කාලතුවක්කුව

donguy

Member
Feb 28, 2011
419
68
0
කට්ටියම ඇත්තටම වෙච්ච කතා ලියන එකේ මමත් හිතුවා ඇත්තටම වෙච්ච සීන් එකක් ලියන්න. ඔන්න කියවන්න කලිම්ම කියන්නෙ කතාව දිගවැඩී, හිනාගියේ නෑ, ඊය කුනුහරුප කියල මට දොස් කියනව හෙම නෙමෙයි.

කතාව කියන්න ලේසි වෙන්න අපි මේ අයියට “අරුණ” කියල කියමුකො
කට්ටිය දන්නවනෙ ඉංග්‍රීසියෙන් කැනන් කියන්නෙ කාලතුවක්කුවට.කැනන් කියල කැමරා ජාතියකුත් තියනවා.හැබැයි ඒ දෙක ලියන විදිහ වෙනස්. (Cannon-කාලතුවක්කුව ,Canon- කැමරා වර්ගය) අ.පේ අරුණ අයිය ලඟත් තියෙන්නෙ Canon එකක්.

මේ අරුණ අයියා කාලා කාලා නිකං අල ගෙඩිය වගේ හිටියට හොඳ පොටෝ කාරයෙක්.අයිය ඉන්න රටේ තියනවලු ගෙවල් වලට ගිහිං පොටෝ ගහල දෙන කොම්පැනි. ඉතිං අයියත් හැකියාවට රැකියාවක් කරන්න හිතාගෙන ඒ වගේ තැනක වැඩට ගියාලු. අයියට වැඩියෙම්ම ලැබුනේ පොඩි උංගෙ ෆොටෝ ගන්න වැඩ ලු. ඉතිං අයියත් නිකං ඉන්න වෙලාවට ගෙවල් ගානෙ ගිහිං බබ්බුන්ගෙ ෆොටෝ අරං දෙනවලු.

ඔය අතරේ අයිය ඉන්න ටවුමේ ජීවත් වුනු ජෝඩුවකට තමුන්ගෙම කියල ලමයෙක් නැති එක ගැන ලොකු ප්‍රශ්නයක් තිබුනලු. දෙන්න සෑහෙන කාලෙක ඉඳල ට්‍රයි කරනවලු ඒත් තාම රිසල්ට් එකක් නෑලු. අන්තිමේ බැරිම තැන වෙන එකෙක්ට කියල හරි ලමයෙක් හදවගන්න ඕනෙයි කියලා ජෝඩුවම කතාවුනාලු. ඒ රටේ ඒ වගේ වැඩ වලටත් මිනිස්සු එවන කොම්පැනි තියනවලු. ඉතිං දවසක් ඒ හස්බන්ඩා කොම්පැනියට කෝල් කරලා හොඳ බුවෙක්ව එවන්න කියල ඕඩරේ දීලා ගෙදරිං ගියාලු වැඩේ පහසුවෙන් කරගන්න ඉඩ දීලා.

ඔන්න දැං ඒ නෝනා බලං ඉන්නවලු වැඩේ කරල දෙන බුවා එනකං. කට්ටියටම වෙන්න යන දේ මීටර් නේ? අ.පේ අරුණ අයියගෙ වෙලාවට එදා යන්න තිබ්බ ඇඩ්‍රස් එක ටැපලිලා යැවුනේ අර ගෙදරටලු.

ඔන්න එතන ඉඳං සිද්ධිය…..
(දෙබස ගියේ ඉංග්‍රීසියෙන් මං පුලුවං හැටියට සිංහලට හැරෙව්වා.)

අරුණ: (දත් හැට හතරම පෙන්වා හිනාවක් දමමින්) මැඩම් මම මේ….

නෝනා: ආ හරි හරි මම දන්නවා. මම මේ එනකං බලාගෙන හිටියේ…

අරුණ: ඇත්තට?
(වැඩේට රෙඩි වෙලා ඒකටම ගැලපෙන ඇඳුමක් ඇදං හිටපු මැඩම්ව දැකලා ෆෝම් වුනු අරුණ අයියා ලෝකෙ ඉස්සෙල්ලම ෆොටෝග්‍රැෆි හොයාගත්ත එකා වගේ තමුංගෙ වැඩ කිඩ ගැන පාරම්බාන්න පටං ගත්තලු)
මැඩම් දන්නවද බබාල ගැන තමයි මම ස්පෙශලයිස් වෙලා ඉන්නෙ.මං දැනට ජොබ්ස් පනහකට හැටකට වඩා කරල දීල තියනවා.ඔය ලොකු ලොකු මැති ඇමතිගොල්ලො පවා මට කියල තමා වැඩේ කරවගෙන තියෙන්නෙ.මැඩම් බය වෙන්නෙපා මං හොඳ අවුට්පුට් එකක් අරං දෙන්නං.

නෝනා: ඔව් මමයි හස්බන්ඩුයිත් බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ හොඳ අවුට්පුට් එකක් තමයි තමයි.එන්න ඇවිත් ඉඳගන්න.
(මද වේලාවක් ලැජ්ජාවෙන් ඇඹරීමෙන් සිට…)
ඉතිං කොහෙන්ද අපි පටන් ගන්නේ..?

අරුණ: හරි මැඩම් ඒව ඔක්කොම මට බාර දෙන්න.
මම සාමාන්‍යෙන් බාත්ටබ් එකේ දෙකයි,කවුච් එකේ එකයි තව…. මිදුලෙ එක පාරයි, ඇඳේ තුන හතරකුයි තමා ‘ගහන්නේ’. සමහර වෙලාවට ලිවිං රූම් එකේ බිමත් මාර ෆන්.

නෝනා: මිදුලේ ? බාත් ටබ් එකේ? ලිවිං රූම් එකේ?

අරුණ: ඔව් මැඩම්.අපි කාටවත් එක ෂොට් එකෙන් හොඳ ප්‍රතිපල ගන්න බෑ නෙ.ඒ නිසා පොසිශන්ස්(Positions) හය හතකින් එක එක විදියට ඉඳලා ගහන්න ඕනේ.මැඩම් බය වෙන්නෙපා මං දන්නවා වෙන කවුරුවත් අහලවත් නැති අළුත්ම පොසිශන්ස්. මට විස්වාසයි මගේ වැඩ වලින් මැඩම්ව ගොඩක් සතුටු කරන්න පුලුවන් වෙයි කියලා.

නෝනා: අම්මෝ! පොසිශන්ස් හය හතකින්?

අරුණ: ඔව් මැඩම්. මට ඕනනං ඕනම ජොබ් එකක් විනාඩි පහෙන් ගියා ගැහුවා ආව වගේ ඉවර කරන්න පුලුවන් . ඒත් මං දන්නවනෙ එතකොට කාට වුනත් සැටිස් නෑ කියලා.

නෝනා: (හස්බන්ඩාට හිතිං දොස් පවරමින්) ඔව් මං මොකෝ නොදන්නෙ ඒ ගැන.

අරුණ: (ෆොටෝ ඇල්බමයක් ඇද පින්තූරයක් පෙන්වමින්) මේ තියෙන්නෙ බස් එකක් උඩ ඉඳං ගහපු එකක් මැඩම්.

(නෝනා ඇස් ලොකු කරගෙන පුදුම වී පින්තූර දෙස බලයි)
ඔය නිවුන්නු දෙන්න තමයි මට අමාරුම වෙච්ච ජොබ් එක. ඒ නෝනගෙන් කිසි සප් එකක් තිබ්බෙ නෑ වැඩේට. හරි අමාරු වුනා.
අන්තිමේ පාක් එකට එක්කගෙන ගිහිල්ලයි හරියටම ගැහුවෙ.

නෝනා: (බිරාන්ත වී ඇස් ලොකු කරගෙන බලමින්) මොකක්? පාක් එකේ?

අරුණ: ඔව් නෝනා. නෝනට කියන්න මිනිස්සු සෑහෙන්න වටවුනා ඒක බලන්න. අන්තිම වෙද්දි අර ගෑනි කෙඳිරිගාන්නයි කෑගහන්නයි ගත්ත නිසා මට ඉක්මනට ඉක්මනට ගහන්න වුනා.
අන්තිමේ හවස් වෙද්දි ලේන්නු මගේ ගැජට් වටේ කැරකෙන්න ගත්තු නිසා මට ඔක්කොම ඇතුලට දාගෙන ආපහු එන්න වුනා.

නෝනා: මොනවා??? ගැජට් ? ඒ කියන්නෙ එකකට වඩා තියනවද?

අරුණ : අපෝ ඔව් මේ වගේ වැඩ වලට එකක් තිබිල මදි මැඩම්.එකක බඩු ඉවර වෙද්දි අනිත් එක රෙඩි පිට තියාගන්න ඕන.නැත්තං කස්ටමර් සැටිස්ෆයි කරන්න බැරි වෙනවනෙ.

හරි දැං මැඩම් ලේස්ති නං මං ට්‍රයිපොඩ් එක සෙට් කරල ගන්නව අපිට වැඩේ පටන් ගත්තැහැකි දැම්මම.

නෝනා: ට්‍රයිපොඩ් ???

අරුණ: ඔව් මැඩම් මං වැඩ පටන් ගන්නෙ ලොකුම එකෙන් , මගේ කැනන්(Cannon) එක(කාලතුවක්කුව) තියාගන්න ට්‍රයිපොඩ් එකක්ම ඕනේ අතේ තියාගෙන වැඩි වෙලාවක් ගහන්න බෑ සෑහෙන්න බරයි!
දඩාස්!!!
(නෝනා ක්ලාන්ත වී බිම ඇද වැටුනි)


රීපෝස්ට් නම් සමාවෙන්න, මේල් එකකින් හම්බ උනේ.

credit goes to the unknown writer of the story.
 

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    rep-new.gif
     
    • Like
    Reactions: donguy

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මෙන්න ඕක ඔරිජිනල් තිබ්බ තැන..... :yes:

    Code:
    http://www.thelastrow.net/2012/06/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B7%80/