඇය අට්ටාලයේ ඉගැන්වීම්හි යෙදෙන විට ඔහු ඇයගේ සහායට ළඟ සිටියහ.signal අඩු ගම්වල මෙවන් ස්වාමි පුරුෂයින් නැති ගුරු මහත්මීන් කෙසේ නම් online ඉගැන්වීම් කරන්නේදැයි මට සිතුණි.

    කෙසේ වුවද මම හොඳින් දන්නා telecom හි සේවය කරන මගේ මිතුරකුගේ මාර්ගයෙන් Slt fibre ඇයගේ නිවසට ලබා දීමට මට හැකි විය. දැන් ඇය සතුටින් උගන්වයි. තවදුරටත් ඇයට මාගේ සහාය අවශ්‍ය නොවේ.

    https://www.aljazeera.com/gallery/2...dren-make-a-dangerous-climb-for-online-school
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,064
    1
    40,699
    113
    ගුරුවරු මාසෙ පඩිය අරගෙන ඔන්ලයින් හරි උගන්නයි. මේසන් බාස්ලා ඔන්ලයින් ගෙවල් හදන්න කියලද :(
     

    lilman

    Well-known member
  • May 10, 2009
    31,236
    38,958
    113
    Colombo
    ගොං හරක් ගුරුවරුන්ට අතින් කයිට් කරගෙන රස්සා කරන්න යනවට කාලකණ්ණි කියල මදි

    KFHozAy.jpg

    එතුමිය පලතුරු වලට ආසයි.ඒකයි ඇපල් ඉල්ලල තියෙන්නෙ.ගූ ඇන් පී ගොන් බඩු වලට මේව මැජික්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,052
    113
    Wakanda
    ගුරුවරු මාසෙ පඩිය අරගෙන ඔන්ලයින් හරි උගන්නයි. මේසන් බාස්ලා ඔන්ලයින් ගෙවල් හදන්න කියලද :(
    ඔහොම කීවට බෑ අමල් කමල් වගේ නම් ටිකක් දාලා රියල් සීන් එකක් ලියපන් ඇඩෙන්න
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,203
    17,279
    113
    32
    Hell
    මෙහෙමයි මචන් පැන්ෂන් ගෙවන්නත් වෙනවනේ මචන්.
    මගේ අම්මත් ටීචින් කරේ.අම්මා 2003 පැන්ෂන් ගියා වයසට කලින්ම 50න්

    අම්මට තාමත් පැන්ෂන් හම්බවෙනවා අවුරුදු 17ක් දැන් 20k ද කොහෙද හම්බ වෙන්නේ හැබැයි



    ටීචින් කියන්නේ තනිකරම අනිත් job එක්ක බලද්දි සෑහෙන්න කරදර අඩු ජොබ් එකක්

    හැබැයි අඩුම ගානේ internet package free දෙන්න තිබ්බා අධ්‍යාපනය දෙපාර්තමේන්තුවට. ඒක බලු වැඩක්.
    අතින් කයිට් කරගෙන කිසිම ජොබ් එකක් කරලා වැඩක් නෑ.තමන්ගේ හිත රිදෙන එක විතරයි වෙන්නේ

    CTB වගේ ඒවට පඩියෙන් බාගයයි ලු ගෙවන්නෙ.
    මෙහෙ ctb වැඩ කරන එවුන් වැලි ගොඩ දානවා

    ලමයි අඩු ඉස්කෝල පටන් අරගෙන තියෙන්නේ දැන්
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,256
    93
    අපේ ගෙදරත්, අම්මයි නංගියි දෙන්නම ටීචින්. ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් වත් චක්‍රලේකයක් වත් ආවේ නැහැ ඔන්ලයින් උගන්නන්න කියල. පඩිත් අරන් නිකං තිබ්බ එකේ ඕක පටන් ගත්තේ ගුරුවරුම තමයි.

    නංගිට තිබ්බේ හුවවී Y2 මොකක්ද. එකේ සූම් තියා මොකුත් බැහැ.
    අම්මට තිබුනේ නොකියා කලර් ඩිස්ප්ලේ නොර්මල් ෆෝන් එකක්.

    හිතපන්කෝ ඉතින් දෙන්නටම එක පාර අලුත්ම ෆෝන් ඕන උනාම. මමත් අතින් ගානක් දීලා තමා අරන් දුන්නේ.
    ඊළඟට ඉන්ටර්නෙට්. මගේ ඩයලොග් රවුටරෙන් දුන්නේ. අන්තිමට කාටවත් වැඩක් කරගන්න බැහැ. ආර්කෙඩ් වල රවුටර් නැහැ. හෙඩ් ඔෆිස් එකේ යාලුවෙක්ට කියල තමයි ඒකත් ගෙන්න ගත්තේ. කට්ටක් කෑවේ.

    ඔක්කොටම හපන් ළමයි කියන ඔට්ටපාලුවෝ. උන්ට ගන්න කිසි ඕනෑකමක් නැහැ. නිකන් කෑ ගගහ ගොන් ආතල් දෙනවා. උන්ගේ ගෙවල් වලින් වත් උගන්නන වෙලාවට බලන්නේ නැද්ද කොහෙද.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,203
    17,279
    113
    32
    Hell
    අපේ ගෙදරත්, අම්මයි නංගියි දෙන්නම ටීචින්. ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් වත් චක්‍රලේකයක් වත් ආවේ නැහැ ඔන්ලයින් උගන්නන්න කියල. පඩිත් අරන් නිකං තිබ්බ එකේ ඕක පටන් ගත්තේ ගුරුවරුම තමයි.

    නංගිට තිබ්බේ හුවවී Y2 මොකක්ද. එකේ සූම් තියා මොකුත් බැහැ.
    අම්මට තිබුනේ නොකියා කලර් ඩිස්ප්ලේ නොර්මල් ෆෝන් එකක්.

    හිතපන්කෝ ඉතින් දෙන්නටම එක පාර අලුත්ම ෆෝන් ඕන උනාම. මමත් අතින් ගානක් දීලා තමා අරන් දුන්නේ.
    ඊළඟට ඉන්ටර්නෙට්. මගේ ඩයලොග් රවුටරෙන් දුන්නේ. අන්තිමට කාටවත් වැඩක් කරගන්න බැහැ. ආර්කෙඩ් වල රවුටර් නැහැ. හෙඩ් ඔෆිස් එකේ යාලුවෙක්ට කියල තමයි ඒකත් ගෙන්න ගත්තේ. කට්ටක් කෑවේ.

    ඔක්කොටම හපන් ළමයි කියන ඔට්ටපාලුවෝ. උන්ට ගන්න කිසි ඕනෑකමක් නැහැ. නිකන් කෑ ගගහ ගොන් ආතල් දෙනවා. උන්ගේ ගෙවල් වලින් වත් උගන්නන වෙලාවට බලන්නේ නැද්ද කොහෙද.

    දැන් ඉන්න ඔන්ටපාලුවෝ හොයන්නෙ ම shortcut මචන්
    වැඩක් නෑ කතාකරලා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,801
    1
    3,476
    113
    ගොං හරක් ගුරුවරුන්ට අතින් කයිට් කරගෙන රස්සා කරන්න යනවට කාලකණ්ණි කියල මදි

    KFHozAy.jpg
    This is how our Viyathmaga experts who are products of free education (in this case Devi Balika( with due respect to premier school) and Medical College (again due respect to more than 150 year old institute), behave when power is given to them.
    So all the slogans are gone and wants every bit of concession given. This is the example given by our Viyathmaga experts. We know by September 2020 we were already downgraded to C by all rating agencies and as a parliamentarian should at least give up some concessions. This is how a country can come over the falling to deep end.
    Instead we know 228 V8 latest Toyota Land Cruiser 2021 models were ordered (again not from Toyota Lanka which is 100% owned by Toyota Japan the maker of the said vehicles)but another company.
    Vaccine Sinopharm purchased at $15 when we had and were offered $4 or less AZ by serum institute of India well before India got the peak of infections and stop exporting.
    Sugar import scandal etc...
    Now cabinet approval sought by new FM to pay USD 150M to a BOT project(may be did not understand what BOT means)
    There are people who add fuel to this like G'pila and Champika who wants to create doubt about banking system etc.
    So, in short it is waste to think about our so called leaders.

    Think about this , Do we need lot of concession given to us by government. Try to give up some if you do not need. If you are a government employee do your part , this govt is not going to save us unless we do so. It is you who had selected them under misguided and misinformed democracy that we live. At least now come out from dark to light.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    44,680
    65,749
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඉන්න ඔන්ටපාලුවෝ හොයන්නෙ ම shortcut මචන්
    වැඩක් නෑ කතාකරලා.

    රටේ තත්ත්වය බලලනේ උන්ට වැඩ කරන්න වෙන්නෙ. දැන් මේකෙ දෙන උපදෙස් බලපන්කො. හැමෝටම online දේවල් කරන්න කියලනෙ මේකෙ ඔස්තාද්ලා කියන්නෙ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,726
    8,972
    113
    ලංකාවෙ මිනිස්සු ගුරුවරු එක්ක මේතරම් තරහ උනේ මොකද. සමහරවිට පාසැල් ගුරුවරුන්ට හරියට උගන්නන්න බැරි නිසා වෙන්න ඇති.

    පෞද්ගලිකව මට මාරයි කියන්න පුලුවන් ගුරුවරයෙක් ඉස්කෝලෙදි හම්බ වෙලාම නෑ. කරුණාවන්ත අය නම් ගොඩක් හිටිය, පිස්සො ටිකකුත් හිටිය. හැබැයි ඔක්කොම උගන්නන්න අමාරුවෙන් උත්සාහ කලා ඒත් මදි. බැරි බැරි ගාතෙ කෙරෙන්නෙ, මොකද දැනුම මදි. ගොඩක් අය හිත හොඳ මෝඩයො වගේ තමයි පෙනුනෙ. ඒත් කමක් නෑ, මම බනින්නෙ නෑ. මොකද ගුරුවරුන්ගෙ නොහැකියාව කියන්නෙ සමාජයක් විදිහට අපේම බුද්ධිමය දුර්වලකමක්. ඒ මිනිස්සු ආසාවෙන් උගන්නන්න මෝටිවේට් වෙන, විෂය දැනුම සම්පූර්ණ කරගෙන එතනින් එහාට ගිහින් විෂය බාහිර දැනුම ස්වයං අධ්‍යයනය කරන්න හිතෙන තරමට ඉන්සෙන්ටිව් අවශ්‍යයි.

    ගුරුවරුත් එක්ක තරහ වෙනව කියන්නෙ අපිත් එක්කම තරහ වෙනව වගේ දෙයක්.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    31,141
    1
    40,834
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ මිනිස්සු ගුරුවරු එක්ක මේතරම් තරහ උනේ මොකද.
    දොස්තරල එක්ක තරහ හේතුවම තමයි මම හිතන්නෙ.

    ගුරුවරු/දොස්තරල දෙගොල්ලන්ම මිනිස්සුන්ගෙන් ගාණක් කපන්න උත්සාහ කරනව. නොමිලේ කරගන්න එන මිනිස්සුන්ට පාට් දානව.

    මුලින්ම එක දොස්තරකෙනෙක්/ගුරුවරයෙක් ප්‍රයිවෙට් සේවාව ලබන එකාට විතරක් හරියට සේවය දෙන වැඩේ කරාට පස්සෙ ගොඩක් අය එහෙම කරන්න පෙලඹුන.

    මගෙ දරුවන්ගෙ පාසල් ගුරුවරු හිටිය ලමයි ටියුෂන් ගිහින් . ඔහොම කාලයක් තිස්සෙ වෙනකොට මිනිස්සුන්ගෙ වෛරය ඒ වෘත්තිය වෙත යොමු වෙනව.
     
    • Like
    Reactions: ewijesekara

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,726
    8,972
    113
    දොස්තරල එක්ක තරහ හේතුවම තමයි මම හිතන්නෙ.

    ගුරුවරු/දොස්තරල දෙගොල්ලන්ම මිනිස්සුන්ගෙන් ගාණක් කපන්න උත්සාහ කරනව. නොමිලේ කරගන්න එන මිනිස්සුන්ට පාට් දානව.

    මුලින්ම එක දොස්තරකෙනෙක්/ගුරුවරයෙක් ප්‍රයිවෙට් සේවාව ලබන එකාට විතරක් හරියට සේවය දෙන වැඩේ කරාට පස්සෙ ගොඩක් අය එහෙම කරන්න පෙලඹුන.

    මගෙ දරුවන්ගෙ පාසල් ගුරුවරු හිටිය ලමයි ටියුෂන් ගිහින් . ඔහොම කාලයක් තිස්සෙ වෙනකොට මිනිස්සුන්ගෙ වෛරය ඒ වෘත්තිය වෙත යොමු වෙනව.

    මට ෂුවර් නෑ මචන් ඕකමද හේතුව කියල.

    ගුරුවරුන්ගෙ ඩොක් ලගෙ තරම් එලිටිස්ම් නෑ නේද. ඇරත් ගුරුවරුන්ගෙන් බහුතරයක් ටියුෂන් කරන්නෑ. මම දැකල තියෙන විදිහට නම් ටියුෂන් කරන අයට තමයි වැඩි ආදරයක් ලැබෙන්නෙ දෙමව්පියොන්ගෙන් උනත්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    44,680
    65,749
    113
    ආශ්චර්යමත් රටක
    දොස්තරල එක්ක තරහ හේතුවම තමයි මම හිතන්නෙ.

    ගුරුවරු/දොස්තරල දෙගොල්ලන්ම මිනිස්සුන්ගෙන් ගාණක් කපන්න උත්සාහ කරනව. නොමිලේ කරගන්න එන මිනිස්සුන්ට පාට් දානව.

    මුලින්ම එක දොස්තරකෙනෙක්/ගුරුවරයෙක් ප්‍රයිවෙට් සේවාව ලබන එකාට විතරක් හරියට සේවය දෙන වැඩේ කරාට පස්සෙ ගොඩක් අය එහෙම කරන්න පෙලඹුන.

    මගෙ දරුවන්ගෙ පාසල් ගුරුවරු හිටිය ලමයි ටියුෂන් ගිහින් . ඔහොම කාලයක් තිස්සෙ වෙනකොට මිනිස්සුන්ගෙ වෛරය ඒ වෘත්තිය වෙත යොමු වෙනව.

    එහෙම බැලුවොත් හැමෝම එහෙමනෙ බන් ඇයි ඒ ජොබ් 2 විතරක්?
     
    • Like
    Reactions: ewijesekara