කියුබාව

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,968
    10,512
    113
    කියුබාව



    550px-Map_of_Cuba.png



    ෆිඩෙල් කැස්ත්‍රෝ ජීවිතයෙන් සමුගෙන වසරකට ආසන්නය. ඔහුගේ අවුරුදු 90ක ජීවිත කාලයෙන් දශක කිහිපයක් ඔහු කියුබාව පාලනය කළේය. කෙනකුට ඔහු ඒකාධිපතියෙකි. තවකෙකුට කියුබාව අධ්‍යාපනයෙන් සහ සෞඛ්‍ය අතින් ධනවත් බටහිර රටකට නොදෙවැනි තැනකට ඔසවා තැබූ අනාගතවාදී පෙරගමන්කරුවෙකි. කෙසේ වෙතත් දැන් ඇමෙරිකාව කියුබාව සමග නැවත ගනුදෙනු ආරම්භ කර තිබෙන අතර කියුබාවේ ආර්ථික ප‍්‍රතිපත්තීන් ක‍්‍රමිකව වෙනස් වීමට නියමිත බවට පෙරමග සලකුණු පහල වී තිබේ. කැස්ත්‍රෝගේ කියුබාව කැරිබියන් කලාපයේ තිබෙන පාරිසරිකව වඩාත් සංවිධිත රාජ්‍යය ලෙසද ප‍්‍රසිද්ධය. සමාජවාදී ආර්ථික මොඩලයක් විශ්වාස කළ කැස්ත්‍රෝ ශක්තිමත් පරිසරවාදියෙක්ද විය. මෙය ම`දක් සලකා බැලීම වටී.

    2016 දී එක්සත් ජාතීන් නිකුත් කළ මානව සංවර්ධන දර්ශකය අනුව තිරසාර සංවර්ධනයක් ලබන අතරේම තම රට වැසියන්ගේ සෞඛ්‍යය සහ ජීවන තත්ත්වය උසස් කිරීමට සමත් වූ රටවල් අතළොස්සෙන් එකකි කියුබාව. යේල් සහ හාවඞ් සරසවි විසින් ප‍්‍රකාශයට පත් කෙරෙන පාරිසරික කාර්ය සාධන දර්ශකයේ රටවල් 180ක් අතුරින් 45 වැනි ස්ථානයට පත් වීමට කියුබාව සමත් වී තිබේ. එය ගෝලීය බටහිර (එනම් දියුණු යයි සම්මත* රටවල් හැරුණු කොට එහි අඩංගු රටවල් අතර පළමු තැනයි.

    කියුබාවට තිරසාර මාවතට අවතීර්ණ වන්නට සිදු වුයේ එසේ නොකොට බැරි තැනකදීය. සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග එරටට, තමනට තිබූ ෆොසිල ඉන්ධන සුරක්ෂිතතාව අහිමි විය. බලශක්ති විෂයෙහිලා අලූත් යුගයකට පිය නගන්නට ඉතිහාසය විසින් ඔවුනට බලකොට සිටියේය.

    කැස්ත්‍රෝ පළමුව ජයගත්තේ වචනයි. ඔහු ඉතා ශක්තිමත්වත් අධිෂ්ඨානශීලීවත් තමන් විසින් සිදු කරන්නට යන නව හරිත විප්ලවයක් ගැන ප‍්‍රකාශයට පත් කළේය. 1992 දී රියෝ ද ජෙනීරෝ නුවර පැවති එක්සත් ජාතීන්ගේ පාරිසරික සමුළුව ඇමතූ කැස්ත්‍රෝ ප‍්‍රකාශ කළේ් ”බටහිර කෑදර පරිභෝජනවාදී සංස්කෘතිය මිහිකත වනසා තිබෙන බවත්, මීට බොහෝ කලකට පෙර සිදු කළ යුතුව තිබූ දේවල් මේ මොහොතේ හෝ සිදු නොකරන්නේ නම් හෙට දිනය ඊට ප‍්‍රමාද වැඩි වීමට හොඳටම ඉඩ තිබෙන බවත්ය”.


    fidel-castro-death-tyrant-r.jpg



    ඔහුගේ විනාඩි පහේ කතාව මේ මුළු සමුළුව කලඹන්නට පමණක් නොව ඊළඟ සති කිහිපය තුළදී සම්පූර්ණ මාධ්‍ය අවධානයද දිනා ගන්නටද සමත් විය. මෙසේ කියූ ඔහු ඉතා කඩිනමින් තම රටේ භූමිය, වායුගෝලය සහ ජල සම්පත රැුක ගන්නට නව නීති ගෙන ආවේය. අනූව දශකය මුලදී එළිදුටු කියුබාවේ ස්වභාවික සම්පත් සංරක්ෂණය පිළිබඳ නීති පද්ධතිය එම වර්ගයේ ඉතා අංගසම්පූර්ණ නීති සමූහයක් වන අතර මෙවැනි විස්තරාත්මක නීති ගොන්නක් තම ව්‍යවස්ථාවට ඇතුළු කළ පළමු රට වන්නේද කියුබාවයි.

    කැස්ත්‍රෝගේ කාලය තුළදී කියුබාවේ භූමියෙන් 9.1%ක්ව පැවති වනගහනය 2015 වන විට 30% දක්වා ඉහළ ගියේය. කියුබාවේ මුළු භූමියෙන් 22%ක වපසරියක් නීති මගින් සංරක්ෂණය කොට තිබේ. මීට අමතරව ඔවුන් මහ මුහුද සංරක්ෂණයට දී තිබෙන තැනද අද්විතීයය. සියයකට වඩා අධික සමුද්‍ර සංරක්ෂණ කලාප කියුබාව සතුව තිබේ. ඔවුන්ගේ මහ මුහුදින් හා වෙරළෙන් හතරෙන් පංගුවක් කිසිදු සංවර්ධන කටයුත්තකට හෝ එවැන්නක අතුරු බලපෑමකට හසු නොවන පරිද්දෙන් ආරක්ෂා කොට තිබේ.

    කැරිබියානු ¥පත් සමූහය අතුරින් වැඩිම ජෛව විවිධත්වයකට හිමිකම් කියන්නේ කියුබාවයි. එමෙන්ම ජෛව විවිධත්වයෙන් ලොව හතරවැනි ස්ථානයේ තිබෙන ¥පත එයයි. එරට හමුවන ශාකවලින් 95%ක් සහ උභය ජීවීන්ගෙන් හරි අඩක් එරටට ආවේණික වෙති. මෙය ලොව ඉහළම ඒක දේශීයතා අගයකි.

    කැස්ත්‍රෝගේ පාලන කාලය තුළදී වැඩි දියුණු වූ තවත් අංගයක් නම් කාබනික ගොවිතැනයි. මෙයද ඔවුන්ගේ අත්දැකීම් විසින් බලකරන ලද ක‍්‍රියාවලියක අතුරු ප‍්‍රතිඵලයකි. එක් වරක් ඔවුනට විශාල ඉන්ධන හිඟයකට මුහුණ දෙන්නට සිදු විය.

    වැල නොකැඞී ඔවුන් වෙත පැටවුණු ආර්ථික සම්බාධක හේතුවෙන් කෘමිනාශක, වල්නාශක සහ කෘති‍්‍රම පොහොර යනාදියේද අධික හිඟයක් ඇති විය. කෑම සඳහා සොයාගත හැකි එකම දෙය හාල් සහ ධාන්‍ය වර්ග කිහිපයක් වන තරමට ආහාර හිඟය උග‍්‍ර විය. කුකුල් මස් නිකුත් කළේ පවුලකට මසක් සඳහා එක් වරකි. මීට පිළිතුරු ලෙස කැස්ත්‍රෝ කළේ ඔවුන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති ධනවාදය දෙසට නම්‍යශීලී කිරීම වෙනුවට දකුණු ඇමෙරිකාවේ සමාජවාදී රාජ්‍යයන් දෙසට හැරීමයි. ඒ වන විටත් ලතින් ඇමෙරිකාවේ රටවල් ගණනාවක් යම් සාර්ථක භාවයකින් යුක්තව කාබනික ගොවිතැන අත්හදා බලා තිබිණි. කැස්ත්‍රෝගේ මූලිකත්වයෙන් කියුබාව ඒ සඳහා විශාල පර්යේෂණාගාරයක් බවට පෙරළුණි. ගොවියන් අතර දැනුම සහ සම්පත් බෙදාහැරීම සඳහා සමුපකාර ක‍්‍රමය භාවිත කෙරුණු අතර එමගින් ඉතා කාර්යක්ෂම නව ගොවි මාදිලියක් ගොඩනැගීමට හේ සමත් විය. මෙහි ප‍්‍රතිඵල වේගයෙන් ලැබිණි. මේ අලූත් මාදිලිය සාර්ථක බව පෙනුණු මුල් වටයේදීම ඔහු කළේ ඒ වන විට පුරන්ව ගොස් තිබුණු රජයට අයත් සමාගම් කිහිපයකට අයත්ව තිබූ හෙක්ටයාර ලක්ෂ ගණනක් වූ ඉඩකඩම් මේ ගොවි සමුපකාරවලට පවරා දීමයි. එසේ කිරීමෙන් කෙටි කලක් තුළදී කියුබාවට නොව මුළු කැරිබියානු කලාපයටම ප‍්‍රමාණවත් තරමේ කාබනික නිෂ්පාදනයක් සිදු කිරීමට කියුබානු ගොවියන් සමත් වූහ.

    මීට සමගාමීව කැස්ත්‍රෝ විසින් දිරිගන්වන ලද තවත් අංශයක් නම් නාගරික ගොවිතැනයි. එනම් අධික ජනගහනයෙන් යුත් නාගරික ප‍්‍රදේශවල තැනින් තැන ඉතිරිව තිබෙන හිස් ඉඩම් සහ ජනාවාස අතර කලාපයන්වල ගොවිතැන් කිරීමයි. මෙසේ නාගරිකව අස්වද්දන ලද භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 50000ක් පමණ වෙතැයි කියැවේ. එක් වාර්තාවක කියවෙන්නේ හවානා අගනුවර පරිභෝජනය කෙරෙන එළවළු සහ පලතුරුවලින් 60% ක් මෙවැනි නාගරික ගොවිබිම්වලින් සැපයෙන ඒවා බවයි. තමුන්ගේ ස්වාභාවික පරිසරයේ පාරිසරික සේවාවන් උපරිමයෙන් භාවිත කරමින්, ආහාර බෙදාහැරීමේ ක‍්‍රමවේදය සහමුලින්ම ඒවා නිෂ්පාදනය කරන ස්ථානය අනුව සකසා ගනිමින්, හැකි පමණ ප‍්‍රාදේශීය ආහාර ඒ ඒ ප‍්‍රදේශවලදීම පරිභෝජනය කිරීමට දිරිගන්වමින් ලොව වඩාත්ම කාර්යක්ෂම සහ නාස්තිය අඩු ආහාර නිෂ්පාදන සහ බෙදා හැරීමේ ජාලය පවත්වා ගන්නේ කියුබාවයි. බෙදාහැරීමේදී සිදුවන නාස්තිය වළක්වා ගැනීම අද දක්වා යුරෝපීය රටවලට පවා අභියෝගයක්ව පවතියි. කියුබාව ලොව කොතනකවත් නැති ස්වභාවික කෘමිනාශක සහ පොහොර භාවිත කරයි. ඒ සියල්ල එරටට අවේණික පැළෑටිවලින් නිස්සාරිත ද්‍රව්‍යයන්ගෙන් සකස් කළ ඒවාය.

    මෙවැනි නිෂ්පාදන බරගණනකට ඔවුන් පේටන්ට් බලපත‍්‍රද ලබාගෙන ඇත. නිවර්තන කලාපයේ රටවලින් ජෛව මංකොල්ලය (ඉසද -චසර්ජහ* සහමුලින්ම දුරු කළ රටක් වේද ඒ කියුබාවයි. මේ සියලූ තත්ත්ව යටතේ වුවද සැලකිය යුතු ආහාර ප‍්‍රමාණයක් ඔවුන් තවමත් ආනයනය කරන නමුත් ශී‍්‍රඝ‍්‍රයෙන් එම අගය පහළ යමින් තිබේ.

    එරටෙහි සාම්ප‍්‍රදායික වෙළෙඳ භෝගය වන දුම්කොළ පවා සැලකිය යුතු ප‍්‍රමාණයක් දැන් දැන් වගා කෙරෙන්නේ කාබනික ආකාරයටය. කාබනික දුම්කොළ ඉතා මිල අධික වෙළෙඳ භාණ්ඩයකි.

    කියුබාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් අදටත් වැඩි හරිය සපයන්නේ පොසිල ඉන්ධන දහනයෙනි. දෛනික ඉන්ධන අවශ්‍යතාව බැරල් 140000ක් පමණ වන අතර මින් වැඩි ප‍්‍රමාණය වෙනිසියුලාවෙන් ආනයනය කෙරේ. අඩු වැඩිය සැපයෙන්නේ එරටෙහි ඇති ඛනිජ තෙල් නිධි තුනෙනි. මෙනයින් ගත් කල කියුබාව තවමත් බලශක්ති ක්ෂේත‍්‍රයේ, හරිත කලාපයට ශක්තිමත් ලෙස පය ගසා නැත. මේ කාරණය කැස්ත්‍රෝ තමන්ගේ අවසාන කාර්තුවේදී අවධාරණය කොට තිබේ. එහි නව ජනපති රාවුල් කැස්ත්‍රෝගේ ප‍්‍රධාන තේමාවක් වී තිබෙන්නේ හරිත බලශක්තියයි. 2005 දී හැමූ සුළි සුළඟින් රටේ විදුලි රැුහැන් පද්ධතියේ වැඩි කොටසක් විනාශ වූ අතර එතැන් පටන් ඔවුන්ගේ බලශක්තිය පිළිබඳ ප‍්‍රතිපත්ති වෙනස් විය. දැන් ඔවුන් විශ්වාසය තබන්නේ තිරසාර ලෙස බලශක්තිය උත්පාදනය කරන කුඩා ප‍්‍රමාණයේ බලාගාර විශාල ප‍්‍රමාණයක් කෙරේය. මෙවැනි කුඩා බලාගාරවලින් මේ වන විට ගිගා වොට් තුනක විදුලියක් නිපදවෙන අතර එය රටේ සමස්ත උත්පාදනයෙන් 14.8%කි. එමෙන්ම ඔවුහු තමන්ගේ මග දෙපස ඇති යල් පැන ගිය විදුලිය වැඩි වශයෙන් කා දමන බල්බ මිලියනයක් ඉවත් කළෝය. මෙය ඔවුන් හඳුන්වන්නේ බලශක්ති විප්ලවය නමිනි.

    මෙය තව දුරටත් පුළුල් කරමින් සෑම නිවසකටම විදුලි අරපිරිමැසුම් දායක උපකරණ මිලදී ගැනීමට දිරිගැන්වේ. ණය සහන සහ වට්ටම් ලබා දේ. මේ වැඩපිළිවෙළේ සංධිස්ථානමය ඉලක්කයක් නම් 2030 වන විට රටේ සමස්ත විදුලි උත්පාදනයෙන් 24%ක් තිරසාර ක‍්‍රමවලින් නිෂ්පාදනය කිරීමයි. විශේෂඥයන් පවසන්නේ මේ ඉලක්කය 2030ට කලින් සපුරාගත හැකි බවය. ඒ යටතේ ජෛව ඉන්ධනවලින් 14%කුත් , සුළං බලයෙන් 6%කුත් , සූර්ය තාපයෙන් 3%කුත් ජල විදුලියෙන් 1%කුත් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ. ඇතැමුන් පවසන්නේ සූර්ය තාපයේ ශක්‍යතාවය මීට වැඩි බවය. දැනටමත් සූර්ය කෝෂ 14000කින් යුත් බලාගාරයක් කුප‍්‍රසිද්ධ ග්වන්තනමෝ යුද කඳවුර ආසන්නයේ තිබෙන අතර එමගින් ගිගා වොට් 4.5ක විදුලියක් උත්පාදනය කෙරෙයි. මීට අමතරව දැනට ක‍්‍රියාත්මක සුළං බලාගාර හතරකි. මේවායේ සම්පූර්ණ ධාරිතාව මෙගා වොට් 11.7ක් වන අතර සුළං බලය අතින් ගතහොත් කියුබාව ලෝකයේ 72වැනි ස්ථානයේ සිටියි. ඔවුහු දැනට කර තිබෙන ආයෝජන සියල්ලේ වැඩ නිම වූ විට මේ ප‍්‍රමාණය මෙගා වොට් 51 දක්වා ඉහළ යයි. මෙගා වොට් 32 බැගින් වූ ජෛව ඉන්ධන බලාගාර පහක්ද 2020 වන විට ඉදිකිරීම් නිම වී ක‍්‍රියාත්මක වීමට නියමිතය. කියුබාව වරක් ප්ර්ඉම නමැති ආක‍්‍රමණික ශාකයකින් විශාල තර්ජනයකට ලක් විය. ගොවි බිම් හා ස්වභාවික පරිසර පද්ධති වසාගෙන පැතිරී මේ ශාකය වඳ කිරීමේ මගක් සොයමින් සිටින විටදී එරට විද්‍යාඥයෙක් ඒවා ඉන්ධන ලෙස භාවිත කරමින් විදුලිය නිපදවීමේ ක‍්‍රමවේදයක් සොයා ගත්තේය. අද වන විට මේ පැළෑටිය ගැමියන්ගේ ආදායම් මාර්ගයක් වී තිබේ.

    කෙසේ වෙතත් කියුබාවට ඇති අභියෝගවල නිමක් නැත. ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට ආ විගස කියුබාව සම්බන්ධයෙන් ප‍්‍රකාශ කළ දේද එතරම් මිත‍්‍රශීලී නැත. ඒ අතරතුර කියුබාවද යම් ප‍්‍රමාණයකට ලිබරල් වෙළෙඳ ප‍්‍රතිපත්තිවලට නැඹුරු වෙමින් තිබේ.

    සමාජවාදී කියුබාවේ යහපත් ලක්ෂණ මෙන්ම අපුලයන්ද බොහෝ දෙනකුට පෙන්විය හැක. ඔවුන්ගේ පාරිසරික ප‍්‍රතිපත්තිය නම් අනිවාර්ය වශයෙන් මින් යහපත් ගොඩට වැටෙන්නකි. ආර්ථික මාදිලියේ කුමන වෙනසක් වුවත් මේ සුභවාදී පාරිසරික භාවිතාව රැුක ගැනීම කියුබානුවන්ගේ වගකීමයි.




    සලකන අයට සහ Bump , Comment කරන අයට 14++ ගානේ දෙනවා.....
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    කියුබාවේ එහෙම උනාට ලන්කාවේ එහෙම වෙන්නේ නෑ....:sorry::sorry:
    අපේ රටේ නායකයින්ට(බහුතරයකට ) ඔන උන්ට කරගන්න මිසක් රටට මොකුත් කරන්න නෙවි.....:growl::growl::growl:



    TFS ++5
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,968
    10,512
    113
    TFS


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to hi.dushan again.

    කියුබාවේ එහෙම උනාට ලන්කාවේ එහෙම වෙන්නේ නෑ....:sorry::sorry:
    අපේ රටේ නායකයින්ට(බහුතරයකට ) ඔන උන්ට කරගන්න මිසක් රටට මොකුත් කරන්න නෙවි.....:growl::growl::growl:



    TFS ++5




    Rep 14++++ :yes::yes: :yes: