. තෙපි දිවමල් දරන හිස්වෙළුමින් යුත්, අඟුපළඳනා ඇතියහු ශරීරාවයවයෝ ගැල්වූ සඳුන් විලෙවුන් ඇත්තාහු ය. තෙපි ප්‍රසන්න වූ මුඛවර්ණ ඇතියවු. ලහිරු මෙන් පැහැයෙන් බබළන්නහු ය
(තොපගේ) යම් මේ උපස්ථායක කෙනෙක් වෙත් ද, ඔවුහු දිව්‍යපර්ෂද්හි වුවෝ වෙති. තොපගේ යම් මේ උපස්ථායිකා කෙනෙක් වෙත් ද ඔවුහු දිව්‍ය කන්‍යාවෝ දසදහසෙකි.
ඔවුහු සක්වළලු හා අඟුපළඳනා දරති. රන්මුවා මුදුන් මල් කඩින් සැරසුණෝ වෙත්. තෙපි ලොමුදහ ගන්වන පියවි ඇතියහු, මහත් අනුභාව ඇතියවු. ඒ තෙපි තමාගේ පිටුමස් තෙමේ ම කඩා කන්නහු ය.
තා විසින් කයින් වචනයෙන් මනසින් කිනම් පවක් කරන ලද ද? කිනම් පව්කමක විපාකයෙන් තමාගේ පිටුමස් තෙමේ ම කඩා ගෙන කන්නෙහි දෑ”යි.කිනම් පව්කමක විපාකයෙන් තමාගේ පිටුමස් තෙමේ ම කඩා ගෙන කන්නෙහි දෑ”යි.
මම, මිනිස් ලොවැ සිටිය දී කේලාම් කීමෙන් සහ බොරු කීමෙන් ද කපටිභාවයෙන් සහ වඤ්චාවෙන් ද අවැඩ පිණිස ම හැසුරුණෙමි.
එහි දී මම පිරිස්මැදට ගොස් ඇත්ත කියන්නට සුදුසු කාලය පැමිණි විට හිතකර කාරණය හැර දමා අධර්මය අනුව ගියෙමි.
යම්සේ අද මම මාගේ ම පිටුමස් කම් ද, එසේ ම යමෙක් අනුන් පිටුමස් කන්නේ හෙවත් අනභිමුඛයෙහි අනුනට නින්දා කරන්නේ වේ ද, හේ මෙසේ ම තමා කයි.
( බුද්දක නිකාය )