මගේ මතය මේ ලංකාවෙ ආරම්භයේ ඉඳලම කැලෑ කැපුන. එහෙම නැත්නම් මෙහෙම ගෙවල් හැදෙන්න විදියක් නෑ නේහ්. මේ ලංකාවම ඉස්සර කැලයක් විදියට තියෙන්න ඇත්තෙ. ඒව එලි පෙහෙලි කරල තමයි මිනිස්සු පාරවල් හැදුවෙ, ගෙවල් හැදුවෙ, හැමදේම කරේ. සංවර්ධනය & වන සංරක්ෂණය අතර ලොකු බැඳීමක් තියෙන්නෙ. ඒක මිනිස්සු තේරුම් ගන්න ඕන.
මෙතැන තියෙන්නෙ වෙනම කතාවක්. ඉතාම සැලසුම්සහගතව
මාධ්‍ය සංදර්ශනයක් යනව මේ රජයට ප්‍රශ්නයක් දාන්න එක එක ඇජෙන්ඩා වල ඉන්න මිනිස්සු. ඒකට ඒ අය අල්ලගත්ත ටොපික් එකත් නියමයි. මොකද මිනිස්සුන්ගෙ සංවේදී නහර වලටම අල්ලන්න පුලුවන් ටොපික් එකකින් තමයි මේ කැම්පේන් එක ගෙනියන්නෙ. දැන් ගෙදරක පොල් ගහක්, කොස් ගහක් කැපුවත් ඒකෙ ෆොටෝ එකක් අරගෙන මෙන්න ආණ්ඩුවෙන් ගස් කපනව කියල කියන තරමටම මේ සෝශල් මීඩියා රැල්ල වැඩ වෙලා තියෙන්නෙ. මේව පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල කියන්න ඕන නෑ නේහ් අමුතුවෙන්.
හැබැයි මේ වැඩ වලින් වෙන්නෙ ඇත්තටම පරිසර විනාශ කරන අය යට යනව. අන්න ඒව ඕන හොයන්න. ඒවට රජය නීති දැඩි කරන්න ඕන. හැම රජයකින්ම වුණ දේ මේ රජයෙනුත් වෙන්න ඉඩ තියන්න බෑ. හැබැයි ඔය
එකපාර පරිසර ආලය ඇතිවෙලා, දේශප්‍රේමී හැඟීම් පහල වන බහුතරයක් වෙන වෙන ඇජෙන්ඩා වල ඉන්න අය. ඒ අය ඒ කාලෙ නිදාගෙන එකපාර ඇහැරිලා.
මේ ත්‍රෙඩ් එකේ සංවාදයට විවෘතයි කියල කිව්ව නිසා මම මෙහෙම වෙලාව අරගෙන පැහැදිලි කරේ. මේක මගේ මතය. ඕන දෙයක් ඉදිරිපත් කරන්න.
මේ පෝස්ට් එකත් දේශපාලනීකරණය කරල මෝඩකම්
ප්‍රදර්ශනය කරන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනව