කා හටවත් අපහාස නොකරමු
මට එළකිරියේ දැකපු දෙයක් තමයි යමෙක් කුමක් හෝ ත්‍රෙඩ් එකක් දැමූ විට අපහාස අවලාද නගමින් සාමකාමී පරිසරයක ඒ ත්‍රෙඩ් එක ඉදිරියට ගමන් නොකරන විත්තිය.
පෙර නෑසූ දමක් ඇසූ විටද, තමන් නොදන්නා දමක් ඇසූ විටද ඉවසීමෙන් පිරික්සන්නේ නොමැතිව ඔහේ දොඩවන ගතියක් දක්නට ලැබුණි. ඉතින් මේ පින් ඇත්තන්ට මේක පහදා දෙන්න මට මෙහෙම ලියන්න හිතුනා.
ධර්මයේ සැකමුසු තැන්හී, එනම් අපි කෙනෙක්ගේ ධර්මයක් අසනවිට එය සැක සහිතනම් විනයටයි, සූත්‍රයටයි ගලපන්න ඕනේ.
ඒක කරන්නේ කොහොමද කියල ඇහුව්වට මට පිළිතුරු දෙන්න බැහැ. ඒකට හේතුව මට කියා දෙන්න තේරුමක් නැතිබව. හැබැයි යම් දවසක පුළුවන් වේවි කියන විශ්වාසය අධිෂ්ඨානය තියෙනවා.
අපි බුද්ධිමතුන් හැටියට යමක් උකහ ගැනීමේදී,
1. එකපාරටම ප්‍රතික්ෂේප කරන්න එපා
2. එකපාරටම භාරගන්නත් එපා
3. බුදුන්ගේ අඩි පාරේ ගොස් විසඳන්න බලන්න
එතකොට සත්‍ය තේරේවී. අපි නොදැනුවත්වම කරන අපහාස අවලාද ආනන්තරීය වෙන්න පුළුවන්
ඒ මන්ද ඇත්ත ඇති සැටියෙන් අපිට එකපාරටම නොතේරෙන්නේ අපිට එච්චර නුවණක් නැති නිසාවෙනි. ඉතින් අපි නොදැන එක් එක් පුද්ගලයන්ට කරන අපහාස අවලාද ආනන්තරීය වී අපිටම පත්තු වන අවස්ථා එමටය.
රහතුන් වුවත් බිම බලාගෙන යන සිරිතක් නෑ. මොකද රහත් වුවත් පෙර පුරුදු අත හරින්න බැරි අවස්ථාත් එමටයි.
අර එක්තරා රහතන් වහන්සේ නමක් දානෙකට වඩින විට පොඩි වතුර වලකින් වඳුරෙක් වගේ පැන්නා. ඒක දැකපු දායක මහත්තයා "අපෝ මූට කිසි සීලයක් නැතැයි සිතා දානේ පමණක් දෙන්නෙමි, පිරිකර නොදෙන්නෙමියි" සිතා ගත්තා. ඒ බව ණුවනින් දැක්ක රහතන් වහන්සේ ලොකු වතුර වලෙන් නොපැන වතුර වලට බැහැගෙනම ගියා. ඉතින් දායකය ඇහුවා ඇයි මේ ලොකු වතුර වලෙන් පැන්නේ නැත්තේ කියලා. එතකොට ඒ රහතන් වහන්සේ කීවා "අනේ මේකෙන් පැන්නෝතින් මට දානෙත් නැතිවෙයි කියා". ලැජ්ජාවට පත් දායකයා බුදුරදුන් හමු වී මේ බව සැල කළවිට බුදුන් කීවේ "ඒ රහතුන් ගිය භවයේ වඳුරෙකුව ඉපිද මේ භවයේදිද රහත් වෙලත් පුරුද්ද අත හැර නොහැකිව සිටින බවකි"
ඉතින් මෙන්න මේකයි සත්‍ය.
ඉතින් පින්වතුනේ කාටවත් ඔහුන්ගේ තරම නොදැන අපහාස අවලාද කරන්නෝ නරකාදියටමයි යන්නේ. ඒක නිසා කාටවත් කිසිම අයුරකින් අපහාස නොකර මෛත්‍රි සිත් ඇති කරගෙන ජීවත් වෙමු!