අපි අඩුපාඩු දැක්කට විඳලා විඳලා දුක තද කරගෙන ඉන්නවා මිසක් ෆෝවඩ් වෙලා ගන්න පුලුවන් සරල ඇක්ෂන් එකක්වත් ගන්නේ නෑ විරුද්ධව... පොලිසියට විරුද්ධ වෙන්න භයයි කියමුකෝ දරුණුයි කියලා..
ඔය රාජ්‍ය ආයතන වල යම්කිසි අනවශ්‍ය ප්‍රමාදයක්, ඉක්මනින් කරන්න අල්ලසක් ඉල්ලන එකක්, අනවශ්‍ය දෝෂාරෝපණයකට විරුද්ධ වීමක් ගැන ප්‍රචාරය වෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්.. ප්‍රචාරය කරන ඒවයෙත් සිවිල් මනුස්සයාගේ ඊගෝ එකට හරි අමනුස්සකමට හරි වැරද්ද තියාගෙන කරන චෝදනා...
දැන් එක එක මඟුල් සිස්ටම් එහෙමත් ඔය ආයතන වල දාලා තියෙන නිසා එස් 5 ඵලදායිතා අනම් මනම් තියෙන නිසා කම්ප්ලේන් කරන එක බලාපොරොත්තු වෙනවා...රාජ්‍ය ආයතන ඔහොමයි කියලා මේකේ ලියලා වත් තරහ ගිහින් ගහන්න ගිහිල්ලාවත් හැදෙන්නේ නෑ... කම්ප්ලේන් කරන්න පටන් ගත්තොත් ඔය ආයතන වල ඉන්න පණ්ඩිතයෝ මට්ටු කලෑකි...
විමසීම් කවුලු වලින් අවශ්‍ය තොරතුරු අහන්න පුරුදු වෙන්න ඕනේ... බොහෝ අය විමසීම් කවුලුව යූස් කරන්නෙම නෑ.. අදාළ සෙක්ෂන් ගිහිල්ලා ෆෝම් ගොඩයි අරකයි මේකයි කියලා අඬන්න දෙයක් නෑ දැනුවත් නම්...
මේකෙත් අවශ්‍ය ලිපි ලේඛන නැතුව එක දවසයි ලිපි ලේඛන කටයුතු කරන ඔෆිස් හවර්ස් වලින් පිට ඇවිල්ලා දවස් දෙකයි. පොලිස් රිපෝට් මූන බලලා ලියන්නේ නැතුව ඇතිනේ... දවස් තුනක් ගන්නේ මොනාහරි චෙක් කරන්න වෙන්න ඇතිනේ.. මම ඒ ගැන නම් දන්නේ නෑ... 1919 කියලා අන්කයක් වෙබ් එකක් තියේ... ඒවා බලල රෙඩි වෙලා යන්නේ නෑ.. තියෙන රිසෝශස් යූස් නොකර අඬනවා...
අර පොලිසියේ උන්ගේ පර්සනල් අවුල් වගයක් කිව්වේ.. අන්න ඒ වගේ පාහර වැඩ නවත්තගන්න පුලුවන් නම් නවත්වන්න පුලුවන්න නම් සේවා අංශයේ දියුණුවක් එයි... ඇටිටියුඩ් ප්‍රශ්න.. .