කැලණිතිස්ස බලාගාරයට අද තෙල් දෙයි..බැරිම වුනොත් පැය ඵකහමාරකට කපයි..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,512
    47,681
    113
    දැනට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් නතර කර ඇති කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙක සඳහා අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව අද දින සිට එළඹෙන 22 වන දා දක්වා දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් දහසක් ලබාදෙන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

    මේ වන විට කැළණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකම ඩීසල් සහ නැප්තා නොමැතිවීම හේතුවෙන් ඊයේ (18) රාත්‍රියේ සිට අක්‍රීය වී තිබෙනවා.

    ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති ධාරිතාව මෙගාවෙට් 280ක්.

    එමෙන්ම මෙම ඉන්ධන අර්බුදය නිසා ඊයේ පස්වරුව වන විට යළිත් සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ද වසා දැමීමටයි එහි බලධාරින් තීරණය කෙරුණේ.

    මෙවන් වටපිටාවක දී ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ, බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට රට තුළ ඩොලර් හිඟයක් ඇති තිබෙන බැවින් සහ නිසි කලට බලාගාර නඩත්තු නොවීම නිසා විවිධ අවස්ථාවලදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදු විය හැකි බවයි.