කාලගුණ අනාවැකි
ඕස්ට්‍රේලියාවේ සිටි ඇබෝර්ජිනල් වරු, ඉදිරියේ එන ශීත සෘතුව බොහෝ සීතල වේදැයි ඔවුන් පත් කරගත් අළුත් නායකයාගෙන් ඇසූහ. මියගිය නායකයාට අනාගතය ගැන කියන්නට තිබුණු ඉව ඔහුට නොතිබිණ. එසේ හෙයින්, ඒ ගැන දන්නේ නැහැ කියන්න අකමැතිවූ ඔහු අහස බලා, “ඔව් එය වේ කියා” දර එකතු කරන්නට අණ කලේය.
කෝකටත් කියා, සතියකට පමණ පසු ඔහු අසල නගරයට ගොස් කාළගුණ දෙපාර්තමේන්තුවට කතා කර “ශීත සෘතුව බොහෝ සීතල වේදැයි” ඇසුවේය. ශීත සෘතුව සීතල වේ යයි යන්න ඔවුන්ගේද මතය විය. ඒ අනුව නායකයා ඔහුගේ ජනතාවට, හැකිතාක් දර එකතු කරන්නට අණ කලේය.
සති දෙකකට පසුව නැවතත් මේ ගෝත්‍රික නායකයා කාළගුණ දෙපාර්තමේන්තුවට ගොස් ශීත සෘතුව සීතල වේදැයි ඇසුවේය.
...”ඔව් අනිවාර්යයෙන්ම ... කාල ගුණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා එසේ කීවේය.
...”කොහොමද ඔය තරම් විශ්වාසයකින් එහෙම කියන්නේ ? නායකයා ප්‍රශ්න කලේය.
...”හරි සරළයි”...” අපේ කාළගුණ සැටලයිට් වලින් පින්තුර ගන්නවා”...” ඒවායින් අනිවාර්යයෙන්ම ශීත සෘතුව සීතල වන බව පේනවා”...”
...”වැහි වළාකුළු වෙන්න ඇති නේද ඔය පින්තුරවල ඇත්තේ ?...නායකයා ඇසීය.
...”අපෝ නැහැ, උතුරේ ඉන්න ඇබෝර්ජිනල් ගෝත්‍රිකයෝ පිස්සෝ වගේ කළබලේට දර එකතු කරනවා පේනවා.”...”සීතල ඇතිවෙන බවට ඊට වඩා වෙන ලකුණක් නැහැ”...
https://www.facebook.com/groups/804276106323782/permalink/1471756652909054/