නොදකින් මේ වගේ කාල කන්නි වේසිගෙ පුතාලට මරණ දඩුවම දෙන්න ඕනේ. මහින්දයට කසිනො බාර් හැම රෙද්දම ලංකාවට ගෙන්න පුළුවන්. එත් මරණ දඩුවම දෙන්න ගියාම තමා මේක බෞද්ධ රටක් කියල මතක් වෙන්නේ. මරණ දඩුවම දැන්වත් ක්රියාත්මක කර නම් මේ වගේ කාලකන්නි ටිකක් හරි අඩු වෙනවා.
Soruce: Divaina
රටක් නුහුලන හොරොව්පතානේ කතාව
* මේ වෑයම කුණු රසය ඉස්‌මතු කිරීමට නොවේ
මෙහෙව් සමාජයක් අපිට එපා!
පියා වසර 120 ක් හිරේට
මෙය සටහන් නොතැබිය යුතු කතාවක් යෑයි අපි විශ්වාස කරමු. ඕනෑම සංවේදී කතාවක ඇති 'කුණු රසය' පමණක් ඉස්‌මතු කර පාඨකයා වල්මත් කිරීමේ ප්‍රවණතාවක් අපට කොහෙත්ම නැත. එහෙත් තිරිසන් කුලයට අයත් මිනිසුන් පිළිබඳව සමාජය දැනුම්වත් විය යුතුම බවද අපි විශ්වාස කරමු.
පසුගිය දිනෙක අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්‌වර්ණාධිපති මහත්මිය ඉතිහාසගත තීන්දුවක් දී තිබිණි. ඒ අවුරුදු 16 හා 13 වයසැති සිය දියණියන් දෙදෙනා කෙළෙසූ 'තිරිසනෙකුට' වසර 120 ක උපරිම සිර දඬුවමක් නියම කරමිනි.
දැරියන්ගේ පියා යෑයි කීමට හෝ නුසුදුසු මේ තිරිසනා හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි අධමයෙකි. සිය බිරිඳට මරණ තර්ජනය කරමින්, ඉනිදු නොනැවතී විවිධ වධහිංසා පමුණුවමින්, පහරදෙමින් ඇය බිය ගන්වා එකී විත්තිකරුවා සිය දියණියන් දෙදෙනා වසරකට ආසන්න කාලයක් කෙළෙසා ඇත්තේ ඇතැම් දිනවල පාසල් යැමට හෝ ඉඩක් නොතබමිනි. නිසැකවම එකහෙළාම පවා එ දවස කම්පාවන්නට ඇත. හේනේ පැලකට දැරියන් දෙදෙනා රැගෙන ගිය මේ නරුමයා ඒ දෙදෙනා කෙළෙසා ඇත්තේ මාරුවෙන් මාරුවටය.
මත්පැන් සහ ගංජා පානය කරන මේ පාපිශ්ටයා ට බියෙන් බොහෝ දිනවල දියණියන් දෙදෙනා කාලය ගතකර ඇත්තේ නිවසේ ඇඳ යට සහ අසල්වැසි නිවෙස් වලය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි රජයෙන් පත්කළ නීතිඥවරිය අධිකරණයට කරුණු දක්‌වා තිබුණේ විත්තිකරු සියලු චෝදනාවන්ට වරද පිළිගන්නා බැවින් ඉදිරියේදී යහපත් අයෙකු ලෙස සමාජගතවීමට හැකිවන පරිදි අවම දඬුවමක් නියම කරන ලෙසය. මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට දඬුවම් ලබාදෙමින් කර ඇති ප්‍රකාශය අතිශය සංවේදීය.
"විත්තිකරු විසින් පෝෂණය කළ යුතු ඔහුගේ රැකවරණය ලබමින් සිටි ඔහුගේම දියණියන් දෙදෙනා විත්තිකරු විසින් බරපතළ ලෙස දූෂණයට හා අපයෝජනයට ලක්‌කර ඇති බැවින් විත්තිකරුට සහනයක් ලබාදීමට තරම් කිසිදු සාධාරණ හෝ යුක්‌තිසහගත හේතුවක් නොමැත".
මහාධිකරණ විනිසුරුවරියගේ ප්‍රකාශය එබඳුය.
මෙහි වඩාත්ම සංවේදී අවස්‌ථාව එළඹියේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර අධිකරණයේ සිටි විත්තිකරුගේ දියණියන් දෙදෙනා අමතමින් විනිසුරුවරිය "පියා ගෙදර රැගෙන යැමට අවශ්‍ය" දැයි විමසූ මොහොතේය. ඒ මොහොතේ විත්තිකරු දෙස බැල්මක් හෝ නොහෙළා දියණියන් දෙදෙනාම කියා සිටියේ "අවශ්‍ය නැති" බවය.
මේ නඩු තීන්දුව ගැන කතා කරන මොහොතේ අප පුවත්පතේ ජ්‍යෙෂ්ඨතම ප්‍රවීණයකු ඔහුගේ අත්දැකීමක්‌ද අප සමඟ පැවැසීය. වෙනත් පෞද්ගලික කාරණයක් සඳහා කොළඹට ආසන්න පොලිසියක ස්‌ථානාධිපතිවරයා මුණ ගැසීමට ගොස් සිටි ඔහුට අපූරු සිදුවීමක් දක්‌නට ලැබිණි. ඒ ජීප් රථයක සිටි පුද්ගලයකුට පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පහරදී එළියට ඇද දමන අයුරුයි. එකෙණෙහිම ජීප් රථයෙන් බැස දිව ආ කුඩා දැරියක් පියාගේ ඇඟේ එල්ලෙමින් කෑගසා ඇත්තේ "අනේ... තාත්තාට ගහන්න එපා" කියමිනි.
අප ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියා ස්‌ථානාධිපතිවරයාගෙන් ඒ ගැන විමසීය. පහර කෑ පුද්ගලයා පොලිසියට රැගෙනැවිත් ඇත්තේ ඔහු බේරාගැනීමට තැත්කළ දියණිය කෙළෙසීමේ වරදට බව ස්‌ථානාධිපතිවරයා පවසා අත්තේ ඔහුගේ ගත සිත හිරිවට්‌ටමිනි.
"එහෙව් ආදරයක් තියෙන දුවලාට නේ මේ තිරිසන්නු මේ පාහර අපරාධ කරන්නේ..."
ඔහු අප සමඟ කිවේය.
මේ සිදුවීම් දෙකම අප හදවතේ තිගැස්‌මක් ඇතිකරන සුලුය.
මේ තුන්තිස් පැයේ බණ අහන බණ කියන රටය. එහෙව් රටේ මේ තරම් තිරිසනුන් බෝවන්නේ මන්දැයි විමසා බැලිය යුත්තකි. පසුගිය කාලය පුරාම මෙවැනි සිදුවීම් ගණනාවක කම්පිත අත්දැකීම් විටින් විට වාර්තා විණි. බොහෝ සිදුවීම් වාර්තා වූයේ සිය දියණියන් තනිකර ඉසුරු සොයා මවුවරු එතෙර ගිය පවුල් වලිනි. එසේත් නැතිනම් මව හෝ පියා අතැරගිය පවුල්වලිනි. එක් යුගයක ධර්මිෂ්ඨ සමාජයකට රට ගෙන යනවා යෑයි අවධියේ වුවද රටට නිරන්තරයෙන් ගලා ආවේ ඒ සංකල්පයට නොගැලපෙන දැය. මිනිස් මනස විකෘති කරවන සුළු දැය. එතෙක් හේනට ගොස් දහඩිය මහන්සියෙන් වැඩ කර සිය දරු පවුල නඩත්තු කරන පියවරුන් යක්‍ෂ වේශ ගෙන දියණියන්ද කැටුව හේනට ගොස් සිය අභ්‍යන්තර ආශාවන් දවස පුරා සංසිඳුවා ගන්නා තත්ත්වයට පත්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. වර්තමානය වන විට එහි පූර්වාදර්ශ බිම් මට්‌ටම කරා ගෙනයන්නේ දේශපාලනඥයන්ය. පසුගිය කාලය පුරාම දැරියන් කෙලෙසීමේ වාර්තා තබන්නට දේශපාලනඥයන් සමත් වූ වග කුණු රසයද සමග මාධ්‍යයට අගනා ප්‍රවෘත්ති සම්පාදනය කළ බව අමතක කළ යුතු නැත. ඉක්‌මණින්ම සමාජය වෙනස් කළ යුතු කාලය එළඹ ඇත. එය කාන්තා දිනයට පමණක් එළිබසින කාන්තා සංවිධානවලට කළ හැක්‌කක් නොවේ. ඊට පෙරමුණ ගත යුත්තේ මවුවරුන්ය, පියවරුන්ය. ඒ මේ ඔබේම දියණිය බැවිනි.
උදේශ සංජීව ගමගේ