කැම්පස් ඉටිපන්දම් රැග්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබ හිතුවද කට් ඕෆ් මාර්ක් වලින් ප්‍රයිවට් කැම්පස් වලට ගන්නව කියල. :lol:
    ප්‍රයිවට් කැම්පස් රිසල්ට් එන්න කලින් පෙන්ඩින්ග් රෙසල්ට් වලින් ගන්නව
    රිසල්ට් ආවමත් ගන්නව , කට් ඕෆ් මාර්ක් එකක් මොකටද බන් :lol:

    AL ඉවර උනාමත් ගන්නවා නේ.මේ AL ඉවර උනාම ප්‍රයිවට් කැම්පස් වලට ළමයි motivate කරන season එක බේබි .
     

    ranq

    Active member
  • Mar 5, 2019
    117
    45
    28
    AL ඉවර උනාමත් ගන්නවා නේ.මේ AL ඉවර උනාම ප්‍රයිවට් කැම්පස් වලට ළමයි motivate කරන season එක බේබි .

    Meka balala awanka adahasa kiypn...

     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    වැටමාර පොන්ස්ලාට චූ ගිහින් නේද බන්
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    "හිරේට දාද්දි සරසවි චන්ඩීන් පොලීසිය හමුවේ හඬා වැටෙයි" රුහුණේ ලිංගික නවකවද භීෂණය වැපිරූ 19ක් ඇතුලට.!

    රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට ලිංගික අඩත්තේට්ටම් සිදු කරමින් අමානුෂික ලෙස නවකවදය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජේෂ්ඨ සිසුන් 19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    මාතර මූලස්ථාන පොලිසිය වෙත පැමිණ භාර වීමෙන් පසු එම සිසුන් පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. ඒ 1998 අංක 20 දරණ නවක වධ පනත යටතේය.

    සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කිරීමට යාමෙදි ඔවුන් පොලිස් නිළධාරීන් ඉදිරියේ දැඩි ලෙස කලබල වී හඬා වැටී තිබෙන බවද වාර්තා වේ. එහිදි එක් සිසුවෙකු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුළදී අසනීප වී තිබුණි.

    එහිදි බන්ධනාගාර නිළධාරීන් ක්‍රියාත්මක වී ගිලන් රථයක් ගෙන්වා අදාල සිසුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කළේය. බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පැවසූවා .

    මෙම චූදිත ශිෂ්‍යයන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි දර්ශ උදයංග නැමැති 22 හැවිරිදි සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවකවදය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

    සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.

    ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර සිසුන් 19 දෙනාම රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.

    නවකවදයට ලක් වූ බව කියන සිසුවා පළමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළේය. ඒ අනුව පොලිසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබුණි.


    http://nethgossip.lk/article/34443
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    රුහුණ සරසවියේ සිසුවෙකුට ලිංගික නවක වධය දීමේ සිද්ධිය..මහා සිසු සංගමයේ සභාපති ඇතුළු සිසුන් 19 ක් සිර ගෙට....

    රුහුණ විශ්ව විද්‍යාලයේ පලමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජේෂ්ඨ සිසුන් 19 දෙනෙකු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (06) නියෝග කලේය.

    මාතර මූලස්ථාන පොලීසිය වෙත පැමිණ භාර වීමෙන් පසු එම සිසුන් පිරිස සැක පිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.ඒ 1998 අංක 20 දරණ නවක වධ පනත යටතේය.

    සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කල පසු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුලදී හදීසියේම සිසුවකු අසනීප වීම නිසා බන්ධනාගාර නිලධාරීන් මහත් කලබලයට පත් විය.

    ඔවුන් වහා ක්‍රියාත්මක වී 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අදාල සිසුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුලත් කලේය.

    බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
    රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික ද සිල්වා, තෙවැනි වසරේ ඉගෙනුම ලබන දර්ශන රුවන්,දිල්ෂාන් තාරක,නවෝද කිත්මල්,හර්ෂ නයනජිත්,සුපුන් සමීර,කසුන් දිනෙත්,එස්.විමලසූරිය,නවීන් හර්ෂන,ලහිරු සචිත්‍ර,කේ.ලක්ෂාන්,ප්‍රදීප් ධම්මික,නුවන් සම්පත්,ශමිල් නාරද,හර්ෂ දේවප්‍රිය,ඩබ්ලිව්.එම්.රූපසිංහ,කැලුම් විරාජ් හා කපිල රත්නප්‍රිය යන සිසුන්ය.

    ඔවුන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි හබරගමුවගේ දර්ශ උදයංග (22) නැමැති සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුලදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
    සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරික්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටියේය.

    ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකාර සිසුන් 19 දෙනාම රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.

    නවක වධයට ලක් වු බව කියන සිසුවා පලමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබු අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැදවා ඒ බව අනාවරණය කලේය.

    ඒ අනුව පොලීසිය සැකකාර සිසුන් අත් අඩංගුවට ගැනීම සදහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.

    මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත මාතර සහකාර පොලිස් අධිකාරී බුද්ධික විජේසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන,විවිධ පැමිණිල අංශයේ ස්ථානාධිපති අනිල් කුමාර,පොලිස් පරීක්ෂක ගුණසේකර,උප පොලිස් පරීක්ෂක අර්ජුන ගනේවත්ත,සැරයන් 24490 රංජිත් විතානගේ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.


    -- මාතර හොට් නිව්ස් --

    67961766_899976457002797_4922787791215001600_n.jpg


    67737237_899976660336110_1455521535660916736_n.jpg


    67744226_899976717002771_5418156893795254272_n.jpg
     
    • Like
    Reactions: Tahike

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,371
    113
    වැලිවේරිය
    රැග් එක ගැන කතා කරන එකත් තජුදින් ගේ මිනිය වගේ තමා.තමුන්ට ඕන වෙලාවට ගොඩ අරගෙන අපහු වහලා දානවා අපහු ගොඩ ගන්න බලාගෙන.හොදට බලන්න රැග් කතා මතු වෙන්නේ හැම අවුරුද්දකම සීසන් 2 කට.එකක් ළමයි උසස් පෙළ ලියන්න ලෑස්ති වෙන,ලියන හෝ ලියලා ඉවර උන කාල සිමාව.
    අනික තමයි උසස් පෙල ප්‍රතිපල එන කාලය.
    මමත් රැග් එකට විරුද්දයි.එත් මේවා මතු කරන පිරිස නම් රැග් එකට ආදරෙයි

    BUMP
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රැග් එක ගැන කතා කරන එකත් තජුදින් ගේ මිනිය වගේ තමා.තමුන්ට ඕන වෙලාවට ගොඩ අරගෙන අපහු වහලා දානවා අපහු ගොඩ ගන්න බලාගෙන.හොදට බලන්න රැග් කතා මතු වෙන්නේ හැම අවුරුද්දකම සීසන් 2 කට.එකක් ළමයි උසස් පෙළ ලියන්න ලෑස්ති වෙන,ලියන හෝ ලියලා ඉවර උන කාල සිමාව.
    අනික තමයි උසස් පෙල ප්‍රතිපල එන කාලය.
    මමත් රැග් එකට විරුද්දයි.එත් මේවා මතු කරන පිරිස නම් රැග් එකට ආදරෙයි

    AL ඉවර උනාමත් ගන්නවා නේ.මේ AL ඉවර උනාම ප්‍රයිවට් කැම්පස් වලට ළමයි motivate කරන season එක බේබි .

    දැන් අඩුම ලක්ෂ 15ක් 20ක් ඕන private degree කරන්න. ඕව කියල motivate කරාට වැඩක් නෑ.
    medical,engineering,law වගේ ඒවා ඇරුනම කිසිම එකෙක් සල්ලි තියේනම් government campus යන්නෙ නෑ