කැරපොතු මර්දනය සහ රාජපක්ෂ ආණ්ඩුව

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කැරපොතු මර්දනය සහ රාජපක්ෂ ආණ්ඩුව

    ශ්‍රී ලංකා බංගලිදේශ ක්‍රිකට් මැච් එක අතරෙ "කැරපොතු මර්දනය" කරන කෘමි නාශකයක් ගැන යන වෙළඳ දැන්වීමක් නිතර විකාශනය වෙනවා. දැන්වීමෙ තියන ස්ට්‍රැටජිය මතුපිටින් පේනවට වඩා ටිකක් වෙනස්. "කැරපොතු මර්දනය" ටම විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතේ වෙන දේවල් වලදිත් මේ වගේ ස්ට්‍රැටජි නිතර එහා මෙහා යන එන නිසා අපි මේව තේරුං අරගෙන ඉන්න එක වැදගත්.
    maxresdefault.jpg

    හරි එහෙනං අපි දැන් වෙළඳ දැන්වීම වෙත නැවත යොමුවෙමු.

    වෙළඳ දැන්වීමේ තියන විදියට අපේ ගෙවල් වල ඉන්න කැරපොත්තො සංවිධානාත්මකයි. උං එන්නෙ තනි තනියෙන් නෙවෙයි, කණ්ඩායම් වශයෙන්. තනි තනියෙන් එනව දැක්කත් උං එහෙම එන්නෙ කතා වෙලා. උං සෙට් එකම එකට සෙට් වෙලා අපි නිදාගන්නකන් බලාගෙන ඉන්නවා. අපිට නින්ද ගියාම උං එලියට එනව. උන්ටත් ඉන්නව නායකයෙක්. එලියට එන කැරපොතු රැළට අන දෙන්නෙ ඌ.

    වෙළඳ දැන්වීමේ විදියට කැරපොත්තො එලියට එන එකේ එකම අරමුණ කෑම හොයාගන්න එකම නෙවෙයි. උං අපිත් එක්ක හෙන තරහයි. උන්ට ඕන අපෙන් ගේම ඉල්ලන්න. ඒක නිසා එලියට එන උං කණ්ඩායම් වශයෙන් බෙදිල අපි පිරිසිදුව තියාගන්න කැමති හැම දෙයක්ම අපිරිසිදු කරනව. උං අපිරිසුදුයි සහ අපි පිරිසිදුයි කියන එක උං දන්නව. ඒක නිසා අපේ දත් බුරුසුව, පාන් කෑල්ල, බනිස් ගෙඩිය, දොඩං පළුව, තුවාය, කෑම පිඟාන වගේ මෙකී නොකී හැම එකක්ම උඩින් ගිහිං, ඇවිදලා කැරකිලා ඒව අපවිත්‍ර කරනවා. ඊට අමතරව අපිව ගෙදරින් එළවලා ගෙදර බලය අල්ලා ගැනීමේ අරමුණකුත් උන්ට තියනවා.

    වෙළඳ දැන්වීම තුල මේ දකින කැරපොතු භීතිය ඇත්තටම අපේ ගෙවල් වලත් තියනවද? තියන අවස්ථා ඇති. නමුත් සාමාන්‍යෙන් පිරිසිදු කරගෙන ඉන්න ගෙදරක ඉඳල හිටල කැරපොත්තෙක් දකිනව ඇරෙන්න මේ කියන විදියෙ තත්වයක් නැහැ. වෙළඳ දැන්වීම තුලින් කරන්නෙ අවිඥ්ඥානිකව "අපේ ළඟ නැති කැරපොතු බියක්" ඇති කරන එක. එහමත් නැත්නං "මමත් කැරපොතු කරදරෙන් මිදෙන්න ඕන" කියන හැඟීම එහෙම "කැරපොතු කරදරයක්" නැති කෙනෙක් තුල ජනිත කරන එක. වෙළඳාම තියෙන්නෙ එතන. නැති කැරපොත්තන් මර්දනය කරන්න ගෙදරට එන මේ වගේ කෘමි නාශක ගෙදරින් යන්නෙ ගෙදර මිනිස්සුන්ට නැති ලෙඩ ගොඩක් ලබාදීමෙන් අනතුරුව.
    226716a9-srilanka.jpg

    මීට අවුරුදු 3කට කලින් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැව්වෙත් මේ වගේම "රටේ ප්‍රජාතාන්ත්‍රවාදය නැහැ මානව හිමිකම් හරියට නැහැ, මාද්‍ය නිදහස නැහැ, නීතිය, සදාචාරය සහ සමානාත්මතාව නැහැ" වගේ "නැති කැරපොතු" භීතියක් මිනිස්සුන්ගෙ සන්තාන තුල මවල. "ප්‍රජාතාන්ත්‍රවාදය, මානව හිමිකම්, මාද්‍ය නිදහස, නීතිය, සදාචාරය සහ සමානාත්මතාව" වගේ දේවල් ඇඟට නොදැනුන මිනිස්සු ඇවිස්සුනේ "නැති කැරපොත්තො" මරන්න. සල්ලි දීල කෘමි නාශක ගෙනැල්ල "නැති කැරපොත්තො" ඉන්නව කියල ගේ පුරාම ඉහල දැන් ඒ මිනිස්සු "නැති ලෙඩවල්" හදාගෙන ඉස්පිරිතාල ගානෙ යනව.

    - යොහාන් නාලක

     
    • Like
    Reactions: Lejayange

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    නැති කැරපොතු කරදරයක් ඇති කරත් කැරපොත්තා කියන්නේ ජරා සතෙක් එකේ දෙකක් නෑ . එක නිසයි අපි ජනවාරි 8 වෙනිදා මොර්ටින් ගැහුවේ .
    දැන් වෙලා තියෙන්නේ අපිත් එක්ක මොර්ටින් ගහන මුලික වෙච්ච එවුනුත් කරපොත්තොත් එක්ක හුරතල් වෙන එක
    එකෙන් කියන්නේ නෑ අයෙත් අපි කැරපොත්තෝ ගේ අස්සේ දාගන්නවා කියල