චීනෙ මහා ලැජ්ජාසහගත යුගය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113

    මේ ඉන්නේ ලින්ෆෙෂුන් කොමසාරිස් තුමා.
    මත්ද්‍රව්‍ය බිස්නස් එකක් ලෙස ලෝකයේ පැතිරවීම ආරම්භ කරේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පෙරේත කූට ව්‍යාපාරිකයන් විසින්.
    ප්‍රථම මෙගා මත් ද්‍රව්‍ය වෙන්නේ ඕපියම් .
    චිනේ රෙක්රියෙෂනල් මත්ද්‍රව්‍යයක් වූ - කොටින්ම බෙහෙතක් වගේ දැඩි පාලනයකින් සංයමයකින් භාවිතා වූ ඕපියම් - ඉන්දියාවෙන් ගෙනත් විශාල ප්‍රමාණයන්ගෙන් අධික ලාබ ලබමින් වසංගතයක් වගේ පතුරුවනවා සුද්දන් විසින්. චිනේ මිනිස්සු ලක්ෂ ගණන් ඔපියම් වලට ඇබ්බැහි වෙනවා, ටොන් ගණන් රිදී චීනේ සිට බ්‍රිතාන්‍ය බිස්නස් කාරයන්ගේ පොකට්ටු වලට ගලාගෙන යනවා.
    මේ වසංගතයේ මඩින්න චීන අධිරාජයා එවන්නේ ඔහුගේ අධුශිතම නිලධාරියා වූ ලින්ෆෙෂුන් කොමසාරිස් තුමාව.
    ඔහු විසින් ඔපියම් භාවිතා වට එරෙහිව දැඩි දඬුවම් දෙනවා. විකුණන උන්ව මරා දමනවා. භාවිතා කරන ඇබ්බැහි වුණ එවුන්ව හිරභාරයට ගන්නවා.
    මේ මෙහෙයුම් වලදී ඔහුවිසින් බ්‍රිතාන්‍ය පවුම් මිලියන ගානක් වටිනා ඔපියම් ටොන් ගානක් විතර සිය භාරයට ගන්නවා. අරගෙන ප්‍රදේශයේ දෙස් විදෙස් සියළු දෙන එකතු කර ඔවුන් ඉදිරියේ....ඒවා වතුරේ දියකර මුහුදට වැටෙන ලෙස අතුගන්ගාවකට හලා විනාශ කරනවා. කිලෝ වලින් කියනවනම් මිලියන 1.2ක දැවැන්ත ඔපියම් ප්‍රමාණයක්. ඒවා විනාස කරන්න විතරක් සේවකයන් 500 දෙනෙක්ට දින 23ක් ගියා කියනවා.
    ලින්ෆෙෂුන් කෙතරම් පිරිසිඳු ච්න්තනයක් තිබ්බ කෙනෙක්ද කියනවනම්...
    මේ වස ජලයහා මුසුවීමෙන් අනතුරට පත්වන ජලයේ සිටිනා සියළු සතුන් වෙනුවෙන්...සානුකම්පිත සිතින්, ගාථාවක් කියා පිං අනුමෝදන් කල බව පැවසෙනවා.
    ඔහු තමයි ලෝකේ මත් උවදුරට එරෙහිව ඉස්සෙල්ලාම සටන් වැදුණු
    රාජ්‍ය නිලධාරියා.
    සුද්දෝ මොකද දන්නවද කරන්නේ...උන් මෙයට එරෙහිව යුද වදිනවා.
    එකට තමයි කියන්නේ - ඕපියම් යුද්දේ කියල.
    අවියේ බලෙන් - නීතිය , සදාචාරය යටපත් කරනවා.
    එහෙම නොවෙන්න - ලින්ෆෙෂුන් වගේ නිලධාරීන් අද මේ ලෝකේ පෙළනා
    මත් ද්‍රව්‍ය වසංගතේ 1800 ගණන් වලම අහවර කරන්නත් තිබ්බා.
    හැබැයි බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර බලවතුන් එයට ඉඩ දෙන්නේ නැහැ.
    බ්‍රිතාන්‍ය සිය බලගතු නාවුක හමුදාව යොදාගෙන චීන හමුදාවද ධරුනු පරාජයක් අත්කර දෙනවා.
    චීනෙට සිදුවෙනවා ඉතා ලජ්ජා සහගත මේ පරාජය හමුවේ , බ්‍රිතාන්‍ය විසින් ඉදිරිපත් කරපු නීති රෙගුලාසි වලට යතත් වෙන්න.
    - HONGKONG බ්‍රිතාන්‍යට ලබාදෙන්න වෙනවා.
    - වරාය පහක් විදේශිකයන්ට ලබාදෙන්න වෙනවා.
    - අති දැවැන්ත බදු සහ ගෙවීම් කරන්න වෙනවා (සුද්දන්ට වනු පාඩුව කවර් වෙන්න)
    කෙටියෙන් කියනවනම් - සුද්දා සිය යුධ බලය භාවිතා කරලා - චීනෙට බලහත්කාරයෙන් ඕපියම් විකිණුවා.
    මේ යුගයට චිනේ අදත් කියන්නේ "මහා ලැජ්ජාසහගත යුගය " කියල.
    චිනේ එදා පටන් මේ අද දක්කවා , සටන් කරන්නේ අන්න ඒ එදා සුද්දෝ තමන්ගේ මාතෘ භූමියට කරපු ලැජ්ජාවට කවදා හරි , රිටන් එක දෙනවා කියන මයින්ඩ් සෙට් එකෙන්.
    දැන් චිනේ එක්ක එංගලන්තෙට හැරෙන්නත් බැහැ . තව දශකයක් දෙකක් යනකොට වෙන කිසි රටකට පුළුවන් වෙයිද දන්නෙත් නැහැ.
    අන්න එදාට චිනේ - කොහොම රිටන් එක දෙයිද කියන එක - හිතන්නත් බයයි.
    ඔන්න ඔය නිසා තමයි කතාවක් තියෙන්නේ
    "අතීතයේ සිදුවූ වැරදි වල අඳුරු සෙවනැලි මේ අද දක්වා ඇදී එනවා..කියල"
    මේ සංග්‍රාමයේදී චිනේ පැරණි ප්‍රාථමික හමුදාවට සාපේක්ෂව බ්‍රිතාන්‍ය හමුදාව කෙතරම් බලවත් තැනක තිබ්බද කියනවනම්..
    චිනේ සෙබළුන් සහ වැසියන් 25000 මරුමුවට හෝ පත්වෙනකොට බ්‍රිතාන්‍ය සෙබළුන් මියගියේ 1000 පමණ කියනවා. (මේ සටන් වලින්, අනතුරු සහ ලෙඩ රෝග වගේ ඔක්කොම එකතුව, සටනින් මැරුණේ 69 දෙනෙක් පමණයි කියලත් ඇතැම් තැන් වල සටහන් වෙනවා. පුදුම වෙන්න දෙයකුත් නැහැ. අපි ලොකුවට පොත පතේ සහ ජනසමාජේ කතාකරන මහතලා සටන නැත්නම් 1848 පුරන් අප්පු කරපු නිදහස් සටනේදී , අපේ දහස් ගානක් මැරෙනකොට , සුද්දෝ කීදෙනෙක් මැරුණා කියලද හිතන්නේ.??
    20 යි, ආ එතකොට 1818 කැරැල්ලේදී ?
    අපේ 15000 විතර සමුලඝාතනය කරනකොට
    උන්ගේ උපරිම මැරුණේ 250 කට අඩු ප්‍රමාණයක්.
    තත්වේ සෝචනීයයි නේ.... )
    දෙවැනි ඔපියම් යුද්දෙදි මේ ගණන් මීටත් වඩා චීනෙට අකාරුණික වුණා ...
    මෙහිදී ඇතැම් චීන සටහන් වලට් ආනුව මිය ගිය පිරිස 50000 පමණ වෙනකොට සුද්දෝ මෙරුනේ 1900 විතර ප්‍රමාණයක් පමණයි.
    නිවී සැනසිල්ලේ ටිකක් ඒ ගණන් ටික ගැන මොහොතක් හිතන්නකෝ - කජු ඇටද කොස් ඇටද -
    මිනිස් ජීවිත .
    සහෝදර ආසියානු ජනතාවකගේ ජිවිත.
    එකත් - මේ අද බාසාවෙන් කියනවනම් " බලහත්කාරයෙන් තමන්ගේ රටේ දු දරුවන්ට , පර සුද්දා කුඩු පොවනවට විරුද්ධව සටන් කරන්න ගිය නිසා , මැරෙන්න වුණු ජීවිත "
    -AR