කාලෝ, අභියෝගය බාර ගන්නවා ලක්ෂ දහයක් මදි!

Posted on 01 August 2012.
Rating: 3.5/7 (2 votes cast)
කාලෝගේ මනස්ගාත ( පෝදා පණිවිඩය )
අපේ වෙබි අඩවිය කියවන සුළුතරයක් දෙනා දන්නා පරිදි හේගල් යනු ඇරිස්ටෝටල්ගේ වසර 2000ක පමණ කාලයක් පුරා ප්‍රමිතිගතව තිබූ රූපික තර්ක ශ්‍රාස්ත්‍රය සමතික්‍රමණය කළ දාර්ශණිකයාය. ඇරිස්ටෝටල්ට අනුව A=A. එබැවින් A තුළ එහි විරුද්ධාභාෂය යන්න අසත්‍යයයි. සරළව කිව හොත් Aනම් ඒ දෙය තුළ ‛Aනොවන්න’ ප්‍රතිවිරෝධයකින් තොරව පැවතිය නොහැක. හේගල් ගේ අභියෝගය වන්නේ මෙම ඇරිස්ටෝටලියානු තර්කනය සමතික්‍රමණය කිරීමය. හේගල්ට අනුව Aතුල එහි නොවන්න අන්තර්ගතව පැවතිය හැක. මන්ද යත් චින්තනය චලනයවන්නක් මිස ස්ථිතික දෙයක් නොවන නිසාය. A තුළ එහි විරුධාභාෂය පැවතිය යුතුය. නැතිනම් මනුෂ්‍ය ලෝකයට ව්‍යපර්යාසය යනුවෙන් දෙයක් හදුනා ගන්නට විදිහක් නැත.හේගල් මෙම නව තර්ක ශ්‍රාස්ත්‍රයට කියන්නේ ‛දයෙලික්තිකය’ කියාය. එය ක්‍රමවෙිදයක් නොව භාවිතාවේ යොදවන්නක්.
අවාසනාවට මෙන් වෛද්‍ය විද්‍යාවේ සහ ස්නායුවෙිදයේ අනුදත් මහාචාර්ය කාලෝ ෆොන්සේකාට ‛යථාර්ථය’ යනු ඇරිස්ටෝටලියානු අදහසකි. එනම් ‛යථාර්ථයට’ ඔහුට අනුව පරස්පරයන් පැවතිය නොහැක. එසේ පවතී නම් එය චින්තනයේ ගැටලුවකි. ඔහුට අනුව චින්තනය පරස්පරතාවයන් ගෙන් තොර ශුද්ධ එකක් විය යුතුය. නමුත් අප දන්නා පරිදි යථාර්ථයට මාන දෙකක් ඇත.
01-ඉන්ද්‍රියන් මගින් අපට ප්‍රත්‍යක්ෂ කරගත හැකි යථාර්ථය ( ප්‍රපංචය)
02-අපට තර්කයෙන් අවබෝධකර ගත නොහැකි යථාර්ථයේ කොටස. එනම් ඉන්ද්‍රීය ගෝචරත්වය ඉක්මවා යන දෙය. (නිශ්ප්‍රපංචය)
කාලෝට අනුව යථාර්ථයට මෙවැනි දෙබිඩි ස්වරූපයක් නැත. නමුත් ‛කාන්ටි’ නම් දාර්ශණිකයාට අනුව තර්කයට අවශෝෂණය කරගත නොහැකි යථාර්ථයේ කොටසක් ඇත. අප එයට කියන්නේ මිනිසාගේ ආත්ම මූලිකත්වය කියාය. මනෝවිශ්ලේෂණයට අනුව අපට මෙතැනට ෆැන්ටසිය කියාද කිව හැකිය. මේ ලෝකයේ භූතයන්, යක්ෂයන්, අවතාර පවතින්නේ මේ නිසාය. භූතයන් වනාහී මිනිසුන්ගේ ආත්මමූලික අවශ්‍යතාවන්ය. එය හේතුව ඉක්මවා යයි.
කාලෝගේ ප්‍රවාදයට අනුව මිනිසා සෑම විටම මෝහයෙන් ඉවත් වී විද්‍යාවේ ආලෝකයට ඇතුලු වේ. නමුත් අපට මනෝවිශ්ලේෂණය උගන්වන්නේ මීට සපුරා වෙනස් පාඩමකි. ඊට අනුව මිනිසා මෝහයට බලවත් ලෙස ආශා කරයි. උදාහරණයක් ලෙස කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ජනප්‍රිය සංස්කෘතියේ නියෝජිතයෙකු වන නිමල් ලක්ෂපති ආරච්චි මහතා පපුවේ වේදනාව සුවකර ගැනීමට බුලස් පටුමගේ තම නිවසේ පැය 06ක් තෙල් ගාමින් සිටියේ ඇයි? ඒ නිසා මිනිසාට මෝහයට ඇත්තේ දැඩි අනුරාගයකි. මිනිසාට විද්‍යාවට ඇත්තේ දැඩි විකර්ශණයකි. මෙය අපගේ සාමාන්‍ය දැනුම අවුල් කරවන තත්ත්වයකි.
බටහිර විද්‍යාවේ තර්ක ඥාණය පදනම් වී ඇත්තේ යමක් තුළ එහි ප්‍රතිවිරුද්ධ දෙය පැවතිය නොහැකිය යන අස්ථානය මතය. මේ නිසා තමයි විසි වන සියවසේ දෙවන ලෝක යුද්ධයට පසු විද්‍යාවට විරුද්ධව බටහිර දාර්ශණිකයන් විවෙිචනයක් ගෙනාවේ. එහි මූලිකයා ‛ජීන් පෝල් සාත්‍රේ’ ඔහුගේ දර්ශණයේ නම සාංදෘෂ්ඨිකවාදී දර්ශණයි. ඉන් අදහස් කරන්නේ හේතුවට හෝ සංකල්පයට මනුෂය යථාර්ථය ඌණනය කළ නොහැකි බවයි. එනම් විද්‍යාවට අවශෝෂණය කළ නොහැකි ආත්මීය ඇටයක් සෑම විටම ශේෂ වෙි. දෙවියන්,ආත්මය,ගිණි පෑගීම,හාස්කම් යනු ආත්මයට හමුවන අදහසට ගත නොහැකි විවිධ ඇටය. මස් කෑමෙන් පසු බල්ලාට ඉතිරි වන කටුවක් මෙන් හේතුවට අවශෝෂණය කරගත නොහැකි ඇටය යනු ආත්මයයි.(Subject) මෙය භෞතිකයකි.
අපි කාලෝ දෙසට හැරෙමු. ඔහු මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයෙකු බව අපි දනිමු. එහිදී ඔහු මහින්දව පිළි ගන්නේ තර්ක බුද්ධ්යෙන් ද? නැත. මහින්ද රාජපක්ෂ ගැන ඔහුට ඇත්තේ අන්ධ විශ්වාසයකි. එය දැනුමක් නොවේ. ගිණි පෑගීම හෝ දෙවියන් ඇඳහීමද විශ්වාසයකි. එය සර්ව බලධාරී අනෙකාට කරන කන්නලව්වකි. මිත්‍ය විශ්වාස යැයි විද්‍යාව විසින් හඟවන බොහෝ දේවල් මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ කරතත් කාලෝ ඒවාට විරුද්ධ වන්නේ නැත. මහින්දට කාලෝ විද්‍යාවේ කෙවිටෙන් පහර දෙන්නේ ද නැත. මෙය කාලෝට මහින්ද ගැන ඇති මිත්‍ය විශ්වාසයක් යැයි විද්‍යාඥයෙකුට පැවසිය නොහැකි ද? මහින්ද තුල තර්කය හා මිත්‍යාව එකට පැවතීම කාලෝට පරස්පරයක් නොවේ.
එබැවින් දෙවියන් ඇඳහීම,ගිණි පෑගීම, අයත් වන්නේ දැනුමේ ක්ෂේත්‍රයට නොවේ. එය අයත් වන්නේ විද්‍යාවට පය ගැසීමට නොහැකි ‛සද්භාව ක්ෂේත්‍රය’(Ontology)ටය. එබැවින් මනුෂ්‍ය ලෝකය පවතින තාක් කල් දෙවියන් විශ්වාස කිරීම අත්හිටුවිය නොහැක. මන්ද යත් දෙවියන් යනු අපගේ අවිඥාණික විශ්වාසයක් වන නිසාය. එය තර්කයෙන් පලවා හැරිය නොහැක.
කාලෝට අනුව මනස යනු මොලයේ විවිධ සෛල වල ක්‍රියාකාරීත්වයන්ගේ ඵලයකි. නමුත් අපට අනුව මනස යනු සමාජ මනසයි(Spirit) මොළය යනු සමාජය මැදිහත් වූ මොළයයි. එවිට එය ස්නායු සමස්ථයක් පමණක් නොවේ. එය සමාජ සමස්ථයකි. දුමින්ද සිල්වාගේ අත් දැකීම් අපට ඉගැන්වූ සත්‍ය එයයි. මේ නිසා හේතු වාදීන්ට අපි අභියෝග කරන්නෙමු. ගිණි පාගන මිනිසුන් මිත්‍ය දෘෂ්ඨිකයන් නම් ඔබලා අයත් වන්නේත් එම කාණ්ඩයටමය. භක්තිය සහ ඇඳහීම යන ක්ෂත්‍ර අයිති වන්නේ විද්‍යාවට නොව ආගමට සහ දේශපාලනයටය. ආගමේ දී නම් දෙවියන් ද සහ දේශපාලනයේ දී නම් නායකයන් ද වැදගත් වන්නේ මේ නිසාය.
එබැවින් දයෙලික්තිකය යන්න අපට වැදගත් වන්නේ හේතුව මඟින් උඳුරා ගත නොහැකි යථාර්ථයේ කොටස ගවේෂණය කිරීමේ දීය. විද්‍යාව මගින් හෝ දැනුම මගින් අවශෝෂණය කරගෙන ඇති යථාර්ථයේ කොටසට දයලෙකිතිකය අදාල නැත. දයලෙක්තික දර්ශණය සමප්‍රේක්ෂණ එකක් යැයි අප කියන්නේ මේ නිසාය. උදාහරණයක් ලෙස දයලෙක්තිකය ස්ත්‍රියගේ ශරීරයට යෙදිය නොහැක. එය නාරීවෙිදයට අයිති කරුණකි. දයලෙක්තිකය අදාල වන්නේ යථාර්ථයේ අප නොදන්නා ස්ත්‍රීය යනු කුමක් ද යන පේශ්ණයට පිළිතුරු යෙදීමේ දීය. එය සමපේක්ෂණය කළ යුතු චින්තනයක් මිස පටු අර්ථයෙන් විද්‍යාවක් නොවේ.
කොවුර්ගේ අභියෝගය කාලෝ අලුත් කරයි!
අත්භූත යමක් ඇත්නම් ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරමින් රට පුරා යමින් අත්භූත සිද්ධීන් බොරු කල ඒබ්‍රහම් ටි. කොවුර් ගැන ඔබ බොහෝ දෙනා දැනටමත් දන්නවා ඇත. ඒබ්‍රහම් ටි. කොවුර් මහතා ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය සමග එක්ව 1964 දී ආරම්භ කල මෙම මුල්‍යමය අභියෝගයට අත්භූත කාරනා 21 ඇතුලත් විය.
එම කරුණු 21 ඔප්පු කල හැකි කිසිවෙක් වේනම් කොවුර් මහතා තමා සතු මුදල ඔහුට ලබා දීමට සැදී පැහැදී සිටියේය. විවිධ පුද්ගලයන් කොවුර් ගේ අභියෝගය බිඳ හෙලීමට පැමිණියත් ඒ මහතා මිය යනතෙක් කිසිවෙක් එම අභියෝගය බිඳ හෙලීමට සමත් වුයේ නැත.
මෙම අභියෝගය හා සම්බන්ධ වැඩිදුර විස්තර කොවුර් මහතා විසින් ලියු දෙවියෝ සහ භූතයෝ පොතේ ඇතුළත්වෙයි.
කොවුර්ගේ මෙම අභියෝගය අලුත් කරමින් මහාචාර්ය කළෝ ෆොන්සේකා හා හේතුවාදීන්ගේ සංගමය එක්ව මෙම අභියෝගය නැවතත් ජනතාවට ඉදිරිපත්කොට ඇත.
මෙවර අභියෝග ගණන 12 ක් දක්වා අඩු කර ඇති අතර ඉන් එක් අභියෝගයක් හෝ ඔප්පු කිරීමට සමත් වුවහොත් මුදලින් ලක්ෂ 10 ක් ලබාදීමට එකඟ වී තිබේ. මෙම අභියෝග බිඳ හෙලීමට ඉදිරිපත්වන පුද්ගලයා මුලින්ම රුපියල් 10,000 ක ඇප මුදලක් තැන්පත්කොට කල යුතුය.
එම අභියෝග 12 නම්
1. දැවෙන ගිනි අඟුරු මත යටිපතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගන සිටීම.
2. ලියුම් කවරයක බහා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම.
3. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන ලංකාවේ මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම
4. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන කෙනෙකු විසින් පදවන ලද වාහනයක් “ගුප්ත බලයකින්” නතර කිරීම.
5. අධ්‍යාත්මික හෝ වෙනත් ගුප්ත බලයක් හෝ උපයෝගී කරගන විනිශ්චය මණ්ඩලය විසින් නියම කරනු ලබන වස්තුවක් අතුරුදහන් කිරීම.
6.විනිශ්චය මන්ඩලය විසින් දෙනු ලබන ද්‍රව්‍යක බර යටත් පිරිසෙන් 10%කින් වැඩි කිරීම හෝ අඩු කිරීම.
7. විනිචය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යයක් ගුප්ත බලයකින් ගොඩගැනීම. (උදා: තරඟ කරු විසින්ම පිළියෙළ කළ “හූනියමක් වුව” කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩ දිය නොහැක්කේ එහිදී ඉලෙක්ට්‍රොනෙ උපාංග භාවිතා කළහොත එය තරඟකරුගේ හාස්කමකින් නොවන නිසාය)
8 වතුර වයින් බවට හෝ පෙට්‍රල් ජලය බවට හෝ වයින් රුධිරය බවට හෝ පත්කිරීම.
9. හුදෙක්, විශ්ව ශක්ති බලයක් හෝ වෙනත් ගුප්ත බලයක් උපයෝගී කරගන හෝ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිටදී විනාඩි පහකට ලංකාව පුරා ඉන්ටර්නේට් (අන්තර්ජාලය) අත්හිටුවීම.
10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන්විට ඔවුන් සම්බන්ධ පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබාදීම
(අ) ස්ත්‍රී පුරුෂ භාවය (ආ) ජීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ) ජීවතුන් අතර සිටී නම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද? (ඉ) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ශයේද? (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ තත්ත්වය, වෘත්තිය, රැකියාව
11. ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් දස දෙනෙකුගෙන් පස් දෙනෙකු තෝරාගන (අප විසින් දස දෙනාටම අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) කිසියම් නිශ්චිත කාලසීමාක් තුළදී ගුප්ත බලයක්, විශ්වශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.
12. සම්පූර්ණ වශයෙන් දෑස් නොපෙනෙන හෝ ඇවිදීමට නොහැකි දස දෙනෙකු ඉදිරිපත් කළ විට (විනිශ්චය මණ්ඩලය විසින් දස දෙනාට අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) ඒ අතුරින් තෝරාගත් පස් දෙනෙකු ගුප්ත බලයක්, විශ්වශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.
(10, 11 හා 12 සම්බන්ධව තරඟකරුවන්ට ජ්‍යෝතිෂ පොත්පත්, ලිත් කැලන්ඩර් හෝ පරිගනක භාවිත කළ හැක)
අභියෝග භාර ගැනීමට ඉදිරිපත්වන්නන් පිළිබඳව විශ්වාසය තහවුරු කරගැනීමේ මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර අනතුරුව (අභියෝග ජය ගැනීමට විනිශ්චය මණ්ඩලය ඉදිරිපිට) විනිශ්චයකට භාජනය වීමට පූර්වයෙන් රුපියල් දස දහසක තැන්පතුවක් අවශ්‍ය වන්නේ හුදු ප්‍රචාරක වාසියක් බලාපොරොත්තුවෙන් පමණක් ඉදිරිපත්වන්නන් වලක්වාලීමට බවත් සංගමය පවසයි.
මෙම අභියෝගය පිළිබඳව යම් කෙනෙකුට විමසීමට අවශ්ය නම් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය, 226 සයිමන් දියෙස් මාවත, මාදුපිටිය, පානදුර යන ලිපිනයේ තාරක (0727449599), අමුණුගොඩ (0773119398), සූරපාල (0777295200) යන මහත්වරුන්ට ඇමතිය හැක.
විනිශ්චය මණ්ඩලය සඳහා හේතුවාදී සංගමයේ නියෝජිතයෙකු, මාධ්‍යවේදියෙකු සහ විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කෙරෙන බව ශ්‍රී ලංකා හේතුවාදී සංගමය පවසයි.
ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය ඒබ්‍රහම් ටි කොවුර් විසින් ගෙන ආ අභියෝගය නැවත අලුත් කෙරෙනුයේ ලංකාවේ නැවතත් මිත්‍යාව පැතිරී ඇති යුගයකය.
එහෙයින් මින් පසුව කිසියම් අත්භූත හැකියාවක් බලයක් ඇත්නම් පුවත්පත් වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ වීමට ප්‍රථම මෙම අභියෝගයට මුහුණ දී තමාගේ හැකියාව සනාථ කිරීම වඩා සුදුසු බව අපගේ අදහසයි.
පසුගිය කාලයේ මාධ්‍යය මගින් ප්‍රචාරය වූ “කනප්පුවෙන් හොරු ඇල්ලීම” “බෝතල් ඇතුලට භූතයන් දමා සිර කිරීම” වැනි දේවල් කාටත් කුතුහලයක් ගෙන දීමට සමත් වුනා. නමුත් ලංකා හේතු වාදීන්ගේ සංගමය විසින් එලෙස මායාව හා සැබෑව අතර වෙනස පෙන්වා දීමක් සිදු කලේ මෙලෙසින්.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,