කිඹුලාවල street food කඩ ඉවත්කිරීමට යෑමේදී උණුසුම් තත්වයක් 😠😠😠

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113



    කිඹුලාවල ප්‍රදේශයේ මාර්ග දෙපස පිහිටා තිබූ වෙළඳසල් ඉවත් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබුණා.

    එහිදී එම ඉදිකිරීම් නීතිවිරෝධී බවට පවසමින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් විසින් වෙළඳසැල් ඉවත් කිරීමට උත්සාහ කර තිබෙනවා.

    නිලධාරීන් පිරිස විසින් වෙළඳසැල් කිහිපයක් කඩා ඉවත් කර එහි තිබූ භාණ්ඩ ලොරියක පටවා ගෙන යාමත් සමඟ වෙළෙඳුන් හා නිලධාරීන් අතර උණුසුම් තත්වයක් හට ගැනුණා.

    එම තත්වය පාලනය කිරීම සඳහා පොලිසියද එම ස්ථානයට පැමිණි අතර, සිදුවූ අර්බුදය අඩු කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.

    ඇති වූ උණුසුම් තත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ලොරියට පටවාගත් භාණ්ඩ නැවත වෙළෙඳුන් වෙත ලබාදීමටද කටයුතු කළා.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    කඩමු හදමු නටමු ගී කියමු අඬමු. කුමාර රෝදය