ඔන්න මගේ පත හෑල්ල
මෙහෙමයි... බටහිර වෛද්‍ය විද්‍යාව එන්න සෑහෙන කාලෙකට කලින් දේශීය වෙදකම තිබ්බා.. ඒක නිසා මොනම මොහොතක වත් දේශීය වෙදකම හෑල්ලු කරන්න එපා සහ අපිට අයිතියකුත් නෑ.. හැබැයි ඕනෑම රටක දේශීය වෛද්‍ය ක්‍රමේ හෑල්ලු වෙන්න ගත්තෙ තාක්ශනය සහ විද්‍යාවෙ දියුනුව නිසා... බෙහෙත් හොයන්න තියෙන අපහසුව බෙහෙත් හදාගන්න තියෙන අපහසුව... අනික දේශීය වෙදකම පැවතියේ පරම්පරාවෙන් වීමත් ලොකු ගැටලුවක්.. මේක සායනික පරීක්ශාවක් නැතුව පොත් පත් වලින් කට වචනෙන් ආපු රීතීන් පද්දතියක් තමා දේශීය වෙදකමේ තියෙන්නෙ... ඔන්න ඔතන තියෙන ගැටලුව විසදන්න කිසියම් හෝ කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් සහ රසායනාගර පරීක්ශනාගාර හදලා දෙනවා නම් මේ වෙදකම ලොකෙ ඉහල තැනක තියේවි.... අපේ පවට පහල වුන කිසිම පාලකයෙක් මේවට උදව් කලේ නෑ... මොකද හැමෝම කලේ බිස්නස් එකක්. ඇවිල්ලා හම්බ කරා මිසක් රටට සෙතක් කලේත් නෑ කරන පාටකුත් නෑ.
පැණිය
පැණිය සමහර විට ඇත්තටම කොරෝනා හොද වෙන පැනියක් වෙන්න පුළුවන්. හැබැයි එකක් කියන්න ඕන කිසිම වෛරස් රෝගයක් විනාශ කරන්න බෙහෙත් නෑ.. කරන්න තියෙන්නෙ වෛරස් එකට එරෙහිව ප්‍රතිශක්තී කරණය ඇති කරන බෙහෙත් නිර්මානය වීම පමනයි. එම ප්‍රතිදේහ ශරීර ගත වුනාම ශරීරය ඇතුලෙදි ආසාධිත සයිල විනාශ වීම තමා වෙන්නෙ. ඕක තමා වෛරස් සහ ප්‍රති දේහ ගැන තියෙන කතන්දරේ. මට පැහැදිලිවම කියන්න පුළුවන් මේ වෛරස් එකෙන් ප්‍රතිදේහ ඇගට ඇතුලු වෙන්නෙ නෑ... ප්‍රතිශක්තී කරණ හැකියාව දෙගුන තෙගුන වෙනවද කියලා සායනිකව පරීක්ශා කරන්න ඕන. මේ ලොකෙ කිසිම දෙයක් සායනිකව පරීක්ශා කිරීමකින් තොරව බෙහෙතක් කියලා ඔප්පු වෙන්නෙ නෑ... ඒක නිසා ඔය පැණිය භාරගැනීම හෝ විසි කිරීම කරන්න තියෙන්නෙ ක්‍රම දෙකයි...
එකක් - වෛරසය ශරීර ගත වූ පුද්ගලයෙක් ට නියමිත මාත්‍රාවන් ලබා දීම මගින් තහවුරු කිරීම.. එහි ගුනාත්මක භාවයක් දකිනවා නම් නියැදිය විශාල කිරිම... නියැදිය ආවට ගියාට විශාල කිරීම කල නොහැකියි.. බෙහෙත ලබාදෙන හැම කෙනෙක්ටම බ්ලඩ් රිපෝර්ට්ස් බ්ලඩ් ගෲප් පරීක්ශා කරලා වෙන් කරගෙන තමා දෙන්න ඕන... එහෙමත් පරීක්ශනයකින් සමත් වෙනවා නම් ඔන්න තාවකාලික බෙහෙතක් කියලා නම් කරලා කරන්න තිබ්බා...
ඉතින් මේ අපිට ඉන්න බූරු පාලකයො ඉන්නව නෙ... උන් මේකට කැමති නෑ... උන් කැමති උනත් ඉරිසියාකාර පර හැත්තක් ඉන්නවා නෙ බටහිර ඩොට්ටලා කියලා ( හැමෝම නෙවෙයි හොදේ දෙවිවරු ඉන්නවා ඇහැට දැකලා තියෙනවා ) උන් කැමති නෑ... උන් අකමැති දෙයක් කරන්න පාලකයො කැමති නෑ මොකද ස්ට්‍රයික් කරොත් එහෙම හික්කඩු යන්න වෙන නිසා...
ඉතින් අපේ වෙදකමට කෙලවුනේ කොන්දක් පන ඇති තීරන ගන්න පුළුවන් නායකයෙක් නැති කම මිසක්... කුහක උන් නිසා වත් බටහිර වෛද්‍ය ක්‍රමය නිසාවත් නොවේ...