**** කැරකෙන රෝදේ ****

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Karakena Rode (කැරකෙන රෝදේ) | Acoustic | Edward Jayakody

https://www.youtube.com/watch?v=cdZCM1e6few

Playlsit ekata kamathi nam YouTube eke comment ekak danna machanla..!!

කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසු කර යන්නට
තල්ලු කරන් පුතුනේ...

කැඩුණු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ...

කිරි කැටි දෙ අතේ සවි බල දියවේ
පමා වුණොත් අප මහ මග තනි වේ
අම්මා මග ඇති නෙත් හරවා ගෙන
තල්ලු කරන් පුතුනේ...

Jaya wewa
 
MAT.com

Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    ඉතාමත් අනුවේදනීය ගීතයක්. මේ ගීතය රචනා කරලා තියෙන්නේ සිරිල් සමරකෝන් නමැති අනුරාධපුර ප්‍රදේශයේ බස් කොන්දොස්තරවරයෙක්. පුදුම හිතෙනවා නේද? එහෙම කිව්වාම. ඔව් ඔහු දිනපතා රාජකාරි කරනකොට දකිනවා දෙපා අහිමි වූ පුද්ගලයෙක් කරත්තයක ඉන්න. ඔහුගේ රැකියාව කැඩුණු පාවහන් සහ කුඩ මැසීම. ඔහුගේ කරත්තය හැමදාම තල්ලු කරගෙන එන්නේ ඔහුගේ පුංචි පුතා.

    මේ සංසිද්ධිය දකින විට ඔහුගේ හිතට නැගෙන අදහස ඔහු ලියනවා තමන්ට ඩිපෝවෙන් දීලා තියෙන ටිකට් රෝලේ. එහෙම ටිකට් රෝලක ලියවුණු පද රචනය තැපෑලෙන් එනවා ගුවන් විදුලි සංස්ථාවට. එයට මිහිරි තනුවක් යොදනවා කළණි පෙරේරාවන් විසින්. මේ ගීතය ගයන එඩ්වඩ් ජයකොඩි මහතා ඒ වෙනකොට මේ සිරිල් සමරකෝන් කියන්නේ කවුද කියලා දන්නේවත් නෑ. දැකලාවත් නෑ. ගීතයක් ලියන්න සමාජ තරාතිරම වැදගත් නෑ කියලා ඒකෙන්ම ඔප්පු වෙනවා නේද?
     
    • Like
    Reactions: poora and sudokuu

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    බොහොම ස්තුතියි සහෝ....

    Jaya wewa!!