කාලය කළ වෙනස

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
හොරැහින් බලා ඉඟි බිඟි පාමින් සිටියා
පස්සෙන් ගිහින් යන එන සැම තැන සිටියා
කාටත් හොරෙන් පෙම් බස් කෙඳිරූ සැටියා
පුදුමයි සිහි වෙතත් ඒ කල ගෙව් සැටියා

දවසට ඇමතුමක් නැත්නම් පණ නෑනේ
සතියක් නොදැක්කොත් දුක ඉවසනු බෑනේ
මම කෑවේ නැතොත් ඇය කන්නෙත් නැහැනේ
මෙහෙමත් අතීතයෙ දවසක් තිබුණානේ

කාළය ගෙවී යුග දිවියට අපි ආවා
මව් පිය කැමැත්තත් අවසන හිමි වූවා
දරුවන් ලබා අපි ඉදිරියටම වූවා
ඒ කාළයේ බොළඳයි අපි! මැතිරූවා

මා ගැන බලනු දැන් ඇය හට අවැසි නැත
මා කෑ නොකෑ එක කිසි ගැටළුවක් නැත
දරු පැටවුන්ගෙ සුව මිස අන් යමක් නැත
ආලය කළ බවක් වත් මට මතක නැත!
 
  • Like
Reactions: DiLakshika
Nov 22, 2008
5,572
33
0
රත්තරං සිතක
දවසට ඇමතුමක් නැත්නම් පණ නෑනේ
සතියක් නොදැක්කොත් දුක ඉවසනු බෑනේ
මම කෑවේ නැතොත් ඇය කන්නෙත් නැහැනේ

Danata nam mehema thama :love::love:

මා ගැන බලනු දැන් ඇය හට අවැසි නැත
මා කෑ නොකෑ එක කිසි ගැටළුවක් නැත
දරු පැටවුන්ගෙ සුව මිස අන් යමක් නැත
ආලය කළ බවක් වත් මට මතක නැත!

Mehema wei kiyala hithunoth iwara thama..
Hikizzz... :P:P

Lassana nirmanayak...

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඩාර්ක් ටෘත් අනිත්‍ය..ලස්සනයි යාළුවා

ගොඩාක් ස්තූතියි මිත්‍රයා.
දවසට ඇමතුමක් නැත්නම් පණ නෑනේ
සතියක් නොදැක්කොත් දුක ඉවසනු බෑනේ
මම කෑවේ නැතොත් ඇය කන්නෙත් නැහැනේ

Danata nam mehema thama :love::love:

මා ගැන බලනු දැන් ඇය හට අවැසි නැත
මා කෑ නොකෑ එක කිසි ගැටළුවක් නැත
දරු පැටවුන්ගෙ සුව මිස අන් යමක් නැත
ආලය කළ බවක් වත් මට මතක නැත!

Mehema wei kiyala hithunoth iwara thama..
Hikizzz... :P:P

Lassana nirmanayak...

ඉස්සරහටත් දැන් වගේම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ සoකීර්ණ ලෝකයේ සoකීර්ණ අවශ්‍යතා පසු පස යනකොට බැඳිම් ගැන අමතක වෙනවා. අර කතාවක් තියෙන්නේ
"අග හිඟ කම් එන විට ආදරය පෑල දොරින් පලා යනවා" කියලා. අග හිඟ කම් විතරක් නොවෙයි තවත් ගොඩාක් දේවල් එනකොට ආදරය පෑල දොරින් පලා යනවා. අපි අවබෝධයෙන් සරලව ජීවත් වෙනවා නම් ආදරය හැමදාම තියේවි. පුoචි පැටව් ආදරයට තවත් අපූර්වත්වයක් එකතු කරාවි. ඔබේ අගය කිරීමටත් ස්තූතියි.
 
Nov 22, 2008
5,572
33
0
රත්තරං සිතක
ගොඩාක් ස්තූතියි මිත්‍රයා.

ඉස්සරහටත් දැන් වගේම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ සoකීර්ණ ලෝකයේ සoකීර්ණ අවශ්‍යතා පසු පස යනකොට බැඳිම් ගැන අමතක වෙනවා. අර කතාවක් තියෙන්නේ
"අග හිඟ කම් එන විට ආදරය පෑල දොරින් පලා යනවා" කියලා. අග හිඟ කම් විතරක් නොවෙයි තවත් ගොඩාක් දේවල් එනකොට ආදරය පෑල දොරින් පලා යනවා. අපි අවබෝධයෙන් සරලව ජීවත් වෙනවා නම් ආදරය හැමදාම තියේවි. පුoචි පැටව් ආදරයට තවත් අපූර්වත්වයක් එකතු කරාවි. ඔබේ අගය කිරීමටත් ස්තූතියි.

bohoma sthuthie prarthanawata...
Oya kiyana de hariyata hari..mama ekagai..
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මෙතන ආදරයේ වෙනසක් නෙමේ. වගකීම්වල වෙනසක් වෙලා තියෙන්නේ. ඇය මවක් විදියට දරුවන්නේ වගකීම් දරාගෙන ඉන්න බවක් තමා මට පේන්නේ.

ඇය අම්මා කියන පදවිය තුල වගකීම් පවරගන්නවා....

මේක නේද සැබෑ ජීවිතය
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මෙතන ආදරයේ වෙනසක් නෙමේ. වගකීම්වල වෙනසක් වෙලා තියෙන්නේ. ඇය මවක් විදියට දරුවන්නේ වගකීම් දරාගෙන ඉන්න බවක් තමා මට පේන්නේ.

ඇය අම්මා කියන පදවිය තුල වගකීම් පවරගන්නවා....

මේක නේද සැබෑ ජීවිතය

ම්ම්ම්ම්..........
ඒක හොඳ අර්ථකථනයක්. ඇය අම්මා වෙනවා ඔහු තාත්තා වෙනවා. එහෙත් දෙදෙනා දෙදෙනා මයි. එක් වගකීමක් අනෙක් වගකීමකින් මිදෙන්න මෙවලමක් කර ගන්නේ නැතිව අප මේ ගමන යා යුතුයි. මෙයට ඉවසීම, විශ්වාසය හා අවoක කම කියන ගුණාoග අත්‍යාවශ්‍යයි.
දෙදෙනා අතර තියෙන අවබෝධය ඉතා වැදගත්.
ජීවිතය කියන ප්‍රශ්ණ පත්‍රයේ තිබෙන අමාරුම ප්‍රශ්ණයක්නේ.

බොහොම ස්තූතියි සොයුරිය අදහසට
 
nwnbs

Member
මගෙ අදහසත් දිල් ගෙ(Dilakshika) අදහසම තමයි... ඉස්සර වගේම නැති උනාට දෙන්නට දෙන්න ආදරේ බව දෙන්නම දන්නව... එහෙම නේද... :)
හොඳ නිර්මාණයක් යාළුවා... සුබ පතනව... :)
 
Nikkie

Member
Sep 23, 2008
702
21
0
Earth
සැබෑ අර්ථ කතනයක් ;)

මෙතන ආදරයේ වෙනසක් නෙමේ. වගකීම්වල වෙනසක් වෙලා තියෙන්නේ. ඇය මවක් විදියට දරුවන්නේ වගකීම් දරාගෙන ඉන්න බවක් තමා මට පේන්නේ.

ඇය අම්මා කියන පදවිය තුල වගකීම් පවරගන්නවා....

මේක නේද සැබෑ ජීවිතය
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මගෙ අදහසත් දිල් ගෙ(Dilakshika) අදහසම තමයි... ඉස්සර වගේම නැති උනාට දෙන්නට දෙන්න ආදරේ බව දෙන්නම දන්නව... එහෙම නේද... :)
හොඳ නිර්මාණයක් යාළුවා... සුබ පතනව... :)

බොහොම ස්තූතියි යාළුවා. ඔයාලගෙ දිරිමත් කිරීම නිසා තව තවත් ලියන්න හිතෙනවා.