කැස්පියානු මුහුදේ රාක්ෂයා

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,779
    5,752
    113
    කැස්පියානු මුහුදේ රාක්ෂයා

    කැස්පියානු මුහුදේ රාක්ෂයා

    LtgwWxp.jpg


    1967 දී ඇමරිකානු රහස් තොරතුරු කාර්යාංශය කැස්පියන් මුහුද අවට චන්ද්‍රිකා ජායාරූප පිරිස්සමින් සිටින අතර අමුතු දෙයක් දක්නට ලැබුනා. ඒ මුහුදු වෙරළේ පාවෙන තටාන්ගනයක නවතා තිබෙන විශාල ගුවන් යානයක් අපැහැදිලි ජායාරූපයක්. ඒ දෙය හදුනාගත ගැනීම සදහා පසුව ලබාගත් drone ජායාරූප අනුව එකල ලොව විශාලතම ගුවන් යානයට වඩා විශාල නිම නොකළ ගුවන් යානයක් දර්ශනය වූ අතර එහි KM යන ලකුණත් සෝවියට් නාවික හමුදාවේ ලාංඡනයත් ලකුණු කොට තිබිණි. මෙම ගුවන් යානය කුමක්ද යන්න ගැටලූවක් වුවත් වැඩ අවසන් කිරීමට කිසිම සූදානමක් නොපෙනුන අතර යානයේ බඳට වඩා මදක් විශාල පියාපත් වලට එම යානය කිසිසෙත්ම ඉහල ගෙනයාමට හැකියාවක් නොමැති බව විශේෂඥ මතය වුනා. එමනිසා යානය කැස්පියානු මුහුදු රකුසා ලෙස (Caspian sea monster) CIA සංවිධානය නම් කලා.නමුත් KM (Korabl Maket) හෙවත් පරීක්ෂණ නෞකාව ලෙස නම් තබා තිබූ මෙම ගුවන් නැව ජලයට මදක් ඉහළින් ගමන්කරන වාහනයක් බව ඔවුන් දැන සිටියේ නැත.

    g6qEx7p.jpg


    Ekranoplan හෙවත් භූමි ආචරණ වාහන (ground effect vehicle) ගනයට වැටෙන මෙම යානය එම පර්යේෂණ කටයුතු සඳහා නිපදවූ පලමු විශාල නිදර්ෂකයයි. මෙම යානය නිෂ්පාදනය මධ්‍යම ජලයානා කාර්යාංශය ( central hydrofoil design bureau) සිදු කල අතර සැලසුම් කිරීම Rostislav Alexeyev විසින් සිදු කරන ලදී. Rostislav Alexeyev සෝවියට් දේශය තුල සිටි ප්‍රමුඛතම වේගයාත්‍රා ( hydrofoil) සැලසුම් ශිල්පීයා වූ අතර එම තාක්ෂණය දියුණු කිරීමේදී දිගුවක් ලෙස ekranoplan නිෂ්පාදනය කරන ලදී. Ekranoplan යනූ ගුවන් යානයක් පොලවට ආසන්න වන විට පියාපත් අසල ඇති වන වායූගතික බලපෑම උපයෝගී කරගෙන පොලව මට්ටමට මීටර් කිහිපයක් උසින් ගමන් කරන ගුවන් නැවක් වන අතර ජල ප්‍රතිරෝධය නොමැති නිසා වේගයෙන් ගමන් කල හැක. මෙම යානය කුමන හමුදාවට අයත් ද යන්න ගැටළුත් උවත් පසුව එය සෝවියට් නාවික හමුදාවට අයත් ලෙස සැලකුවද පර්යේෂණ කටයුතු සඳහා සෝවියට් ගුවන් හමුදා නියමුවන් යෝදා ගැනිණි. 1966 ජූනි 22 පලමු පර්යේෂණ ගමන් සිදු කල අතර එහිදී මතුවන ලද ගැටළු නිසා 1980 තෙක් පර්යේෂණ කටයුතු සිදු කරන ලදී. මුල් පර්යේෂණ ගමන් සඳහා සැලසුම් ශිල්පී Rostislav Alexeyev සහභාගී වූ අතර එකල රුසියාවේ සැලසුම් ශිල්පීයා මුල් ගමන් සදහා සහභාගි නොවිනි.
    මෙම යානය මීටර් 92 ක් දික් වූ අතර පියාපත් මිටර් 37.6 දික්විය. උපරිම පියාසැරි බර ටොන් 544 වූ අතර මූහූදූ මට්ටමට මිටර් 5 සිට 10 තෙක් උසකින් පැයට කිලෝමීටර් 430 ක් සාමාන්‍ය වේගයෙන් හා පැයට කිලෝමීටර් 500 ක් උපරිම වේගයෙන් ගමන් කිරිමට එයට හැකියාව තිබිනි. ටර්බෝ ජෙට් එන්ජින් 10 ක් යානය සතුවූ අතර 8 ක් එසවූම් එන්ජින් ලෙසද 2 ක් පියාසැරි එන්ජින් ලෙසද ක්‍රියාකරන ලදී. මෙම යානය කිසිදා සක්‍රීය හමුදා කටයුතු සඳහා යොදා නොගත් නමුත් එම යානය උපයෝගී කරගෙන සැදු යානා වර්ග දෙකක් 1980 දශක වල සෝවියට් නාවික හමුදාව භාවිතා කරන ලද අතර 90 දශකයේ සෝවියට් දේශය බිද වැටීමෙන් පසු භාවිතයෙන් ඉවත් වන ලදී.

    5GKnCXy.jpg


    මෙම යානය මුහුදට මීටර් කිහිපයක් උසින් ගමන් කරන බැවින් හතුරු රේඩාර් වලට අසු නොවන අතර මුහුදු බොම්බ කලාපයක් තුලින් වුවද අනතුරකකින් තොරව ගමන් කල හැක. නමූත් සැඩමුහුද තුල ගමන් කිරීමට මෙම යානයට හැකියාවක් නැත. නමුත් අධික වේගය හා ඉහල ධාරිතාව ඕනෑම හදිසි අවස්ථාවක හමුදාව ප්‍රවාහනයට යොදාගත හැක.

    AKW7dzn.jpg


    KM යානයේ නිර්මාණකරු Rostislav Alexeyev තම තනතුරොන් 70 දශකයේ දේශපාලන කටයුතු නිසා ඉවත් කරන අතර 1980 යෙදී වයස අවුරුදු 68 ක්ව තිබියදී මිය යන අතර KM යානය ද එම වසරේ දීම නියමුවන් විසින් සිදු කරන ලද වරදක් නිසා කැස්පියන් මුහුදේ දී අනතුරට ලක් විය. ජිවිත හානි සිදු නොවූවත් යානය ගිලී ගිය අතර නැවත ගොඩ ගැනීමට යානයේ විශාලත්වය බාධාවක් විය.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    TFS සහෝ. පට්ට ලිපියක්. :love2:(y) ඇත්තටම කණගාටු හිතුණා මේ වගේ හොද ආර්ටිකල් එකකට බම්ප් එකක්වත් මෙච්චර කාලෙකට වැටිලා නැති එකට. :( "Mustard' චැනල් එකෙන් දාපු වීඩියෝ එකකුත් තියෙනවා මේ ගුවන් යානෙ ගැන. :yes::)


     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    ඇත්තටම කණගාටු හිතුණා මේ වගේ හොද ආර්ටිකල් එකකට බම්ප් එකක්වත් මෙච්චර කාලෙකට වැටිලා නැති එකට.
    ත්රෙඩ් ඒක දාපු එකාගේ හොදකම නිසා තමා බම්ප් එකක්වත් වැටිලා නැත්තෙ..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,752
    113
    ත්රෙඩ් ඒක දාපු එකාගේ හොදකම නිසා තමා බම්ප් එකක්වත් වැටිලා නැත්තෙ..
    මුලින්ම දාපු ආටිකල් එකක් බන්. තුන් වෙනි එකද කොහෙද. ලඟ ලඟම ආටිකල් දැනෙන්නෙත් නැහැ. එකයි ඔය. අනික සිකුරාදා රෑක ඕක දැම්මේ. සෙනසුරාදා ඉරිදා මේවාගේ එව්වා බම්ප් වෙන්නේ නැහැ. ඒ දවස් වල දේශපාලන හරි කාන්තා එව්වා තමා ඇදිලා යන්නේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මුලින්ම දාපු ආටිකල් එකක් බන්. තුන් වෙනි එකද කොහෙද. ලඟ ලඟම ආටිකල් දැනෙන්නෙත් නැහැ. එකයි ඔය. අනික සිකුරාදා රෑක ඕක දැම්මේ. සෙනසුරාදා ඉරිදා මේවාගේ එව්වා බම්ප් වෙන්නේ නැහැ. ඒ දවස් වල දේශපාලන හරි කාන්තා එව්වා තමා ඇදිලා යන්නේ.
    ඉඩ ලැබෙන වෙලාවට පුළුවන් නම් මේ වගේ ත්‍රෙඩ් දාන්න සහෝ. කවුරු නැතත් අපි ඉන්නවා කියවන්න. :yes: (y)
     
    • Like
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,752
    113
    • Like
    Reactions: Stimulus mind