කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබාගැනීම හා මෝටර් රථයක් මීලදීගෙන ඒ සඳහා රුපියල් ලක්ෂ 40ක් මුදල් වෙනුවෙන් අගරු චෙක්පතක් ලබාදීම ඇතුළු වැරදි කීපයක් සම්බන්ධයෙන් පොලීසියට කට්ටි පනිමින් සිටි චීවරධාරියකු ඊයේ උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
මොරගහහේනේ පිහිටි විහාරස්ථානයක සැඟව සිටියදී බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි චීවරධාරියෙකි.
මෙම චීවරධාරියා ප්‍රදේශයේ පුද්ගලයන් සිවුදෙනකුට කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් 9, 830,000 මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති අතර, ලක්ෂ 40ක් වටිනා අගරු චෙක්පතක් ලබා දී මෝටර් රථයක්ද මිලදී ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම චීවරධාරියා තමන් වැඩ සිටි විහාරස්ථානයෙන් පිටව ගොස් වෙනත් විහාරස්ථානයක සැඟව සිටියදී පොලීසිය වෙත ලද තොරතුරක් මත මෙසේ ඊයේ උදෑසන අල්ලාගෙන ඇත.