කාලිදාසයන් ලියූ හොඳම කවිය..

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    කාලිදාසයන් ලියූ හොඳම කවිය..

    කාලිදාස. කුමාරදාස රජුන්ගේ කාලයේ හිටපු ශ්‍රේෂ්ඪ කවියෙක්..

    කොහොම වෙතත් කාලිදාසගේ කවි ඒ කාලේ හෙන ප්‍රසිද්ධයි. නිකමට හිතන්නකෝ ශිහාන් සහ ලංකාවේ කෙල්ලෝ ගැන. කාලිදාසගේ කවිවල තියෙන ගතිය නිසා සිය පියයුරු වල කාලිදාගේ කවි ලියාගන්න ගැහැණු ලමයි ඒකාලෙත් හිටියා. කුමාරදාස රජතුමාගේ දියණියත් මින් එක්කෙනෙක්..
    දවසක් කාලිදාස පාරේ එනකොට කුමාරදාස රජතුමාගේ දියණිය සඳලුතලයේ සිට පහලට පඩිපෙලින් දියගේන්න පොකුණ වෙත යමින් සිටියේ. ඇය එකවරම කාලිදාස දැක්කා. ඇය කෙතරම් කලබල වුනාද කිව්වොත් ඇය උකුලේ රඳවාගෙන සිටි කලය පඩිපෙල දිගේ පහලට පෙරලී ගෙන ගියා..
    කාලිදාසගේ කවි අදහස් අවදි වුනා. කිව්වා ශ්ලෝකයක්..

    රාජාභිෂේකේන මදවික්ඛලායං..
    රාජ අභිෂේකයෙන් සිහිය විකල් වෙලා ඉන්න තැනැත්තියකගේ..

    හස්තං චුතං හේම ඝඨෝ විහත්තං..
    හේම ඝඨෝ කියන්නේ රත්තරං කලය, රත්තරං කලය හස්තයෙන් ගිලිහුනා.

    සෝපානු මාර්ගේන කෘතෝප ශබ්දං..
    සෝපානු මාර්ගය කියන්නේ පඩිපෙලනේ, සෝපානු මාර්ගයේ මෙන්න මේවගේ ශබ්දයක් දෙමින්,

    ටං ටං ටටං ටං.. ටට ටං ටටං ටඃ..
    අන්තිමට ටහ් කියලා කිව්වේ අන්තිම පඩියෙන් පොලවට වැටුන සද්දේ..

    Ref- http://panaakuru.blogspot.com/2013/03/blog-post_19.html

    කාලිදාස (කවියා) - https://si.wikipedia.org/wiki/කාලිදාස_(කවියා)
     
    Last edited: