කැබිනට් ඇමතිවරුන් 04ක් වෙනස් වෙයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකුගේ පමණක් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

    ඒ අනුව ,මහාචාර්ය ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන ,ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් සිවුදෙනාගේ විෂය පථයන් වෙනස් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද ,මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදෙස් කටයුතු ඇමැතිවරයා වශයෙන් ද ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමතිවරයා වශයෙන් ද පත්කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි .

    එම ඇමති සංශෝධනය අනිද්දා(17) දිනයේදී සිදු කෙරෙනු ඇතැයි ද වාර්තා වේ .
     
    • Haha
    Reactions: reddit and Identity

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පියවර 1 - ආණ්ඩු වෙනස් උන ගමන් රට පැනපු විදුලිබල අමාත්‍යාංශයෙ හිටපු ලේකම් ෆර්ඩි සර්ව ආයි ලංකාවට ගෙන්වලා විදුලිබල මණ්ඩලයෙ ලේකම් කළා - චෙක්
    පියවර 2 - දැනට ඉන්න විදුලිබල ඇමති ඩලස් ඉවත් කර, කියන ඔ්නෙ එකකට අත්සන් කරන අළුත් ඇමතියෙක් විදුලිබල ඇමති විදිහට පත් කරගත්තා - චෙක්
    පියවර 3 - ????

    කියලා පාරෙ ගිය මිනිස්සු වගයක් කතා වෙනවා ඇහුනා. මම තාප්පෙන් මෙහා පැත්තෙ චූ කර කර හිටපු නිසා කවුද කියලා දැක්කේ නෑ. මම නෙවේ ඒ මිනිස්සු කියුව දෙයක්...
     
    • Like
    Reactions: nerodroid

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    236102756-250067246963467-6809673442223113776-n.jpg