කෑදර බල්ලාගේ කතා වස්‌තුව
සිංහල රටේ එකමත් එක ගමක කෑදර බල්ලෙක් සිටියේය. දිනක් ඌ මස්‌කඩයකින් මස් කට්‌ටක් සොරකම් කරගෙන පාර දිගේ ඇවිදගෙන ගියේය. එසේ යන විට ගඟක් හරහා දමා තිබූ ඒදණ්‌ඩක් දිගේ යැමටද සිදුවිය. ඒදණ්‌ඩේ යන බල්ලාට ගඟේ වැටී තිබූ තමාගේම ඡායාව දක්‌නට ලැබුණි. බල්ලා හිතුවේ ඒ තවත් බල්ලෙක් මස් කටුවක් අරගෙන යන බවයි. එම මස් කටුවද උදුරා ගැනීමට සිතූ මේ මෝඩ කෑදර බල්ලා එක්‌වරම ගඟට පැන්නේය. බල්ලා ගඟේ ගිලී මිය ගියේය. මියයැම සනාතන ධර්මතාවක් වුවත් මේ බල්ලා අකාලයේ මියගියේ අධික තණ්‌හාව එනම් කෑදරකම නිසාය. කුඩා කාලයේ අපට කියාදුන් මේ කතාන්දරය අදටත් කොයිතරම් ගැලපේද?
සී. බී. රත්නායක
රාජ්‍ය පතල් කැණීම් හා ඛනිජ සංවර්ධන සංස්‌ථාවේ හිටපු සභාපතිවරයෙක්, මින්හෙට්‌ටිය.
http://www.divaina.com/2014/12/08/feature02.html