කාවන්තිස්ස කෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දැන් නිකමට අපි හිතුවොත් පවිත්‍රාදේවී විහාරමහාදේවි Lite වගේ තව ටික දවසකින් මුහුදට බිලිවෙන්න ඕනෙමයි කිව්වා කියලා..

    ඔන්න එදාට "පොදුජන කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිනිය සමුද්‍රගතකිරීමේ රාජ්‍ය මහෝත්සවය" ඕගනයිස් කරනවා...

    ගෝල්පේස් එකේ පාර වහලා පිට්ටනියෙ හට් එකක් ගහලා සිංහයා තලෙන් කඩුව අල්ලන් ඉන්න දයා බතික් ජාතික කොඩියි, බෞද්ධ කොඩියි වලින් සරසලා.

    මීඩියා ඇවිල්ලා කට්ටිය වටවෙලා දෙස් විදෙස් පක්ෂ විපක්ෂ සම්භාවනීය අමුත්තො ඇවිල්ලා වාඩිවෙලා ඉන්නවා.

    ජනාධිපතිතුමා අස්සයො පෙරටු කරගෙන එතෙන්ට ආවට පස්සෙ උත්සවේ වැඩ පටන් ගන්නවා...

    මේ වෙද්දි itn රූපවාහිනී live දෙනවා.
    මල්ටි බැරල්, තොප්පිගල, පොලොව ඉඹින දර්සන., ගෝල්පේස් උඩින් ඇඟ කිලිපොලා යන ඩ්‍රෝන් කැමරා දර්සන, කැලනිතිස්ස රජ්ජුරුවන්ගෙ කාලෙ සුනාමියෙ ඇනිමේෂන් වීඩියෝ, පවිත්‍රා මැඩම් පාලිමේන්තුවෙ ගැම්මෙන් කතා කරන ඒවා එහෙම පෙන්නනවා..

    ටීවි එකේ වම් කොනේ ජාතික කොඩිය ලෙලදෙනවා. දකුණු කොනේ පවිත්‍රා මැඩම් පැත්තට හැරිලා උඩ බලාගෙන ඉන්න පෝස් එකේ බ්ලැක් ඇන්ඩ් වයිට් පොටෝ එකක් තියනවා.

    සර්වාගමික වතාවත් කරලා, ජාතික ගීය කියලා ජාතික කොඩිය උස්සලා ජනාධිපතිතුමා ජාතිය අමතනවා. පවිත්‍රගෙ ගුණ කතනයක් කරනවා. කතා කරලා ඉවරවුණාට පස්සෙ නිවේදක උන්නැහේ ජැක්සන් මහත්තයට කතා කරනවා ස්ටේජ් එකට.

    ඔන්න ජැක්සන් මයික් එක ගන්නවා..

    හ්ම්.. ( උගුරෙන් බර වොයිස් එකෙන් ) ස්තූතියි නිවේදක මහතාණෙනි.. මේ.. ලක් ධරණී තලය සිසාරා දීඝඝාමනී පරපුරේ.. ඒ... යක්ඛ ලේ ධාතුවෙන් උත්කර්ෂයට නංවන ලද්දාවූද පූර්වයේ ලාට රට සිංහ රාජයෙකුට... මහා මිඟිඳෙකුට දාව සුප්පා නම් වූ රාජෝත්තමීවහන්සේගේ කුසින් උත්පත්ති පූර්ණය ලද්දවූ සිංහබාහු නම්වූ මිනිස් සිංහ මහා පුරුෂයාගේ පරපුරෙන් පැවතෙන විජයෝත්තම කුමරුන්ගේද රාජ උරුමය ලබමින් සිව් ගෝත්‍ර එක්කර ගොඩනැගූ සිංහලයේ ත්‍රීසිංහලාධීශ්වරයාණන් ඉදිරියේ සිට මේ මහා උත්තුංග ජලධාතුව කම්පණය වන මේ සුවිශේෂී ඓතිහාසික මොහොතේ මයික්‍රපෝනය අනුනාදය කරන්නට ලැබීම මහා භාග්‍යයක්..

    අපෙ හාමුදුරුවනේ ඒ දඹදිව් තලයෙන් විශ්වයම ත්‍රී සහස්සී ලෝකධාතුවටද පරම පූජනීය වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආර්‍ය පරපුරේ ඥාතීත්වයක් පවතින්නා වූ ගැමුණු කුමර පරපුර රෝහණයෙ මාගම සිය බලකේන්ද්‍රය කරගත්තා. මේ පරපුරේ ඥාතී රාජකීය රුධිරය තමයි අදටත් මාගම බෙලිඅත්ත ගිරුවාවපත්තුවේ පවතින්නෙ.. ඉතින් ඒ ශ්‍රී රෝහණ ජනරංජන අතිගරු අපේ රාජපරපුරේ ආශිර්වාදයෙන් හෙළ සුපර්නිකා, මන්දෝදරී, කුවේණි අපේ යක්ඛණී, අනුලා, විමලාවතී, සුගලා, සෝමා, විහාරමහාදේවි පරපුරේ වීර ධීර එඩිතර ශූර පවිත්‍රාදේවීන් අද මේ මහපොළොව වෙනුවෙන් සිය දිවි සත්සමුදුරට කැපකරන්න සූදානමින් සිටිනවා..

    සුවහසක් සිය තුන් සිංහලේ නෑදෑ සනුහරේ කොවිඩ් මරු රෝ බියෙන් මුදවා ගන්නට සමුද්‍රගතවන ඇගේ වීර වික්‍රමාන්විත එඩිය අපට පමණයි උරුම..

    ඉතින් මා කියා සිටිනවා.
    අතිගරු ජනාධිපතිතුමනීඊඊ..

    මේ මහා දිය කඳ.. මෙතුන්ලෝකයටම බලපවත්නා වූ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ ආදි කොට ඇත්තාවූ සතරමහා දෙවිදේවතාවුන් වහන්සේලා විශ්ණු කතරගම මහින්ද ගෝඨාබය ආදී අප රකින්නාවූ ලෝකපාලක දෙවිදේවතවුනි..ඔබවහන්සේලා, සිය දිවි පුදන්නාවූ අපේ පවිත්‍රාදේවීන් වහන්සේව බාරගෙන අපත් අපේ රජයත් රටත් ජාතියත් රැකදෙත්වා.. ආවඩා... අයුබෝහෝ වේවා..හෝ..

    ඒක ඉවරවෙනවත් එක්කම බැක්ග්‍රවුන්ඩ් එකෙන්..

    ඔව් දැන් අප එළඹී තිබෙන්නේ ඒ ඓතිහාසික මොහොතටයි.. සිය දිවි මුහුදට බිලිදීම සඳහා පවිත්‍රාදේවීන් රතුපලස මතින් පැමිණෙන ආකාරය අපට පෙනී යනවා..

    නැටුං කණ්ඩායමක් මැද්දෙන් පවිත්‍රා නෝනා එනවා.
    ඇඟම වැහෙන්න සුදුපාට ලෝගුවක් ඇඳලා, කොණ්ඩෙ හිස මුදුනෙන් බැඳලා, රතු මාලයක් සංකේතවත් වෙන්න සාටකයක් දාලා..අත වනනවා. ආයුබෝවන් කියනවා.

    ස්ලෝමෝසන් ෂොට් එකක්. ඩ්‍රෝන් ,ක්ලෝසප් ෂොට්ස් එක්ක කැපෙනවා.
    ඈත මුහුදු රැල්ල දිහා බලාගෙන සීරුවට එනවා. කොණ්ඩෙ කෑලි, සාටකේ හුළඟෙ යනවා.. හින්දි ෆිල්ම් එකක් වගේ හිමීට අඩිය තියාගෙන පිට්ටනිය මැද්දෙන් එනවා..
    ඕඩියන්ස් එකේ මිනිස්සුන්ගෙ ඇස්වලට ක්ලෝසප්ස් කපනවා. කඳුළු පිහිනවා.

    සින්දුව ප්ලේ වෙනවා..

    යාපා පටුන උතුරින් දකුණින් දෙවුන්දර තුඩුවෙන්
    නැගුණ කෝවිඩ් පොකුරු නිවමින්..
    දේවිබල මහිමෙන්...
    දෙස් විදෙස් ඇස් මවිත කරවයි..
    පවිත්‍රාවනී....
    ආයුබෝවේවා...
    පවිත්‍රාවනී.. ..

    පවිත්‍රා නෝනා මයික් එක අරගෙන කතාවක් කරනවා..

    මෙය එක් ගැහැණියකුගේ බෝට්ටුවක් වුවත්, සමස්ථ මානව වර්ගයා වෙනුවෙන්ම තබනා යෝධ ටයිටැනික් නැවක් වනු ඇත..මම සටන් කළා, චීන කාන්තාව ඉඹලා මේ ලෝකෙට පණිවිඩයක් දුන්නා..( චීන තානාපති හෙඩ්සෙට් එක කනේ ගහගෙන කඳුළු පිහින ක්ලෝසප් එක), දිවා රා නොබලා මහන්සි වුණා, බෙහෙත් හෙව්වා, මුට්ටි අතෑරියා මිනිස්සු හිනාවුණා අන්තිමේ මම මේ තීරණය ගත්තා....
    ( උම්මා දීපු චීන නෝනා චීන බාසාවෙන් චෝර්දෝ මුජේ.. ඩෝන්ට් ඩයි... කියලා මරලතෝනි දෙනවා. දුවගෙන එන්න හදනවා පොලීසියෙන් අල්ලගෙන ඉන්නවා.)

    කතාව ඉවරයි.
    හවස ඉර බැහැගෙන යද්දි පවිත්‍රා නෝනා ගෝල්පේස් එක මැද්දෙන් මුහුදට හදලා තියන ලෑලි ජැටිය දිගේ ඇවිදගෙන යනවා.. ඈත රතුපාට ගිනිබෝලයක් වගේ ඉර. සිතිජය පේනවා. මූදෙ රැල්ල එනවා යනවා.. ස්ලෝමෝසන් ෂොට් එකක්. එතන අයිනෙ නවත්තලා තියනවා අර හංසයෙක්ගෙ මූණක් දාලා හදපු රජ මොඩ්ල් එකේ තෙප්පමක්...
    හිමීට වැට අල්ලන් ඒකට නගිනවා..

    බෝට්ටුවෙ ඉඳන් අත වනනවා.. කඳුළු පිහිනවා..ආයුබෝවන් කියනවා..

    බැක්ග්‍රවුන්ඩ් - ජාතියක් කම්පාවන මේ මොහොතේ ජාතියම වෙනුවෙන් කොවිඩ් බලා දිවි පුදලා මුහුද බලා ගලා යාමට අපගේ නූතන කිරිබත්ගොඩ විහාරමහාදේවින්.. අබ් බ..සමාවෙන්න.. නූතන විහාරමහාදේවින් සූදානමි..

    මල හිරු බැස යන මේ මොහොතේ අප වෙනුවෙන් ඇයට සමුදීමට සුබ මොහොතින් ලණුව කැපීමේ අවස්ථාවයි මේ උදාවී තිබෙන්නේ..

    "ලොව නන් දෙසින්
    ආවත් මෙසේ
    බාධක හැම වේලේ..
    ඉන් නොනැවතී
    මව් බිම අපේ
    රැක දෙන
    විරුවානණේ..."

    සින්දුවත් ප්ලේ වෙනවා... ස කඹේ කපනවා..
    බෝට්ටුව පාවෙලා යනවා මූදට.
    පාරවල්වල කිරිබත් උයනවා. ගුණ සමරු තියනවා.
    -----------

    දින දෙකකට පසු..

    බ්‍රේකින් නිව්ස්..

    මීට දෙදිනකට පෙර කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීම වෙනුවෙන් සමුද්‍රගත වූ සෞඛ්‍ය ඇමතිනිය රැගත් තෙප්පම හම්බන්තොට වරායට නුදුරු වෙරළට ගොඩගසා ඇතිබව වාර්තා වෙයි..

    එහි මසුන් ඇල්ලීමට ගිය ධීවරයන් පිරිසකට රාත්‍රියේදී ඇයව හමුවී ඇති අතර බියටපත්වූ ධීවරයන් දෙදෙනෙකු රෝහල්ගතකර ඇත.

    ගල්කිස්සේ සිට වැලි පැමිණෙන දියවැල ඔස්සේ ඇය පැමිණි බවට විශේෂඥ මතය වන අතර ඒ මොහොතේම පොදුජන පෙරමුණ හම්බන්තොට කාර්‍යාලයට ඇයව බාර දී ඇත.
    ඇමතිනියගේ සෞඛ්‍ය තත්වය අයහපත් නොවුණත් ඇය රෝහලේදී කාවන්තිස්ස කෝ කියමින් කෑගසන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි..

    ස්තූතියි.

    ------

    #මාරවැඩේලංකාවටවුණේ
    #අපිහම්බකළොත්අපිබොනවා






    122926162_1068912333544856_3265035783123338810_n.jpg
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    You could've spent all the time you wasted writing this into something worthwhile.

    Your post doesn't do shit. Even most hardcore baiyyas think throwing pots into rivers is a joke.
     
    Last edited:
    • Love
    Reactions: ShehanAM

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    • Haha
    Reactions: ShehanAM

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    You could've spent all the time you wasted writing this into something worthwhile.

    Your post doesn't do shit. Even most harcore baiyyas think throwing pots into rivers is a joke.
    පිස්සු ද යකෝ mata මේවා liya liya inna
    බය්යෝ තවටික දවසකින් බය්ය්න්ටත් ජෙප්පෝ කියන දවසක වැඩි ඈතක නොවේ
     
    • Haha
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    පිස්සු කියවන්න එපා. මොන කාවන්තිස්සයෙක්වත් එන්නේ නෑ ඕක බේරගන්න
    මුහුදට ඔය කුණු ගොඩ දැම්මොත්, ඒ සාපෙට මුහුද ගොඩ ගලනවා.
    එහෙම නැත්නම් ඔය ජරාව මාළු කාල ඒ මාළු කන අපිට වෙන ලෙඩක් හැදෙනවා.