කැරලිකාර පූසියන්ට

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    කැරලිකාර පූසියන්ට

    කැරලිකාර පූසියන්ට
    Pussy-Riot.jpg


    [1]

    බූන්දි| සඳුදා, පෙබරවාරි 11, 2013| 01:33:04

    අවදි කළ වුව මැන
    නිසොල්මන් මඳනල
    අළු සළු වසා මැළවුන
    නිදන ගිනිමැළ අවුළන

    සැනහෙන හිඳ නදී තෙර දොන් අසබඩ
    මෙනවියනි රණරුති එව් බළල් ගී මනහර
    රුවට වෙණ තත් නිය අගින් පිරිමැද
    කණ එව වයන වෙණ ගී නද මියුරු කොට

    වයත සුසුමන් සුපිඹින
    වෙණ නද මී වැකෙන සවනත
    එසරයෙනි මඳනල අවදි කළ
    අටියෙන් යළිදු ගිනි සිළුව දළුලන

    සුනු කළ යුතු බැවිනි දළ සෙල් පෙළ පහල
    යකුළු තෙද පහරකි අවැසි දැන් මඟ අවුරන
    තනන්නට යකුළ රොද බැඳ තව තවත් මඳනල
    හැමිය යුතු වේ ‍‍අවුළුවන ලෙද ගිණිමැළ
    Iwarayi.jpg