කිරිපිටි නොබී හැදුණු දරුවෙකුට වෙච්ච දේ..!

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    මේ මගේ දුවය. ඇය කිසිදා කිරිපිටි පානය නොකර හැදුණු දරුවෙකි. ලංකාවේ නිපදවන චීස් බටර් වැනි කිරි ආහාර ලබා දුන්නද අප කිසිදාක ඇයට කිරිපිටි කඳුළක්වත් පොවා නැත. දැන් ඇගේ වයස අවුරුදු හතරකි. නිසි බර, ශරීර වර්ධනය, නිරෝගී බව, ක්‍රියාකාරීත්වය, මතක ශක්තිය, බුද්ධි වර්ධනය, ඉගෙනීමේ හැකියාව ආදී මේ සියල්ල ඕනෑවටත් වඩා ඉහළින්ම තිබේ. එහෙත් තක්කඩි සමාගම් තම ජඩ ප්‍රචාරණයේදී කියන කතා ඇත්ත නම් අද වන විට මේ දරුවා වර්ධනය බාල වී, බර අඩුවී, අස්ථි වර්ධනය මොටවී, මහා පෝෂක ක්ෂුද්‍ර පෝෂක හීන වී, හැටහුටහමාරක් ලෙඩ රෝග වැළඳී, මතක ශක්තිය, බුද්ධිය හීනවී, කන් කඩා පාත්වී, බුරිය උල් වී සිටිය යුතුය.

    සමාගම් හා ඔවුන්ගේ හෙංචයියන් වූ ඇතැම් වෛද්‍යවරු පවා පවසන ආකාරයට ඉහත කී සියලු ප්‍රශ්න විසඳෙන්නේ කිරිපිටි බීමෙනි. එහෙත් මේ ඉලව් පානය නොබීමෙන් මේ දරුවාට සිදුවූ කිසිදු වින්නැහියක් නම් නැත. මේ කතාව කීවේ මගේ දුව ගැන කීමට නොව කිරිපිටි නැති වුණහොත් ජීවත් වීමට විදිහක් නැතැයි සිතා සිටින බහුතරයක් දෙනාගේ දැන ගැනීම සඳහාය.

    කිරිපිටි යනු ඔක්සිජන්වලටත් වඩා වැදගත් පානයක් බව ලංකාවේ අති බහුතරයක් දෙනා විශ්වාස කරති. සමාගම් තම ප්‍රචාරණ ප්‍රෝඩාව හරහා ඒ බොරුව තදින්ම සමාජගත කර තිබේ. විශේෂයෙන් කුඩා දරුවෙක් සිටින ගෙදරක කිරිපිටි පැකට්ටුවක් නැතිවීම තරම් ඛේදවාචකයක් තවත් නැති ගාණය. එහෙත් කුඩා දරුවන්ටවත් කිරිපිටි නොබීමෙන් සිදුවන කිසිදු අගතියක් නැති නම් වැඩිහිටියන් ගැන කවර කතාද?

    මම ද ඉස්සර කිරිපිටිවලට ඇබ්බැහි වී සිටියෙමි. උදේට නම් කිරිපිටි නැතිවම බැරි කාලයක් තිබිණි. එහෙත් මේ ප්‍රශ්නය ගැන හැදෑරීමෙන් පසු මම ඒ පුරුද්ද අතහැර දමා දැන් වසර දහයකට වැඩිය. දිනපතා කිරිපිටි බීමේ පුරුද්දක් දැන් මට නැත. හදිසි අවශ්‍යතාවකදී භාවිතයට හෝ අමුත්තෙකුට සංග්‍රහ කිරීම සඳහා පමණක් අපි දැන් කිරිපිටි මිලදී ගන්නා අතර ඒ ගන්නේද දේශීය නිෂ්පාදන පමණි. මේ දිනවල දේශීය කිරිපිටි නිෂ්පාදනවල හිඟයක් තිබේ. නියඟය නිසා අමු කිරි සැපයීම අඩු වීමට අමතරව, වෙළෙඳ පොළේ ඇති දේශීය කිරි නිෂ්පාදන ඉවත් කිරීමේ මෙහෙයුමක්ද මීට බලපා ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ දෙවැනි කරුණ සාධාරණ සැකයක් මත සිදුකරන අනුමානයක් පමණි. ඒ ගැන වෙනම කතා කළ යුතුය. කෙසේ හෝ වේවා දේශීය නිෂ්පාදන නැත්නම් අපි කිරි නොබී නිකම් සිටිමු. එය කිසිසේත්ම අත්‍යාවශ්‍ය ආහාරයක් නොව රටේ ආර්ථිකය ලෙඩ කරවන මහා වසංගතයකි. රටේ ආණ්ඩුවලින් මේ ප්‍රශ්නය විසඳන්නේ නැත්නම් තනි තනි පුද්ගලයන් ලෙස හෝ අපිට හැකි දේ අප කළ යුතුය.

    මගේ පිළිවෙත තව සිය දෙනෙක්, දහ දෙනෙක්, අඩුම තරමේ එක් කෙනෙක් අනුගමනය කළහොත් එයින් මේ කිරිපිටි සමාගම් පතුරුවා ඇති බලවත් අධිපති මතවාදය අභියෝගයට ලක්වනු ඇත. දෘෂ්ටිවාද බිඳහෙළීම ගැන අධිපති මතවාද පතුරු ගැසීම ගැන කතා කරන බක පණ්ඩිතයෝ ලංකාවේ සෑහෙන සිටිති. එහෙත් බෞද්ධ අධිපතිවාදය මිස, මහා පරිමාණ සමාගම් විසින් තම ලාභ කොල්ලය උදෙසා පතුරුවන දෘෂ්ටිවාද, මතවාද ඔවුන්ගේ පැසුණු බුද්ධියට එතරම් ගෝචර නොවේ.
    ඉසුරු ප්‍රසංග
    (ලස්සන දුවෙක්ගෙ පින්තූරයක් තිබුනා. එය copy කලෙක නැත)
     
    Last edited:

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ඕන සතෙකුට පොඩි කාලේ විතරයි කිරි ඕන කරන්නේ. ඊට පස්සේ ඕන නැති නිසානේ මව් සතාගේ කිරි නැති වෙන්නේ කාලයත් එක්ක. මමත් කිරි බොන එක නතර කරලා ගොඩක් කල්. කිරි නැති උනා කියලා කිසි අව්ලක් නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    ඕන සතෙකුට පොඩි කාලේ විතරයි කිරි ඕන කරන්නේ. ඊට පස්සේ ඕන නැති නිසානේ මව් සතාගේ කිරි නැති වෙන්නේ කාලයත් එක්ක. මමත් කිරි බොන එක නතර කරලා ගොඩක් කල්. කිරි නැති උනා කියලා කිසි අව්ලක් නෑ.
    අනිවා. මිනිස්සුන්ට මොකටද තිරිසන් සතෙක්ගේ කිරි.
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    559
    526
    93
    මගේ ලමයින්ටත් (අවු 7 & 3) කවදාවත් කිරිපිටි දී නැත...
    මම බොන්නේද නැත....
    එහෙත් වයිෆ් න්ම් උදේට ජොග්ගුවකුත් රෑට ජොග්ගුවකුත් දිදිනපතා පානය කරයි.... පොඩි කාලෙ ඉදන් පුරුද්ද.....
     
    • Haha
    Reactions: Solo Rider

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මම කිරිපිටි බොන එක නවත්තලා ගොඩක් කල්.fresh milk නම් බොනවා.ඒත් හොදටම කොලිටි නෑ. එළදෙනෙක්ගෙන් කෙලින්ම ගන්න තිබ්බනම් මරු..
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mamath bonna kemettak ne ban, eth gedara udeta hadanawa.
    Oka neti una kiyala mata gaanakut ne.

    Dan gennema highland, pelwatte witarai mama.
     
    • Like
    Reactions: Stimulus mind