කැලෑ පත්තර

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇමෙරිකාව ගොනාට ඇන්දවූ රුසියානු මෙහෙයුම


    අන්තර්ජාලය මත පදනම් වූ සමාජ මාධ්‍ය ජාලයක ලියාපදිංචි වීමට විද්යුත් තැපැල් ගිණුමක්‌ ඕනෑ කරනවා. ගිණුම් හිමියා අයිති වන රට විද්යුත් තැපැල් ගිණුමේ අන්තර්ගතයි. විද්යුත් තැපැල් ගිණුම් පහසුකම් සපයන එක්‌සත් ජනපද සමාගම් හරහා සිය ගණනක තැපැල් ගිණුම් ව්‍යාජ නාම යොදාගෙන විත්තිකරුවන් සහ ඔවුන්ගේ කුමන්ත්‍රණ සහකරුවන් විසින් ලියා පදිංචි කරගෙන තිබෙනවා. ඉන්පසු එය උපයෝගී කරගෙන යූටියුබ් (YouTube), මුහුණු පොත (Facebook), ඉන්ස්‌ටග්‍රැම් (Instagram) සහ ට්‌විටර් (Twitter) යන සමාජ මාධ්‍යයන් වේදිකා කරගෙන ඔවුන් තම රුසියානු බව සඟවමින් අමෙරිකානුවන්ගේ වෙස්‌ ගත් ගිණුම් සිය ගණනක්‌ නිර්මාණය කර තිබෙනවා. මීට අමතරව සැබෑ හිමිකරුවන්ගේ කැමැත්තකින් හෝ අවසරයකින් තොරව අමෙරිකානුවන්ගේ සමාජ ආරක්‌ෂණ අංක සහ උපන්දිනයන් භාවිත කිරීම, අයිතිකර ගැනීම සහ පවරා ගැනීම කර තිබෙනවා. 2016 වසරේදී අසූවකට (80) අධික සේවකයන් සංඛ්‍යාවක්‌ සහභාගි වී තිබෙන ඒ මෙහෙයුමේ මූලික බිම් සැකසීම ඒ අයුරුයි. ඉන්පසුව මේ තියුණු මෙහෙයුම සියුම්ව දියත් වෙනවා. විශේෂයෙන්ම මුහුණු පොත සහ ඉන්ස්‌ටග්‍රැම් යන සමාජ මාධ්‍යයන් මත පදනම් වී යම් තේමාවකට අමෙරිකානුවන් කොටුකර ගැනීමට කණ්‌ඩායම් (Groups) සැකසීම සඳහා පිටු (Pages) නිර්මාණය කෙරෙනවා. මේ මගින් සිය දහස්‌ ගණනක අමෙරිකානුවන් අනුගාමිකයන් ලෙස තම පාලනයට නතු කරගෙන තිබෙනවා. එය පාදක කරගෙන ඇමෙරිකාව තුළ "පොදු මතධාරී නායකත්වයක්‌" ව්‍යාජ ලෙස ගොඩනඟා තිබෙනවා. මේ අතර මූලෝපායක්‌ ලෙස සංවිධානාත්මකව ජනාධිපති අපේක්‌ෂකයන් සහ පවතින දේශපාලන ක්‍රමය ගැන එක්‌සත් ජනපදය තුළ අවිශ්වාසය පැතිරවීම සිදු කෙරෙනවා. ඒ සඳහා මේ සංවිධානය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සමාජ මාධ්‍යයන් තුළ වෙළෙඳ දැන්වීම් පළ කිරීම සඳහා ඩොලර් දහස්‌ ගණනක්‌ මාස්‌ පතා වියදම් කර තිබෙනවා. සිය පාලනයට නතුවූ අනුගාමික ඇමරිකානුවන් මේ ව්‍යාජ නායකත්වය විසින් පාලනය කරන බව මවා පෙන්වන්න ට්‌විටර් (Twitter) ගිණුම් ගණනාවක්‌ නිර්මාණය කර මෙහෙයවෙනවා.

    ඒ අතරම සමාජ මාධ්‍යයන් හරහා ඔවුන් ප්‍රකාශයට පත් කළ දේවල්වල ක්‍රියාකාරිත්වය ඔවුන් නිරීක්‌ෂණය කරනවා. ඔවුන්ගේ ප්‍රකාශයන් වෙත සමීප වූ අමෙරිකානුවන් සංඛ්‍යාව, ඒවාට කැමත්ත පළ කළ සංඛ්‍යාව, ඒවාට අදහස්‌ දැක්‌වූ සංඛ්‍යාව මෙන්ම ඒවා ගැන පැමිණිලි කළ සංඛ්‍යාව සහ තවත් සංඛ්‍යා දත්තයන් ඔවුන් නිරීක්‌ෂණය කර තිබෙනවා. මුලින්ම ප්‍රධාන ජනාධිපති අපේක්‌ෂිකා හිලරි ක්‌ලින්ටන්ට අවනම්බු වන තොරතුරු සන්නිවේදනය කරනවා. ටෙඩ් කෲස්‌, මර්කෝ රුබයෝ වැනි අපේක්‌ෂකයන් ගැන අපකීර්තිය පතුරවනවා. ඉන් පසුව අපේක්‌ෂක බර්නි සැන්ඩර්ස්‌ වෙතත් අපේක්‌ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතත් සහයෝගය දක්‌වනවා. "ට්‍රම්ප් වෙනුවෙන් වන පෙළපාලිය" නමින් වූ ට්‌විටර් ගිණුමත්, "ක්‌ලින්ටන්ගේ වංචා" සහ "එක්‌සත් ට්‍රම්ප් අනුගාමිකයින්" නමින් වූ මුහුණු පොත් ගිණුම් දෙකත් එහි නියමුවන්. "අවදි වූ කළු ජාතිකයින්" නමින් වූ ඉන්ස්‌ටග්‍රැම් ගිණුම හරහා වර්ණ බේදවාදය ද අවුස්‌සනවා. ඒ ලෙස ඉතාම සූක්‌ෂ්ම අයුරින් දියත් වූ එම මෙහෙයුම අවසානයේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සාක්‌ෂි විනාශ කිරීමට අන්තර්ජාලගත සියලුම දත්තයන් ඔවුන් විසින් අකා මකා දමනවා. එය ඉතා මැනවින් ක්‍රියාත්මක වූ පරිපූර්ණ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරයකට කදිම උදාහරණයක්‌. ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ මෙහෙයුමේ ඩිජිටල් අධ්‍යක්‌ෂ බ්‍රැඩ් පාස්‌කල් පවසන්නේ ට්‍රම්ප්ගේ විස්‌මිත ජයග්‍රහණය සඳහා මුහුණු පොත වගකිව යුතු සමාජ වේදිකාවක්‌ වූ බවයි.


    http://divaina.com/daily/index.php/visheshanga3/8331-2018-03-04-13-02-106
     

    Similar threads