රට කිරිපිටි අර්බුදයේ අග මුල සරලව සැකෙවින්..
1. කිරි අත්‍යවශ්‍ය ආහාරයක්ද
කිරි යනු ක්ෂීරපායී සතුන්ට ළදරු වියේදී තම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සැකසී ඇති ආහාරයකි. වැඩිහිටි වියේදීත් කිරි බොන සහ අනෙක් සතුන්ගේ කිරි බොන ලොව එකම සතා මිනිසා පමණි. මේ අනුව කිරි යනු කිසිසේත්ම මිනිසාට අත්‍යාවශ්‍ය ආහාරයක් නොවන අතර එයින් ලැබෙන සියලු පෝෂක වෙනත් ආහාර මගින් මිනිසාට ලබා ගත හැකිය.
2. එහෙනම් කිරි බොන්නේ මොකටද?
කිරි වනාහී ලෝකයේ සෑම සංස්කෘතියකම පාහේ හමුවන ආහාරයකි. කිරි ඇසුරෙන් සකස් කරගන්නා වෙනත් ආහාර වර්ග සිය ගණනක් තිබේ. ජීව විද්‍යාත්මකව අත්‍යවශ්‍ය ආහාරයක් නොවුණද කිරි යනු මිනිසාට ඉතා පහසුවෙන් සපයා ගත හැකි ආහාරයකි. මිනිසා හුදු ස්වාභාවික සත්ත්වයකු නොව සංස්කෘතික සත්ත්වයෙකි. ඔහුගේ ආහාර රටාවද ආර්ථික, සමාජීය හා සංස්කෘතික ගොඩනැංවීමකි. කිරි මිනිසාගේ ආහාර විවිධත්වය වැඩි කරගත හැකි විකල්පයක්ද වෙයි. ආහාර විවිධත්වය වැඩිවීම ආහාර සුරක්ෂිතතාවයේද අත්‍යවශ්‍ය කොන්දේසියකි. එසේම ආහාරයේ ගුණයට පමණක් නොව රසය හා විවිධත්වය කෙරේද මිනිසා සංවේදී වෙයි. මේ අනුව කිරි නැතිව මිනිසාට නොමැරී ජීවත් විය හැකි බව ඇත්තක් වුවද කිරිපිටි හෝ වෙනත් ස්වරූප ඔස්සේ කිරි පරිභෝජනය කිරීමේ කිසිදු වරදක් ඇත්තේ නැත.
3. කිරිපිටි නොබී හිටියොත් මොකද වෙන්නේ?
කිරිපිටි වනාහී කිරි පරිභෝජනය කළ හැකි එක් ස්වරූපයක් පමණි. කිරි මඟින් සකසා ගන්නා ආහාර වර්ග මෙන්ම කිරි පරිභෝජනය කළ හැකි ආකාරද ගණනාවක් තිබේ. කිරිපිටිවල කිසිදු විශේෂ වැදගත්කමක් නැති අතර ශ්‍රී ලංකාවට කිරිපිටි අපනයනය කරන නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව වැනි රටවල මිනිස්සුවත් කිරිපිටි පානය නොකරති. බොහෝ යුරෝපා රටවල මෙන්ම දියුණු ආසියාතික රටවල තත්ත්වයද එසේමය. ඔවුහු දියර කිරි හෝ කිරි ආශ්‍රිත වෙනත් ආහාර පරිභෝජනය කළද කිරිපිටි කිසිසේත්ම වැදගත් ආහාරයක් ලෙස නොසලකති. එසේ වුවද ලංකාවේ මෝඩයන් බොහෝ දෙනා කිරිපිටි යනු ඔක්සිජන් වායුවටත් වඩා මිනිසාට නැතිවම බැරි දෙයක් ලෙස සලකති. දරුවෙක් සිටින ගෙදරක නම් කිරිපිටි පැකට් එකක් ගන්නවත් සල්ලි නෑ වැනි කතා නිතර ඇසෙයි. මේ සටහන ලියන මා කිරිපිටි බීම නවතා වසර පහළවකට වැඩිය. මගේ සිව් හැවිරිදි දියණියට කිසිදා රට කිරිපිටි උගුරක්වත් පොවා නැති අතර කිරි ආහාර පමණක් ලබා දී තිබේ. ඇගේ සෞඛ්‍යයට අද දක්වා මේ ඊනියා පානය නොබීමෙන් සිදුවූ කිසිදු හානියක් නම් නැත. නවසීලන්තයේ මිනිස්සු ඒ බව අපට වඩා හොඳින් දන්නේ ඔවුන් කිරිපිටි නොබී යහතින් ජීවත් වන බැවිනි.
4. අපි මේ තරම් කිරිපිටිවලට ඇබ්බැහි වුණේ කොහොමද?
සමාගම් විසින් අප වැනි රටවලට කිරිපිටි හඳුන්වා දී ඇත්තේ, එය මහා බලසම්පන්න මැජික් අරිෂ්ඨයක් ලෙස හුවා දක්වමිනි. ඔවුන් තමනුත් නොබොන මේ මුග්ධ පානය ගැන බොරු කන්දරාවක් ලංකාව වැනි රටවල පතුරුවා හැර තිබේ. මොළේ වැඩෙන්නට එක කිරි වර්ගයකි. අස්ථි වැඩෙන්නට තව එකකි. ගැබිනි මවුවරුන්ට තව එකකි. හතලිහ පැනපු අයට තවත් එකකි. ආච්චිගේ කොන්ද කැඩීම වැලැක්වීමට තවත් එකකි. එක් එක් වයස්වල ළදරුවන්ට එක් එක් ලේබල් සහිතව එන කිරිපිටි වර්ග හැටහුටහමාරකි. මේ ඉලව් පානය බීමෙන් ගුණ නැණ බෙල සහිත විස්මකර්ම දරුවන් බිහිවන බව ඔවුහු අපට පුන පුනා පවසති. මේ බොරු සමාජගත කිරීම සඳහා වෙළෙඳ ප්‍රචාරණයට අමතරව තව තක්කඩි වැඩ රාශියක් ඔවුහු සිදු කරති. ඒවාට රැවටෙන ලාංකේය ගවයෝ කිරිපිටි නොමැතිව ජීවත් විය නොහැකි යැයි සිතා සිටිති.
5. රට කිරිපිටිවල වස විස ඇති කතාව ඇත්තක්ද?
ආනයනික කිරිපිටිවල ගුණාත්මක බව පිළිබඳ අවස්ථා ගණනාවකදී ලෝකයේ විවිධ රටවල, විවිධ ප්‍රශ්න මතුවී තිබේ. ඇතැම් අවස්ථාවල අධිකරණය ඉදිරියේ පවා වැරදි කරුවන් වීමට, ප්‍රසිද්ධියේ තම වැරදි පිළිගැනීමට ෆොන්ටෙරා වැනි සමාගම්වලට සිදුව තිබේ. කිරිපිටිවල පෝෂක කොටස් ඉවත් කර ඒ වෙනුවට බාල ආදේශක ඇතුළත් කරන බව නොයෙක් පර්යේෂණවලින් තහවුරු වී තිබේ. කිරි මූලික වශයෙන් සමන්විත වනුයේ කාබෝහයිට්රේට් (4.5%) ප්‍රෝටීන් (3.5%) මේදය (3.4%) විටමින් හා ඛනිජ ලවණ (0.7%) යන පෝෂකවලිනි. මේ බොහෝ පෝෂක කිරිවලින් ඉවත් කොට වෙනත් නිෂ්පාදන සඳහා යොදාගන්නා අතර ඒ හිස්තැන පුරවනු ලබන්නේ වෙනත් බාල ආදේශක එකතු කිරීමෙනි. මෙලමයින් යනු කිරිවල ඇති ප්‍රෝටීන කොටස් ඉවත් කර ඒ වෙනුවට යොදන නයිට්‍රජන් සහිත සංයෝගයකි. ෆාම් ඔයිල් යනු කිරිපිටිවල මේදය ඉවත් කොට ඒ වෙනුවට මුසු කරන ද්‍රව්‍යයකි. කිරිවල ඇති කාබෝහයිට්රේටද එසේ කෘතිමව එක්කාසු කළ හැකිය. මීට පෙර කිරිවල තිබී හමුවූ බව කියන ඩී. සී. ඩී. හෙවත් ඩයිසයිනමයිඞ් යනු තණබිම්වලට යොදන රසායනික ද්‍රව්‍යයකි. ක්ලොස්ටි්‍රඩියුම් බොටුලිනම් වැනි බැක්ටීරියා කිරිවලට මුසුව තිබුණේ නිෂ්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු හේතුවෙනි. මේ සියල්ල කරුණු සහිතව තහවුරු වී තිබියදී තවදුරටත් කිරි වැදගත් ආහාරයක් ලෙස සැලකිය හැක්කේ කාටද? නවසීලන්තය ලෝකයේ වැඩිපුරම ෆාම් ඔයිල් හා ලැක්ටෝස් ආනයනය කරන රට බව ඔවුන්ගේ වාර්තාවලින්ම හෙළිවන අතර ඒවා ගෙන්වන්නේ බාල කිරිපිටි සකසා අප වැනි රටවල හරකුන්ට පෙවීමට මිස පපඩම් බැඳීමට නොවේ. මේවා ඇත්ත වුවද බොරු වුවද රට කිරිපිටිවල ඇති එකම ප්‍රශ්නය වස විස තිබීමද නොවේ. වස විස තිබුණද නැති වුවද කිරිපිටි යනු අපේ ආර්ථිකයම බෙලහීන කරවන මහා වසංගතයකි. ඒ නිසා වස විස තිබුණද නැතිවුවද ලංකාවට කිරිපිටි ආනයනය කිරීම වහාම සීමා කළ යුත්තකි.
6. කිරිපිටි අපේ ආර්ථිකය ලෙඩ කරන්නේ කොහොමද?
කිරි ආහාර ආනයනය සඳහා ලංකාව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර පමණ මුදලක් වැය කරයි. එය රුපියල්වලින් නම් කෝටි 3000කට වැඩිය. (රූප සටහන බලන්න) මේ මුදලින් 90%ක් පමණ වැයවන්නේ කිරිපිටි සඳහාය. හම්බන්තොට වරායේ පළමු අදියර වැඩ නිම කිරීම සඳහා වැයවූ මුදල ඇ. ඩො. මිලියන 361කි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සඳහා වැයවූ මුදල ඇ.ඩො. මිලියන 292කි. මේ ඉලව් කිරිපිටි සෙල්ලමක් නිසා වාර්ෂිකව පිටරටට ඇදී යන මුදල් කන්දරාව කෙතරම්දැයි මේ අනුව සිතාගැනීම අසීරු නැත. රටේ මුදල් පිටතට ඇදී යාමට අමතරව එය රටේ ධන උත්පාදනය දුබල කරයි. දේශීය කිරි ගොවියා, කර්මාන්තකරුවා, නිෂ්පාදකයා, නන්නත්තාර කර දමයි. අපට වසර පුරා නොමිලේ ලැබෙන අව්ව, වැස්ස සහ තණකොළවලින් පහසුවෙන් ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ අපට අහිමි කරයි. දේශීය කිරි කර්මාන්තයට එරෙහි ප්‍රධාන සතුරා ආනයනික කිරිපිටිය. වර්ෂයකට කිරි ආහාර ආනයනය සඳහා වැයවන මුදලින් දහයෙන් පංගුවක් යෙදවිය හැකි නම් දේශීය කිරි කර්මාන්තයේ විශාල වර්ධනයක් ඇති කිරීම ලේසියෙන් කළ හැක්කකි. රට කිරිපිටි සමාගම්වලට බදු සහන ලබාදීම නිසා වාර්ෂිකව රජයට අහිමි වන මුදලින් ලංකාවේ කිරි කර්මාන්ත ශාලා එකක් නොව කීපයක් ඇති කළ හැකිය. නැත්තේ ඊට වැඩපිළිවෙළක් දැක්මක් ඇති නායකයන් පමණි.
7. අපේ කිරි අපිටම හදාගන්න පුළුවන්ද?
නිසි වැඩපිළිවෙලක් තිබේ නම් ලංකාව වසර කීපයක් තුළ කිරිවලින් ස්වයංපෝෂිත කිරීම කළ හැක්කකි. එය කටට එනවාට කියන කතාවක් නොව ඔප්පු කර පෙන්වා දී තිබෙන්නකි.
පසුගිය දශකයක පමණ කාලය තුළ දේශීය ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුළු පිරිස් මේ ප්‍රශ්නය සම්බන්ධව විශාල මැදිහත් වීමක් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස, 2007 දී ජාතික අවශ්‍යතාවෙන් 22%ක් ලෙස පැවති දේශීය කිරි නිෂ්පාදනය 2017 වන විට 42% දක්වා ඉහළ නැඟ තිබේ. වසර දහයක් තුළ ලංකාව කිරි නිෂ්පාදනයේ එවැනි වර්ධනයක් අත් කරගත්තේ හොඳ වැඩපිළිවෙළක් යටතේ නොව ඊට එරෙහි දහසක් අලකලංචි මධ්‍යයේ බව අමතක නොකළ යුත්තකි. ඒ සියල්ල මැද පවා මේ කාලය තුළ රටේ කිරි නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ ගිය අතර, ඊට සාපේක්ෂව කිරි ආනයනය සැලකිය යුතු තරමකින් පහත වැටිණි. ඒ වර්ධනයට ප්‍රධාන බාධකය එල්ල වීම ජනවාරි අට විප්ලවයේ තවත් ප්‍රතිඵලයක් වූ අතර 2015 ජනවාරි මස රට භාරගත් මහා මොළයානන් වහන්සේගේ බදු ප්‍රතිපත්තිය ඊට මැනවින් හේතුවූ ආකාරය වෙනම ලිපියක් ඔස්සේ පෙන්වා දිය හැක්කකි. ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු විශාල වශයෙන් අඩු කරමින් සමාගම්වලට සහන සැලසීමේ ප්‍රතිපත්තිය මත එතැන් සිට දේශීය කිරි ගොවියාත්, ආහාර නිෂ්පාදකයාත්, නන්න්ත්තාර වූ අතර, කිරි පාරේ හලමින් උද්ඝෝෂණ කිරීමට ගොවීන්ට සිදුවූයේ ඒ අනුවය.
8. කතාව කෙටියෙන්ම මෙච්චරයි.
දැන් මේ කරුණු සියල්ල සාරාංශ කරමු. ඒ අනුව කිරිපිටි අපට කිසිසේත්ම අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ. ආනයනික කිරිපිටි අහිතකර ලෙස නිෂ්පාදනය කරන බව ඔප්පු වී තිබේ. වස විස තිබුණද නැතිවුවද කිරිපිටි ආනයනය කිරීම රටේ ආර්ථිකයට විශාල හානියකි. කිරි ඕනෑම ආකාරයකට පරිභෝජනය කළ හැකි වන අතර කිරිපිටි නැතිව ජීවත් විය නොහැකි බව සිතන අය සිටී නම් ඔවුන් ඇතුළු අප සියලු දෙනාට අවශ්‍ය කිරි අපට දේශීයව නිපදවා ගත හැකිය. අපි දැනටත් සියලු අලකලංචි මැද ජාතික කිරි අවශ්‍යතාවයෙන් 42%කට වැඩි ප්‍රමාණයක් නිපදවා ගැනීමට සමත්ව ඇති අතර හොඳ වැඩපිළිවෙළක් යටතේ මෙය සීයට සීය දක්වා ළඟා කරගැනීම සිහිනයක් නොවේ. කිරිපිටි ආනයනය සම්පූර්ණ නතර කළ නොහැකි වුවත් එය විශාල ප්‍රමාණයකින් අඩු කිරීම හෝ හැකි දෙයක් බව හෝ මේ අනුව පිළිගැනීමට සිදු වෙයි. එය තවමත් එය පිළිගත නොහැක්කේ තවමත් කිරිපිටි බොන ලංකාවේ හරකුන්ට සහ ඔවුන් විසින් පත්කරගන්නා දේශපාලඥයන්ට පමණි.
(මේ ලිපියේ ඇතුළත් සියලු කරුණු සම්බන්ධව ඊට අදාළ සියලු දත්ත, සංඛ්‍යාලේඛන, වාර්තා මා සතුව ඇති අතර කෙම්බිමට ගමනක් කෘතියේද මේ පිළිබඳ වැඩි විස්තර ඇතුළත්ව ඇත.)
ඉසුරු ප්‍රසංග
ඉංජිනේරු සංසදය - National Professionals' Forum
Other 100 Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා
කාමයේ වරදවා හැසිරීමේ විපාක[/SIZE]
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්‍රතිෂ්‍යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
AC හීතල සමඟ එන ලෙඩ
ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
අඹ කනවානම් මේකත් දැනගන්න.
Home Queen-Wife
මී පැණි
තැඹිලි
Blood Group
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
නිරුවතින් වැඩ කරන කොම්පැණිය
ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
නයි කයිද රෝස් පාන් කිව්වලු
ගණිකාවක් එක්ක ලැග්ගොත්
අනතුර අතලග
කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
යනකොට දඹදිව දැන ගමු මේ බව
ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?
අවමගුල් අගෝස්තුව ද?
ඇත්තටම පිට යන්නෙ ඇයි?
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
කෝටිපතියාගේ ජීවිත කතාව
Whats app Lokka-Jan Koum
Cargills Food City Owner Story
Good Heart
අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න
Robin hood Gang
පට්ට පටපට
ගෑණු
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
Amazing!!Cute puppy Born Now
Patta Couple Dance
Best magic Must watch
America’s Got Talent 2017 Magicians
කුසලතාවය
Other threads
Natasha Belle Images collection 1 2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
Best & Trust Online Shopping Sites-chatting thread
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Lasith Malinga -Slinger Malinga
