කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි අපේ ඇමරික
අතීත කතාව
සුදු හකුරු රජතුමාගේ ප්‍රියතම ආහාරයකි.රජවාසලට සුදු හකුරු සැපයූ ගමරාළගෙන් දිනක් රජතුමා මෙසේ ඇසීය.
,ඈ බං උඹේ හකුරු හරිම රසයි.උඹ කෙහොමද මේව හදන්නේ?”
රජතුමාගෙන් ලකුණු දමාගැනීමට ලද හොදම අවස්ථාව අත් නොහල ගමරාළ මෙසේ උත්තර දුන්නේය
“අවසර මහරජතුමනි, උඩට උඩු වියන් පයට පාවඩ බැඳල, මාය් මගේ මාය්යියි සුදු පිරිවට ඇඳල, මුකවාඩම් බැඳ ගෙන තමයි අපි මේ හකුරු සරි කරන්නනේ.”
තව තවත් ප්‍රීතියට පත් රජු ගමරාළට තුතු පඬුරු ද දී පිටත් කර හැරියේය.
දිනක් දේශ සංචාරයේ නිරතවන අතර රජතුමා, හකුරු සපයන ගමරාළ ගේ නිවස ඇති ඉසව්වට ද අහම්බෙන් සේන්දු විය. පරිවාර ඇමතියන්ගෙන් ඒ බැව් දැනගත් එතුමා ගමරාළ ගේ නිවෙස සොයා ගෙන ඒ දෙසට පානගන්නට විය.
විස්මයකි!
ගමරාල ඒ මොහොතේ ද සිටියේ පැණි උණුකර හකුරු සාදමින්ය. නමුත් උඩට උඩුවියන්, පයට පාවඩ, සුදු පිරුවට ඒ කිසිත් අහලක නොවීය. ලිප අසල බොහෝ වේලාවක් තැම්බි තැම්බී සිටීම නිසාදෝ ගමරාළ ද ගම මහගේ ද සිටියේ දාඩියෙත් තෙත්වූ දැලි කුණ පෙරාගත් සිරුරිනි.
රජතුමා අසූ හාරදහසට උදහස් විය.
“ඈ බොල තෝ මට හකුරු සරිකරනවයි කීවේ මේ විදියටද?”
“පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි !”
ගමරාළ පිලිවදන් දිනි.
වත්මන් කතාව
ඇමරිකාව අපට එරෙහිව (???) ජිනීවා මානව හිමිකම් සමුලුවේ දී යෝජනාවක් සම්මත කරගන්නා බව දැනගත් විමල් ඇමතිතුමා එරටට එරෙහිව වේදිකා පෙරලමින් කෑගසන්නට පටන් ගත්තේය.
“අම්මේ තාත්තේ අපි ඇමරිකන් සන්නාම වර්ජනය කරමු.ගූගල් වලින අයින් වෙමු.මමත් හෙට ඉදන්න අයින් වෙනවා.අමැරිකාවට පාඩමක් උගන්වමු”
ඊයේ පෙරේදා රජය (ජිනීවා වල සම්මත වූ යෝජනාවට අදාලව වියයුතුය) මානව හිමිකම් රැකීමේ ක්‍රම වේදය ගැන ක්‍රියාකාරී සැලැස්මක් හිලරි ක්ලින්ටන් මහත්මියට භාරදුන්නාය.
ඇමරිකාවේ සතුරු රාජ්‍යයක් වන ඉරානයෙන් ඛණිජ තෙල් ආනයනය කරන බැවින් , ඇමරිකාව ශ්‍රී ලංකාවට ද සම්භාදක පනවන්නට සූදානම්ව සිටියේය. නමුත් ඇමරිකාවට කීකරුව ඉරාණයෙන් ඛණිජ තෙල් ආනයන සීමා කිරීමට රජය එකඟ වූ බැවින් සම්භාදක නොපනවන බව ඇමරිකාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
විමල් ඇමතිතුමා මීක් නැත.
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි!

අනේ ඕකාගේ කට විතරයි වැඩ නෑ..... මහ ලොකු පාර්ලිමේන්තු මන්ත්‍රී.... කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති තුමාට ගූ බයයි.....