කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    543739_10151616996034595_1569498824_n.jpg
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    ඔන්න අලුත බෑදපු ජෝඩුවක් හුරතලයට ඈතිකරන්න පූස් පෑටියෙක් ගෙනාවලු.ඔන්න කාලයක් ගතවෙලා පූසා ලොකුවුනාලු.මුගෙ වෑඩේම හොරාකන එකලු.තමන්ගෙ ගෙදරින් වගේම අනුන්ගෙ ගෙවල්වලිනුත් හොරාකනවලු.මේනිසා අහල පහල මිනිස්සුන්ගෙන් බෑනුම් විතරක් නෙවෙයි පොලිසි පවා යන්න සිද්ධවුනාලු.

    ඔන්න ඉතින් මේක ඉවසන්න බෑරි තෑන අකමෑත්තෙන්ම බිරිදව කෑමති කරගෙන පූසව ටිකදුරකට ගිහින් දෑම්මලු..මිනිහා ගෙදර ඈවිත් ටික වෙලාවකින් පූසා ගෙදර ආවලු..දෑන් මිනිහට හෙන මලලු...පහුවෙනිදත් පූසව එදාට වඩා ඈතට දෑම්මලු,ඔන්න එදත් පූසා ආයෙත් ගෙදර ආවලු..

    ඔන්න ඔහොම කිහිප වාරයක්ම කරල බෑරිමතෑන කිලෝමීටර්ගානක් ගිහින් රවුම් ගහල ගහල පූසව අත ඈරියලු...

    ඊට පෑය දෙකකට විතර පස්සෙ ගෙදරට දුරකථන ඈමතුමක් එනවලු....

    මහත්තයා :- හෙලෝ....

    නෝනා :-හෙලෝ...ඔයා කොහෙද ඉන්නෙ?ඈයි පරක්කු?

    මහත්තයා :- මම අපේ පූසව දාලාඑනවා.මට පාර හොයගන්න විදිහක් නෑතුව ඉන්නෙ ගෙදර එන්න

    නෝනා. :- මම දෑක්ක පූසා පාර පෑත්තෙ ඉදන් ගෙට එනව

    මහත්තයා :- මොනවා..... එහෙනම් ඔය #*##^%# පූසට ෆෝන් එක දෙනවා මට ගෙදර එන්න පාර අහගන්න
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    පිස්සන් කොටුවෙ එකට ඉන්න පිස්සො ඩබලකින් එකෙක්ව වෙන තැනකට හෙට අරන්යන බව දන්වල මූ මාර අප්සෙට් එකේ ඉදල තියෙන්නෙ.
    පහුවදා උදේ ඩොකා ඇවිත් එක පිස්සෙක් හමුවෙන්න.
    ඩොකා:-උන්නැහැට කියන්න ආරංචි දෙකක් තියනව
    පිස්ස:-කියන්ඩ සෑර්
    ඩොකා:-හැබැයි එකක් කණගාටු දායකයි අනික සතුටු දායකයි
    පිස්ස:-කියන්ඩ සෑර්
    ඩොකා:එක ඔයාගෙ යාළුව ඊයෙ රෑ ළිඳ ළඟ ගහක එල්ලිලා මැරිල
    පිස්ස:-වෙන්ඩ බෑ සෑර්
    ඩොකා:වෙලා දෙක උන්නැහැගෙ ලෙඩ හොදනිසා ගෙදර යන්න පුළුවන්
    පිස්ස:-සෑර් අරූ එල්ලිලා මැරෙන්න විදිහක් නෑ ඊයෙ මූ ළිඳේ පැන්න මම පැනල ගොඩ ගත්ත ඊට පස්සෙ උගෙ වතුර බේරෙන්න මමයි ඒ ගහේ එල්ලුවෙ ඕක ඔය බොරුවට මැරිලවගේ ඇත්තෙ.
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    ගුරුවරියක් කුඩා දරුවන්ට රචනාවක් ලිවීමට අණ කළාය. එහි මාතෘකාව වූයේ “ඔබට දෙවියන්ගෙන් වරයක් ලැබුණොත් ? ” යනුවෙනි. ගුරුවරිය රචනා ටික එකතු කරගෙන ගෙදර ගියාය. එයින් එකක් කියවද්දී ඇයට ඉබේම ඇඬිණි. එවිටම වාගේ ඇයගේ ස්වාමි පුරුෂයා නිවසට පැමිණියේය. “ඇයි ඔයා මේ අඬන්නෙ ? ඔහු විමසීය. ඇය තමා දුන් රචනාව ගැන ඔහුට විස්තර කළාය. “මේ බලන්න මේ රචනාව දිහා” ඇය ඔහුට කොළයක් දුන්නාය.

    “අනේ දෙවියනේ. පුළුවන් නම් මාව අපේ ගෙදර තියෙන ටීවී එක බවට පත් කරන්න. හැමෝගේම අවධානය තියෙන්නෙ ටීවී එකටයි. අපේ තාත්ත කොච්චර මහන්සි එලා ගෙදර ආවත් වාඩි වෙන්නෙ ටීවී එක ළඟයි. මං ළං වෙනකොට එයාට කේන්ති ගියාට ටීවී එකට නම් හිනාවෙනවා. අපේ අම්මට කොච්චර අසනීප වුණත් ටීවී එක එපා වෙන්නෙ නෑ. ඒත් අසනීප වුණහම මාව නම් එපා වෙනවා. ටීවී එකට පුංචි හරි ලෙඩක් හැදුනහම අම්මයි තාත්තයි හරියට කලබල වෙනවා. ඒත් සමහර වෙලාවට මං මගෙ අමාරුවක් කිව්වට ගණන් ගන්නෙම නැහැ. අනේ දෙවියනේ මට ලැබෙන වරය හැටියට මාව ටීවී එකක් කරන්න. මේක තමයි මගේ පුංචි ම පුංචි ඉල්ලීම.”

    “මොන වාගෙ නැහැදිච්ච දෙමව්පියො ද මේ ?” මේ රචනාව කියවූ සැමියා විමසීය. “අපේ පුතයි මේ රචනාව ලියල තියෙන්නෙ ” ගුරුවරිය අඬමින් පිළිතුරු දුන්නාය.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔන්න බස් එක පුල් ලෝඩ් වෙලා
    ඒත් ඉතින් දන්නවනෙ ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි හිතාන ඉන්නෙ බස් කියන්නෙ බැලුම් කියල පටවන්නමයි හදන්නෙ
    කෝමහරි කොන්ද බිමට බැහැල
    මල්ලී අනේ ඉස්සරහට යන්නකො පුට් බෝඩ් එකේ ඉන්න බෑ ඇතුල් වෙන්න ඕනි
    කියල කෑ ගහනවලු
    කොහොම හරි මේ යකා බැහැල ඔහොම කෑ ගහන වෙලාවක අපි වගේ හොඳ වැදගත් චරිතවත් කොල්ලෙක ගැහුවලු බස් එකේ බෙල් එක
    ඩැයිවරුත් ඔන්න බසෙක අද්දල යනවලු
    කොන්ද හතිදාගෙන පස්සෙන් දුවල දුවල දුවල........................................................
    ගිහිල්ල ඉස්සරහ පුට් බෝඩ් එකේ එල්ලිලා ඩයිවර්ට බනිනවලු
    කොන්ද : " *යිය නැග්ගෙත් නෑනෙ ඕයි"
    ඩැයිවර් : "එහෙනම් *ත්ත ටින් ටින් ගෑවෙ"
    siraa
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අපි ඒ දවස්වල පාර්ට් ටයිම් ජොබ් හොයන කාලෙ....මමත් අදාල පත්තරේ තාවකාලික ටයිප් සෙටින් වලට ගිහිල්ල හිටියෙ...අපිට තිබ්බෙ...පොඩි පොඩි ඇඩ් ටයිප් කරන්න....ඔය මනමාල මනමාලියන්ගෙ මංගල යෝජනා ටයිප් කරන්න එහෙම....අංකල්ල සෙට් එකක් තමා හිටියෙ පෘෆ් බලන්න...හැමදාම හැන්දෑවෙ හයට විතර වැඩ පටන් ගත්තාම පාන්දර තුන හතර වෙනකම් වැඩ...පාන්දර වෙද්දි කණ සාක්කුවෙ ඉන්නෙ කොහෙද....කරන්නෙ මොනවද කිසි දෙයක් දන්නෙ ග*ජ ගැහුව වගේ අඩ නින්දෙ තමා ඉන්නෙ..ඔන්න දවසක් උදේ පාන්දර අපේ රිසෙප්ෂන් එක පැත්තෙන් ටිකක්....සද්දෙට සුද්ද සිංහල වචන ටිකක් ඇහෙනව...

    ‘මොනවද ඔයි මේ පත්තරේ දාල තියෙන කුණු හරැප, මගෙ කෙල්ලට දැන් පාරෙ බැහැල යන්න බෑ...මොන හු**ගෙ පුතා ද මේක ටයිප් කරේ‘

    සද්දෙට බාගෙට නිදාගෙන හිටපු අපිත් ඇහැරැණා....තව තව වචනත් ඇහුන මේකෙ ලියන්නත් මොකක්ද වගේ හින්ද නොලිය ඉන්නම්....ටික වේලාවකට පස්සෙ බොසා ආව...මුණ නිකම් ඉස්කෝප්ප ආසිය වගේ...කං වලින් දුං විසිවෙනව...

    ‘කැලුම් එනව පොඩ්ඩක් රෑම් එකට‘

    අපේ ‘බකය‘ට බොසා කතා කලා. විනාඩි පහලොවක් විතර රෑම් එක ඇතුලෙ ඉදන් බකය එනව..කට පු* වගේ හදාගෙන.....

    ‘මොකද බං‘

    ‘මාර සීන් එකනෙ ඇඩ් එකක අකුරැ වැරදිලා බං...මේ පෘෆ් බලන නාකි හැත්තවත් මේක බලල නෑනෙ...‘

    ‘අපෙත් වරදින්නෙ බං...ඕක මහ දෙයක් යෑ‘

    ‘ඒකනෙ බං මේ මහ එකාට කිව්වට තේරෙන්නෙත් නෑනෙ...‘

    ‘මොකක්ද දැන් සීන් එක...

    ඔන්න උඹලම බලා ගනින්ලකො..පොඩි අවුලක් බං....

    ඔයාලත් බලන්කො අපේ එකාගෙ පොඩි අවුල

    ‘ප්ලැට් රෑෆ්, ඩබල් ඩෝර් සහිත 23 හැවිරිදි බොදු ගොවි, බියකරැ යුවතියකට සුදුසු ගැනුමකරැවෙක් සොයයි. අතරමැදියන් අනවශ්‍යයි. අයිතිකරැ විදේශ ගතවන නිසා වහා විකිණේ.‘
    podi warada:oo::P
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන

    මම සාමාන්‍යයෙන් හවසට ටවුන් එක පැත්තට එනව. එදත් කොහොම හරි හවස 6ට විතර ටවුම පැත්තෙ ඇවිත් යාළුවොත් එක්ක ටිකක් වෙලා ඉඳල පෝං එකට රීලෝඩ් එකකුත් දාගෙන ආව. අපේ ගෙදර ඉදං ටවුමට පයින් යන දුර. විනාඩි 7-8ක් විතර යනව. මම ආපහු එද්දි කරුවල වැටීගෙන එනව. පාර දෙපැත්තෙ ගෙවල්වල ලයිට් එළිය හින්ද කරදරයක් නැතුව පාරෙ යන්න පුළුවන්. ඔහොම ටික දුරක් එද්දි කව්රු හරි ඉකි ගගහ අඬන සද්දයක් ඇහුණ. මාත් පොඩ්ඩක් වටපිට බලනකොට දැක්ක කව්ද අඬන්නෙ කියල.

    මෙයා මේ හොඳට අඳුනන නංගි කෙනෙක්නෙ. ගෙදර මිදුල කෙලවර බංකුවේ වාඩි වෙලා තනියෙම. නිතර කතාබහ කරන හිංද මාත් පොඩ්ඩක් ඒපැත්තට කිට්ටු කරල බැළුව. ගෙදර අයනම් සද්දයක් නැතුව ටීවී එක බලනව. මාත් ඉතිං නංගිට ටිකක් ලං වෙලා සීරියස් විදිහට ඇහුව මොකද අඬන්නෙ කියල.
    ම්හූ.............
    කෙල්ල නෝ රිප්ලයි. හැබැයි ඇඬිල්ල නම් හීනියට වගේ වැඩිඋණා.

    තාත්ත බැන්නද?
    නෑ...
    කොල්ල මගාරිනවද?
    නෑ.......
    මල්ලිගෙන් ගුටිකෑවද?
    අපෝ නෑ.........
    ඉස්කෝලෙ ප්‍රශ්නයක්ද?
    නෑ.........
    එහෙම නැත්තම් ලෙඩක්ද?
    නෑ අනේ..........

    අහන අහන එකට මේකි නෑ කියනව. අන්තිමට වෙන අහන්න දෙයක් නැති හිංද "ඇයි එහෙනම් අඬංනේ" කියල ඇහුව. දන්නවද මොකද්ද දීපු උත්තරේ.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    දොං-ගී ගෙ පුතා මැරුණ...

    මේක ඇහුව විතරයි මට හිනාව නවත්තගන්න කාපු කට්ට අමුතුවෙන් කියන්න ඕනි නෑ කියල හිතනව.