කැසිනෝ

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කණගාටුවෙන් උනත් පිලිගන්න වෙනවා පෞඪ ජාතියක් සංස්කෘතියක් ගැන කතා කරන අපේ රට අද යැපෙන්නෙ මේ රටේ ඉන්න අම්මලා
    ටික මැදපෙරදිග යවලා ලැබෙන මුදලින්. ඒ රට යන අම්මලාගෙන් බාගෙට බාගයක් ආයෙ එන්නෙ පෙට්ටියෙන්. ඇයි අපිට ඒ තත්වෙට
    යන්න සිද්ධ උනේ? ඒ මොකද අපේ අපනයන බිඳ වැටිලා. අපේ වෙළඳපොල පහසුවෙන් වෙනත් රටවල් වල ග්‍රහණයට ලක් වෙලා ඉවරයි.
    අපට ඉතිරි වෙලා තියෙන්නෙ විදේශ රැකියා මඟින් ආදායම් ලැබීම සහ සංචාරක ව්‍යාපාරය පමණයි.

    ඔබ මේ දෙකෙන් තෝරගන්නෙ මොකද්ද? මම නම් පෞද්ගලිකව සංචාරක ව්‍යාපාරය තෝරගන්නවා. මොකද අනේ අපේ අම්මලා විකුණලා
    රටට ගේන සල්ලි වලට වඩා සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් ලබන එක හොඳයි. නම්බුයි.

    කැසිනෝ, සමාජ ශාලා, මත්පැන් හල් වලින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා හැර රටේ උරුමය, ස්වභාවික සුන්දරත්වය පෙන්නලා
    අපිට ආදායම් ලබන්න බැරිද? පුලුවන්. දැනටත් කරන්නෙ ඒකම තමයි. නමුත් ඒ පරාසය තුල රටට එන සංචාරකයො මුදල් වියදම් කරන
    අය නෙමෙයි. ඒ නිසා තමයි අපේ රටට එන සංචාරකයන්ට සාපේක්ෂව ආදායම එතරම් වර්ධනයක් වෙලා නැත්තෙ.

    කැසි‍නෝ දැනටත් මෙහෙ තියෙනවා. සංචාරක කර්මාන්තයේ අනාගතය සඳහා මහාපරිමාන විදිහට කැසිනෝ ශාලා ඉදි කරන්න අවශ්‍යයම නම්
    අපේ රටේ මිනිස්සුන්ට සහභාගී වීමට යම් යම් සීමා පනවලා ‍කැසිනෝ වලට අවසර දෙන්න බැරි ඇයි?

    සංවාදයට විවෘත්තයි...
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඔතනින් පටන්ගෙන රටේ දියුණුව උදෙසා තව මොනවා නීති ගත කරයිද කියලා කව්ද දන්නේ?? ස0චාරක කර්මාන්තය උදෙසා ගණිකා ව්‍යාපාර තමා ඊලගට එන්නේ බලන්නකෝ... මෙහෙම ගියොත් ඉතින් කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නෑ... ගහේ මුල් ඇද්දට පස්සේ කපනවා බොරු! අනික අනිවා ඩෙෆා, ඕවගේ වැඩිපුර ලගින්නේ අපේ එවුන්. ඒපාර රටේ තියන සල්ලි ටිකත් පිටට ඇදන් යයි අර කැසිනො රජා...
     
    Last edited:
    ඇයි දියුණු වෙන්න කෙටි පාරවල් හොයන්නේ,
    ඇයි රට ඇතුලේ නිෂ්පාදනයක් කරලා එකෙන් ආදායමක් ගන්නේ නැත්තේ,
    රටේ නීතිය ,ප්‍රජාතන්ත්‍රවාදය, හරියට ක්‍රියාත්මක වෙනවනම්,රටට වැඩක් ආයෝජකයෝ ඇති වෙනකල් එයි,
    අනවශ්‍ය බදු දාල,විදුලි බිල , ඉන්ධන මිල වගේ අත්‍යවශ්‍ය සාධක අසීමිත විදිහට වැඩි කරාම ඉන්න ආයෝජකයෝ ටිකත් යන්න යනවා ,
    අනෙක රජයෙන් කරන්න ඕන මොනවා හරි නිෂ්පාදන ක්‍රියාවලියට වැඩක් වෙන දේවල්,
    නැතිව ටෙලි සිනමා ගම්මාන, රංග ශාලා වගේ ඒවගෙන් නිෂ්පාදනය ඇති වෙන්නේ නැහැනේ,
    ඒවගෙන් මම දන්නා විදිහට කලාවට මහලොකු සෙතක් වෙලා නැහැ ,
    තියෙන ක්‍රීඩා පිට්ටනිත් නඩත්තු කරගන්න බැරිව,නය වෙලා තව පිට්ටනි හදල මොනවද වෙන්නේ,
    අනෙක ඔය නය වෙලා අවුරුද්දකට සැරයක් තියන කානිවල් එකෙන් ඇතිවෙන ලාබය මොකක්ද
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    කණගාටුවෙන් උනත් පිලිගන්න වෙනවා පෞඪ ජාතියක් සංස්කෘතියක් ගැන කතා කරන අපේ රට අද යැපෙන්නෙ මේ රටේ ඉන්න අම්මලා
    ටික මැදපෙරදිග යවලා ලැබෙන මුදලින්.

    උබ වෙන්න ඇති අපි නම් රස්සාවල් කරනවා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    tourisum walin rata diyunu karanna baha. ehema diyunu wechcha ratak loke naha,
    ratak diyunu wenna banda ha sewa pramanaya wadi karanna oni.e wagema
    rate nishpadana wadi karanna oni.

    lankawata sancharakayo ennne thamange vacation eka adu mudalata gatha karanna.
    nathiwa heritage ekak balanna nemei,ewa balanna oninam e minissu yanna loke oni tharan thiyenawa.ena sancharakayonta galui kadui natabunui pennala kiyak hari hoyaganna eka thamai apita karanna thiyenne.

    casino wala pradana target eka thamai indiansla.mama hithanne me thread eka damme packer karaya gena poker machine nisa wenna athi.mata hithaganna baha ai anthimata meke kiyala thiyenne rate minissunta sahabagi wena eka walakwanna kiyala.