කාශ්‍යප_පිතෘ_ඝාතකයෙකු ද ?

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කාශ්‍යප_පිතෘ_ඝාතකයෙකු ද ?

    Br40H_CIcAExgrt.jpg:large




    කාශ්‍යප පිතෘ ඝාතකයෙකු ද ?







    ලක්දිව ඉතිහාසයෙහි ඕ එක් සුවිශේෂ කාලපරිච්ෙඡ්දයක් වශයෙන් ධාතුසේන රාජ්‍ය සමය හා 1 වන කාශ්‍යප රාජ්‍ය සමය හැඳින්විය හැකිය. ධාතුසේන යනු ලක්දිව මිත‍්‍රසේන රජුගෙන් බලය පැහැරගත් ද්‍රවිඩ ආක‍්‍රමණිකයන් (පණ්ඩු පාරින්ද, ඛුද්ද පාරින්ද, තිරීතර, දාඨිය, පීඨිය* ලක්දිව පාලනය කරන ලද කාලයෙහි සැඟවී සිටි තවත් එක් කුලවත් කුමාරයෙකි. ”ශුභ නමැති බලත් තෙමේ කපටිකමින්” යසලාලකතිස්ස රජු මරා රජ වූ අවදියේ දී රාජවංශයට උරුමකම් කී බොහෝ මෞර්ය වංශික පිරිස් දිවයිනේ නා නා ප‍්‍රදේශවලට පලා ගිය බව මහාවංශයෙහි 38 වන පරිච්ෙඡ්දයෙහි සඳහන් වේ. එසේ ම ක‍්‍රි.ව. 428 දී සිදු වූ ද්‍රවිඩ ආක‍්‍රමණය හේතුවෙන් ද රජරට සිටි ඇතැම් කුලවත් පිරිස් පලාගොස් ”රුහුණ” ආශ‍්‍රය කරගෙන ජීවත් වූ බව එහිම සඳහන් වන අතර ද්‍රවිඩයන් රජරට පාලනය කරන අතරවාරයේ රාජ්‍ය උරුමය සහිත ඇතැම් පිරිස් රෝහණය ආදී ප‍්‍රදේශවල නිරුපද්‍රිතව සැඟ වී කල් ගත කළ බව ද මහාවංශය අනුවම පැහැදිලිය. මෙසේ සැඟවී සිටි මෞර්ය වංශිකයකු වූ ”නන්දිගාමයේ” ධාතුසේන නමැත්තෙකුගේ පුත‍්‍රයෙකු වූ ”ඇඹුල්යාගු” නම් ගම විසූ ”දාඨා” නමැති මෞර්ය වංශිකයාගේ පුත‍්‍රයෙකු වශයෙන් ”ධාතුසේන” කුමරුවන් මූලාශ‍්‍ර පෙන්වා දෙයි. සොහොයුරා ”සලතිස්බෝ” නම් විය.

    ”ධාතුසේන” කුමරුන්ගේ මෑණියන්ගේ සොහොයුරෙකු ”අනුරාධපුර දික්සඳ සෙනෙවියා පිරිවෙනහි පැවිදි වී සිටි අතර තරුණ ධාතුසේන කුමරු ද ඔහු කෙරේ පැවිදි විය. ඒ වන විට පැවිදි වී සිටි” සාමණේර නම රාජ්‍යත්වයට සුදුසු බව මුලින් ම නිශ්චය කරන්නේ ”දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි ධාතුසේනගේ මයිලනුවන්” විසිනි. ඒ අනුව කුමරුවා ”ගොණිසාදි” නමැති විහාරයට ගෙන ගොස් හික්මවා රැුක බලාගන්නා අතරවාරයේ දී එහි ආරක්ෂාව අවම බව දැන අනුරාධපුරයෙන් දකුණු දිගට ගෙන ගියේය. පසු කාලයේ දී උපැවිදි වූ ධාතුසේන කුමරුවන් ”රෝහණයේ” සිට සේනා සංවිධානය කර ඒ වන විට රජරට පාලන කටයුතු ගෙන ගිය ද්‍රවිඩයන් මරා රජ විය. ධාතුසේන රජු පිළිබඳ එන සංක්ෂිප්ත මහාවංශ විස්තරය එයයි.

    දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි ධාතුසේනගේ මයිලනුවන්ගේ නාමය ”මහානාම” වශයෙන් හඳුන්වතත් උන්වහන්සේගේ නාමය ”මහානාම” හිමියන් බවට අවම වශයෙන් මහාවංශයෙහි හෝ සඳහන් නොවේ. පෙර දී ද කී පරිදි ඔහු වනාහී ”අනුරාධපුර දික්සඳ සෙනෙවියා පිරිවෙනහි” වාසය කළ බව පමණක් මහාවංශය පවසයිි. ඒ හැර ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් අන් කිසිවක් මහාවංශයේ හෝ තදාසන්න මූලාශ‍්‍රවල දක්නට ලැබෙන්නේ නැත. වෙනෙකක් තබා මහාවංශය ලියන ලද්දේ මහානාම හිමියන් විසින් බව මහාවංශයේ සඳහන් වන්නේ ද නැත. එය සඳහන් වන්නේ වංසත්ථප්පකාසිනිය හෙවත් මහාවංශ ටීකාවෙහිය. ඒ අනුව ”දික්සඳ සෙනෙවිරදුන් විසින් කරවන ලද මහ පිරිවෙන් වැසි, මහාවංශ අර්ථසාරයෙහි ප‍්‍රවීණ, ආචාර්යයන් කෙරෙන් ලද ”මහානාම” යන නම් ඇති තෙරුන් විසින්…..” ආදී වශයෙන් මහාවංශ ටීකාව මහාවංශයේ කර්තෘත්වය මහානාම හිමියන්ට පවරයි. ඒ අනුව යමින් ම දැනට ලක්දිව පිළිගත් මතය වශයෙන් මහාවංශ කර්තෘත්වය ”මහානාම” හිමියන් කෙරෙහි පවරා ඇත.

    එසේ ම මහාවංශයේ 39 වන පරිච්ෙඡ්දයේ දී ධාතුසේන පුත් මුගලන් රජු විසින් දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි මහානාම හිමියන්ට සීගිරි ගල විහාරයක් කර දුන් බව ද පවසයි. මෙම කරුණු අනුව සලකා බලා ධාතුසේන කුමරුගේ මයිලනුවන් අනුරාධපුර දික්සඳ සෙනෙවියා පිරිවෙනේ වැඩ සිටි නිසාත්, ධාතුසේන කුමරුවන් රාජ්‍යයත්වයට සුදුසු යැයි මුලින්ම නිශ්චය කරන්නේත්, කුමරුවන් පැවිදිව සිටි අවදියේ දී හික්මවමින් රැුක බලා ගන්නේත් මයිලනුවන් වූ උක්ත හිමි නම නිසාත්, මහාවංශයෙහි කර්තෘ වන්නේ ද අනුරාධපුර දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි මහානාම හිමියන් යැයි වංසත්ථප්පකාසිනියේ සඳහන් නිසාත්, මහාවංශ කර්තෘ යැයි සැලකෙන මහානාම හිමියන් වනාහී ධාතුසේන රජුගේ මයිලනුවන් වූ දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි හිමියන් ම යැයි බොහෝ දෙනෙක් සාම්ප‍්‍රදායිකව පිළිගනිති.

    (ඇතැම් විට මුගලන් රජු සීගිරි ගලේ විහාරයක් කරදුන් දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි මහානාම හිමියන් පිළිබඳ සඳහන ද මෙම මතයට බලපාන්නට ඇත.) කොඞ්රින්ට ද මෙම මතය තුළ ම සිටී. නමුත් ගයිගර් පවසන්නේ මහාවංශ කර්තෘ හිමිත්, ධාතුසේන රජුගේ මයිලනුවනුත් එක් අයෙක් නොව දෙදෙනෙකු බවයි. ගයිගර් පෙන්වා දෙන්නේ ධාතුසේන රජුගේ පැවිදි කාලය වන විටත් ස්වකීය මයිලණුවන් පැවිදි තෙරණ කෙනකුව සිටීම, මුගලන් රජ වූ මුල් කාලයේ දී සීගිරි විහාරය දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි මහානාම හිමියන්ට පිදීම ආදී කරුණු දෙස බැලූ විට ධාතුසේන හා මුගලන් රජුගේ රාජ්‍ය කාල තරම් දීර්ඝ කාලයක් මෙතුමා ජීවත් වූ බව සිතිය නොහැකි බවයි. නමුත් මහාචාර්ය ගුණපාල මලලසේකරයන් ගයිගර් මතයට පිළිතුරු වශයෙන් දක්වන්නේ මෙවැනි අදහසකි.

    ”…ධාතුසේනගේ මයිලණුවන් ස්ථවිරයකු ලෙස සඳහන් කර ඇති වුවත් එතුමන් එකල ස්ථවිරයකුව සිටි බව එයින් පැහැදිලි නොවේ. කාව්‍යය රචනා කරන කාලයේ දී ස්ථවිර වයසට පත්ව සිටි නිසා එපරිද්දෙන් සඳහන් කරන ලදි. (ජෝර්ජ් රජු පස්වැනි වියේ දී හුරතල් කුමරෙකුව සිටියහයි අප කියතහොත් ඔහු පස් හවුරුදු වියේ දී රජව සිටි බවක් එයින් නොහැෙඟ්.* තව ද, ධාතුසේනගේ ප‍්‍රව‍්‍රජ්‍යා සමයේ දී මහානාම හිමියන් තිස්වැනි වියෙහි වූහයි, මඳකට සිතුවහොත්, සීහගිරි විහාරය එතුමන් වෙත පවරන විට එතුමාට අවුරුදු අනූවක් පමණ විය යුතුය. මෙය සිදුවිය නොහැක්කක් නොවේ. මේ අනුව බලන කල මහානාම හිමියන් කවරෙක්දැයි හඳුනා ගැනීමට අප වෙත ඇති සාක්ෂි ප‍්‍රමාණවත් නොවන බව පිළිගන්නා අතර ම, ශ‍්‍රී ලංකාවේ මතය මෙතෙක් නොබිඳුණු බව අපි කියා සිටිමු.”

    ඒ අනුව කල්පනා කර බලන විට ධාතුසේන රජුගේ මයිලනුවන් දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසියකු වූ නිසාවෙන් හා මුගලන් රජු එකී පිරිවෙන් වැසි මහානාම හිමියන්ට සීගිරිය විහාරයක් කොට දුන් නිසාත්, මහාවංශ කර්තෘ දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි මහානාම හිමියන් යැයි වංසත්ථප්පකාසිනියේ සඳහන් නිසාත්, ධාතුසේන රජුගේ මයිලනුවන්ගේ නාමය මහානාම යැයි ඇතැම් විට හඳුනා ගැනීම එක් අතකින් සාධාරණ බව පෙනේ. යම් විටෙක දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි ධාතුසේන කුමරුවන්ගේ මයිලනුවන් විසින් ධාතුසේන කුමරුවන්ගේ ශාස්ද්ත්‍රෝග‍්‍රහණය අනියම් අරමුණක් කොට මහාවංශය රචනා කළේදැයි නොදනිමු. ඒ කෙසේ වෙතත් මහාවංශයෙහි අරමුණ හුදී ජන පහන් සංවේගයයි. බුද්ධගයාවෙහි ශිලා ලිපියක ද භර, රාහුල, උපසේන, මහානාම, දෙවැනි උපසේන, දෙවැනි මහානාම ආදී වශයෙන් ලාංකීය ආචාර්යවරුන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් වෙයි. මින් පළමු උපසේන වනාහි මහානිද්දේස අට්ඨකථාවෙහි කතෘවරයා විය හැකි බවත්, ප‍්‍රථම මහානාම වනාහී අප කර්තෘවරයා විය හැකි බවත් මහාචාර්ය ගුණපාල මලලසේකරයන් සඳහන් කරයි.

    Gunapala_Malalasekara.jpg

    මහාචාර්ය ගුණපාල මලලසේකර


    නමුත් මෙම ශිලා ලේඛනයෙහි කාලය පිළිබඳ නිශ්චිත මතයක් නැත. මේ හැර පටිසම්භිදාමග්ග අට්ඨකථාව වන සද්ධම්මප්පකාසිනිය අවසානයෙහි මොග්ගල්ලාන රජුගේ අභාවයෙන් තුන්වැනි වර්ෂයේ මහාවිහාරයෙහි උත්තර මන්ත‍්‍රී විසින් කරවන ලද පිරිවෙනහි විසූ මහානාම නමැති හිමිනමක් විසින් සද්ධම්මපකාසිනිය කළ බව සඳහන් කර ඇතත් මෙහි සඳහන් මොග්ගල්ලාන රජු අනුරාධපුර රාජධානියේ රාජ්‍යය කළ කවර මුගලන් රජුදැයි හැඳින ගැනීම තරමක් අපහසුය. ඒ අනුව සලකා බලන විට මහානාම නම් ඇති වැදගත් හිමිවරුන් කිහිප දෙනෙකුම අදාළ කාලය තුළ වාසය කරන්නට ඇතැයි සිතීම යුක්ති යුක්තය.

    කෙසේ හෝ මහාවංශ කර්තෘ ධාතුසේනගේ මයිලනුවන් ලෙස සැලකීමේ දී ගැටලූවක් පැන නොනඟින්නේ ද නොවේ. මහානාම හිමියන් විසින් මහාවංශය අවසන් කරන්නේ මහසෙන් රාජ්‍ය සමයෙනි. නමුත් මහසෙන් රජුගේ සිට ධාතුසේන රාජ්‍ය කාලය තෙක් රජ කළ සිරිමේඝවණ්ණ, දෙවන ජෙට්ඨතිස්ස, බුද්ධදාස, 1 වන උපතිස්ස, මහානාම, සොත්ථිසේන, ජත්තග්ගාහක, මිත්තසේන වැනි රජවරුන්ගේ වසර 154ක පමණ කාලපරාසයක ලක්දිව බෞද්ධ ඉතිහාසයෙහි වැදගත් සිද්ධීන් කීපයක්ම සිදු විය.

    සිරිමේඝවණ්ණ රාජ්‍ය සමයේ දී මහින්ද මහා තෙරුන් වෙනුවෙන් වාර්ෂික උත්සවයක් ඇරඹීය. එසේම දන්ත ධාතුන් වහන්සේ ලක්දිවට වැඩමවන්නේ ද මෙකලය. සමුද්‍රගුප්ත රජුගෙන් ඉඩම් ලැබ ලක්දිවින් යන වන්දනාකරුවන් පිණිස බුද්ධගයාවේ විශ‍්‍රාම ශාලාවක් තනවන්නේ ද මෙකලය. නමුත් මේ පිළිබඳ මහානාම හිමි නිහඬය.

    දෙවන ජෙට්ඨතිස්ස රජු ඇත් දත් කැටයම් කලාවේ ප‍්‍රවීණයකු වූ අතර එතුමා බෝධිසත්ව රූප ද නිර්මාණය කළේය. බුද්ධදාස රජු වෙදකමෙහි ප‍්‍රවීණ වූ අතර රෝහල් තනවා ගම් දහයකට එක් වෙදැදුරෙකු බැගින් පත් කළේය. ස්වකීය පුතුන් අසූ දෙනාට අසූ මහ සව්වන්ගේ නම් තැබීය. 1 වන උපතිස්ස රජු වැව් තැනීමේ නමක් රැුඳවූ අයෙකි. ධාර්මිකත්වයෙහි අග පත් පාලකයෙකි. මහානාම රජු දිඹුලාගල ආරණ්‍යය තනවා මහා විහාරයට පූජා කළේය. බුද්ධඝෝෂ හිමි ලක්දිවට වැඩම කරන්නේ ද මෙකලය. චීනය හා ලක්දිව අතර සමීප වෙළඳ සබඳතා මෙකල ගොඩ නැගුණි.

    නමුත් මේ කිසිවක් පිළිබඳ මහානාම හිමියන් ප‍්‍රකාශ නොකර මහසෙන් රජුගෙන් මහාවංශය අවසන් කරයි. එකක් තබා සමකාලයේ පැමිණි දක්ෂිණ භාරතීය ආක‍්‍රමණය පිළිබඳ හෝ නොකියා මහාවංශයේ මුල් කොටසේ දී කතුවරයා මුනිවත රකී. ඇතැම් විට මහා විහාරයට පරිබාහිර අභයගිරි නිකාය බිහි වීම තුළ ලක්දිව ථේරවාදී භික්ෂු ශාසනයට වූ හානිය මහසෙන් රජු විසින් ජේතවන විහාරය වෙනමම නිකායකට මහා විහාර සීමාව තුළ ඉදිකර දීම තුළ තව තවත් තීව‍්‍ර වූ නිසාවෙන් මහාසේන රාජ්‍ය සමයේ පටන් ලක්දිව මහාවිහාර සම්ප‍්‍රදායේ අවනතිය ආරම්භ වී යැයි මහානාම හිමියන් තුළ වූ විශ්වාසය හේතුවෙන් මහාවංශය හෙවත් මහාවිහාර වංශ කතාව ඇතැම් විට අවසන් කරන්නට ඇත. නමුත් ධාතුසේන රජුගේ ඉදිකරවීම් අතර අභයගිරියට කළ අනුග‍්‍රහයන් ද මහාවංශයෙහි 38 වන පරිච්ෙඡ්දයෙහි විස්තර කර ඇති අතර සාගලික නිකායට කළ අනුග‍්‍රහයන් එහිම දක්නට ලැබේ. ඇතැම් විට ඒ වන විට ප‍්‍රබල ආගමික මධ්‍යස්ථානව පැවති අභයගිරි හා ජේතවනය අතහැර ස්වකීය රාජ්‍යයත්වය ආරක්ෂා කර ගැනීමත්, ජනතා සහයත් රජුට ලැබ ගත නොහැකි වූවා විය හැකිය.

    මහසෙන් රජුගේ සිට ඉතිහාසය පිළිබඳ රචනා කරන්නේ මහානාම හිමියන් නොවේ. මන්ද 37 වන පරිච්ෙඡ්දයෙහි දී මහසෙන් රජුගෙන් මහානාම හිමියන් ස්වකීය ග‍්‍රන්ථය අවසන් කරන හෙයිනි. එතැන් පටන් එනම්, මහසෙන් රජුගේ සිට දඹදෙණියේ පණ්ඩිත පරාක‍්‍රමබාහු රජු තෙක් රාජ්‍යත්වය පිළිබඳ රචනා කරන්නේ දෙවැනි ධම්මකිත්ති හිමි විසින් රාජ්‍යානුග‍්‍රහ සහිතව බව බව පැවසේ. මේ පිළිබඳ මතවාද පවතිතත් කරුණු කාරණා අනුව මහාවංශයෙහි 38 හා 39 පරිච්ෙඡ්දවල ධාතුසෙන් රජු, 1 කාශ්‍යප රජු හා මුගලන් රජු යනාදීන් පිළිබඳ සඳහන් වීම තුළ ඔවුන් පිළිබඳ රචනා කරන ලද්දේ මහාවංශය 37 වන පරිච්ෙඡ්දයෙන් අවසන් කළ මහානාම හිමියන් නොව එය 37 වන පරිච්ෙඡ්දයේ අවසානයේ පටන් ආරම්භ කළ ධම්මකිත්ති හිමියන් විසින් ම බව පැහැදිලිය. එහෙයින් ඇතැම් පිරිස් ස්වකීය බෑණනුවන් මරා දැමූ පලිය මහානාම හිමියන් විසින් මහාවංශය ඔස්සේ කලාකාමී කාශ්‍යපගෙන් ගන්නා ලදැයි කීම සාධාරණ නොවන බව පෙනේ. හැරත් මෙම කරුණු අනුව මහාවංශය යනු පක්ෂග‍්‍රාහී ග‍්‍රන්ථයක් සේ සැලකීමට ඇතැමුන් පෙලඹෙතත් එහි එවන් තත්වයක් නැති බව පැවසිය යුතුමය. කාශ්‍යප විසින් පියා මරන ලදැයි කී සේම ථේරවාදී බෞද්ධ ලෝකයට අප‍්‍රමාණ සේවයක් කළ අශෝක අධිරාජ්‍යයා සහෝදරයින් අනූ නවයක් මරා රජ වූ බව පැවසෙන්නේත් මහාවංශයේ 5 වන පරිච්ෙඡ්දයේමය. එපමණක් නොව කාශ්‍යප පීතෘ ඝාතකයකු බව පවසන මහාවංශය මුගලන් රජු හැඳින්වීම පිණිස ද භාවිතා කරන අපර නාමයක් වන්නේ රකුස් හෙවත් රාක්ෂස යන්නයි. ඊට හේතුව අමාත්‍යයන් විසින් ස්වකීය පියා මැරුවේ යැයි කිපී අමාත්‍යයන්ගේ දායාද බැහැර කළ නිසාවෙන් බව මහාවංශයෙහි 39 වන පරිච්ෙඡ්දයේ එයි. මුගලන් රජු විසින් කාශ්‍යපයන් දිනා අනුරාධපුරයට පැමිණෙන විට භික්ෂූන් වහන්සේලා සූදානම්ව සිටි ආකාරය පිළිබඳ එන මහාවංශ විස්තරයෙන් මුගලන් කෙරෙහි භික්ෂූන් තුළ වූ ප‍්‍රියශීලීභාවය පැහැදිලි වන අතරම මහාවංශය පක්ෂග‍්‍රාහී කෘතියක් නම් කිසිදු විටෙක මුගලන් රජු රකුස් යන අපර නාමයෙන් හඳුන්වන්නේ ද නැත.

    අභයගිරිය හා ජේතවන විහාර පිළිබඳවත් ඒ ආශ‍්‍රිත රජුන් පිළිබඳවත් මහාවංශයෙහි සුළු වශයෙන් විස්තර වන්නේ ඇතැම් විට ඒ සම්බන්ධයෙන් මහාවිහාරයෙන් ලබා ගත හැකි මූලාශ‍්‍ර අවම වූ නිසාවෙන් විය හැකිය. ඒ අනුව මහාවිහාරයේ තිබූ  ලිපි ලේඛන හා මහාවිහාරයේ ශ‍්‍රැතිය අනුව යමින් මහාවංශය රචනා කර ඇති බව සැලකීම වඩා යහපත් බව පෙනී යන අතර ඓතිහාසික ග‍්‍රන්ථයක් වශයෙන් මහාවංශයෙහි අගය සුළුපටු නොවන බවද කිව යුතුමය.





    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න


    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    රජවරු කියන්නේ සාධූ චරිත නෙමෙයි බන්. මතකනේ අපේ මහරජා