කැම්පස් ඉන්න උන්ට ඩොලර් 20,000 ක් දිනන්න චාන්ස් එකක්

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    The Global Student Entrepreneur Awards (GSEA)
    IpstNJk.png


    කැම්පස් ඉන්න උන්ට ඩොලර් 20,000 ක් හොයන්න චාන්ස් එකක් :yes::yes:

    ඔන්න කැම්පස් ඉන්න ගමන් තමන්ගේම කියලා බිස්නස් එකක් කරන ගේමක් ගැහුවනම් Award එකකට ඇප්ලයි කරලා ඩොලර් 20,000 ක් දිනාගන්න චාන්ස් එකක් තියෙනවා. :D

    මේ තරගෙට ඉදිරිපත්වෙන්න නම් මෙන්න මේ සුදුසුකම් තියෙන්න ඕන

    • විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC) අනුමත රජයේ හෝ පුද්ගලික යන ඕනෑම විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන අතරතුර ව්‍යාපාරයක නියැලෙන ඕනෑම කෙනෙකුට මේ සදහා සහභාගී විය හැකි අතර පසුගිය මාස 06ක කාලසීමාව තුල ඒ මගින් රුපියල් ලක්ෂයක (500USD)උපයා තිබිය යුතු විම එකම සුදුසුකමයි.

    කවුද මේක කරන්නේ?

    EO (entrepreneurs organization) සහ Global Student Entrepreneur Awards (GSEA) යන ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම වැඩසටහන මෙහෙයවන අතර එම සංවිධානයන් හි ශ්‍රීලාංකීය නියෝජිත ආයතනය ලංකාව තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

    තරඟය පැවැත්වෙන විදිය

    මුලින්ම මේ තරගය ලංකාව ඇතුලත තියලා එකෙන් දිනන ජයග්‍රාහකයා ජාත්‍යන්තර තරඟයට සුදුසුකම් ලබනවා. විදෙස් රටක පැවැත්වෙන එම තරගයට සහභාගි විම සදහා දරණු ලබන සියළු වියදම් මෙම වැඩසටහන මගින් ලබා දෙනවා.

    අන්තර්ජාතික වැඩසටහන තුළින් පළමු තැන දිනාගන්නා ජයග්‍රාහකයාට ඇමරිකානු ඩොලර් 20,000 ක මුදල් ත්‍යාගයක් ලබා දෙනවා.

    තරගකරුවන් තෝරාගැනීම දෙස් විදෙස් ව්‍යවසායකයන් විසින් සිදුකරනු ලබයි. ඔබට ජාත්යරන්තර තරගයෙන් ජය ගැනීමට නොහැකි වුවද ඔබේ ව්‍යවසායක අදහස සිත්ගන්නා සුළු නම් ව්‍යාපාරය දියුණු කරගැනීමට අනුග්‍රාහක අවස්ථාවන් සහ ඉහල පෙළෙ ආයතන වල රැකියා අවස්ථාවන් රැසක් හිමි කරගන්න පුළුවන්!

    දැන් ඔහොම කිව්වට ඕක ලංකාවට හම්බ වෙයිද?

    පසුගිය කාල සිමාව තුළ මෙම තරගයේ අවසන් දස දෙනා අතරට සුදුසුකම් ලබන්නට ලාංකීය සිසුන් දෙදෙනෙකුට හැකි වුනා.


    Yathusha Kulenthiran - https://gsea.org/finalists/yathusha-kulenthiran/

    Yathusha-Kulenthiran-Sri-Lanka.jpg

    product - https://www.olai.shop

    Uttunga Jayewardene - https://gsea.org/finalists/uttunga-jayewardene/

    Sri-Lanka-Uttunga-Jayewardene.png

    Product - www.shopxylo.com

    එතකොට ජාත්‍යන්තර තරගයට යන්න බැරි උනොත් මොනවද ලැබෙන්නේ?
    ජාත්‍යන්තර තරගයට සහභාගි විය නොහැකි වුවද ජාතික මට්ටමෙන් මුල් තැනට පැමිණි සිසු සිසුවියන් පස් දෙනෙකුගේ ව්‍යාපාර කටයුතු ඉහල නැංවීමට මූල්‍ය සහයෝගය පසුගිය කාලයේ හිමිවෙලා තිබෙනවා.

    ව්‍යවසායකයෙකු ලෙස සක්‍රීය වන ඔබේ හැකියාවන් මත ජාත්‍යන්තර ව්‍යාපාර සබදතා ගොඩ නගා ගැනීමට මේක හොඳ අවස්තාවක්!

    තරගයට දැන්ම අයදුම් කරන්න මෙතනින් -
    https://gsea.org/apply/