කෑම_සහ_නිරුවත

r runner

Member
May 12, 2015
2,396
781
0
නිරුවත සහ කෑම


image hoster

කෑමක් කනකොට
පෙනුම, රස, සුවඳ, හැඩය,
හැපෙනකොට එන ශබ්දය,
හැපෙනකොට දැනෙන ගතිය,
මතුපිට පෘෂ්ඨය,
මේ ආදී නොයෙක් දේ නිසා
කෑම රුචිය ඇති වෙනවා.

කෑම විවෘත කළාම
කෑමට තියන කෑදරකම නැති වෙනවා කියල
ආකල්පයක් තියනවා.



image free hosting


ඇරල තියන කෑමකින් නැතිවෙන්නෙ
කාම රාගය නෙමෙයි.
කෑම රුචිය සහ කුසගින්නයි..
එයින් නැති වෙන්නෙ
මිනිසාගෙ සංවේදී බවයි..

ඔහුගෙ ඉන්ද්‍රිය වෙහෙසට පත්වීමෙන්...
ඔහු නිර්වින්දනය වීමක් වෙනවා.
අස්වාභාවික ලෙස නිර්වින්දනය වෙනවා.

ගැහැණිය නිරුවත් කිරීම
විසඳුම නෙමෙයි..

මිනිසාගෙ සංවේදී බව නැති කිරීම
ඔහුට කරන හානියක්
ඔහුට කෑමක් කන්න ගියත්
පමණට ආහාර ගන්න බැහැ..
කැම රුචිය ඇති කරන්න
රසායනික උත්තේජ අවශ්‍ය වෙනවා.

වහලා තියන කෑමකින්
අවට හැසිරෙන අයගෙ හිත්වලට
බලපෑමක් එන්නෙ නැහැ.

ඒත් විවෘත කළොත්
පිරිස කලබල නොවුණත්
හිත් කලබල වෙනවා.



කෑම නිසා වගේම
නිරුවත විසිනුත්
කෙනෙකුගෙ ඇවිස්සෙන හැඟීම
රාගයයි.

ඒ රාගය මත
විඳින්න එන ආශාව
කාමයට ඇති කැමැත්තයි.


ශීල සමාධි ප්‍රඥා කියල තුනක්
බුදු දහමෙ තියනවා.
ශීලයෙදි සංවරය ඇති කරගන්න
වාරණය පාවිච්චි කරනවා.

පැවිද්දන්ට සිවුර..
ගිහියන්ට උතුරුසලුව, පත්කඩය
ඔහුගෙ හැසිරීමට සීමා දානවා.

නොදැමුණු හිත් ඇති මිනිසුන්ට
පටන් ගන්න වෙන්නෙ එතනින්..

ඔහුගෙ ශීලය, සමාධිය,
ප්‍රඥාවෙන් වැඩෙන විට
ඔහු කොහොම හිටියත් හිත නිදහස්.

ඉඳුරන් නිර්වින්දනය කරගෙන හෝ
ඉඳුරන් නිර්වින්දනය වීම නිසා
මෝහයෙන් කල්ගත නොවුණොත්..
ශීල සමාධි ප්‍රඥා නැති මිනිසුන්
මද කිපුණු ඇතුන් මෙන්
නිරුවත සොයනවා.

නිරුවත විසින්
මුලින්ම අවුලුවන්නෙ රාගයයි.
නිරුවත හිතා මතා පෙන්නුවත්
පෙන්වන නිරුවත වින්දත්
පෙන්වන කෙනාගෙත්,
විඳින කෙනාගෙත්
හිත්වල ඇවිලෙන්නෙ
රාගයම තමයි.

රාගය ඇති වුණාම
ඒ රාග සංස්කාර
තමන් තුළ එකතු වෙනවා.

රාගික සිහින මවන්නන් තුළ
ස්වාභාවික ප්‍රමාණය ඉක්මවූ
කාමයක් තියනවා.

බඩගින්නෙ ඉන්න කෙනෙකුට
කෑමට එන උවමනාව
සාමාන්‍යයි.

ඒත් රස කෑම දැකලා.
රස කෑම ගැන හිතලා,
රස කෑම ගැන කතා කරලා
හිතේ කාමයට කැමැත්ත
තියුණු වුණ අයගෙ හිතේ
කාමය ඇතිවුණාම
කුසගින්නෙන් පෙළෙන මෘගයෙකු වගේ
හිත දරුණු වෙනවා.

ඔහු සාමාන්‍ය මිනිහෙක් වගේ
සමාජයෙ හැසිරෙන්න පුලුවන්.
ඒත් ඔහුගෙ එන්ජිම
නිතරම රේස් වෙමිනුයි තියෙන්නෙ.
හිතේ හැටියට යන්න පුලුවන් පාරක්
සහ වල ගොඩැලි සහිත පාරක් දැක්කාම
ඔහු තෝරා ගන්නෙ පහසු පාර.


ජාලයෙන් සොයාගන්නා ලදි. සළකල යන්න හොදේ... :yes::yes::yes::P
 
Last edited: