කැපූ අත් රට

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo

    වර්ථමානයේ තමන්ගේ දරුවෙකුගේ විනෝදාස්වාදය වෙනුවෙන් කූඩුවක දැමූ සුරතල් සතෙක්, කුරුල්ලෙක් ගෙනැවිත් දෙනවා හා සමානව කළු ජාතික අසරණ දරුවන් කූඩූකර සුදු ජාතික දරුවන්ගේ විනෝදය සඳහා ගෙනවිත් දුන් මිනිසුන් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා.
    122133058_2893145074249437_4821751315231601161_n.jpg

    මෙම ඡායාරූපය රැගෙන තිබෙන්නේ වර්ෂ 1955 දීය. එනම් බෙල්ජියම විසින් කොංගෝව තම රටේ යටත් විජිතයක් කර ගැනීමෙන් පසුව මෙම ඡායාරූපයේ කතාව මෙසේ දිගහැරෙයි.
    බෙල්ජියම් ජාතික පියෙක් විසින් කොංගෝවෙන් මිළදීගත් කූඩුවක දමන ලද අප්‍රිකානු දරුවෙකු තම දියණියන්ගේ විනෝදාස්වාදය සඳහා තෑග්ගක් ලෙස රැගෙනවිත් තිබෙන ආකාරය මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කෙරෙයි.

    තවද බෙල්ජියම විසින් මෙම අප්‍රිකානු රට තම රටේ යටත් විජිතයක් ලෙස තබාගෙන සිටි වසර පනහක පමණ කාළය තුළදී කොංගෝ වැසියන් මිලියන 10 ත් 15 ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

    එසේම අමතක කළ නොහැකි තවත් ඛේදවාචකයක් නම්, එරට ගොවිපළවල්වල බළධාරීන් විසින් නියම කරන ලද කෘෂිකාර්මික භෝග ප්‍රමාණයක් දිනකට එකතු කිරීමට අසමත් වෙන සියළුම මෙහෙකාර දරුවන්ට දඩුවමක් ලෙස ඔවුන් කළේ එසේ අසමත් වන දරුවන් දහස් ගණනකගේ දෑත් කපා දැමීමයි.

    එවකට කොංගෝව “කැපූ අත් රට”(country of severed hands)ලෙස ද හඳුන්වනු ලැබීය.

    උපුටා ගැනීම ෆේස්බුක් UMANGA ගේ පිටුවෙන්