කිරිබත් සහ කොත්තු රොටි Oxford වලට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    good!
    milk rice Malaysian ewun kanawa dakala thiyenawa habai Sri Lankan dish kiwwata
    කිරිබත්, කොකිස්, කැවුම් ලංකාවේ කෑම නෙමෙයි.. තව තියෙනවා ඕන තරම්.ඉදි ආප්ප, ආප්ප, දොදොල් උනත් එහෙමයි .:yes:
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,933
    1
    6,801
    113
    කිරිබත්, කොකිස්, කැවුම් ලංකාවේ කෑම නෙමෙයි.. තව තියෙනවා ඕන තරම්.ඉදි ආප්ප, ආප්ප, දොදොල් උනත් එහෙමයි .:yes:
    කිරිබත් ලංකාවෙ බන්
    කිරි ආහාර පූජා ලංකවෙ තියෙන්නෙ කොච්චර කල් ඉඳල

    කොකිස් නම් cookies වලින් ලු කැඩිල ආවෙ ඉංග්‍රීසි කාලෙ
    කැවුම් ත් ලන්දේසි හෝ පෘතුගීසි
    තව ගොඩක් දේවල් ...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    කිරිබත් ලංකාවෙ බන්
    කිරි ආහාර පූජා ලංකවෙ තියෙන්නෙ කොච්චර කල් ඉඳල

    කොකිස් නම් cookies වලින් ලු කැඩිල ආවෙ ඉංග්‍රීසි කාලෙ
    කැවුම් ත් ලන්දේසි හෝ පෘතුගීසි
    තව ගොඩක් දේවල් ...
    කැවුම් කේරල වලත් තියෙනවා..

    Neyyappam

    Neyyappam-resized.jpg


    Craving something sweet and indulgent? Look no further than Neyyappam, a traditional Kerala sweet that will satisfy your sweet tooth. Made with rice flour, jaggery, ghee, and coconut, Neyyappam is a sweet and savoury pancake that is deep-fried to perfection. The combination of jaggery and coconut gives this dish a rich and aromatic flavour. At the same time, the crispy exterior and soft interior create a delightful contrast in textures. Whether enjoyed as a snack or a dessert, Neyyappam is a must-try for anyone looking to experience the authentic flavours of Kerala.




    කොණ්ඩ කැවුම් තමා ලංකාවේ හදපු එක...

    e44bd3f2b1398b097d51626cd32d945c.jpg
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    කිරිබත් ලංකාවෙ බන්
    කිරි ආහාර පූජා ලංකවෙ තියෙන්නෙ කොච්චර කල් ඉඳල

    කොකිස් නම් cookies වලින් ලු කැඩිල ආවෙ ඉංග්‍රීසි කාලෙ
    කැවුම් ත් ලන්දේසි හෝ පෘතුගීසි
    තව ගොඩක් දේවල් ...
    මට හිතෙන්නේ දැන් අපි කන්නේ අඩු වර්ෂන් එකක්. ඔය කිරි ආහාර වලට හදන ඒව මාරම රසයි. හකුරු එහෙම දාලා නෙ හදන්නේ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,933
    1
    6,801
    113
    මට හිතෙන්නේ දැන් අපි කන්නේ අඩු වර්ෂන් එකක්. ඔය කිරි ආහාර වලට හදන ඒව මාරම රසයි. හකුරු එහෙම දාලා නෙ හදන්නේ
    ඔව් නේද ...
    ඔය තියෙන්නෙ මුං කිරිබත් කියල ඒම එක එක ජාති.
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    ඔව් නේද ...
    ඔය තියෙන්නෙ මුං කිරිබත් කියල ඒම එක එක ජාති.

    වෙන රටවල් වලින් ආපු කෑම වෙනස් කරලා හැදුවට ලංකාවේ හදන ඒවා රසයි ඒවාට වඩා..උදාහරණයක් දොදොල්..මැලේසියන්, ඉන්දුනීසියන් දොදොල් රහ නැහැ..

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    වෙන රටවල් වලින් ආපු කෑම වෙනස් කරලා හැදුවට ලංකාවේ හදන ඒවා රසයි ඒවාට වඩා..උදාහරණයක් දොදොල්..මැලේසියන්, ඉන්දුනීසියන් දොදොල් රහ නැහැ..
    අපේ හොදට පොල් කිරි පැණි එහෙම දානවනේ. අරුන් පොල් ගෙඩියක් නන් දාන්නේ අපි දානවා හතරක් විතර.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    අපේ හොදට පොල් කිරි පැණි එහෙම දානවනේ. අරුන් පොල් ගෙඩියක් නන් දාන්නේ අපි දානවා හතරක් විතර.

    අනිවා..ලංකාවේ කළු දොදොල් පට්ට වලට ගහන්න බැහැ වෙන කිසිම රටකට..:love::love: :cool:

     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    ලංකාවේ ගොඩක් තියෙන්නේ වෙන රටවල් වලින් අරන් mix කරලා improve කරපු කෑම. මගේ පුද්ගලික මතය ඒක සිරා වැඩක්, original නෙවෙයි කියල අඩුවෙන් හිතන්න දෙයක් නෙවෙයි.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    අස්වැද්දුම (asweddumize)
    සිංහල භාෂාවේ 'අස්වැද්දුම' නමැති වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයෙහි සඳහන් කර ඇත්තේ, asweddumize යනුවෙනි.
    එය අර්ථ දක්වා ඇත්තේ, '(පුරන් වූ හෝ භාවිතයට නොගත් ඉඩම්) වගා කිරීම සඳහා, විශේෂයෙන් වී වගා කිරීම සඳහා සූදානම් කිරීම' යනුවෙනි.
    අවුරුදු (avurudu/Awurudu)
    ශ්‍රී ලංකාවේ වැදගත් සංස්කෘතික උත්සවයක් ලෙස සැලකෙන 'අවුරුදු' යන වචනය ද Avurudu/ Awurudu ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට එක් කර තිබේ.
    'වසන්ත ඍතුවේදී සිදුවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ පළමු දිනය' ලෙස එය අර්ථ දක්වා තිබේ.
    බයිලා (baila)
    'ශ්‍රී ලංකාවේ ආරම්භ වූ අප්‍රිකානු සහ යුරෝපීය සංගීතයේ බලපෑම් මිශ්‍ර වූ, බොහෝ විට මංගල උත්සව සහ අනෙකුත් උත්සව සමග සම්බන්ධ වන, ජනප්‍රිය සංගීතයේ උච්චතම අවස්ථාවක්' ලෙස අර්ථ දක්වමින් baila යන වචනය ශබ්ද කෝෂයට ඇතුළත් කර තිබේ.
    කිරිබත් (kiribath)
    ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සමග බැඳී පවතින 'කිරිබත්' (Kiribath) යන වචනය ද ජූනි මාසයේදී ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් කරන ලද වචන අතර වේ.
    'පොල් කිරිවලින් පිසූ බත්වලින් සාදන ලද ශ්‍රී ලාංකික කෑමක්. එය බ්ලොක් එකක් ලෙස සකසා, සාමාන්‍යයෙන් දියමන්ති හැඩැති කැබලිවලට කපා සාම්ප්‍රදායිකව සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේදී සහ වෙනත් විශේෂ අවස්ථාවන්හිදී අනුභව කරනු ලැබේ.' යනුවෙන් එය අර්ථ දක්වා ඇත.
    කොත්තු රොටී (kottu roti)
    'රොටී, මස් සහ එළවළු කැබලි, කුළුබඩු සහ හොදි යොදා, තැටියක් මත ක්ලීවර්ස් නමින් ඉංග්‍රීසි බසින් හඳුන්වන කැබලි දෙකකින් මිශ්‍ර කර සකසන ශ්‍රී ලාංකික කෑමක්' ලෙස එය හඳුන්වා තිබේ.
    'මෙම ආහාරය සාමාන්‍යයෙන් මාර්ග අසල වෙළෙන්දන් විසින් සකස් කරන විට තැටියට පහර දෙන ක්ලීවර්ස්වලින් සුවිශේෂී ශබ්දයක්' නැගෙන බව ද එහි සඳහන් කර ඇත.
    මැල්ලුම් (mallung)
    'මද වශයෙන් පිසින ලද, කුඩා කැබලිවලට කපන ලද (බොහෝ විට කොළ පැහැති) පලා, ගාන ලද පොල්, මිරිස් සහ අනෙකුත් කුළුබඩු සමග මිශ්‍ර කර, සාමාන්‍ය ශ්‍රී ලාංකික ආහාර වේලක කොටසක් ලෙස පිළිගන්වනු ලබන' ආහාරයක් ලෙස මැල්ලුම් අර්ථ දක්වා තිබේ.
    ඔසරි (Osari)
    සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවේ සිංහල කාන්තාවන් සමග සම්බන්ධ වූ සාරි වර්ගයකි.
    'ඉණ වටා ඔතා, මැද ප්‍රදේශය වටා සුවිශේෂී රැලි සහිත කොටසක් නිර්මාණය කර, ඔසරි පොට වම් උරහිසට උඩින් දැමීමෙන්' මෙම ඇඳුම සකස් කර ගනී.
    එය උඩරට සාරිය ලෙස ද හැඳින්වේ.
    පපරේ (Papare)
    ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩා තරගවලදී තරග නරඹන්නන්ට සංගීතමය ආස්වාදයක් ලබා දීම සඳහා සාමාන්‍යයෙන් වාදනය වන ශ්‍රී ලාංකික සංගීත ප්‍රභේදයකි.
    පපරේ සංගීතය සාමාන්‍යයෙන් ට්‍රම්පට්, සැක්සෆෝන්, ට්‍රොම්බෝන්, සයිඩ් ඩ්‍රම් සහ බෙර වාදනයන්ගෙන් සමන්විත වන බව ද එහි සඳහන් කර ඇත.
    වලව්ව (Walawwa)
    'මන්දිරයක් හෝ මැනර් නිවසක්; වතුයායක ප්‍රධාන නිවස' යනුවෙන් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය වලව්ව හඳුන්වා තිබේ.
    වටලප්පම් (Watalappam)
    'ශ්‍රී ලාංකික ආහාරයකි: පොල් කිරි (හෝ සමහර විට උකු කිරි), කජු, බිත්තර, එනසාල් සහ කරාබුනැටි වැනි කුළුබඩුවලින් සාදන ලද කස්ටඩ්, හකුරු සමග පැණි රස කර සාම්ප්‍රදායිකව ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් විසින් රාමසාන් අවසානය සනිටුහන් කරන සැමරුම්වලදී අනුභව කරන' ආහාරයක් ලෙස වටලප්පන් හඳුන්වා තිබේ.
    1956 වසරේ පෙබරවාරි 05 වන දා Sunday Star (Washington, D.C.) පුවත්පතෙහි එම වචනය සඳහන් කර ඇති බව එහි දැක්වේ.

    මීට පෙර ඇතුළත් කරන ලද වචන​

    Aiyo - 'ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ වැසියන් ක්ෂණික ශෝකය හෝ විමතිය පළ කිරීමට භාවිත කරන 'අයියෝ' යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් කරන ලද්දේ 2012 සැප්තැම්බර් මාසයේදී ය.
    Aiya - වැඩිමහල් සහෝදරයා, ඕනෑ ම වැඩිහිටි පිරිමි ඥාතියෙකු හෝ හඳුනන අයෙකු හඳුන්වයි.
    ඊට අමතරව, අම්බලම (ambalama), මුදලාලි (mudalali), පෙරහැර (perahera), පොල් සම්බෝල (pol sambol), පුන්නක්කු (poonac) සහ සිංග්ලිෂ් (Singlish) යන වචන ද එහි ඇතුළත් කර තිබේ.

    ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට වචන ඇතුළත් කරන ක්‍රමවේදය කුමක් ද?​

    'ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ මෙහෙවර වන්නේ, ඕනෑ ම ආකාරයකින් ඉංග්‍රීසි බසට ඇතුළු වන සියලු වචන වාර්තා කර තබා ගැනීම සහ ඒවා අනාවරණය වූ විට එම වචනවල ගොඩ නැගීම ග්‍රහණය කර ගැනීම යි,' යනුවෙන් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය පවසයි.
    ඊට ඇතුළත් කිරීම සඳහා වචනයක් සලකා බැලීමට නම්, එය පළමුව ශබ්ද කෝෂයේ 'නිරීක්ෂණ ලැයිස්තුව' නමැති දත්ත සමූහයට එකතු කළ යුතු ය.

    Source: https://www.bbc.com/sinhala/articles/cwyqd2rwx10o
     
    • Love
    • Like
    Reactions: Yeezus and NRTG

    Similar threads