කියන්නට කවියක්_Love Talk

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
කියන්නට කවියක්_Love Talk

කියන්නට කවියක්
සොයමි මං තනුවක්
ගයන්නට නුඹ නමින් මොහොතක්
හිඳිනු මැන තවත් එක් දිනයක්

ගලන දිය දෝතක්
රැදෙයි නම් දෑත මත මොහොතක්
රැක ගන්න තව දිනක්
හැකිය නුඹ අන්සතුව පිපුනත්

සඳක් සේ පෙනුනත්
දනිමි හිරු රැසේ සැඩ කවදත්
නමුදු නුඹ ලගට ඇවිදින්
සැතපෙන්න හැකිද මොහොතක්

දෙනෙත මත පිපුනත්
බැරිය සිප ගන්න සිතුනත්
සිහිනයක් විලස නුඹ සිටියත්
එපා ඇහැරෙන්න කවදත්
:yes::yes::yes::yes::yes:
බලලා බම්ප් එකකින් වත් පොඩි සහයෝගයක් දෙන්න යාලුවනේ.