කැනඩාවේ නායකත්වය හිටපු මහ බැංකු අධිපතිවරයෙකුට..ට්‍රම්ප්ටත් අනතුරු අඟවයි..🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    කැනඩාවේ නායකත්වය හිටපු මහ බැංකු අධිපතිවරයෙකුට

    කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා 59 හැවිරිදි මාර්ක් කාර්නි තේරී පත්ව තිබේ.

    ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි.

    ඒ අනුව ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරගයේ දී කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන මාර්ක් කාර්නි තේරී පත් විය.

    පක්ෂ සාමාජිකයින් 152,000 කට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරඟයකදී ප්‍රකාශිත ඡන්දවලින් 86% ක් ලබා ගනිමින්මාර්ක් කාර්නි, හිටපු මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පරාජය කර ඇති බව සඳහන් වේ.

    ජයග්‍රහණයෙන් පසු මාර්ක් කාර්නි අමෙරිකානු ජනාපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ද අදහස් පලකර තිබුණි.

    ඔහු පවසා ඇත්තේ "අපේ ආර්ථිකය දුර්වල කිරීමට උත්සාහ කරන කෙනෙක් ඉන්නවා," "ඔහු කැනේඩියානු කම්කරුවන්ට, පවුල්වලට සහ ව්‍යාපාරවලට පහර දෙනවා. අපට ඔහුට සාර්ථක වීමට ඉඩ දිය නොහැක."

    "අපි කලින් සිතා නොගත් දේවල්, අපි නොසිතූ වේගයකින් කිරීමට අපට සිදුවනු ඇත." යනුවෙනි.

    මේ අතර, හිටපු අගමැති පුත්‍රයෙක් වන ජස්ටින් ටෘෘඩෝ වසර 09ක කාලයක් කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම ලිබරල් පක්ෂය නායකයා ලෙස ද කටයුතු කළේය.

    2013 වසරේදී ලිබරල් පක්ෂය දැඩි අසීරුතාවකට පත්ව සිටි අවස්ථාවේ දී දේශපාන කරලියට පැමිණි ටෘෘඩෝ එම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්වුණි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    බයියො ගියොත් ඒ රටවලුත් අනාතයි.

    පුංචි බිජ්ජක් පැළ කරලා රට පැන්න පාත්පයින්ඩරෙයි, උපන්දා ඉඳන් රටේ හිටපු හැම හොරාටම පුප දීපු @2osama බයියයි හිටපු කාලෙ ලංකාවටත් ඇප නැති උනා.

    කැනඩා පැන්නට පස්සෙ කැනඩාවටත් කෙළ උනා. 🙈
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ඔහු පවසා ඇත්තේ "අපේ ආර්ථිකය දුර්වල කිරීමට උත්සාහ කරන කෙනෙක් ඉන්නවා," "ඔහු කැනේඩියානු කම්කරුවන්ට, පවුල්වලට සහ ව්‍යාපාරවලට පහර දෙනවා. අපට ඔහුට සාර්ථක වීමට ඉඩ දිය නොහැක."

    "අපි කලින් සිතා නොගත් දේවල්, අපි නොසිතූ වේගයකින් කිරීමට අපට සිදුවනු ඇත." යනුවෙනි