කිරිගල්පොත්ත කන්ද

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කිරිගල්පොත්ත කන්ද

    කිරිගල්පොත්ත කන්ද නගිමුද?
    කළු ගල් තලාලයි පාරට දමන්නේ
    එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ
    ගොනා නෙවෙයි හරකයි බර අදින්නේ
    කිරිගල්පොත්ත කන්දයි අපි නගින්නේ

    Kiri4.jpg


    මේ කිරිගල්පොත්ත කන්ද ගැන කියැවුණු කරත්ත කවියක්. කිරිගල්පොත්ත කන්ද අපි අඳුන ගන්නේ අපේ රටේ තියෙන දෙවැනි උසින් වැඩිම කන්ද හැටියටයි. එය මුහුදු මට්ටමේ සිට මීටර් 2388ක් ඉහළින් පිහිටා තිබෙනවා. උසින් වැඩිම කන්ද වන පිදුරුතලාගල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 2524ක් ඉහළින්. මේ දෙක අතර වෙනස වන්නේ මීටර් 136ක් පමණයි.
    කිරිගල්පොත්ත කන්ද අපට වැදගත් වෙන්නේ අපේ රටේ තියෙන උසින් වැඩිම දෙවැනි කන්ද ලෙස පමණක් නෙවෙයි. එය ඉතා සුන්දර සංචාරක ගමනාන්තයක් ලෙසත් පිළිගැනෙන ස්ථානයක්. ගමනේ ඇති දුෂ්කරතාවය නිසා බොහෝ දෙනෙක් මෙය තෝරාගැනීම තරමක් අදිමදි කරන බවක් පෙනෙනවා. කෙසේ නමුත් සුන්දර පරිසරය විඳ ගනිමින්, ඡුායාරූපගත කරන්නන්ටත්, වෙනස්ම ආකාරයක සංචාරක අත්දැකිමක් ලබාගන්නටත් කැමති අයට කිරිගල්පොත්ත කියන්නේ අපූරු ස්ථානයක්.




    කිරිගල්පොත්තට යන මාර්ගය වැටී තිබෙන්නේ හොර්ටන් තැන්න හරහා යි. මේ නිසා හෝරටන් තැන්න, ලෝකාන්තය, බේකර්ස් ඇල්ල ආදිය නැරඹීම ස`දහා සංවිධානය කරන විනෝද චාරිකාවේ ගමනාන්තය ලෙස කිරිගල්පොත්ත යොදා ගන්නට පුළුවන්. කෙසේ නමුත් කිරිගල්පොත්ත කරා යන ගමන බොහෝ දුෂ්කර බැවින් මේ සංචාරක කණ්ඩායම්වල සාමාජිකයන් ශරීර ශක්තියෙන් වගේම ආත්ම ශක්තියෙන් යුක්ත වීම විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක්.
    කිරිගල්පොත්තේ ගමන් මාර්ගය හෝර්ටන් තැන්න හරහා වැටී ඇති නිසා හෝර්ටන් තැන්නට ළ`ගාවන තුරු මාර්ගය සඳහන් කිරීම කිරීම එතරම් වැදගත් වන්නේ නැහැ. හොර්ටන් තැන්නේ සිට ඈතින් පෙනෙන කඳු වැටියකට එපිටින් කිරිගල්පොත්ත පිහිටා තිබෙනවා. මේ නිසා මෙම කන්ද හෝරටන් තැන්නට එතරම් හො`දින් දිස්වන්නේ නැහැ.
    සාමාන්‍ය වේගයකින් ගමන් කරනවා නම් හෝරටන් තැන්නේ සිට පැය තුනකින් පමණ කිරිගල්පොත්ත කඳු මුදුනට ළ`ගා විය හැකියි. මේ සඳහා කිසිවකු විසින් සකස් කළ පැහැදිලි මාර්ගයක් නොමැති නිසා දකින්නට ඇත්තේ යන්තමින් දිස්වන අඩිපාරක් පමණයි. එමෙන්ම මේ ප‍්‍රදේශයේ බහුල වශයෙන් ගෝනුන් වාසය කිරීම නිසා ඔවුන් නිතර ගමන් කිරීමෙන් සෑදුණු අඩි පාරවල් ද බහුලව දකින්නට ලැබෙනවා. මේ මාර්ග ඔස්සේ ගමන් කිරීමෙන් පාර වැරදී වෙනත් ඉසව්වකට ඔබේ ගමන සිදුවන්නට ඉඩකඩ පවතින බව ද සිහියේ තබාගැනීම නුවණට හුරු දෙයක්. කඳු මුදුනට වැටුණු මාර්ගය වැටී ඇත්තේ ප‍්‍රපාතයක් ආසන්නයේ බැවින් ගමනේ දී අතිශය ප‍්‍රවේශම් විය යුතුයි. මඩ සහිත වීමත්, විටින් විට දැඩි ලෙස මීදුම ගළා එ්මත් නිසා ගමනේ යම් කිසි අනතුරුදායක බවක් තිබෙන බව ද තේරුම් ගත යුතුයි.


    කිරිගල්පොත්ත තරණයේ දී මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ජලය ප‍්‍රමාණවත් තරමින් රැුගෙන යා යුතු බවයි. එයට හේතුව මේ ඇති ජල මාර්ග මඩ වී තිබීම නිසා පිරිසිදු ජලය ලබාගැනීමට ස්ථානයක් නොමැති වීමයි. වර්ෂාව ඇද හැලෙන්නට ඇති ඉඩ කඩ ඇති නිසා වැසි කබා තිබීම වාසිදායකයි.
    අප රටට ආවේණික තුරු ලතා දැකගනිමින්, ගෝනුන් සහ අපට ආවේණික පක්ෂීන් නරඹමින් අප රටේ දෙවැනි තැනට උසින් වැඩි කඳු මුදුනේ මද වේලාවක් හෝ සැනසීමෙන් ගතකිරීමෙන් ජීවිතයේ මෙතෙක් නොවි`දි අපූරු සුන්දරත්වයක් වි`ද ගත හැකි බව නම් ඉඳුරාම පැවසිය යුතුයි.




    - නිරංජන් චාමින්ද කරුණාතිලක